2024-03-09

 Microsoft වල Bing නම්  search engine එක ලොව භාවිතය ඉතා අඩු ප්‍රතිශතයක් බව බොහෝ ගනනයන් පෙන්වා දෙමින් ඇත්තකි. එසේමුත්  Statcounter පවසන්නේ China වලදී එය 16.46 ක ඉහල ප්‍රථිශතයක් ගන්නා බවට කියවෙන අතර  US වලදී 8.07 ක හා සමස්ථ ලෝක භාවිතයේදී  3.32 percent. ලෙසට සටහන් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ තත්වය මෙසේ වෙද්දී  චීනය තුල තම භාවිතය ඉහල අගයක් ගන්නට Microsoft සමාගම එරට  internet censorship laws සමග සහයෝගයෙ කටයුතු කිරීම ප්‍රධාන හේතුවක් බවයි. උදා හරනයක් ලෙසට එරටදී තහනමට ලක්වන search terms ලෙසට ගැනෙන “human rights", "Tiananmen Square massacre,tank man" වැනි සෙවුම් තම සෙවුම් ප්‍රතිපල වලින් ඉවත්ව තබන්නට Microsoft සමාගම කටයුතු කිරීම පෙන්වා දෙනවා. කෙසේ වෙතත් Google සෙවුම් යන්ත්‍ර වසර ගනනාවක සිට එරටින් ඉවත්කර තබන්නට කටයුතු කර තිබෙන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-03-08

TikTok භාවිතය US වල තහනමට සූදානම් වේ.

ඇමරිකාවල නීති සංම්පාදන අංශයක් නැවතත් TikTok වෙබ් අඩවිය US වල තහනම් කිරීමට අදාල නීතියක් පැනවීමට කටයුතු ආරම්භ කර ඇති බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම නීති පෙර සම්පාදනය වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් එය නීතියක් ලෙසට සංක්‍රිය විමට නියමිත බවයි. CNN පවසන්නේ මෙම නීතිය පැනවුන හොත් TikTok වල මව් සමගම වන ByteDance වලට තම සමාජජාලාව විකිනීම සදහා දින 165ක් ලැබෙන අතර එසේ කරන්නට අසමත් වුවහොත් TikTok app එක ඇමරිකාව තුල භාවිතාව තහ්නම් වන්නට නියමිත බවකි. 2023 දී පැනවූ නීතියක් ඔස්සේ TikTok භාවිතාව රාජ්‍ය මට්ටමේ උපාංග සදහා තහනම් කරන්නට මේ වන විටත් කටයුතු කර තිබේ. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම ByteDance සමාගම China මූලික ක්‍රියාත්මක වන හා අයිතිය හිමි ආයතනයක් නිසා TikTok භාවිතාකරන US වැසියන්ගේ තොරතුරු එම රජය වෙතට ලබා දෙන්නට කටයුතු කරන බවකි.
Pubudu Siriwansa
https://pariganakaya.com/


 

2024-02-29

Android භාවිතාකරන්නන් හට XLoader මැල්වෙයාව ගැන අනතුරු ඇඟවේ.

ANDROID භාවිතාකරන්නන් වෙතට නිකුත් වෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ XLoader නම් malware ව පිලිබඬව සැලකිලිමත් වන ලෙසයි. එය සාර්ථක ව උපාංගයක ස්ථාපනයෙන් පසුව ව්‍යාජව Google Chrome ලෙසට පෙනී සිටිමින් භාවිතාකරන්නන්ගේ දත්ත සොරා ගැනීමට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය දැනට United States, United Kingdom, Germany, France, Japan, South Korea, Taiwan වැනි රටවලින් වාර්ථා වෙමින් ඇති බවකි. වැඩි දුරටත් NewsBytes පවසන්නේ එය SMS text messages ලෙසට පැතිරීම කරගනිමින් සිටින බවත් , එම සංයුත්තව පැමිනෙන shortened URL link එක භාවිතා කරන්නා අතින් සංක්‍රිය (clicked) වීමකින් අනතුරුව ස්ථාපනයට කටයුතු වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම malware විසින් භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා access  අවසරයන් ඔස්සේ ක්‍රියා කරමින් එහි වන photos, messages, contacts, IMEI numbers ආදිය සොරා ගන්නා අතර උපදෙස් ලැබෙන්නේ Android සමග default මට්ටමින් පැමිනෙන  Google Play Protect නම් App එක ඔස්සේ මෙම හනිකරය සාර්ථව පාලනයට හැකි බවකි.
   නිතරම උපාංගය updated මට්ටමින් තබා ගැනීමත්, unofficial  ආකාරයේ app ස්ථාපනයෙන් වැලකී සිටීමත්, සැකසහිත වෙබ් අඩවි මග හැරීමත් මෙන්ම අවසානයේ හොඳ මට්ටමක antivirus එකක් ස්ථාපනය කර පවත්වාගෙන යාමත් වැදගත් වනු ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Net



