හදාරන්නන් අතර පැමිනෙන්නට නියමිත Apple හි iWatch සදහා යොමුව ඇත්තේ දැඩි අවධානයකි. එහි නිමැවුම, මිල ගනන් මෙන්ම සංස්කරන කොපමනකින් පැමිනේද වැනි බොහෝ කරුනු කාරනා දෙසට ඔවුන් විමසිල්ලෙන් සිටිති. නොනිල එනම් නිල ලෙසට තහවුරු නොවුනු මුත් පිලිගත හැකිමට්ටමේ තොරතුරු පවසන්නේ මෙම උපාංග ප්‍රධාන ලෙසින් සංස්කරන දෙකකින් පැමිනෙන්නට නියමිත බවකි. අත්හදා බැලීමේ මට්ටමින් තිබෙන අවකාශයන්ගෙන් හෙලිවන තොරතුරු ලෙසට පැවසෙන මෙම හෙලිවීම් පවසන්නේ මෙම උපාංග "Sport" මෙන්ම "Designer" ලෙසට නම්වන සංස්කරන ලෙසට පැමිනෙනු ඇති බවකි. මෙම Sport මෝස්තරයේදී නිමැවුම වඩාත් ඔරොත්තු දෙන ආකාරයට හතැරැස් හැඩැතිව පැමිනෙන අතර Designer සංස්කරනය රවුම් හැඩැති සිත්ගන්නා සුලු පෙනුමකින් යුතුව පැමිනෙන්නට නියමිත බවටයි හෙලි වෙමින් ඇත්තේ. 8GB දත්ත ගබඩා හැකියාවක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් සමග අදාල භාවිතාවට වඩාත් අවශ්‍ය සංවේදක ඔස්සේ භාවිතාකරන්නාට වඩාත් ඵලදායී ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලි වනවා. උදාහරනයක් ලෙසට Sports සංස්කරනය blood pressure, heart rate, body temp වැනි තොරතුරු ලබාදෙන සංවේදකවලින් සමන්විතවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතූන් නිල ලෙසට නිවේදනයවීම මෙම වසරේ ඉදිරිකාලයට නියමිතව ඇති අතර ඒවා තොරාගත හැකි ආකාර කිහිපයකින් වන Screen හා sizes වලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2014-06-23
නිකුත් වන්නට නියමිත "පරිගණක පුවත්" සඟරාවෙන් උපුටා ගැනීමකි.
පිරිසුදු හුස්ම පොද මිහිපිට වෙසෙන සියලු මිනිසුන් ගේ කිසිසේත් මග හැරිය නොහැකි අවශ්‍යතාවයකි. දත්ත ලෝකයද ක්‍රමයෙන් මිනිසුන් මතට සුපෝඛභෝගී පහසුවකි යන ස්ථරයේ සිට අත්‍යාවශ්‍ය දෛනික භාවිතාවකි යන තැන දක්වා චලනය වෙමින් ඇත. එය වෘතිමය ජීවිතය වේවා , සමාජ ජීවිතය තුල වේවා , සෞක්‍ය ජීවිතය තුල වේවා යනාදී ලෙසින් මෙකී නොකී සියලුම අවකශයන් තුලදී වේගයෙන් යතාර්තයක් වෙමින් පවතින පරිසරයක අප ජීවත් වෙමින් සිටින්නෙමු.
