2024-02-29

Android භාවිතාකරන්නන් හට XLoader මැල්වෙයාව ගැන අනතුරු ඇඟවේ.

ANDROID භාවිතාකරන්නන් වෙතට නිකුත් වෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ XLoader නම් malware ව පිලිබඬව සැලකිලිමත් වන ලෙසයි. එය සාර්ථක ව උපාංගයක ස්ථාපනයෙන් පසුව ව්‍යාජව Google Chrome ලෙසට පෙනී සිටිමින් භාවිතාකරන්නන්ගේ දත්ත සොරා ගැනීමට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය දැනට United States, United Kingdom, Germany, France, Japan, South Korea, Taiwan වැනි රටවලින් වාර්ථා වෙමින් ඇති බවකි. වැඩි දුරටත් NewsBytes පවසන්නේ එය SMS text messages ලෙසට පැතිරීම කරගනිමින් සිටින බවත් , එම සංයුත්තව පැමිනෙන shortened URL link එක භාවිතා කරන්නා අතින් සංක්‍රිය (clicked) වීමකින් අනතුරුව ස්ථාපනයට කටයුතු වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම malware විසින් භාවිතාකරන්නන්ගෙන් ලබා ගන්නා access  අවසරයන් ඔස්සේ ක්‍රියා කරමින් එහි වන photos, messages, contacts, IMEI numbers ආදිය සොරා ගන්නා අතර උපදෙස් ලැබෙන්නේ Android සමග default මට්ටමින් පැමිනෙන  Google Play Protect නම් App එක ඔස්සේ මෙම හනිකරය සාර්ථව පාලනයට හැකි බවකි.
   නිතරම උපාංගය updated මට්ටමින් තබා ගැනීමත්, unofficial  ආකාරයේ app ස්ථාපනයෙන් වැලකී සිටීමත්, සැකසහිත වෙබ් අඩවි මග හැරීමත් මෙන්ම අවසානයේ හොඳ මට්ටමක antivirus එකක් ස්ථාපනය කර පවත්වාගෙන යාමත් වැදගත් වනු ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Net



Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...