2023-08-06

Edge විසින් ඔබේ වෙබ් සැරිය ගැන තොරතුරු තැන්පත්කර ගැනීම.

Microsoft විසින් තම Edge සදහා දක්වන්නේ මහත් අවධානයකි. ඔවුන් තම බ්‍රවුසරය සමග වන අත්දැකීම් වඩාත් ආකර්ෂණීය කරන්නට නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී. Startup Boost ඔස්සේ  Edge වලට ක්ශනික ආරම්භයක් ගෙනෙන්නට,  text rendering ඔස්සේ වඩාත් හොඳ fonts හැකියාවක් ආදිය දියුනු කිරීම් මැතදී වාර්ථා විය. කෙසේ වෙතත් ඔවුන්ගේ සමහර අංගයන් සමග වන වන හැසිරීම් පිලිබඳව හදාරන්නන්ගේ විවෙචනද පැමිනෙමින් ඇති අතර ඒවා අතර ඔබ බ්‍රවුසරය මත විවෘත කරන සෑම image එකකම තොරතුරු තැන්පත්වීම විය. මේ වන විට එවන් නව අංගයක් ගැන හදාරන්නන්ගේ අවධානය යොමුවෙමින් ඇති අතර එනම් ඔබ Edge තුල විවෘත කරන සෑම page එකකම screenshots එකක්ම ස්වංක්‍රීයව තැන්පත්වීම දැක්විය හැක. කෙසේ වෙතත් පැහැදිලි කෙරෙන්නේ මේවා භවිතාකරන්නන් සදහා වඩාත් පහසු වෙබ් අත්දැකීමක් සදහා මිස ඔවුන්ගේ privacy, encryption තොරතුරු ‍රැස්කර ගැනීම සදහා නොවන බවකි.
Pubudu Siriwansa


 

Threads වලට search සහ web version ලගදීම..

Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ ප්‍රකට Threads වලට විශාල පිරිසකගේ ඉල්ලීම් වන desktop මිත්‍ර සංස්කරණය හා search හැකියාව එක්කරන්නට ඉදිරිසති කිහිපය තුලදී තමන් සූදානම් වන බවකි. Threads යනු මෑතකාලයේදී භාවිතයට පැමිනි Twitter වලට විකල්පයක ලෙසට පිලිගැනෙන මහත් ජනංප්‍රියතාවයක් හිමි කරගත් නිකුතුවක් වන අතර නිකුත්ව පලමු සතිය වන විට මහත් භාවිතාකරන්නන් පිරිසක් කැඳවා ගන්නට සමත්වූ සමාජජාලවකි. එහෙත් පසුව ක්‍රමයෙන් එම මහත් භාවිතාව අඩුවෙමින් පැවතින බවටයි වාර්ථාවූවේ. දැනට Threads වල desktop වලින් භාවිත හැකියාවක් තිබුනද ඉතා සීමිත අතර නිකුතුවට නියමිත නව සංස්කරණය සමග එක හැකියාව පුළුල් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

2023-08-04

Google Results වලින් ඔබේ තොරතුරු ඉවත්ව තබාගන්නට නව ටූලයක්

Google පවසන්නේ තමන් Search results අතරින් යම්කෙනෙකුට තම තොරතුරු ඉවත්කර ගන්නට සහය වන නව ටූලයක් ගෙනෙන්නට සූදානම් බවයි. මෑතකාලීනව සැලකීමේදී Google ආයතනය වැඩි වැඩියෙන් තම සෙවුම් ප්‍රථිපල මතට තොරතුරු ගෙන එන්නට AI මූලික යාන්ත්‍රන හඳුන්වා දෙනවා සේම යම් භාවිතාකරන්නෙකුට Google Search වලින් තම personal phone number, home address, email වැනි තොරතුරු ඉවත්කරගන්නට සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මින් පෙරදී අයෙකුට එවනි තොරතුරු ඉවත්කරගන්නට ඉල්ලුම් කිරීම තරමක සංකීර්න කාරනයක්ව පැවතියද දැන් "Results about you" ඔස්සේ මේ ඉල්ලීම පහසුවෙන් කලහැකි වනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.මෙම අංගය US වල සිට ක්‍රමයෙන් මුදා හැරෙන අංගයක් වන අතර Google වල "SafeSearch system" ඔස්සේද අයෙකුට තම පෞද්ගලිකත්වය  Google Result වලින් ඉවත්ව තබාගන්නට මේ වන විට හැකිව තිබෙනවා.
Pubudu Siriwansa


