2011-02-22

තද හිරුරශ්මිය ඉදිරියේ වියැකී යන පිනි බිදක්සේ ජීවත් නිදහස් වන බවත්.........

ආශ්‍රමයේ සැදැසමාලෝචන ‍රැස්වීම් සමහර දිනවල අපූරු අදහස් උදහස් අසන්නට ලැබෙන තැනක් බවට පත්වෙයි. ඉතා මැතකදී අපහා එක්වූ චීන ජාතික මහත්මයෙක් එක් වරම නැගී සිට කීවේ තමන්ගේ මනස හිස් කිරීම දැන් නම් බොහෝ දුරට සාර්තක බවකි. තමන් වේගයෙන් දහමේ උසස් තත්වයන් කරා ලගා වෙමින් පවතින බව හොදින්ම දැනෙන බවකි. ඉතා අවදානයෙන් ඔහුගේ මුහුනුවර දෙස බලන අපට එක්වරම මොනතරම් පීඩාවකින් ඔහු පෙලෙමින් සිටින්නේදැයි වටහා ගත හැකිය. ලොකු ස්වාමීන් වහන්සේ කිසිදිනක අනිකුන් ඉදිරියේ තවකෙකුගේ අපසසුතාවයට පත්විය හැකි  ආකාරයේ ප්‍රශ්නවලදී දිගින් දිගටම කතා නොකලාය. ප්‍රධාන හමුව අවසානයේ තමන් හමුවන්නට ඔහුට ආරාධනා කලාය.පසු දිනක සැදැසමාලෝචන ‍රැස්වීමකදී අර මහතගේ අවසරය ඇතිව නැවතත් අර ප්‍රශ්නය මතුකරාය. මනස පුරවන්නට වත් හිස් කරන්නටවත් දේවල් දහම තුල නැති බවක් පැහැදිලි තේරුම් ගැනීමතුල සියල්ල තද හිරුරශ්මිය ඉදිරියේ වියැකී යන පිනි බිදක්සේ ජීවත් නිදහස් වන බවත් අපට පැහැදිලි කර දුන්නාය.

2011-02-06

ඔවැනි සම්පත් යනු මේ සරල සැහැල්ලු අපුරු සතුටින් පිරුනු ජීවිතයට මහත් බාදයක්

මා මෙහි එන්නටපෙර ආශ්‍රමවාසීවසිට සමුගෙන ගොස් තිබූ  අප්‍රිකානු ජාතික ධනවත් මහත්මයෙකු නැවත පැමින සිටියේ අධිසුපෝඛභෝගී ,නගරයට ආසන්නයෙන් ඉදිකල විශාල බලකො‍ටුවක් වැනි  විහාරස්ථානයක්, අධිසුපෝඛභෝගී වාහනයක් ඇතුලු බෝහෝ පූජා භාන්ඩ ලොකු ස්වාමීන් වහන්සේට පූජා කිරීම සදහායි. පෙරකී මහත්මයාගේ  අදහස සාමදානව ඇහුම් කන්දුන්  උන් වහන්සේ මද සිනාවක් පාමින් මෙසේ කිවාය. කුඩා කල මා ඉතා දුප්පත් අයෙක් උනා. ඉතා අපහසුවෙන් ඉගනගෙන යහපත් ‍රැකියාවක් කරමින් හොදින් උපයා සුපිරි ජීවිතයක් ගත කලා. ඉන් පසුව ඊටත් වඩා වඩා සතුටක් ජීවිතය තුල ඇති බව තේරුම් ගිය බැවින් ඒ ජීවිතයට බාදකයක් වන නිසා පෙර කී සියලු දේ අත්හැර දැම්මා. මට දැන් ඔවැනි සම්පත් යනු මේ සරල සැහැල්ලු අපුරු සතුටින් පිරුනු ජීවිතයට මහත් බාදයක් මිසක පෙර පින් මහිමයෙන් පහලවූ සම්පත් නොවේ." පෙරකී ධනවත් මහත්මයා ආශ්‍රමයෙන් පිටව යන දිනයේ ගබඩා භාරකරුට පවසා ගොස් තිබුනේ තමුන් මෙහි ගතකල මාසගනනක කාලයේදීට වඩා යමක් පෙර දින හමුවේදී වැටහුනු බවයි.

මෙම දහම ඔබ විදිනා සතුටට වඩාවූ මහත් සතුටක් අත්පත් කර ගැනීම සදහා ඇති මාවතක් පමනී.

