2012-04-30

හානිකර බව පැතිරීමේදී කාමුක අඩිවි පරයා ආගමික අඩවි ඉහලට.....


ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් පසුගියදා පවසා සිටියේ හානිකර බව පතුරන වෙබ් අඩවි ලෙසට ඉහලින්ම සදහන්ව තිබූ කාමුක වෙබ් අඩවි වෙනුවට ආගමික හා මතවාදී වෙබ් අඩවි එම ස්ථානය අත්පත් කරගමින් සිටිනු දක්නට ලැබෙන බවකි.එසේම පහර දෙන්නන් ගේ වැඩි අවදානයක් ලබා ගනිමින්  සිටින මොබයිල් උපකරන සමග ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක ගත වීමේ වැඩි ප්‍රවනතාවයක් ලබමින් සිටින බවකි.
                   එම ආයතනය පවසන්නේ ආගමික අඩවි වල හානිකර බවේ සාමාන්‍ය 115 ලෙසට හදුනා ගන්නා විට කාමුක අඩවි වල හානිකර බවේ සාමාන්‍ය අඩවියකට 25 ලෙසට ගනනය වෙමින් පවතින බවයි. එසේම ඔවුන් පවසන්නේ කාමුක අඩවි වල ආසාදිත බව සියයට 2.4 වන විට බ්ලොග් අඩවි වල සියයට 20 ලෙසට හදුනා ගනිමින් සිටින බවයි. ඔවුන් උපකල්පනය කරමින් සිටින්නේ ආගමික අඩවි වලට වඩා කාමුක අඩවි වල හිමිකරුවන් ඉපයීම් කරමින් සිටින බැවින් තම අඩවි වෙත නැවත පැමිනීම තහවුරු කරගැනීමෙහිලා වැඩි අවදානයකින් කටයුතුකරමින් සිටිනවා විය හැකි බවකි.
                        වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ 2010 හා 2011 අතර මැල්වෙයා(ර්) පැතිරීම සියයට 81 කින් ඉහල ගොස් ඇත්තේ ඒවා යේ විවිදත්වය අතින්ද සියයට 41ක ඉහලයාමක් සමග උවත් ස්පෑම් වල පැතිරීම නම් මද පසුබෑමක් (සියයට 88.5 සිට 75.1) දක්නට හැකි බවයි.පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ බොට් නෙට් කිහිපයක කඩා වැටීම මෙයට හේතු විය හැකි බවටයි එම වාර්ථා පවසන්නේ. පහත දැක්වෙන වගුව හැදෑරීමෙන් ඔබටත් මේ පිලිබද වැඩි දුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

 

2012-04-29

මැක් යලිත් අනාරක්ශිත බවක.........


හානිකර මෘදුකාංග තනන්නන්ගේ අවධානය තව දුරටත් මැක් හා ජාවා වෙතින් ඉවත්වී නොමැති බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ පෙර  ජාවා දුර්වලතාවය  හරහා බොට් ආකාරයේ  නව පහරදීමක් හදුනා ගෙන ඇති අතර නව පහරදීමට පදනම් කරගෙන ඇති දුර්වල බව මැක් සදහා පමනක් නොව වින්ඩෝස් වෙතද පොදු ජාවා අවකාශයක්වීම සෙලකිය යුතු බවයි.
                                        ඔවුන් පවසනවා ආරක්ශක මෘදුකාංගයක විධිමත් ‍රැකවරනය වින්ඩෝස් භාවිතාකරන්නන් තුල වැඩි භාවිතාව නිසා මෙම නව හානිකරයද වැඩිලෙසට බලපාමින් ඇත්තේ මැක් පරිගණක වෙත බව දක්නට ඇති බවයි. එහෙත් නිසි ලෙස යාවත්කාලීන නොකල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිද මෙමනව පහරදීමට හොද සහයක් පලවීම ගැන භාවිතාකරන්නන්ගේ අවධානය යොමු විය යුතු බවයි.මෙම නව ප්‍රවනතාවය ගැන සදහන් කරන හදාරන්නන් 2010 ඔක්තොබරයේදී හදුනා ගත්  "Boonana"  නම් මැක් හා වින්ඩෝස් වලට පොදුලෙස බලපෑ ට්‍රොජනය පිලිබද මතකය යලි අවදිකර සිටිනවා.

2012-04-28

ෆයර්ෆොක්ස් 13 බීටා නවාංග කිහිපයක් සමග....