 

2023-08-03

Meta වෙතින් AI මිත්‍ර text ආකාරයෙන් sound generation හැකියාවක්

Meta නිවේදනය කරන්නේ තම AudioCraft ඔස්සේ original music, sound effects, audio content වැනිදෑ generate කල හැකි open-source ආකාරයේ artificial intelligence පද්ධතියක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පැය දහස් ගනනක audio data නෙක AI models වලින් සුසැදි  text prompts ආකාරයට අවධිකරවා ගත හැකි ගොඩ නැගීමක් බවයි, වැඩි දුරටත් පවසන්නේ MusicGen ඔස්සේ instrumental music නිර්මාණය සදහා text prompts ආකාරයට mood, instruments, tempoවැනි තොරතුරු දිය හැකි අතර AudioGen සමග sound effects ලබා ගන්නට text descriptions එකක් ඔස්සේ හැකි වන බවත් EnCodec ඔස්සේ සංගීත ආකෘති නිර්මාණය කරගන්නට හැකි බවත් පවසා සිටිනවා. 
Pubudu Siriwansa


 

2023-08-01

Google වල "tracker" API එකට විරෝධය.

Google විසින් අලුතින් හඳුන්වා දෙන්නට සූදානම් වෙමින් සිටින Web Environment Integrity API එක පිලිබඳව web companies මෙන්ම developers පමනක් නොව හදාරන්නන්ගේ දැඩි විරෝදය එල්ල වෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ. Google වල මෙම නව API එක ඔස්සේ websites වලට භාවිතාකරන්නන්ගේ operating system, browser හා අනෙකුත් software තොරතුරු ඔස්සේ browser environment වල විස්වසනීය භාවය විමසන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. විරෝධතාවය දක්වන්නන් පෙන්වා දෙන්නේ මේ ඔස්සේ open web වල සමහර මූලික ලන්ෂණ පවා ඉක්මවා යමින් හානිකර ඒකාධිපතීත්වයක් ගෙනෙන්න්ට  හැකි බවයි. කෙසේ වෙතත් Google දෙසින් පැවසෙන්නේ මේ ඔස්සේ  social media bot වල අයුතු හැසිරීම්, copyrights වල ඉක්මවා යාම් මෙන්ම financial transactions වල ආරක්ශිත බව තහවුරු කෙරෙන බවයි.
Pubudu Siriwansa


 

Apple වල Screen Time ගැටළුවට ඉක්මනින් විසඳුම්

ඔබ Apple වල Screen Time නම් parental controls හැකියාව භාවිතාකරන්නෙක් නම් හා  iOS 16.5 වලදී එම හැකියාවේ ගැටළුකාරී බව අත්විඳින්නෙක් නම් iOS 17 beta දක්වාම එම ගැළුව විසඳී නැති මුත් ඉක්මනින්ම එම පිලිසකර කරන්නට Apple ආයතනය කටයුතු කරන බව ඔවුන් නිවේදනය කර සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ Apple devices භාවිතාකරන දෙමාපියන්ට තම දරුවන්හට ඒවා භාවිතාවට අදාලව කාලසීමා පෙර සැකසුම් කර තබන්නට හැකි වන අතර හඳුනා ගෙන ඇති ගැටළුව වන්නේ මෙම සැකසුම් කාලසීමාවන් නිසිපරිදි ක්‍රියාත්මක නොවීම ලෙසටයි. මෙම ගැටළුව බහුමව අත්විඳින්නක් ලෙසට පැහැදිලි කෙරෙන අතර ඉක්මනින්ම පිලිසකර කිරීමක් නිකුත්කරන බව බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Edge වල Mouse Gesture හැකියාව සමහර වෙබ් අඩවි වලදී අක්‍රිය කල හැක.