වරක් අප සමග ඇමෙරිකානු ජාතික තරුන මහත්මයෙකු එක්විය. තම පෙම් වතිය හැරගිය සොවින් ඔහු ඉතා පීඩිතව සිටියාය. ඔහුට ජීවිතය ගැන කලකිරී සිටින බවක් අපට දැක ගත හැකිවිය.දිනක් සැදැසමාලොචන ‍රැස්වීමේදී තම පීඩිත  බව වචනයට පෙරලන්නට විය. අවසානයේ ලොකු ස්වාමීන් වහන්සේ මහත්කරුනාවෙන් මෙසේ කීවාය."මෙම දහම දුකට පත්වූවන් සදහා නොවේ.පීඩිතයන්ට තම පීඩාව සගවා ගැනීම සදහා භාවිතා කලහැකි කඩතුරාවක්ද නොවේ එය. මෙය දැනට ඔබ විදිනා සතුටට වඩාවූ මහත් සතුටක් අත්පත් කර ගැනීම සදහා ඇති මාවතක් පමනී. ඔබ ලෝකය ගැන හෝ ජීවිතය ගැන කලකිරී ඇතිනම්, ඔබට  පුහුනුවක් ලත් උපදේශකයෙකුගේ සහය ලබා ගත යුතුයි.  ඔබට සාමාන්‍ය ජීවිතයේ විදගන්නට බැරිවූ භෞතික සැප සම්පත්නම් මෙහෙදී  ඔබ සොයන්නේ, ඔබ වැරදිතැනකට ගොඩවී ඇතිබව තේරුම් ගත යුතුයි.  "

2011-02-05

දිව්‍යලොව සංකල්පය මා විද ඇති එකකැයි අදත්මා විස්වාස කරනුයේ.............

සීතල පිනිකැට විසිරුනු සක්මන් මලුව මත උදැසන සක්මන මුලු සිරුරම  ප්‍රබෝධය කරා වදිකරවයි.ප්‍රබෝධයෙන් හඩතලන  නෙක සියතුන්ගේ හඩ, ප්‍රානයෙන් පිරුනු අවට ගස් වැල්, දෙසවන් දෙනෙත් අපූරු සතුටකින් පුරවාලයි.නිතැතින්ම සිත ඇදෙන්නේ මීට බොහෝ කලකට පෙර ඉන්දියාවේදී ලත් ගැබුරු රාගධාරී සංගීතයේ අපූරු අත්දැකීමටයි. සෑම උදැසනකම සංගීත ආශ්‍රමය ඉදිරියෙන් වූ විශාල නුගගස පාමුල  අපව මැදිකොට අසුන් ගන්නා ගුරුතුමා හා අනු ගුරුතුමන් ඉන්දියානු සංගීතයේ එන රාගදාරී සංගීත කාංඩයන් වාදනය කරයි. බට නලාවත් තබ්ලාවත් සංකලනයෙන් ඉපදෙන ශාන්තිමත් නමුත් ගැබුරු හඩවල් අප වචනයෙන් විස්තර කල නොහැකි  අපූරු  ලොවකට ‍රැගෙන යන්නේ නිරාසයෙනි.දිව්‍යලොව සංකල්පය මා විද ඇති එකකැයි අදත්මා විස්වාස කරනුයේ ඒ අත්දැකීම් නිසා වෙනි.

ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු..........

අප සමග වසර දෙකකට අදික කාලයක් ආශ්‍රමයේ ගතකල ඔස්ට්‍රේලියානු ජාතික කථිකාචාර්යවරයෙකු වහ වහා තම නිවස කරා යාමට සූදානම් වෙමින් සිටී. ආශරමය වෙත පැමිනි අමුත්තෙකුගෙන් තම රටේ ස්වාභාවික වියසනයක් ඇතිවී ඇතිබව දැන ගත් මොහොතේ සිට දැඩි නොසන්සුන් බවකට පත්ව සිටි ඔහු පුරා දිනකට ආසන්න කාලයක් ගෙවමින් පාගමනින් ආසන්නම නගරය වෙතගොස් වැඩිවිස්තර සොයාගෙන පැමිනෙන විටම අප දු‍ටුවේ දැඩි කම්පනයකට පත්ව ඇති බවකි. සැදැ සමාලොචන  හමුවේදී ඔහු පැවසුවේ බැදීම කොයිතරම් ගැබුරුදැයි ප්‍රතම වතාවට ඉතා හොදින් තමන් සපත කරගත් බවයි.ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ "කරුනාකර ඔබේ බැදීම් සමග ගැ‍ටුම් ඇති නොකර ගන්න.ඒවාට රිසිසේ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්න.නමුත් ඔබ මෙතෙක් කල් ප්‍රගුන කල මනස යොදා ගනිමින් ඔබව වටහා ගන්න"කියා පමනී.

2011-01-20

සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී..............