SPDY ප්‍රොටකෝල ලේයරයේ සහය සමග වැඩි වේගයක් හා ආරක්ශාවක් සහිත සේවයක් ලබා දෙන්නට පොරොන්දු වෙමින් ෆයර්ෆොක්ස් 13 බීටා මෘදුකාංගය නිකුත්කොට ඇති බවටයි සටහන් වන්නේ. වෙබ් පි‍ටුවක් බ්‍රවුසරය මතට ලබා ගැනීමේ වේගය මෙන්ම  එන්ක්‍රිප්ට් සබදතාවය වඩා සාර්තකව සැපයෙන නව තාක්ශනය මෙම නව ප්‍රොටකෝල ලේයරය සමග ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.
                                                නව සංස්කරනය සමග බ්‍රවුසරයේ නිවෙස්න පි‍ටුව වෙනස් මුහුනුවරකට සකසා ඇති බවත් ඒ තුලින් "හිස්ට්ට්‍රි" "බුක්මාර්ක්" ආදිය පරිහරනයේදී භාවිතාකරන්නා හට පහසු වනු ඇති බවටයි සටහන් වන්නේ. නව ටැබ් එකක දිග හැරීමේදී වැඩි පහසුවක්  හා කාර්යක්ශම භාවයක් භාවිතාකරන්නා සදහා පොරොන්දු වෙමින් පැමින ඇති මෙම නව සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
http://www.mozilla.org/en-US/firefox/beta/

2012-04-27

උබුන්‍ටු නවතම සංස්කරනය නිකුත්වේ.....


උබුන්‍ටු භාවිතය ප්‍රිය කරන්නන් සදහා පලවන නවතම නිවේදනයකින් පැවසෙන්නේ එහි නවතම සංස්කරනය දැන් ලබා ගත හැකි බවකි.ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය සමග නවාංග එකතුවීමක් සිදුනොවී ඇති අතර භාවිතාවූ අංගයන් ගේ වූ අඩුපාඩුකම් සකසා සාර්ථක භාවිතයට අවශ්‍ය තත්වයන් කරා දියුබු කර ඇති බවකි. වැඩි දුරටත් පැවසෙන්නේ නව සංස්කරනය භාවිතයට පිවිසෙන්නෙකු සදහා ආයතනයෙන් දෙන පොරොන්දුවක් වන්නේ ඉදිරි වසර 5ක් සදහා යාවත්කාලීනයන් ආදිය ලබා දෙමින් මෙහෙයුම් පද්දතියේ යහ පැවැත්ම තහවුරු කරන්නට සහය වන බවකි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් එම සංස්කරනය ලබා ගත හැකි වනු ඇත.

http://releases.ubuntu.com/precise/

2012-04-26

වින්ඩෝස් 8 බීටාව ජූනි මුලසතියේ......

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ වින්ඩෝස්8 හි බීටා සංස්කරනය එලබෙන ජූනි මසයේ පෙර සතියේ නිකුත්කරන්නට සූදානම් වෙමින් සිටින බවකි. විචාරකයින් පවසන්නේ දැනට නිකුත් කර ඇති භාවිතාකරන්නන්ගේ පෙර සංස්කරනයද අවසාන වින්ඩෝස් 8 සදහා පූර්න පෙර සලකුනක් ලෙස නම්කල නොහැකි නමුත් බීටා සංස්කරනය අවසාන සංස්කරනය සදහා පූර්ව අදහසක් ලෙසට විස්වාසය තැබිය හැකි වනු ඇති බවය. දැනට පලවන තොරතුරු අනූව කියවෙන්නේ බොහෝ දුරට මේ සදහා වන නිල හමුව ජපානයේදී පැවැත්වනු ඇති බවය.

ගූගල් ඩ්‍රයිව් ක්‍රියාත්මකයි.......

පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියා ගිගා බයිට පහක නොමිලේ අවකාශයක් සමග "ගූගල් ඩ්‍රියිව්"  සේවය ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙත මුදා හැරීම ඇරබූ බව. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අමතර මිලදී ගැනීම් ඔස්සේ ටෙරා බයිට 16 දක්වා තම දත්ත ගබඩා පහසුව පුලුල් කර ගත හැකි වන බවයි. රදවන දත්ත ගොනු  ජීමේල් හා ගූගල්+ ඔස්සේ පහසුවෙන් අනකුන් හා බෙදා හදා ගැනීමට හැකිවනු ඇති බවත් ඇප්ස් ආධාරයෙන්ද මෙම භාවිතාවන් කල හැකි බවත් ඔවුන් පවසා සිටියා.   PCs, Macs and Android   සදහා දැනට මෙම ඇප්ස් සහය වන බවත්  iOS  සදහා නුදුරේදීම මෙම පහසුව නිකුත්වන බවත් එහි සටහන් වනවා.ගූගල් ඩොක්ස් මත මෙම පහසුව වැඩි දියුනු කිරීමක් ලෙසට පිහිටවෙන අතර ඩෙස් ටොප් මත සිටම පහසුවෙන් ගොනු හුවමාරු කිරීමට සහය වන ලෙස සේවය නිමව ඇති බවටයි පැවසෙන්නේ. පහත දැක් වෙන සබැදියාව ඔස්සේ ඔබටත් මෙම පහසුව සදහා අයදුම් කල හැකි වනු ඇත

https://drive.google.com/start?authuser=0#home

භාවිතාකල දෘඩ තැටිවලින් 48% පෙර තොරතුරු සහිතයි !!