දත්ත ලෝකය භාවිතාව පිරිසිදු , නිවැරදි භාවිතාවක් ලෙසට රැක ගැනීමේ වටිනාකම වඩාත් දිලිසෙමින් කැපී පෙනෙන්නට පටන් ගන්නේ එතැනිනි. ඔබගේ වෘතිය කුමක් වූවත් ශ්‍රමික මට්ටමේ නොවන්නේ නම් කාර්යාලය වෙනුවට නිවසේ සකස් කරගත් කුඩා ඉඩක වන දත්ත සබදතාවයන් ඔස්සේ නිපිරිහෙලා එම රාජකාරී ඉටුකරන්නට හැකිවීම අදවන විට සුලු කාරනාවකි. ඔබගේ සිරුරට සම්බන්දවන දෛනික උපාංග ඔස්සේ පැමිනෙන සංවේදක ඔස්සේ නිරන්තරයෙන් ඔබගේ සෞක්‍ය ජීවිතය ගැන අවධානයෙන් සිටින්නට එයට අදවන විට හැකිව තිබේ. දෛනික ජීවිතයේදී ඔබගේ සිරුරේ පමනක් නොව මානසික මට්ටම පිලිබදවද හදාරමින් පවුලේ වෛද්‍යවරයා වෙතට කරුනු වාර්ථා කරමින් ඒවා තුල සැකලිය යුතු මට්ටමකදී පමනක් ඔබගේ අවධානය යොමු කරවන්නට සූදානම් තාක්ශනයන් ඔබගේ ජීවිතය තුලට මේ වන විට ලබා ගතව හැකිය. ප්‍රධාන කාර්යාලය ලොව කිනම් තැනක වූවත් කාර්යාලීය කටයුතු නිවසේ සිට Text ආකාරයට පමනක් නොව ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙසට ඉටු කරන්නට අවශ්‍ය හැකියාව එය ඔබගේ දෙපතුල වෙතටම ගෙනවිත් ඇති බව නොරහසකි. සමාජ ජීවිතයද එලෙසය. ඔබ කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් ඔබගේ සමාජ ජීවිතය අසැල් වැසි වැනි භෞතික සීමාවකට කොට කරගන්නට අවශ්‍ය නැත. මෙලෙස ගෙනපෑ හැරිය හැකි කාරනා බොහොමකි. නමුත් මේ සියල්ල අතර තුල වැදගත් කාරනවක් නිතරම ඔබගෙන් එය බලාපොරොත්තුවේ.
එහි ඇති වේගවත් , පහසු බව සමගම යහපතට මෙන්ම අයහපතට එම අවකාශය කෙනෙකුට භාවිතාකරන්නට හැකිවීමේ අනතුර හැකිතාක් පාලනය කරගෙන සිටීමේ අවශ්‍යතාවයයි ඒ. විටක සමාජ ජාලාවක ව්‍යාජ ප්‍රොෆයිලයක් නිර්මානය කිරීම අහිංසක කටයුත්තක් ලෙසට ඔබ සලකනවා විය හැක. එවිට භවිතාකරන්නන් අතරට මෙන්ම ඒවා පවත්වාගෙන යන ආයතනන අතරද එම කටයුත්ත අපහසුවක් වීම අප තේරුම් ගත යුතුය. ලාබ ලැබිමේ අරමුනින් පවත්වාගෙන යන එම පාලන අධිකාරීන් එවිට මීට එරෙහිව ගන්නා තීර්න අතර ඉහලින්ම වන්නේ ලබා දිය හැකි පහසූන් වෙනුවට ආරක්ශිත බවට වැඩි අවධානයක් ලබා දීමයි. ඒවා පවත්වාගෙන යාමට සහය වන දැන්වීම් වැනි පහසුකම් එම අඩවි වෙතින් ලබා ගන්නා සේවාවන් ක්‍රමයෙන් අඩුවන විට වඩාත් ආක්රමනශීලී යාන්තරනවලට යොමුවන්නට එම ආයතන කටයුතු කරන ආකාරය දැකිය හැකි වනු ඇත.
මෑතකදී ඉහලට මතුව ආ මතවාදයක් වූවේ ආසාධිත පරිගණකයන් අන්තර්ජාලයට සම්බන්දවීම එම භවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවකට වඩා සැලකිය යුතු ලෙසට සමස්ත අන්තර්ජාලයටම බලපාන බවයි. එහිදී ඔවුන් යෝජනා කර සිටියේ ISP මට්ටමින් අදාල ආසාධ්ත පරිගණකයේ භාවිතාකරන්නා දැනුවත් කිරීමේ සිට ඔහුව අන්තර්ජාලයෙන් සීමා කර දැමීම දක්වා පියවරයන් ගැනීම අනිවාර්ය වීම අත්‍යවශ්‍ය බවයි.
Pubudu Siriwansa
Bing නැවත පෙරට ගෙන ඒමේ සැලසුමක් දියත් වෙමින් ඇත...