 අමුත්තන් ආශ්‍රමයට පැමිනෙමින් සිටී. සැමදිනකම පාහේ අලුත් අමුත්තෙකු දෙදෙනෙකු දැකිය හැකිවාසේය. කනගා‍ටුවට කාරනය වන්නේ ඔවුන් බොහොමයක් මෙහි පැමිනෙන්නේ දහම ගැන බොහෝ දේ ‍රැගෙනය. බොහෝ අය නොදන්නාම හෝ මගහරින්නට කැමතිම කාරනය වන්නේ බුදුදහම යනු ‍රැස් කරන්නට පොලබවන විෂයක් නොවන බවයි.මේ කාරනය ඉතා  සරල කාරනාවක් ලෙස පෙනුනද ප්‍රායෝගිකව සලකන විට බොහෝ දෙනෙකුට දරා ගත නොහැකි පිලිවතක් වන හැටි මා හොදින් දැක ඇත්තෙමි. අදත් හැන්දැවරුව පුරාවට විටින්  විට බටහිර බැවුමෙන්  සුපුරුදු වස්දඬුරාවය නැගෙනු ඇසිනි. සක්මන් මලුවට ඔබ්බෙන් වු වැලිතලය මත වාඩිවී යාන්තමින් රත්පැහැගත් බටහිර අහස් කුස පසුබිම් කරගනිමින් අර නාද රටා ව්ලට සම වැදී හෝරා වකට වඩා කාලයක් ගතකර ඇති බව දැනිනි. නිරාමිස සතුට එයදැයි මම මගෙන්ම විමසමින් සිටිමි.

2011-01-19

වසර තුනක ආශ්‍රම ජීවිතය තුල මා පසක් කරගත් වටිනාතම අවබෝධය නම් .......

සමහරුන්ට එය ඇසින් ස්පර්ශ කල යුතුව ඇත. තවකෙකුට දෙසවන විය හැක. අනෙකෙකුට කයින් විය හැක. වසර තුනක ආශ්‍රම ජීවිතය තුල මා පසක් කරගත්  වටිනාතම අවබෝධය නම් ඉහත වන මූලික මාධ්‍යන් තුලින් කිසි දිනක ඔබට මේ උතුම් උතුමන්ව හමුවිය නොහැකි බවයි. වඩාත් දියුනු කල මනසකට නම් නැතිනම් ඔබේ මනසත් වඩාත් දියුනු තලයකට සුසර කිරීමෙන් පමනක් ඔවුන් හමුවිය හැකිව ඇත. එය මම ඔබට මෙසේ පැහැදිලි කරන්නට කැමැත්තෙමි. මා මේ පවසන දියුනු සුසරයන් ඔබ සතුව දැනටමත් ඇත. ගැටලුව වන්නේ ඔබ ඔබේ මනසේ මදින් මද ගැබුරට යමින් දැනටමත් ඔබ සතු මේ සම්පත් අවදි කර නොගැනීමයි. ඔබ නොදන්නා දෙයක් ඔබ දකින්නේ කෙලසද? මම ඔබෙන් විමසනු කැමැත්තෙමි.

2011-01-15

අනුන්ට පෙනෙන්නට හඬ නගන දහම වෙනුවට මෙහි පවතින්නේ …………

ආශ්‍රමය අවට ගම් වාසීන් පන්සිල් ගන්නවා මම දැක ඇත්තේ ඉතාමත්ම කලාතුරකිනි. සැමදාම උදැසන හඬ නගමින් පන්සිල්පද මෙනෙහි කරන බොහෝ රටවල මිනිසුන් මෙන් නොව මම ගම් වාසීන්ගේ ජීවිත තුල දහම බද්ධවී ඇති බවක් පෙනෙයි. වරක් ගබඩා භාර කරු මට පැවසුවේ බොරු නොකියනේ දහමට බය නිසා සෝ දහම එලෙස නොකරන ලෙස කියා ඇති නිසා නොව සරල එක බොරුවකින් පටන් ගන්නේ මනසට මෙන්ම සමාජයටද කරදරකාරී බොරු වැලක ආරම්භයක් වන බැවිනි. ඔවුන් සතුන් නොමරන්නේ  මෙම වනය සතුන් සිව්පාවුන් යනු මෙහි වෙසෙන මිනිසුන් සේම මෙහි අයිති කරුවන් බවට ඔවුනුත් විස්වාස කරන නිසාවෙනි. "අනුන්ට පෙනෙන්නට හඬ නගන දහම වෙනුවට මෙහි පවතින්නේ තමන් වෙනුවෙන් තමන් සදහා පවත්වාගෙන යනු ලබන දහමකි."

