2014-02-04

windows 8.1 වල Update 1 නොනිල පිටපතක් සමහර වෙබ් අඩවි වල!!!!

  එලබෙන අප්‍රේල් මාසයේ පැවත්වීමට නියමිත  Build developers conference වලදී පැමිනෙතැයි බලාපොරොත්තුවන වින්ඩෝස් 8.1 වල පලමු යාවත්කාලීනය මේ වන විට සමහර පෞද්ගලික වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමේ හැකියාවක් පවතින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මූලිකව නව user interface (UI) හා user experience (UX) එකතුවක් ‍රැගෙන එන මෙම නව සංස්කරනය ද්විත්වමුහුනුවරක් සහිත වින්ඩෝස් 8 ස්පර්ශක තිර භාවිතය මූලික බව සමග යටත්ව ගිය කීබොර්ඩ් හා මවුස් භාවිතාවට යලිත් මතුපිටට පැමිනීමක් පිලිබදව බලාපොරොත්තු මතුවෙමින් තිබෙනවා. classic desktop's taskbar වෙතට මෙට්‍රෝ ඇප් pin කිරීමේ හැකියාව ඔස්සේ ඔවුනටද පසුවෙන්  touch-first apps  ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබීම වින්ඩෝස් 8 වෙත ලැබෙමින් ඇති භාවිතාකරන්නන්ගේ අව අවධානය සමනය කරන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ. මෙම leaked build ගොනුව ජනවාරි මාසයේ නිමවන ලද  3.8GB ප්‍රමානයේ ගොනුවක් ලෙසට සැලකෙන අතර ආයතනය තුල අත්හදා බැලෙමින් ඇති සංස්කරනයක් ලෙසටයි සටහන් වන්නේ. නව නිකුතුව "clean install" ලෙසට හා "in-place upgrade" ලෙසට දැනට භාවිත වෙමින් ඇති වින්ඩෝස් 8.1 මතට ස්ථපන හැකියාවෙන් යුත්ත බවටයි හෙලිවන්නේ.

2014-02-03

iPod සමුගැනීම ඇරබෙමින් ඇත

  Apple ආයතනය තම iPod හදුන්වාදීමේදී සිට සැලකීමේදී එම උපකරන මිලියන 400ක් පමන මේ වන විට අලවි කොට ඇති බවටයි ගනනය වන්නේ. වසර 2001දී සිදුවූ හදුන්වා දීමෙන් අනතුරුව මාසිකව මිලියන ගනනක් භාවිතාකරන්නන් අතට පත්වෙමින් ඔවුනගේ ඔවුන්ගේ ජීවිතයේ වෙනස්තම අත්දැකීමක් ‍රැගෙන එන්නට ක්‍රියාකල උපාංගයක් ලෙසට පිලිගැනෙන එය තොරතුරු ලෝකයට මෙන්ම සංගීත රසස්වාදනය ප්‍රියකරන අය වෙතටද අපූර වෙනසක් ගෙන ආ උපාංගයක් ලෙසටයි මෑත අතීතය තුල සටහන් ව ඇත්තේ. පලවන නවතම වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් iPod වෙලඳ පොල මියැකෙමින් පවතින බවයි. 2013 අවසාන කාර්තුව සැලකිමේදී පෙර වසරේ සමාන කලයට සාපේක්ශව 50% අලවිය පහත වැටීමක් සිදුව ඇති බවට වාර්ථාවන අතර ස්මාර්ට් දුරකථනා ආදී උපකරනවල භාවිතය බහුලවීම මීට ප්‍රධාන හේතුවක් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.
              ස්ටීව් ජොබ්ස් විසින් නිර්මානය කරනලද තාක්ශනිකව ඉදිරියට පොලාපැනීමත් මටසිලු‍ටු  ආකර්ශනීය නිමාවත් එක්තැන්වූ නිමැවුම් පෙලක ඇරබුමක්වූ එය ගෙනෙන ලද වෙනස  වෙළඳ නාමයක් ලෙසට මිනිසුන් හමුවේ බරපතල සටහනක් තබන්නට පටන් ගත් අතර තොරතුරු තාක්ශනය කෙරෙහි අදත් පවතින ප්‍රබෝධයේ පෙර ගමන් කරුවෙකු ලෙසට හදාරන්නන් පිලිගන්නා ලද නිකුතුවක් ලෙසට එය ඉතිහාසයතුල සටහන් වනු ඇත.

වෙළඳ අරමුනු වෙනුවෙන් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නා බවට Facebook වෙතට චෝදනා!!!!