සෙයුම් යාන්ත්රනයන් යනු ලොව නෙක දෙසින් පලවන නෙක ආකාරයේ තොරතුරු සදහා ලොව කොතැනක සිට උවද එබී බලන්නට පහසුව සලසන ඩිජිටල් කවුලුව වන්නේය. Text ආකාරයටම පමනක් නොව Image , Voice ලෙසට පවා ලොව නෙක දෙස් වල පිහිටවා ඇති සර්වරයන්ගේ රඳවා ඇති තොරතුරු වෙතට පහසුවෙන් සමීප වන්නට ඒවා ලබාදෙන්නේ ඉමහත් පහසුවකි. වඩාත් වේගයෙන් වඩාත් නිවැරදි තොරතුරු වැඩිම ප්‍රමානයක් තම භාවිතාකරන්නා වෙතට ගෙන දෙන්නට ඒවා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.
Google සෙයුම් යන්ත්‍ර ලෝකය තුල වර්ථමානයේ බලවතා ලෙසට සැලකෙයි. කලකට ඉහතදී මයික්‍රසොෆ්ට් හිමිත්වය දරන Bing සෙයුම් යාන්ත්‍රනය ලොව වැඩිම ජනංප්‍රියතාවය ලබා සිටි යාන්තරනය ලෙස සැලකුනද මේ වන විට එය දෙවැනි තැන දරන එකක බවට පත්ව ඇත. එහෙත් හදාරන්නන්ට අනූව එක්සත්ජන පදය තුල සැලකීමේදී වඩාත් සාර්ථක සෙයුම් යාන්ත්‍රනය ලෙසට භාවිතාවන මෙහි අනාගතයේදි යලිත් ලොව සාර්ථකම සෙයුම් යන්ත්‍රය බවට පත්වීමේ සැලසුමකට මයික්‍රසොෆ්ට් ආයතනය පිවිසෙමින් ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. විශාල ලාබයක් උපදවන ව්‍යාපාරයක් ලෙසට සැලකෙන සෙයුම් යන්ත්‍ර වෙලඳ පොලෙහි වඩාත් ස්ථාවර වන්නට බලාපොරොත්තුවෙන් දියත්වන නව වැඩ පිලිවල යටතේ ලොව නෙක දෙස විසර ඇති හඳුනාගත් වෙළඳ අවකාශ 75ක් ඉලක්ක කරගනිමින් එම ආයතනය මෙම සැලසුම් සකස් කර ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.
2014-06-22
Heartbleed තවමත් සම්පූර්නයෙන් අවසන් නොවුනු අනතුරකි!!!!
දෙමසකට මදක් පෙර කාලයකදී OpenSSL software වල වන දුර්වලතාවයක් ඔස්සේ වෙබ් අඩවි දස දහස් ගනනක දත්ත හුවමාරූන් අනතුරකට විවෘතව ඇති බවට අනතුරු ඇගවිම් සිදුවෙන ලදී. දත්ත හුවමාරූන් සබදතාවල ආරක්ශිත බව තහවුරුවේ සදහා භාවිතාවූ මෙම සේවාව තුලවූ දුර්වලතාවය සැලවීමෙන් අනතුරුව බොහොමයක් සර්වරයන් යාවත්කාලීන කරන්නට එම ආයතනයන් ක්රියාකිරීමත් සමග තත්වය ප්‍රධාන මාතෘකා අතරින් ගිලිහෙන ලදී. කෙසේ මුත් මෑතකදී හෙලිවූ තොරතුරක් පවසා සිටියේ ලොව පුරා වන සර්වරයන් 300000 පමන තවමත් යාවත්කාලීන නොවී අනතුරු ඇගවූ OpenSSL සංස්කරන භාවිතාකරමින් සිටින බවකි. ඒවා පැහැදිලිවම Heartbleed හානිකරයට නිරවරනයව පවතින බවට වූ එම පුවතත් සමග නැවතත් අවධානය එම අනතුර වෙතට මේ වන යලි යොමුව ඇති බවටයි හෙලි වන්නේ.