2011-01-12

ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය….

ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති ‍රැහැන් පොටවල් සිද ඇත්තේය.නැතිනම් සිදිමින් සිටින්නේය.ඔවුනට මහනදම සමජයෙන් ගෞරවය කැදවීම සදහා නොව නිදහස් ලබා ගැනීමසද භාවිත අනුබලයක් පමනි. වෙනස් විදිහකට පවසතොත් ” මගෙන් ඔබට කිසිදු කරදරයක් නොමැත, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න” වැන්නක් පවසන සංකේතයකැයි මට සිතේ.ආශ්‍රමයට පැමිනෙන ගම්වාසී කිසිවෙක් තමන්ගේ ගෘහ ගැටලු වලට පිලියම් නෝඅසයි. ස්වාමින් වහන්සේලා බරපතල හා සම්ප්‍රදායික උපදෙස් දීමටත් නොපෙලබෙයි.නුවනැති ගම් වාසීන් උන්වහන්සේලාගේ සැබැ සන්සුන් ගමනින් පවා දහසක් දේ ජීවිතයට එක් කර ගනිති. සතුන් සර්පයින් පවා උන් වහන්සේලාව මග හැර යන්නේ මහා අමුතු බලයක් ඔවුන් සතු නිසා නොව දුබලයෙකුට දරන්න බැරිතරම් ඔවුන් බල රහිත නිසාවෙනියැයි මම සිතමි.

2011-01-10

බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත

බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත.කදුමුදුනත දකුනු දෙසට වන්නට වැටී ඇති අතුරු මාවත්  මාවත ඔස්සේ බොහෝ දුරක් ඇවිද ගියෙමි. හෝරා දෙක තුනක පාගමනකින් අනතුරුව සමාන්තරව විහිදුනු  කදු බෑවුමක පැතිර ඇති විශාල තෘන යායක් මැදිව පිහිටි ගම්මානයක් දිස්වේ. මාවත අද්දර පිහිටි කුඩා ගල් කුලක වාඩිවී අර ගම්මානය දෙස  බලාසිටින්නට සිත්විය. මිනිසුන් ගැහැනින් දරුවන් කඩි‍රැලක් මෙන් එහේ මෙහේ දුවමින් දවස සමග පොර බදන අයුරු දිස්වේ.එක් නිවසක කිසියම් උත්සවයක් පවත්වනවා විය යුතුය. නෑහිතවතුන් එක්ව මධුවිතින් සප්පායන්ව උස් හඩින් යමක් ගායනා කරමින් සතු‍ටු වෙනු  පෙනේ.සමහර විටක එතැන මංගල්ලයක් පවත්වනවා විය හැක.ගිනිගෙන දැවෙන හිරු වටා පෘතුවිය ඊලග වටයද යන්නාක් මෙන්ම පෘතුවිතලය මත සංස්කෘතියේ ඊලග තවත් වටයකට සියල්ල සූදානම් වෙනවා විය යුතුය.

2011-01-08

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්…..

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් විශාල ගංගාවක් ගලා බසිනවා. තුරු මුදුන් අතරින් රිංගා ගිය තද හිරුකෙදි අර ගංගාවේ රළවල වැදිලා පරාවර්තනවන දර්ශනය හරිම අපූරුයි. සමහර විට ඔබ කියවලා ඇති ප්‍රසිද්ද මනෝවර්ධනය ගැන ලියපු ලේඛකයෙක් සටහන් කරලා තිබුනා ගුවන් තො‍ටුපලකදී අහබුලෙස තමන් දෙසට එල්ලවු රටාවක් සහිත ආලෝක දාරාවක් ඔහුගේ මනස ගැබුරු ලෙස නාභිගත කරපු හැටි ගැන. සමහර විට ඒ අත්දැන්කීම වඩාත් චමත්කාර ලෙස ඔබට මැතැනදී විදගන්නට හැකිවේවි කියලා මම හිතනවා. ටිකක් හුරුපුරුදු කල මනසකට පරිසරයේ මැවෙන සුන්දර අවස්තාවලින් විශාල සතුටක් වගේම ශක්තියක් උරාගන්නට පුලුවන් කියලා කිවයුතුමයි.සමහර විට ඔසුවක් වගේ ඔබේ සිත සුවපත් කරන්නටත් උදවුවේවි. අදුරත් සමගම ආපසු ආශ්‍රමයට ආවේ හරිම සතුටකින්.මේ සටහන කරනකොට මට හොදින්ම පසක් වුනු කාරනාවක් තමයි, වරක් අපේ විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි ප්‍රසිද්ධ ලේකඛයෙක් කරපු සදහනක්. “අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...