  මෙම මාසය මුල්භාගයේ ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇරබුනු නඩු කරයුත්තකින් ජෝදනා ලබා ඇත්තේ තම භාවිතාකරන්නන්ගේ පෞද්ගලික පනිවිඬ අනවසරයෙන් පිරික්සමින් එවායේ තොරතුරු ‍රැස්කරන බවටයි. වෙළඳ දැන්වීම් කරුවන් සදහා බෙදා හදා එම දත්ත ගැනීම සදහා භාවිතාකරන බවට චෝදනා එල්ල වූ අතර එවායේදී වැඩි දුරටත් එල්ලවූ චෝදනා අතර භාවිතාකරන්නා තම පනිවිඩය තුල වෙබ් අඩවියක් සදහන් කල විට එයද පිරික්සමින් එම පනිවිඬය ලබන්නාගේ පෞදගලික දත්ත ගොනුවට එයත් ඇතුලත්කර ගන්නේ ඔහුගේ කැමතීන් අතරට එයත් ඇතුලත්කරමිනි. ආයතනයේ marketing algorithms වඩාත් සූක්ශමව ක්‍රියාකරවා ගැනීමට මෙම දත්ත භාවිතාකරමින් වෙළඳ දැන්වීම් ඔස්සේ වඩාත් ලාභ ඉපයීමට ඒවා යොදාගන්නා බවටයි එහිදී චෝදනා ලබන්නේ. ෆේස්බුක් ආයතනය දෙසින් පලවන අදාහ්ස් වලින් පැවසෙන්නේ මෙම චෝදනාව අර්ථයෙන් තොර එකක් බවත් ආයතනය ශක්තිමත්ව මෙම නයිතික විමසීමට මුහුන දීමට සූදානම් බවත්ය. එම චෝදනාව එල්ල කරමින් අධිකරනයෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවන් නතර කරවන්නට පියවර ගන්නා ලෙසත් හානි පැමිනවූ භාවිතාකරන්නන් වෙතට වන්දියක් ලබා දෙන ලෙසත්ය. Silicon Valley companies අතරට මෙවැනි චෝදනා ලැබීම් සුලබ වෙමින් ඇති අතර පසුගිය කාලයේද ගූගල් ආයතනයට එරෙහිව gmail භවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් ‍රැස්කරගන්නා බවට චෝදනාවක් එල්ල කර තිබුනා.

2014-02-02

තොරතුරු දිවිය සුරක්ශිත කරන්නට පැමින ඇති නව උපාංග

   පසුගිය දා පැවති ප්‍රදර්ශනයකදී පරිගණක උපාංග භාවිතාකරන්නන් වෙතට තම උපාගවල ආරක්ශාව තහවුරු කර ගැනීම සදහා භාවිතයට ගත හැකි නව උපාංග කිහිපයක්ම ඉදිරිපත් කොට තිබුනා. යම යම් ආයතනයන් විසින් තමන්ගේ වෙළඳ නාම යටතේ නිකුත්වන දත්ත උපාංග සදහා සම්බන්ද කිරීම් සහිතව ඉදිරිපත්ව තිබූ මෙම උපාංග සමග පැමින තිබූ තාක්ශන උපංක්‍රම හා යොදාගැනීම් විදි හදාරන්නන්  අතර මහත් අවධානයට ලක්වනු ලැබුවා. එවා අතර වූ biometric technology ක්‍රියාකාරීත්වයක් පැමින තිබූ fingerprint scanner ය ඇපල් ආයතනය විසින් ඉදිරිපත් කොට තිබුනා.එය iPhone සමග එනු ඇති බවටයි දක්වා තිබුනේ. එහෙත් Fujitsu ආයතනයෙන් ඉදිරිපත් කොට තිබූ  vein-recognition PulseWallet ඉදිරිපත්කිරීම අවධානය දින ගත් එකක්ව තිබුනා.
                               