සර්වරයන්ගේ බහුලව භාවිතාවන port 443 පිලිබදව මුලින් කරන ලද පිරික්සීම් වලදී පද්ධති 600000 පමන අනතුරට නිරාවරනය වී ඇති බවට හඳුනා ගෙන තිබූ අතර මුල් වාර්ථා වලින් මසක් පසුවූ කාලයේදී කරන ලද පිරික්සුම් වලදී එය 300000 ලෙසට වූ වාර්ථාවක් නිකුත් වෙනු ලැබුවා. නවතම port 443 පිරීක්සුම් වලදී අනාවරනය වී ඇත්තේ තවමත් පද්ධති 9000 පමන අනතුරු දායක තත්වයක වන බවය. server administrators වරුන් වෙතට වන චෝදනාවිතව පලවන් එම වාර්ථාව ඒවා patch කිරීමට උනන්දුවීමේ වැදගත්කම දක්වා සිටිනවා.
Online ක්‍රීඩා ප්රේක්ශකාගාරයකි එය...
ප්‍රේක්ශකාගාරය යනු නෙක ආකාරයේ ක්‍රීඩා වලදී වැදගත්ම ස්ථානයකි. ක්‍රීඩා කරන්නන් මෙන්ම ඒවානැරබීමද ලොව පිලිගත් බොහෝ දෙනෙකුගේ සිත්ගත් අංගයක්ව භාවිතාවේ. පාපන්දු මෙන්ම ක්‍රිකට වැනි ක්‍රීඩා ආශ්‍රිතව විටක නරබන්නන්ගේ ස්වභාවයන් උමතුවක් ලෙසට දිස්වෙන අවස්ථා කලාතුරකින් මුත් දක්නට ලැබේ. සෑබෑ භෞතික ලොකයේ මෙන්ම මේ වන විට තොරතුරු ලෝකයේද ක්‍රීඩා සදහා ඇත්තේ මහත් උනන්දුවකි. ලොවපුරා විසිරී ඇති විශාල ප්‍රමානයක් පරිගණක භාවිතා කරන්නන් මේ සදහා යොමුව ඇති අතර මෘදුකාංග නිර්මාන කරුවන් අතර සැලකීමේදී විශාල ඉපයීමක් රැගෙන ඒන ව්‍යාපාරයක් ලෙසට එය පිලිගැනේ. මෙම ක්‍රීඩකයන් හුදකලාව තම පරිගණකයේ සීමාව තුලදී මෙන්ම online ආකාරයට තවත් ක්‍රීඩකයින් සමගද මෙසේ තරග වැදීම සිදුකරයි.
twitch යනු ස්ට්‍රීම් ආකාරයට gamersලා සදහා broadcast පහසුව ලබා දෙන වෙබ් අඩවියකි. සාමන්‍ය ක්‍රීඩා නැරබීමකදීට වඩා හුදකලා ආකාරයට සිදුවන පරිගණක ක්‍රීඩාවකදී එම ක්‍රීඩාව සිදුවන අයුරු මෙන්ම ක්‍රීඩකයා හැසිරෙන ආකාරය මෙම නාලිකාව ඔස්සේ බාහිර ප්‍රේක්ශකයන්ට දැකීමට හැකිවීම එහිදී සිදුවෙයි. මේ සදහා කැමතිවන ක්‍රීඩකයින් ස්ථාපනය කරගන්නා මෘදුකාංගයක් හරහා මෙම සේවාවට තම සහභාගීත්වය දිය හැකි අතර Play station 4 හෝ xbox one සමග නම් Built into ආකාරයට පැමිනීම සිදුවේ.e sports නාලිකා අතර මහත් ජනංප්‍රිය නාලිකාවක ලෙසට මෙය පිලිගන්නා අතර මාසිකව මිලියන 45කට අධික පිරිසක් යනෙන channels 900000කට වඩා ක්‍රියාත්මක වන මෙහිදී පැමිනෙන්නෙකු මිනිත්තු 106ක කාලයක් සාමන්‍යයෙන් ගත කරන අඩවියක් ලෙසටයි දැක්වෙන්නේ.