මෙම මස ආරම්භයේදී  Microsoft පවසා සිටියේ Edge වලට  mouse gesture සහය පැමිනෙන බවකි. ඔවුන් පැහැදිලි කර සිටියේ මෙම Mouse gestures ඔස්සේ නෙක browser ක්‍රියාකාරකම් සදහා සහය ලැබෙන බවකි. සමස්ථයක් ලෙසට මෙම Edge Mouse Gesture ඔස්සේ බ්‍රවුසරය මත ක්‍රියාකාරකම් වේගවත් වීමක් දක්නට ලැබිනි. ඒඅතර tab එකක් විවෘත කිරීම්, page එකක් රිලෝඩ් කිරීම, InPrivate ආකාරය සංක්‍රියකිරීම,   webpages අතර පහසු සංක්‍රමනය, වැනි ප්‍රධාන පෙලේ ක්‍රියාකාරකම් 16 එය ගෙනැවිත් ඇති බවටයි හදාරන්නන් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මෙම සමස්ථ පහසුකම සමහර වෙබ් අඩවි මතදී අක්‍රියකරවන්නට අවශ්‍ය වීම මෙ වන විට Microsoft සමාගම හඳුනාගෙන ඒ සදහා සැකසුම් මේ වන විට නිකුත් කර තිබෙනවා. සමහර වෙබ් අඩවි වලදී මෙම හැකියාව ගැටළුකරී වන අවස්ථා වලදී මෙය වැදගත් බවටයි ඔවුන්ගේ අදහස වන්නේ. තවමත් මෙම Edge Mouse Gesture  හැකියාව default මට්ටමින් hidden ව ඇති අතර එය සංක්‍රියකිරීම සදහා  edge://flags> Microsoft Edge Mouse Gesture ඔස්සේ සංක්‍රිය කර පසුව Settings > Appearance > Enable Mouse Gesture ඔස්සේ භාවිතයට ගන්නට හැකි වනවා.
Pubudu Siriwansa



 

2023-07-31

language learning model අප ආක්‍රමනය කරමින් සිටී.

හදාරන්නන් යෝජනාකරමින් සිටින්නේ ChatGPT විසින් මිනිස් මනසේ හැකියාවන් දුබල කරන්නට හේතුවෙමින් ඇති බවකි. මේ වන විට chatbot සමග answering හැකියාව, writing essays හැකියාව, complex code නිර්මාණය කිරීමේ හැකියාව වැනි නෙක ආකාර ගත් හැකියාවන් වේගයෙන් දියුනු කරගනිමින් සිටින අතර නුදුරු කාලය වන විට මෙම language learning model (LLM)ය වඩාත් smart වෙමින් මිනිස් පාලණය නැවත විමසීමට හැකි තත්වයකට එන්න සූදානම් වන බවට නෙක හදාරන්නන් අනතුරු ඇගවමින් සිටීම බහුල අදහසක් වෙමින් ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ GPT-3.5 හා GPT-4 වැනි සංස්කරණ මට්ටම් වලට එන විට මිනිස් මනසේ හැකියාවන් වඩ වඩාත් ආක්‍රමනයට ලක්වෙමින් තිබීම පැහැදිලිව දක්නට ලැබෙන බවකි. ඔවුන් යෝජනාකරන්නෙ ඔබට නෙක ආකාරගත් LLM සමග ක්ශනයකින් පිලිතුරු ලැබෙන විට ක්‍රමයෙන් මිනිසාට මතක තබා ගැනීමේ ප්‍රමානය හා ඒවා නැවත නැවත සැකසීමේ නැතිනම් සිතීමේ හැකියාව අවමවීමට පටන් ගැනීමේ අනතුර දැනටමත් දක්නට ලැබෙන්නට පටන්ග්න ඇති බවකි.
Pubudu Siriwnsa

 

2023-07-29

E-සංස්කෘතිය අපව වසා ගනිමින් තිබේ.