  තවත් අවධානය දිනාගත් උපාංගයක් වූවේ EyeLock වෙතින් පැමින තිබූ නිශ්චිත දුරක සිට ස්කෑන් කොට ඔබගේ ඇස පිරික්සීම ඔස්සේ අනන්‍යතාවය තහවුරු කර දේ උපාංගයක් වූවා. ට්‍රිලියන 2.25කට එකක් සමාන වන ආකරයේ irises සැසදීම ඔස්සේ එම උපාංගය භාවිතාකරන්නාගේ අනනයතාවය තහවුරු කරන්නට සමත්වන බවටයි පැවසුනේ.
  තවත් ආයතනයක් ඉදිරිපත් කර තිබුනේ bracelet ආකාරයේ පකශනාවක් ඔස්සේ භාවිතාකරන්නාගේ හද ගැස්ම ඇසුරින් ඔහුගේ අනන්‍යතාවය ලබා දෙන උපකරනයකුයි.Bluetooth ආකාරයට උපකරන හා සම්බන්දව ක්‍රියාත්මක වෙමින්  නිරන්තරයෙන් භාවිතකරන්නාගේ අනන්‍යතාවය ලබාදෙන අයුරින් එම උපකරනය නිමවා තිබුනා. තවත් ඉදිරිපත් කිරීමක වූවේ veins අනන්‍යතාවය තහවුරු කරගැනීම සදහ එය near-infrared light ආකාරයට පිරික්සීම වූවා.

    මීට අමතරව Motorola වෙතින් පැමින තිබූ  "password pill" සමන්විතව තිබුනේ microchip එකක් හා battery එකක් සමගයි.භාවිතාකරන්නාගේ කුසතුලදී stomach acid ඔස්සේ එය සංක්‍රිය වන අතර radio signal ඔස්සේ උපාංගය වෙතට භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ‍රැගෙන එන්නට සමත්වනු ඇති බවටයි දක්වා සිටියේ.




two-factor authentication ඔස්සේ online ගිනුම සුරක්ශිත කරගනිමු!!

  ඔබේ තොරතුරු අවකාශ භාවිතාවේදී ආරක්ශිත බව වැදගත්ම කාරනාවකි. මුල් යුගවලදී user name , password භාවිතාවකින් පමනක් සැහුන මෙම ආරක්ශක විධිවිධාන මේ වන විට සරලවම අතාර්කික කාරනාවක් වෙමින් තිබේ. එක් දෙසකින් භාවිතාකරන්නා ඉතා සරල 123456 ආකරයේ password භාවිතාව තවමත් සැලකිය යුතු මට්ටමක පැවතීම ගත හැක. තවත් විටක තමන්ගේ මොබයිල් අංකය වැනි පැහැදිලිව තවකෙකුට නිගමනය කල හැකි පදයක් භාවිත කිරීම දැක්විය හැක. එසේම එකම අවසර පදය ගිනුම් කිහිපයකට යෙදීම හේතු කොටගෙන එක් ගිනුමක් පහරදෙන්නන්හෑ නිරාවරනය වූ විට අනෙකුත් ගිනුම් වලටද අනතුරක් එල්ලවීම දැක්විය හැක.
           two-factor authentication යනු මෙම අනතුරු දායක බවින් ගැලවීම සදහා පෙර දක්වා ඇති සරල ආකාරයේ දුරවලතාවලින් ඔබ්බෙන් ඔබගේ ගිනුමේ අනන්‍යතාවය ‍රැකගෙන සිටිද්දීත් පැමිනිය හැකි අනතුරු සහිත බවට විසදුමක් ලෙසට හඳුන්වාදිය හැක.ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය ඔස්සේ පලමුව ඔබ දන්නා ඔබගේ username හා password භාවිතාකිරීම සිදු කරන අතර අනතුරුව ඔබ එම ගිනුමේ සැකසුම් වලදී පෙර ගිවිසගෙන ඇති දුරකථනයක් වෙතට පැමිනෙන SMS පනිවිඩයක් ඔස්සේ ලැබෙන රහස් අංකයක් ඇතුලු කිරීම ඔස්සේ ගිනුමේ ආරක්ශාව වඩාත් තහවුරු කර ගන්නට අවසර ලැබේ. බොහෝ විට කිහියම් කාලසීමාවකට යටත්ව මෙම අංකය පැමිනෙන විට එය වඩාත් ආරක්ශිත වනු ඇත. තවත් විටක ඔබගේ මොබයිල් උපාංගයේ ස්ථපනය කර ඇති app ඔස්සේද මෙම රහස් අංකය නිර්මානය වන අතර අනවස්ථාවලදී පෙර කී සේවාවන්ට සම්බන්දව ඇති සර්වරයක් ඔස්සේ  එය ඔබ වෙතට පැමිනෙනු ඇත.
                    Google , Yahoo . Facebook , Microsoft වැනි ප්‍රධාන පෙලේ සියලුම සේවා සපයන ආයතනයන් තම භාවිතාකරන්නන් සදහා මෙම සේවාව ලබ දෙන අතර එම ගිනුමට ඇතිලුව එහි setting ඔස්සේ සොයා බැලීමෙන් මෙම පහසුව අවදිකරවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. සංකීර්න ක්‍රවේද ඔස්සේ මෙම ආරක්ශක පියවර ඉක්මවා යාමේ හැකියාව පහර දෙන්නෙකුට ලැබුනද සාමාන්‍ය මට්ටමේදී තව්මත් මෙම ක්‍රමවේදය වඩාත් සුරක්ශිත බවටයි පිලි ගැනෙන්නේ. මෙම ක්‍රමවේදය පැහැදිලි කරන හදාරන්නන් පැහැදිලි කරන්නේ (1) ඔබ දන්නා දෙයක් එනම් password ආරක්ශාවට අමතරව (2) අදාල දුරකථනය ඔබ සමග විය යුතුවීම මෙන්ම (3) අදාල ස්ථානයට එම අවසර පදය ඇතුලු කිරීමේ හැකියාව එනම් සාමන්‍ය අවසර පදය ඇතුලු කොට මෙම දෙවන ආරක්ශක රහස් පදය ඇතුලු කිරීමේ ස්ථානයට පැමිනීමේ හැකියාව ආදියෙන් මෙම ක්‍රමවේදය ඔබගේ ආරක්ශාව තහවුරු කරන්නට මැදිහත් වන බවටයි හදාරන්නන් පැහැදිලි කර දෙන්නේ.