සාමාන්‍ය පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නන් මෙන්ම ක්‍රීඩකයන් සදහාද පිලිගත් මට්ටමේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශයන් මෙන්ම උපංක්‍රම හදාරා ගැනීමට මෙම වෙබ් සේවාව විශාල සහයක් ලබා දෙන අතර විටක භාවිතාවන පිලිගන්නා මට්ටමේ නොවන භාෂා විලාසයන් ගැන අනතුරු ඇගවීම් සමහර වීඩියෝවන් සමග දක්වනු දක්නට ලැබේ. පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නන්ගේ you tube නාලිකාව ලෙසට නම් වෙන මෙහි අනගත හිමීත්වය Googal සමාගම ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. එක්සත් ජනපදය සැලකීමේදී ස්ට්‍රීමිං ආකාරයේ භාවිතාවෙන් 44%ක් දිනා ගෙන ඇති මෙම නාලිකාව වෙතට වයස 18-24 අතර තරුනුන කොටස්වල ඇති උනන්දුව නිසාම දැන්වීම් වලින් ලැබිය හැකි විශාල ලාබය මේ සදහා හේතුවක් කොට සලකන අතර එවන් අවධානයක් you tube ඔස්සේ ලබා ගන්නට ගතවන කාලය හා වැය සැලකීමේ මෙම මිලදී ගැනීමක් පිලිබදව Google වල අවධානය යොමුව තිබීම සාමන්‍ය කරුනක් බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.(www.twitch.tv)
දත්ත ලෝකය අවධානයෙන් පිවිසිය යුතු අපිරිමිත පහසුවකි.
තොරතුරු ලෝකය තුලදී සිදුවන අපරාධ පිලිබදව කාතුලත් ඇත්තේ මහත් අවධානයකි. විටක අයෙක් තොරතුරු ලෝකය මත විස්වාසය තබන්නට පවා මෙම ගැටලු සහගත බව තීර්නාත්මක සාධකයක් කර ගන්නායුරු බොහෝ විටක දැකිය හැකිය. මුල් ස්වභාවයෙන් සැලකීමේදී මෙහි ඇති අනතුරු සහිත බව කීප ආකාරයකට පැහැදිලි කරගත හැක. තොරතුරු ලෝකය ඇසුර තවමත් ආගන්තුකව පවතින යතාර්තය තුල භාවිතාකරන්නාගෙන් ගිලිහී යාහැකි අවස්ථා ඔස්සේ ඔහු වෙතට එම අපරාධයන් පැමිනීම සැලකිය හැක. සරලව යම් අඩවියකට නැතිනම් තම පරිගණකයෙන් බැහැර වන විට තමන් විසින් අවසර පද යොදා ආරක්ශා කරගෙන ඇති අනන්‍යතාවයයෙන් බැහැර වන්නට ඔවුනට අමතක වීම සරලතම මට්ටමේ ගැටලුවකි. තවත් විටකදී ඒ සදහා යොදා ගන්නා අවසර පද ඉතාම සරල මට්ටමේ වීම නිසාම පහසුවෙන් අයෙකුට ඒ වෙතට පිවිසෙන්නට හැකිවීම බහුල අත්දැකීමක් බව හදාරන්නන් වෙතින් නිතර පැවසෙන යෝජනාවකි.
මේ වන විට පරිගණක වල බොහෝ විට ආරක්ශක මෘදුකාංග ස්ථාපිතව තිබෙනු දැකිය හැකිය. එනමුත් බොහෝ විට ඒවා සංක්‍රියව තබා ගන්නට මෙන්ම විටක අනාරක්ශිත බව හමුවේ එම මෘදුකාංග විසින් වලකාලන ගොනු ස්ථාපනයට භාවිතාකරන්නාගේ කැමැත්තමත අවසර ලබා ගැනීම මෙන්ම තමන් යෙදෙන භාවිතාවට සරිලන තරමේ ආරක්ශාවක් ලබාගැනීමට කටයුතු කරනවා වෙනුවට මූලික මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ඉස්ථාපනය කිරීමෙන් පමනක් තමන් වෙත අවශ්‍ය ආරක්ශාව ලැබෙනු ඇති බවට විස්වාස කිරීම දැකිය හැක. වේගයෙන් දත්ත ලෝකය තම භාවිතාකරන්නන් වෙතට ගෙනෙන විවිධ ආකාරයේ සේවාවන් සංකීර්නවනවා සේම පැමිනෙන අනතුරුද සංකීර්න වීම ස්වභාවික වන අතර ඒවා සදහා නිකුතුවන විවිධ අංගයන්ගෙන් සමන්විත ආරක්ශක මෘදුකාංග බන්ඩලයන් තුල ඒ ඒවා සදහා වන නෙක ආකාරයේ ආරක්ශක පියවරයන් වීම තේරුම් ගැනීම වැදගත් වනු ඇත. Firewall නැතිනම් Spam Filters වැනි ප්‍රධාන හානිකරයන් හදුනා ගැනීමේ යාන්ත්රනයට අමතරව පැමිනෙන අංගයන් පිලිබදව දැනුවත් වෙමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකව තැබීම තුල පමනක් භාවිතාකරන්නා බලපොරොත්තුවන ආරක්ශාව ලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.
