2024-02-18

OneDrive භාවිතය පහසු කරවයි.

Microsoft විසින් තම  OneDrive මතදී තැන්පත් වන හා හුවමාරු වන ගොනුවල අනන්‍යතාවය සදහා නවාංගයක් ගෙනෙන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා. එ අනූව නිතරම තමන් සමග ගොනු හුවමාරු කරන්නන් ගේ ඡායාරූපයක් සමග දක්වන්නට සැලසුම් කර ඇති අතර ඒ ඔස්සේ පහසුවෙන් අදාල ගොනු සමග කටයුතු කිරීමේ පහසුවක් ගෙනැවිත් තිබෙනවා. Microsoft වල OneDrive සදහා OneDrive resdesign වයාපෘතිය යටතේ පැමිනෙන නව අංගයක් ලෙසට මෙය හැඳින්වෙන අතර පෙබරවාරි මාසය අවසන් වන විට සියළුම භාවිතාකරන්නන් සදහා එය මුදා අහැරෙන්නට නියමිතව තිබෙනවා. ආයතනය පවසන්නේ මීට අමතරව file types පහසුවෙන් හඳුනා ගන්නට සහය වීම මෙන්ම ගොණු සමග පහසුවෙන් කටයුතු කරන්නට සහය වන්නට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa


 

2024-02-17

Android 15 වල developer preview එකක් නිකුත් වේ.

Google ආයතනය තම  Android 15 වල ප්‍රථම developer preview එක නිකුත් අර තිබෙනවා. එම ආයතනය අවධාරණය කරන්නේ මෙම නිකුතුව සමග ප්‍රධාන දියුනු කිරීම් තුනක් වන බවයි. ඒ අතර security හා privacy වල දියුනු කිරීම්, අනෙකෙකු සමග device වල screen බෙදා හද ගැනීමකදී අවශය කොටසක් පමනක් තොරා ගැනීමේ හැකියාවක් පිලිබඳව කථාබස් කරන අතර Android Dynamic Performance Framework (ADPF) ඔස්සේ උපකරණය මත ධාවනය වන App වලට වැඩි performance එකක් ගෙනෙන්නට හැකි වන බව පවසනවා. එසේම Google පවසන්නේ උපාංගයේ කැමරාව භාවිතයට වැඩි දියුනු කිරිම්  රාශියක් Android 15 සමග වන්නට නියමිත බවයි. තවමත් සීමිත උපාංග පරාසයකට වන නිකුතුවක් වන මෙම developer preview නිකුතුවෙන් අනතුරුව දෙවන නිකුතුවකින් පසුව පලමු public beta version  එක පැමිනීමක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Android 15 වල අවසාන  public version එක පැමිනීම 2024  අවසාන භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
ww.Pariganakaya.com


 

2024-02-16

Chrome 122 නවාංග කිහිපයක්ම සමග.

Google ආයතනය තම Google Chrome වල ප්‍රථම නිකුතුව 2008 දී කල අතර ආරම්භයේදී එහි වූ කුඩා බව් අහා අඩු සම්පත් භාවිතය නිසා බොහෝ දෙනාගේ කැමැත්ත දිනා ගත් භාවිතාවක් විය. එහෙත් අද වන විට එය speed, resource management, stability වැනි ලක්ෂණ අතින් ඉදිරියෙන් සිටිනවා සේම විශාල තොරතුරු ගොනුවක හිමිත්වය සමග භාවිතාකරන්නන් හට වඩාත් සේවයක් සදහා සූදානමින් සිටින්නකි. Chrome 122 ජනවාරි මාසයේ දී පමන beta channel නැතිනම් පෙර සංස්කරණයක් ලෙසට නිකුත් කරන්නට Google කටයුතු කල අතර February 14, 2024 වන විට එහි stable නැතිනම් අවසන් සංස්කරණය නිකුත් කරන්නට මේ වන විට කටයුතු කර තිබේ. Chrome 122 සමග පැමින ඇති නව ප්‍රවනතා අතර මිට පෙර Chrome iOS වල වූ වෙනත් උපාංගයක වූ browsing session එකක් ඉදිරියට ගෙන යාමේ හැකියාව desktop version වලටද ‍රැගෙන විත් තිබේ.එසේම Chrome 122 සමග වඩාත් AI මිත්‍ර බව ‍රැගෙන විත් ඇති අතර එය භාවිතාකරන්නෙකුට browser theme වල සිට ගැබුරු භාවිතාවන් දක්වා සංයුත්ත වෙමින් තිබේ. Chrome 122 වලදී පැහැදිලි වම භාවිතකරන්නන් හට පවසන්නේ තමන් භාවිතාව පිලිබඳව දත්ත රඳවා නොගත්තද වෙබ් අඩවි විසින් භාවිතාවෙ දත්ත රඳවා ගැනීම් වලට ඉඩ ඇති බවකි.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2024-02-03

'Synergia' යටතේ හානිකර සර්වර 1300ක් බිඳ දමයි.