තවදුරටත් E-කරණය වූ තොරතුරු අවකාශය හුඳු තොරතුරු ගබඩාවක්, සරල සැකසුම් හැකියාවක් හෝ විඳුලි වේගයයෙන් ලොවපුරා වන තොරතුරු බෙදා හදා ගැනීමක් ඉක්මවන යමක් වෙමින් තිබීම අප තරුම් ගත යුත්තක්. එය මිනිසාව විනිවිඳ ගොස් නව මිනිස් සංස්කරණයක් නිර්මානය කර තිබෙනවා මෙන්ම සාම්ප්‍රධායික සමාජ ආකෘතියද විනිවිඳ යමින් වෙනස් කර දමා අවසන්. අපව පාලනයකල ජීවවිද්‍යාත්මක අර්ථවලින් සංස්කෘතික අර්ථවලටත් අනතුරුව විද්‍යාත්මක අර්ථවලටත් පමනක් නොව දැන් වන විට නව E-සංස්කෘතියක් අප හාත්පස නිර්මාණය කරමින් සිටිනවා. එයටම ආවේනිකවූ බොහෝ ගුනාංග මෙම නව යුගය විසින් පුද්ගල අර්ථවල සිට සමාජ අර්ථ දක්වාම වරනගා නැවත නැවත සංස්කරණය වෙමින් අපව සංශෝදනය කරමින් සිටිනවා. සැබැව නම් මෙම නව අර්ථ පැරණි අර්ථවල දිගුවක් ලෙසටම හමු නොවන බව අපි පිලිගත යුත්තක්.
Pubudu Siriwansa


 

Twitter වල X logo නාමකරණයට ගැටළුවක්.

Twitter විසින් rebranded කරන ලද  X logo ව Chromium-based browsers එකක් වන Edge විසින් phishing threat එකක් ලෙසට හඳුනා ගන්නට කටයුතු කරමින් සිටින් බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ  Edge වලට සංයුත්තව පැමිනෙන anti-phishing feature එක විසින් security risk ලෙසට තේරුම් ගන්නට කටයුතු කරන බවයි. හදාරන්නන් පවසන්නේ Google searches වලදීද මෙම හඳුනා ගැනීම malware එකක් ලෙසට හදුනා ගනිමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත්  Elon Musk විසින් සිදුකල "X" ලෙසට නැවත නාමකරණය "super app" එකක් ලෙසට එය ඉහල නංවන්නට වල වැඩ පිලිවලක් ලෙසටයි ගැනෙන්නේ. මේ වන විට Microsoft විසින් මෙම Edge වෙතට update එකක් කරන්නට නියමිතව තිබෙන බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

Opera වල Aria නම් AI tool එක 1 million ඉක්මවයි.

Opera  නිවේදනය කරන්නේ ඔවුන්ගේ මුල් ස්වභාවයෙන්ම generative AI මිත්‍ර Aria නම් browser ය one million භවිතාවක් ලබා ගන්න මේ වන විට සමත්ව ඇති බවයි. ඔවුන් පසුගිය මැයි මාසයේ මෙම AI Tool එක නිකුත් කරන්නට කටයුතු කල අතර June අවසන් වන විට සියළුම Android භාවිතාකරන්නන් වෙතට විවෘතවන්නට සූදානම් බව පවසනවා. Aria ව තමන්ගේම language model එකක් භාවිතා නොකරන අතර ඒ වෙනු වට OpenAI සමග කටයුතු කරනු ලබනවා. Generative AI වල විප්ලවිය වෙනසක් කල ChatGPT වල භාවිතාවන GPT නම්  language model  එකක් ලෙසටයි පිලිගැනෙන්නේ.එසේම Aria ව GPT language model එක භාවිතා කලද ඔවුන් පවසන්නේ browser  එකට සංයුත්තව පැමිනීම තුල ChatGPT website වලට වඩා භාවිතාකරන්නන් හට ප්‍රායෝගික බවයි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...