බ්‍රිතාන්‍ය රාජ්‍ය මට්ටමේ ආයතනයක කල හැදෑරීමක ප්‍රතිපලයකින් කියවෙන්නේ වෙළඳ පොල වෙතින් මිලදී ගන්නා "හාර්ඩ් ඩිස්ක්" වලින් සියයට පනහකට වඩා ඒවායේ පෙර භාවිතකරුගේ දත්තයන් ‍රැදී ඇති බවයි.ඔවුන් විසින් යොදාගන්නා ලද හාර්ඩ් ඩිස්ක් වලින් සියයට තුනක පමන රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර පමනක් නොව බදු තොරතුරු පවා  නෑත ලබා ගත හැකි ආකාරයට තිබූ බවටයි කියවෙන්නේ.ඔවුන් පවසනවා  සමස්තයක් ලෙස සියයට 48ක පමන පෙර භාවිතාකරුගේ දත්ත අඩු වැඩි ලෙසින් නැවත ලබාගැනීමේ හැකියාව තිබූ බවයි.
                 සියයට 38ක් පමන දෘඩ තැටි වල පමනක් සාර්ථක ලෙස පෙර දත්ත මකා දැමීම් සිදුව තිබූ අතර සමස්තයක් ලෙස සියයට 52ක දත්ත නැවත ලබා ගත නොහැකි ලෙසට පැවතුන අතර සියයට 14ක පමන දෘඩ තැටි නැවත භාවිත කල නොහැකි තත්වයක පැවති බවටයි සටහන් වන්නේ.

2012-04-21

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට..........


සටහනක් නොතබාම ගලාගිය දිගුකාලයකට පසුව නැවත ආශ්‍රමය වෙතට පැමිනුනෙමි. ආශ්‍රමය වෙත පැමිනෙන්නන් අතරින් කලාතුරකින් අයෙකුට ලැබෙන අවස්ථාවක් වන්නේ ආශ්‍රමයේ බට හිර බෑවුමෙන් ගලයන ගංගාවෙන් ඔබ්බට වන ගැබුරු වන පියසේ භාවනාව සදහා අවස්ථාවක් ලැබීමය. බියකරු වන සතුන් අදුරු ඝන වන පියස අතරින් ගොස් එම කදුමුදුනතට වන්නට තැනින් තැන පිහිටි විශාල ගල් පියසක පලතුරු , පිරිසුදු ජලය  හා භාවනාව අතරින් ගලා ගිය දිගුකාලයේ  සටහන් එකතු වන්නේ සමාජීය සංකල්ප මත ඉදිවන දෛනික ජීවිතයට නොවේ. ජීවිතයෙන් ජීවිතයට ගලා ආ  සියුම්  පුරුදු පුරුදු ගොන්න ඔබ වෙත නිරාවරනය වෙන්නට වෙන්න්ට පටන් ගනී. ඇත්තෙන්ම ඔබට ඔබ නිරාවරනය වන්නට පටන්ගනී. විටක එය දැරිය නොහැකි තරමේ අත්දැකීමකි.ආරම්භයේදී නම් ඔබ බොහෝ විට අපහසුවට පත්වනු ඇත.
                                       භාහිර කලබලයෙන් වසා ගෙන සිටින ඔබගේ අභ්‍යන්තර කලබලය සැබෑවට තේරුම් ගැනීමේ දුර්ලභ අත්දෑකීම මුලින් හමු වන විට ඇති වන කැලබීම දරා සිටින්නට තරමේ සියුම් ශාන්ති බවක් මනස හුරු පුරුදුකර ගෙන සිටිය ඇත්තෙක් නම් ඔබ ඊලගට පිවිසෙන්නේ ආපසු නො එන ගැබුරු අධ්‍යාත්මික මාවත ඔස්සේ ඉදිරියටය. ක්‍රමයෙන් ඔබගේ රිද්මය තුනී වනු දැනෙන්නට පටන් ගනී. නොයෙකුත් වියතුන් මෙන්ම බොරුකාරයන් විවිද අලංකාර එක්කරමින්  සටහන් තබා ඇති සැබෑ නිවීමේ පහන් බව යාන්තමින් ඔබේ ජීවිතය මතට දැනෙන්නට පටන් ගැනෙනු ඇත.

වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්ස් වඩාත් පුලුල්වේ.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා තම "වින්ඩෝස් ස්ටෝර්" වඩාත් පුලුල් කරන්නට තීර්නය කර ඇති බව.දැනට රටවල් පහක පමනක් පිහිටවා ඇති තම ස්ටෝස් (France, Germany, India, Japan , US)  වලට අමතරව ස්ථාන 38 රටවල් 28 පුරා (Australia, Austria, Belgium, Brazil, Canada, Chile, China, Columbia, Czech Republic, Denmark, Finland, Greece, Hong Kong, Hungary, Ireland, Israel, Italy, Korea, Luxembourg, Mexico, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia, Singapore, South Africa, Spain, Sweden, Switzerland, Taiwan,United Kingdom) දක්වා පුලුල් කරමින් වින්ඩෝස් 8 ඇප්ලිකේශනයන් සංවර්ධනය කිරීමේ අවස්ථාව වඩාත් පුලුල් කරන්නට ඔවුන් තීර්නය කර ඇති බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ දැනට වින්ඩෝස්8 සහය වන භාෂාවලට තවත් නව භාෂා  හතක් එක් කරන්නට තීර්නය කර ඇති බවටත් ඒ අනූව වින්ඩෝස් 8 සහය දක්වන භාෂා 109ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.

2012-04-19

ආසාදනයන් කරා යොමුකරවන වෙබ් අඩවි 20000 ගැන සැක පල කෙරේ...


ගූගල් ආයතනය පවසනවා වෙබ් අඩවි 20000 අදික ප්‍රමානයක් මතට අනවසර පිවිසීම් කොට ජාවා ස්ක්‍රිප්ට්  "නැවත යොමුකරවන" ආකාරයේ හානිකර මෘදුකාංග වලින් සමන්විත ආසාදනයන් පෙන්නුම් කරමින් පවතින බව.ඔවුන් පවසන්නේ එම අඩවි වල ජාවා ස්ක්‍රිප්ට් ආකාරයේ මෘදු කොටස් මතට තවමත් අපැහැදිලි ජාවා කොටස් ඇතුලු කොට ඒමගින් හානිකර මෘදුකාංග පතුරවන වෙබ් අඩවි කරා අමුත්තන් යොමු කරවන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් වෙත අනතුරු අගවා සිටින්නේ තම අඩවියේ ගොනු අතර "eval(function(p,a,c,k,e,r)"   ආකාරයේ කෝඩ් අඩංගු වී ඇත්දැයි විමසිලි මත් වන ලෙසයි.
                                    තම වෙබ් අඩවි වල මෙම ආසාදනයන් හේතුකොට ගෙන  සීමිත ආකාරයේ හානිකර අඩවි ලෙසට නම්වීමට ඇති ඉඩකඩ ගැනත් ගූගල් ආයතනය අවධාරනය කරන අතර අඩවි වෙත එන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් තම අඩව්පවත්වාගෙන යාමේ සේවාව ලබාගන්නා ආයතනවල උපදෙස් සහය ලබා ගන්නා ලෙස පවසනවා.
                           එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ පසුගිය ජූලි මාසයේදී නොමිලේ ලබා ගත හැකි ඩොමෙන ආයතනයක් වූ "co.cc" ඔස්සේ ක්‍රියාත්මකවූ ආසාදිත අඩව්කරා පැමිනෙන්නන් ‍රැගෙන යන  වෙබ් ලිපින මිලියන 11 පමන හදුනා ගත් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ  ලොව පුරා භාවිතාවන හානිකරයන් කරා යොමුකරවන ඩොමේනයන් ප්‍රමානය 50,000 කට ආසන්න විය හැකි බවයි.

Fedora Linux 17 හි පෙර සංස්කරනයක් නිකුත්වේ...

තම ප්‍රධාන නිකුතුව එලබෙන මස (මැයි) ට නියමිත Fedora Linux 17 මෘදුකාංගයේ  පෙර සංස්කරන නිකුත්වක් දැන් ලබා ගත හැකි බවටයි කියවෙන්නේ. ඔවුන් පවසනවා ප්‍රධන පෙලේ යාවත්කාලීනයන් හයක් සහිතව මෙම පෙර සංස්කරනය නිකුත්කොට ඇති බව.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබදව වැඩි විස්තර මෙන්ම එම පෙර නිකුතුවත් ඔබට ලබා ගත හැකි වනු ඇත.

http://fedoraproject.org/wiki/Releases/17/FeatureList

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...