'Synergia' නමින් වන ජාත්‍යන්තර නීති සම්මුතිය යටතේ Command and control servers (C2) 1300 ක් මේ වන විට බිඳ දමන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. මේවා භාවිතා කරමින්  පහර දෙන්නන් විසින් තම malware පැතිරවීමටත් ඒවා පාලණය මෙන්ම ආසාධිත උපාංග වලින් දට්ත සොරා ගැනීමටත් කටයුතු කොට ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම වඩාත් බලගතු පහරදීම් සදහා මෙම ආසාධිත servers හැකියාවන් යොදගන්නා අවස්ථාද වූ බවට කියවෙනවා. මෙම Synergia මෙහෙයුම  යටතේ 2023 සැප්තැම්බර්, ඔක්තෝබර කාලය තුල මෙම මෙහෙයුම් කර ඇති අතර රටවල් 55 ක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් 60ක සහය ලබා ගෙන ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් පවසන්නේ ransomware වලට සම්බන්දිත IP ලිපින, malware, phishing campaigns වැනි ආකාරවලට හඳුනාගැනීම් කල බවයි. මෙම servers අතර බහූතරයක් Europe වලින්ද තවත් සැලකිය යුතු ප්‍රමානයක් Singapore, Hong Kong වලින් හමුවූ බවටද වාර්ථා වෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Meta ද AI තරගය තුල බව.

Meta හි CEO වරයා Mark Zuckerberg පවසන්නේ තම ආයතනයද AI businesses වල වැඩි ප්‍රමුකතාවයක් දිනා ගැනීම සදහා තරග කරමින් සිටින බවකි. ඔහු පැහැදිලි කරන්නේ Meta විසින් Facebook සහ Instagram ඔස්සේ විශාල data ප්‍රමානයක් access කරන බවයි. මෙය වඩා සාර්ථක AI models එකක් සදහා වැඩි videos / images දත්ත ගොනුවක් නිර්මාණය කරන බවත් එය පොදු crawl data ගොනුවලට වඩා වැඩි ප්‍රමානයක් බවයි.Zuckerberg වැඩි දුරටත් පවසන්නේ මේ වන විටත් Meta විසින් AI පදනම් වන products සහ services පෙලක් සදහා සූදානම් වෙමින් සිටින බවයි. ඒ අනූව මේ වන විටත් Meta විසින් AI image generator එකක් මෙන්ම large language models පමනක් නොව AI GPUs නිකුතුවක් ගැනද කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Windows 11 වල මෙම වසරට නියමිත නිකුතූන්

Windows 11 වලට මේ වසරට නියමිහ නිකුතූන් ගැන මේ වන විට යම් යම් කරුණු හෙලි වෙමින් තිබෙනවා. බලාපොරොත්තු වන ප්‍රධාන නිකුතූන් දෙකක් වන අතර පලමු ඒක වන “Moment 5” නිකුතුව පෙබරවාරි හෝ මාර්තුවලත් Windows 11 Version 24H2 නිකුතුව වසර අවසාන භාගයෙත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.වැඩි දුර විස්තර තවමත් නිල ලෙසට නිකුත් නොකලද Windows 11 Version 24H2 නිකුතුව විශාල එකක් වන බවටත් එය වඩාත් AI-centric update එකක් වනු ඇති බවටත් තොරතුරු අනුමාන වෙමින් තිබෙනවා. මේ වන විටත් Microsoft ආයතනය මීලග මෙහෙයුම් පද්ධති දිසාව “AI PCs” ලෙසටත් අවම Ram අවශ්‍යතාව 16GB වනු ඇති බවටත් ඉගිකොට තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2023-12-23

Microsoft වෙතින් Health Bot Copilot විසඳුමක්.

Microsoft නිවේදනය කරන්නේ තමන් generative AI  හැකියාව healthcare industry වෙතට අත්හදා  බැලෙන මට්ටමින්  ‍රැගෙන එන්නට සූදානම් බවයි. පසුගිය අගොස්තුවේ ඔවුන් ප්‍රකට healthcare technology company යක් ලෙසට සැලකෙන Epic  සමග මේ සදහා පලමු පියවරයන් සදහා   කටයුතු කරන බවට නිවේදනය කර තිබිනි. මේ වන විට Microsoft පවසන්නේ තමන් තවත් ඉදිරියට යමින් Azure AI Health Bot Copilot එකක් නිකුත් කරන්නට කටයුතු කරන බවකි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ තම Azure AI Health Bot Copilot එක සදහා Azure OpenAI, Azure AI Search service, Bing Custom Searc වැනි Azure OpenAI, Azure AI Search service, and Bing Custom Searc භාවිතා  කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පවසන්නේ එම ආයතනයන්ට තමන්ගේම දත්ත මත පදනම් වන  Copilots ගොඩනගා ගැනීමකට මේ ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇති බවයි.
Pubudu Siriwansa


 

2023-09-27

Google තම 25 වන සමරුවට.