2024-02-25

පරිගණකයක් යනු

පරිගණකයක් යනු විද්‍යුත්  පරිපතයක් මත ඉදිවෙන, ද්වීතීක ස්වැරූපය මූලික පදනම කරගන්නා, ජීවිතය වටා වන දත්ත හා ඒ ඇසුරින් නිර්මාණය කරගන්නා දත්ත නැතිනම් මූලික කරුණු අමුද්‍රව්‍ය ලෙසට ගෙන ගබඩා කරගමින් සංනිවේදනය කරගමින් සිටින මෙන්ම ගනිතමය හා තාර්කික ආකාරයට ඒවා වේගයෙන් හා නිවැරදිව නැවත නැවත සකස් කරදෙන්නට හා කරගන්නට  සූදානම් උපකරණයකි. පරිගණකය වඩ වඩාත් ස්වධීන උපකරණයක් වෙමින් තිබීම හා එහි භෞතික සීමා ඉක්මවමින් සාම්ප්‍රධායික පරිගණකය වෙනුවට පරිගණකබව දෙසට චලනය වෙමින් තිබීම හත්පසින් දැකිය හැකි ප්‍රමුකතා දෙකකි.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-02-20

Passwords ඉක්මවන ආරක්ශිත බවක් ගෙනෙන passkeys

හුඳු තොරතුරු ලබා ගන්නා හා ලබා දෙන වේගවත් හ විශ්ව මාධයක භූමිකාවේ සිට ඔබේ අනන්‍යතාවය නඩත්තු කරන විශ්ව අවකාශය දක්වා අන්තර්ජාලය පැමින ඇති මග ඉතා දිගුය. පෙර කී තොරතුරු ගබඩා කිරීමේ හා භාවිතා කිරීමේ භාවිතාවේදී විට අවශ්‍යවන සුරක්ෂිත බව සහතික කිරීම සදහා පැමිනෙන සරල අවසර පදය අද වන විට නොසෑහෙන බව බහුලවම වන අත්දැකීමකි. Google  යෝජනා කරන්නේ ‘unhackable’  විකල්පයක් සදහා කාලය පැමින ඈති බවකි. එනම් පෙර නිගමනයට ඉතා අපහසු අවසර පද භාවිතයකට කාලය පැමින ඇති බවකි.  Passkeys යනු මේ සදහා වන හොඳම විකල්ප log-in technology එකක් ලෙසට පිලි ගැනෙමින් ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ  fingerprint scanner, Face ID නැතිනම්r passcode වැනි විකල්ප වලට වඩා public key හා private key යන ආකාර දෙක මත ‍රැ‍ඳෙන මෙහිදී පිවිසුමට උත්සාහ කරන app එක මත( public key) එකත් අනෙක්  private key එක ඔබගේ උපාංගය මතත් ‍රැඳීමත් හා අවසරය නිර්මාණය වීම සදහා මිනිස් මැදිහත් වීමකින් තොර public key cryptography තක්ෂණයක් භාවිතා වීමත් වැඩි ආරක්ශිත බවක් ගෙනෙන බවයි. දැනට මත් Google, TikTok, Amazonවැනි අවකාශ වල passkeys සහය දක්වන නිසා එය අත්හදා බලන්නට දැන් එම භාවිතා කරන්නන් හට හැකි වනු ඇත.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

"liquid detected" තත්වයේ වන iPhone එක.