පසුගිය කාලයේ නිකුත්වූ වාර්ථා පැවසූ කාරනාවක් වූවේ සමහර දත්ත උපකරන නිෂ්පාදනාගාර වලින් පැමිනෙන විටදීම ඒවා හානිකරයන් ගෙන් සමන්විතව තිබීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මිලෙන් අඩු අනුකරන උපාංග සමග මේ බව බහුලව දැකිය හැකි බවට ඔවුන් පවසා සිටියේ. ජනංප්‍රිය මට්ටමේ උපාංගයන් හා සමානව පෙනුමින් වූවත් පෙලබවන සුලුමට්ටමේ ව්‍යාජ උපකරන ඉතා අඩු මිලකට පැමිනීමේදී කල්පනාකාරී වීම වැදගත් බව ඔවුන් එහිදී පැහැදිලි කොට සිටින්නට කටයුතු කර තිබිනි. තවත් විටකදී මෘදුකාංග සදහාද මේ බව පොදුවනු දැකිය හැකිය. නොමිලේ හා අඩු මිලැති ආකාරයට එන සමහර මෘදුකාංග සමගද මෙම අනතුරු සහිත බව පැමිනිය හැක. තවත් විටක ප්‍රධාන මෘදුකාංගයට අමතරව එය ස්ථාපනයේදී ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට හැකිවන ලෙසට සැකසුම්ව පැමිනෙන අමතර මෘදුකාංග මුල් ස්වභාවයෙන් අනතුරු සහිත නොවූවද ඒවායේ වන දුර්වලතාවයන් ඔස්සේ එම උපකරන වෙතට අන්තර්ජාලය ඔස්සේ හානිකරයන් පැමිනීම දැකිය හැකිය. ස්ථාපනයට පෙර එම මෘදුකාංග සමග පැමින ඇති මූලික තොරතුරුවත් විමසා බලන්නට මෙන්ම සැක සහිත විටකදී වෙනත් භාවිතාකරන්නන් විසින් ඒවා පිලිබදව දක්වා ඇති අදහස් එම වෙබ් අඩවි වලට පිවිස විමසා බලන්නටත් කටයුතු කිරීම එම හදාරන්නන් විසින් යෝජනා කරන කාරනයකි.
සමාජ ජාලා වැනි සමාජීය ස්වභාවයක් ඇති අඩවි වලට පිවිසීමේදී හමුවන පොලබවන සුලු ව්‍යාජ ප්‍රොෆයිල ඔස්සේ භාවිතාකරන්නා නොමග යවමින් ඔහුබේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නටත් ඒවා උපයෝගීකර ගනිමින් තොරතුරු අපරාධ වලට පිවිසෙන්නටත් කටයුතු කිරීම් බහුලව දැකිය හැකිය. විශේෂයෙන්ම භාවිතාකරන්නාගේ දුර්වලතා ඔස්සේ ඔහුගේ තොරතුරු වලට පිවිසෙන්නට ඇති ඉඩකඩ පිලිබදව කල්පනාකාරී වනවා සේම උවමනාවට වඩා කල්පනාකරී වන්නට ගොස් එවැනි අඩවි ඔස්සේ භාවිතාකරන්නෙකුට ගෙනෙන පහසුකම් අහිමිකර ගැනීමද සිදුවනු බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa
(නිකුත්වන්නට නියමිත පරිගනක පුවත් සඟරාවේන් උපුටා ගත්තකි.)
Android Ware පලමු නිකුතුව Samsung වෙතින් 2014 Google I/O වලදී....