ලොව ප්‍රමුකතම තොරතුරු තාක්ෂණ ආයතනය අද තම 25 වන සංවත්සරය සමරමින් සිටී. මේ බව ප්‍රකට කෑමින් ඔවුන් තම ප්‍රකට logo ව මතටද විශේෂයක් එක්කරන්නට කටයුතු කර තිබේ. මේ සදහා ඔවුන් අනිමේටඩ් කරන ලද GIF එකක් තුලදී 'Google'  යන්නේ සිට  'G25gle' යන්නක් දක්වා දක්වන්නට කටයුතු කර තිබේ. මේ බව සමරමින් නිකුත් කල නිවේදන්යකින් ඔවුන් පවසන්නේ තමන් 25 වසරකට පෙර Google Search ඇරබමින් මිලියන ගනනක් භාවිතකරන්නන් සදහා සේවය දෙන්නට කටයුතු කල බව පවසා සිටිනවා. September 4, 1998 වලදී  Larry Page හ Sergey Brin විසින් Google නම් ප්‍රකට ආයතනයට පදනම දමන ලද අතර September 27, 1998 දින Google Inc ලෙසට නිල ලෙස ප්‍රකාශයට පත්කල බව පවසා සිටිනවා. එතැන් සිට ඔවුන් තම වයාපාරය තුලට Gmail, Docs, සහ Maps ගෙනෙන්නට කටයුතු කල අතර 2006 දී YouTube මිලට ගනු ලද්දේ  $1.65 billion in ලෙසට සටහන් වෙනවා. අද වන විට Google යනු $1.65 trillion වටිනාකමක් දරන බවටයි පිලිගැනෙන්නේ.
Pubudu Siriwansa


 

2023-09-26

Gmail වල Basic HTML view 2024 අවසන්.

Google නිවේදනය කරන්නේ තම Gmil වල  Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connections වලදී මෙන්ම පැරණි උපංග සදහා වඩාත් මිත්‍ර ආකාරයක් වන අතර සමහර භාවිතා කරන්නන් Basic HTML view මත වඩාත් යැපෙන්නට කැමැත්තක් දක්වන බවටත් පිලිගැනේ. මේ අනූව Google පැහැදිලි කරන්නේ 2024 ජනවාරිවලි පසුව යමෙක් තම Gmail වලදී Basic HTML view ආකාරයෙන් කරන උත්සාහයන් Standed Vive වෙතට ස්වයංක්‍රීයව යොමුවනු ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ screen readers, slower connections, older devices හෝ browsers කාරවලදී මෙම Basic ආකාරය පහසුවක් වුවද  සමස්ථ දියුනු කිරීම් වලදී එය බාදාවක් වෙමින් ඇති බවයි.
Pubudu Siriwansa


 

සියළුම බ්‍රවුසර යාවත්කාලීන කරන්න.

සියලුම ප්‍රධාන පෙලේ බ්‍රවුසර නිකුතූන් සදහා යාවත්කාලීන පෙලක් නිකුත්ව ඇති බවට ප්‍රකාශ වනවා. මින් ප්‍රධානතම අවධානයක් ලැබෙන්නේ Google විසින් නුකුත් කරන ලද  image format එකක් ලෙසට සැලකෙන  libwebp වල වන දුරවලතාවයන් ඉලක්ක වෙමින් පහර දෙන්නන් විසින් දියත්කරන ප්‍රහාර වන අතර ඉහත කී මෘදුකාංගය ආශ්‍රිතවන බ්‍රවුසර මෙන්ම වෙනත් මෘදුභාවිතාවන සදහා වැඩියෙන්ම මෙම අනතුරු ඇගවීම අදාල වන නිසා මෙම පිලිසකර ලබා ගැනීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

2023-09-20

41 වසර සමරන emoticons

මිහිමත මිනිස් සංනිවේදන හැකියාවේ තීරනාත්මක හැරවුමක් තොරතුරු තාක්ෂණය විසින් සටහන් කර හා කරමින් සිටී. එය ඔවුන්ගේ භාෂා හැකියාවේ සිට ඉහලට විහිදෙමින් තිබේ. එපමනකුඳු නොවේ තම හැගීම් සංකේවත් කරන්නටද ඔවුන් එය භාවිතාකරමින් සිටී. අද වන විට විධිමත් එලෙක්ට්‍රොනික සංනිවේදනයන් තුලදී පව emojis භාවිතාව සිදුවෙනු දැකිය හැකිවීමෙන් මේ බව වඩාත් සනාත වේ. මීට පෙර මිනිසුන් ඉලේක්ට්‍රොනික සංවාද තුල තම emotions ප්‍රකාශ කරන්නට භාවිතාකල text characters කාන්ඩ භාවිතයට පැමින 41 වසරක් සම්පූර්ණ වෙමින් පවතී. ඒ September 19, 1982 වලදී Scott E. Fahlman විසින් Carnegie Mellon University වලදී කල ප්‍රථම භාවිතාවත් සමග බවටයි පිලි ගැනෙන්නේ. 
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...