Apple ගෙනෙන නවිනතම iPhone එකක් 6 meters ගැඹුරු ජල පරිසරයක විනාවි 30 ක් දක්වා ඔරොත්තුවට සූදානම් බවටයි ආයතනයේ තක්සේරුව වන්නේ. ඔබගේ iPhone ය "liquid detected" තත්වය යටතේ වන විට සහල් බෑගයක බහා තැබීමෙන් එහි වන වියලි බව මිත්‍ර පරිසරය විසින් ඉක්මනින් වියලි බවක් ගෙනෙනු ඇති බව පිලිගැනීම වේ.කෙසේ වෙතත් මෙවැනි තත්වයක දී Apple ආයතනයේ නිල උපදෙසක් වන්නේ එසේ නොකල යුතු බවකි. විශේෂයෙන් කුඩා අංශු කැබලි දුරකථනය තුල තැන් පත් වීම වැනි වඩා අනතුරු දායක බවක් මේ ඔස්සෙ නිර්මාණය විය හැකි බව පවසන ඔවුන් built-in mechanism එක විසින් ඔබට "liquid detected"  අනතුරු ඇගවීම ලබා දෙන විට USB-C නැතිනම් Lightning port ස්වංක්‍රීයව අක්‍රිය වන බවත් ඉන් අනතුරුව දුරකථනයේ ඉහත පිවිසුන් පහතට වන සේ වියලි හා වාත්‍රාශ්‍රයක තැබීම ප්‍රමානවත් බවටයි පවසන්නේ.
Pubudu Siriwansa
https://pariganakaya.com/



 

සාම්ප්‍රධායික search engines වලට අභියෝග කරන Generative AI.

Gartner පවසන්නේ 2026 වන විට Generative AI  විසින් දැනට search engines සතුව වන ආධිපත්‍යයෙන් අතරෙන් එකක් පමන පහසුවෙන් අත්පත් කර ගන්නට හැකි වනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ  AI chatbots හා virtual agents විසින් දැනට දක්වමින් ඇති ප්‍රවනතාවය search engine වලට මෙම පසු බෑම නිර්මාණය කරන්නට සමත් වනු ඇති බවකි. තවමත් සාම්ප්‍රධායික  search engines හා artificial intelligence අතර වන නොගැලපීම මේ සදහා පදනම වනු ඇති බවට පැහැදිලි කරන ඔවුන් Generative AI (GenAI)  වල වන නම්‍යය හා මිත්‍ර බව වඩාත් ආකර්ෂනීය හා ප්‍රායෝගික බවක් ගෙනැවිත් අති බවට පැහැදිලි කෙරෙනවා. ප්‍රධාන search engines  දෙකම එනම් Google විසින් Gemini ද Microsoft විසින් Copilot ලෙසටද දැනටමත්  generative AI  වෙතට පිවිස තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-02-19

AI chatbot සමග පෞද්ගලික තොරතුරු හුවමාරුව පරිස්සමෙන්.

Kaspersky වල ප්‍රමුකයෙකු පවසන්නේ ඔබ ChatGPT වැනි Chatbots සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත් බවයි. ඔබට වඩාත් සංකිර්න හෝ විසල් ඉලක්ක සපුරා ගන්නට එය සහය වුවද ඒ සදහා ඔබ ලබා දෙන තොරතුරු පිලිබඳව සැලකිලිමත් වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. ඔබගේ කාරනාව ඉ‍ටුකර ගැනීම සදහා Chatbots වෙතට ලබා දෙන තොරතුරු මෙන්ම ඔබ එය සමග කරන සංවාද හෝ ලිපි නැතිනම් වෙනත් පෞද්ගලික ගොනු ගබඩා කර ගැනීම ඔස්සේ පසු කාලිනව ඔබ ආශ්‍රිත වෙනත් මත අදහස් නිර්මණයට එයට අවස්ථාව තිබීම මෙන්ම එම යාන්ත්‍රන පසුපසින් සිටින මිනිස් දෑත් වලට ඒවා පත්වීමේ අවධානම මෙහිදී පැහැදිලි කෙරෙනවා.මිනිසා තවමත් නොදන්නා සීමා පවුරු කරා chatbot වල ගමන් මග තවමත් පැහැදිලි නොවීම තුල පෞද්ගලික කාරනා පිලිබඳව සැලකිලි මත් වීම වැද්ගත් බවටයි ලැබෙන උපදෙස වන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-02-18

iOS 18 අනුමාන කිරීම්.