මස කිහිපයකට ප්‍රථම Google වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් වන Android Ware හඳුන්වා දෙනු ලැබීය. වඩාත් කාර්යක්ශම wearables භාවිතාවකට එය සහයවනු ඇති බවටයි ගූගල් ආයතනය එම ඉදිරිපත්කිරීමත් සමග පවසා සිටියේ. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ එලබෙන Google I/O හමුවේදී මෙම මෙහෙයුම් පද්ධතිය සමග එන පලමු නිකුතුව Samsung වෙතින් Android Wear smartwatches ලෙසට සිදුවීමට නියමිතව ඇති බවකි. වැඩි දුරටත් පැහැදිලි වන්නේ උපාග දෙකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුවේදී එකක් Qualcomm processor සහිතව එකක්ද අනෙක Samsung වල Chipපතකින්ද සමන්විතව පැමිනෙන්නට නියමිත බවකි.
Samsung ආයතනය නිකුත් කරන Wearable නිකුතූන් කිහිපයක්ම පසුගිය වසරේදීද සිදුවූ අතර ඒවායේදී වැඩි මනක් භාවිතාවූවේ Android වූ මුත් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධති නිකුතුවක්වූ OS Tizen පැමිනි නිකුතූන්ද විය. කෙසේ වෙතත් 2014 ජූනි 25ට නියමිතව ඇති මෙම Googel හමුවේදී පැමිනෙන්නට නියමිත මෙම නව නිකුතුව සමග Warable උපාංග සදහා නව යුගයක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
2014-06-21
Surface Pro 3 වෙළඳ පොලට නිකුත්වීම ඇරබේ!!!!
මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධතිය පමනක් වීමේ සංකල්පය වින්ඩෝස් 8 සමගින් බැහැර විය. වින්ඩෝස් 8 වල දී Surface නමින් hybrid devices ආකාරයේ දත්ත උපාංග පෙලක් හඳුනවාදීමට කටයුතු කල අතර එහි වූ Pro සංස්කරනය ඔස්සේ PC භාවිතාව ගෙන දෙන්නට උත්සාහකර තිබිනි. මයික්‍රසොෆ්ට් cloud first mobile first සංකල්පය යටතේ අනාගත පරිගණක භාවිතාව ජංගම ක්ලවුඩ් මූලික ස්වභාවයක් ගැනීම දෙසට වඩ වඩාත් චලනය කරමින් සිටින අතර තුල පසුගිය කාලය තුලදී එම Pro උපාංග සදහා නව සංස්කරනයක් නිකුත්කරන්නටද සූදානම් බවට නිවේදනය කෙරෙනි.
පලවන නවතම තොරතුරු පවසන්නේ Pro 3 නිකුතුව retail store වෙතට පැමිනීම ඇමරිකාව හා කැනඩාව තුල මේ වන විට ඇරබී ඇති බවකි. නිව්යෝක් වල පැවති හඳුන්වාදිමෙන් මසකට අනතුරුව සිදුවන මෙම පැමිනීම core i5 වලට පමනක් සීමා වන අතර එලබෙන අගෝතුවේදී Core i3 හා Core i7 සංස්කරන පැමිනීම සිදුවනු ඇති බවටයි නිවේදනය වන්නේ. ඩොලර් 799 සිට ඩොලර් 1299 දක්වා වන මෝස්තර කිහිපයක් යටතේ පැමිනෙන මෙම මිලගනන් තුලදී විවිධ තොරතුරු ගබඩා හැකියාවන් සමග වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
"Embedded Tech" උපකරන තොරතුරු ජීවිතය වඩාත් වෙනස් කරාවි!!!!