පසුගිය වසර 10 සැලකීමේදී සෑම සැ
ප්තැම්බරයකදීම නව iOS නිකුතුවක් පැමිනීම සිදුව තිබේ. මේ අනූව උපකල්පණය වන්නේ මෙම සැප්තැම්බරයේදී ද නව නිකුතුවක් එනම් iOS 18 වල පැමිනීම සිදුවෙනු ඇති බවය. එය බොහෝ විට iPhone 15 වල සිට iPhone SE දක්වා සහය දක්වනු ඇති බවට උපකල්පනය කල හැක. එනමුත් නිර්මාණය වෙමින් ඇති නව ප්‍රවනතා සමග සැකීමේදී  AI මිත්‍ර නවාංග සදහා මෙම උපංග පෙලම අසමත් වීම තුල නව මෙහෙයුම් පද්ධති ය සදහා සහය දක්වන්නට මෙම නිකුතූන් අතරින් සමහර ඒවා අසමත් වනු ඇත. දැනටමත් පලව ඇති අනුමාන වලට අනූව iOS 18 යනු සාපේක්ෂව විශාලතම නිකුතුවක් වීමේ බලාපොරොත්තුව ඉහලින්ම වේ. 
    Apple විසින් generative AI දෙසට දක්වන ප්‍රවනතාවය තවමත් කැපී පෙනෙන මට්ටමේ නොවුනද නව නිකුතුව තුල Siri සමග “Generative AI” බව සංයුත්ත වීම ඉහලිම වන බලාපොරොත්තුවකි. Siri පමනක් නොව සමස්ථ මෙහෙයුම් පද්ධතිය තුලටම හැකි හැම ආකාරයෙන්ම AI බව සංයුත්ත කරන්නට ඔවුන් කටයුතු කරනු ඇත. දැනටමත් ආයතනය එලබෙන නිකුතූන් සමග Rich Communication Services (RCS) සහය වන බවට පවසා ඇති අතර එය පහසු messaging හැකියාවක් ගෙනෙනු ඇත. උදාහරණයක් ලෙස ඔබගේ  message වලට ලබන්නාට ලැබුනු බව කියවූ බව වැනි තහවුරු කිරීම්  වනු ඇත. එපමනක් නොව Apple වල Vision Pro  සංයුත්ත වීම සමග වඩාත් සුනම්‍ය බවක් එය ‍රැගෙන ඒනු ඇත.
Pubudu Siriwansa

www.Pariganakaya.Com 

 

Generative AI ඔස්සේ ව්‍යාජත්වයට වැටක් සූදානම්.

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාරනයක් වන්නේ කුඩා මෙහෙයුමකින් ඉතාම සතය සේ හැගෙන  text, images නැතිනම් video වැනි ගොනු නිර්මාණයට පහසුවෙන් හැකිවීමය. OpenAI, Meta ප්‍රමුක තාක්ෂණ යෝධයන් 20 ක් පමන මේ වන විට එකගතාවයකට පිවිස ඇති බව කියවෙන්නේ මින් ඇති විය හැකි දුර්විපාක වලට එරෙහිව කටයුතු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන්නට එකගවීමෙනි. මෙම වසර තුල ලොවපුරා වැසියන්ගෙන් අඩක් පමන මැතිවරණ වලට සහභාගී වනට නියමිතව ඇති බැවින් මෙහි වැදගත් කම අවධාරණය වෙමින් ඇත. පැහැදිලි කෙරෙමින් ඇත්තේ OpenAI, Microsoft (MSFT.O), Adobe (ADBE.O) වැනි භාවිතාවන් සමග ව්‍යාජ content නිර්මාණය වන්නටත් Meta Platforms (META.O), opens new tab, TikTok, X, වැනි සමාජජාලා platforms වල මේවා හුවමාරුවීම වලක්වා ගැනීමටත් මේ ඔස්සේ උත්සාහ කරනු ඇත.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

ChatGPT ඔබව මතක තබා ගන්නට සූදනම්.

OpenAI පවසන්නේ  ChatGPT වඩාත් පෞද්ගලික සහය සදහා සූදනම් බවයි. එනම් ඔවුන් විසින්  ChatGPT වෙතට හඳුන්වා දෙන personal memory feature අංගය ඔස්සේ භාවිතා කරන්නාගේ යම් රු චි අරුචිකම් ප්‍රමානයක් මතක තබා ගන්නට සමත් වන බවයි. එනම් පසුව භාවිතා කරන්නෙකු සමග කටයුතු කරන විට භාවිතාකරන්නා ගැන යම් ඩැණුම් ප්‍රමානයකින් කටයුතු කරන්නට මෙම personal memory අංගය සහය වනු ඇති බවයි. කෙසේ වෙතත් භාවිතාකරන්නෙකුට අවශ්‍ය පරිදි ChatGPT වෙතින් මෙම මතක තැන්පතුවන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත්කර දමන්නට පහසුවෙන් හැකි වන අතර OpenAI පැහැදිලි කරන්නේ වඩාත් සංවේධී කරුණු තැන්පත් කර ගැනීමේදී වඩාත් සැලකිලි මත් වන්නට සැකසුම් සූදානම් බවයි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...