තොරතුරු ලෝකයේ දෘඩාංග තලයන් මෙන්ම මෘදුකාංග තලයන් නිරන්තරයෙන් එකි නෙකා ඉදිරියට මෙහෙයවමින් භාවිතාකරන්නන් වෙතට වඩාත් සුවපහසු තොරතුරු භාවිතා අත්දැකීමක් ගෙන ඒම නිරන්තරයෙන් දකින්නට පුලුවන්. steve jobs ප්රමූක ඇපල් ආයතනය මේ ස්වභාවයෙන් හොදින් හඳුනාගනිමින් තොරතුරු ලෝකයට නව මාවත් විවර කරන්නට සමත්වීම තොරතුරු ලෝකයේ ඉතිහාසය තුල මේ තරම් තදින් සටහන් වන්නට එය හේතුවක් වන්නට ඇත. මයික්‍රසොෆ්ට් ආයතනයද තම වින්ඩෝස් 8 හඳුන්වාදීමත් සමග දෘඩාංග නිෂ්පාදනයටද පිවිසෙමින් පවසා සිටියේ වින්ඩෝස් 8 දෘඩාංග මට්ටමේ සිට භාවිතාකරන්නාගේ මුහුනත දක්වාම වෙනසක් ගෙනෙන්න්ට සමත්වනු ඇති බවයි.
තොරතුරු ලෝකයේ නව ප්රවනතාවයන් ප්‍රධාන ලෙසට ගලාගෙන යන්නේ බරපතල පරිගණක උපාංග වල සිට පලඳින ආකාරයේ ඒවා දෙසට වීම මතුපිටට පැමිනෙමින් ඇති අතර බලාපොරොත්තු තලයේ කැපී පෙනෙන ප්රවනතාවයක් "Embedded Tech" වෙතට යොමු වෙමින් තිබෙනවා. කෙලින්ම සිරුර මත ඇලවෙන උපකරන ඔස්සේ ඔබගේ දත්ත අවශ්‍යතාවයන් සැපිරෙන දිනය ඉදිරි වසර 20 තුලදී පැමිනෙනු ඇති බවටයි හදාරන්නන්ගේ අනාවැකිය වන්නේ. දත්ත භාවිතය සිරුර මතටම සවිවීම මිනිස් වර්ගයාගේ පෞද්ගලික, සෞක්‍ය, වෘතීය මෙන්ම සමාජීය වැනි මෙකී නොකී සියලුම ආකාරයෙන් දැනෙනු සුලු වෙනසක් ගෙනෙනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
iWatch පිලිබදව තව තොරතුරු හෙලි වෙමින් ඇත....
කාලයක සිට අවධානය දිනාගෙන තිබූ iWatch නිකුතුව ඔක්තොබරය වන විට සිදුවීමට ඉඩ ඇති බවට මේ වන විට තොරතුරු පලව ඇති අතර මීට අමතරව නව තොරතුරු ක්‍රමයෙන් මාධ්‍ය වෙතට හෙලි වෙමින් තිබෙනවා. පලවන නවතම නිල නොවන තොරතුරු පවසන්නේ මෙය එක් සංස්කරනයකට වඩා සිදුවිමට ඉඩ ඇති බවයි. "slightly rectangular" හැඩයෙන් මෙන්ම 2.5-inch display එකකින් සමන්විතව පැමිනෙන්නට නියමිත එය විවිධ සංස්කරන යටතේ විවිද ප්‍රමානයේ display මෙන්ම තොරාගත හැකි sensors රාශියක් සමග සැකසෙන බවටයි දැක්වෙන්නේ. Samsung Gear සමග තරගකාරී නිපැවුමක් ලෙසට පැමිනෙන්නට නියමිත එය එහිදීට වඩා වැඩි ක්රියාකාරීත්වයන් රැගෙන එම තුලින්ද වෙළඳ පොල තුල ස්ථාවරවීමට සැලසුම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. ඉහත පැවසෙන sensors දහය සමග භාවිතකරන්නාගේ හදවත් ස්පන්දනය blood pressure monitoring ඇතුලු ඔහුගේ සෞක්‍ය ජීවිතය විමසෙන පහසුකම් වඩාත් සිත්ගන්නා සුලුවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Skype නව desktop සංස්කරනයක් පැමිනේවි!!!!
මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන් අත්හරිමින් නව සංස්කරනයක් හදුන්වා දීම ඉදිරි කාලය තුලදී ක්‍රමයෙන් සිදු වෙනු ඇති බවයි. "great new experiences for Skype" ලෙසට දක්වමින් මෙම සේවාව නව මෘදුකාංග සංස්කරනය යටතේ වඩාත් භාවිතාකරන්නා හට සිත්ගන්නා සුලු පෙනුමක පමනක් නොව ක්රියාකාරීත්වයක්ද රැගෙන එනු ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...