Android ඔස්සේ ඔබගේ Locations හැදෑරීම වැලකීමට සහය app එකක්!!!!

  හදාරන්නන් පිරිසක් Android app ඔස්සේ භාවිතාකරන්නාගේ location තොරතුරු අනවසරයෙන් හැදෑරෙමින් ඇති බව හදුනා ගන්නා app භාවිතවක් නිර්මානය කොට තිබෙනවා. භාවිතාකරන්නා නොදනුවත්වම නමුත් බහුලව සිදුවන මෙම ක්‍රියාකාරකම් සදහා Android platform ඔස්සේ අවසර ලබා ගත යුතුව ඇතත් බොහොමයක් භාවිතාකරන්නන් ඒ සදහා වැඩි අවධානයක් යොමු නොකිරීම මෙම තත්වයට හේතුවක් බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. යම් අවස්ථාවක මෙසේ භාවිතාකරන්නාගේ Locations ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ඔස්සේ හැදෑරෙන විට එහි තිරය මත GPS ලකුනක් දැක්වෙන මුත් භාවිතාකරන්නන් මේ සදහා නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා එය මග හැරෙන බවටයි පැහැදිලි කරන්නේ. නව app ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන හදාරන්නන් එයත් සමග පෙරකී ආකාරයේ Locations දත්ත හැදෑරෙන අවස්ථාවකදී "Your location is being accessed by [app name]." ආකාරයේ දැනුවත්කිරීමක් උපාංගයේ තිරය මතට  පැමිනෙන (flashes) බවට දක්වා සිටිනවා. තවමත් නිල නාමයක් හදුන්වාදී නැති මුත් මෙවන විට Google play ඔස්සේ RutgersPrivacyApp ලෙසට මෙම ඇප් සහය ලබා ගන්නට හැකි බවටයි ප්‍රකාශ වෙන්නේ.

mobile ad libraries සදහා HTTPS වඩාත් සුදුසුයි -හදාරන්නන් පවසයි-

  පසුගිය කාලය වන විට mobile advertising libraries ඔස්සේ Android apps සදහා පැමිනෙන හානිකරයන් පිලිබදව අවධානය වැඩියෙන් ලබා ගනිමින් තිබුනා. Android app සදහා උපාංගයන් ලැබෙන අවසරය අයුතු ලෙසට භාවිතාවෙමින් man-in-the-middle  ආකාරයට මෙම හානිකිරීම සිදුවන බවටයි ඔවුන් පවසා සිටියේ. මෙම හදාරන්නන්ගේ යෝජනාව වූවේ libraries සදහා HTTPS ආකාරයේ සබදතා යොදා ගැනීම ඔස්සේ සැලකියයුතු ප්‍රමානයක ආරක්ශිත බවක් ලබා ගන්නට හැකිවනු ඇති බවය. ඒහිදි වේඒඉ දුරටත් ඔවුන් පැහැදිලි කර සිටියෙ මෙම ad libraries වල සංවේදී මට්ටමේ ක්‍රියාකාරීත්වයන් අනාරක්ශිත සබදතාවයන් ඔස්සේ  JavaScript code සදහා විවරවීමේ අවධානමක් ඇති බවයි. උදාහරනයක ලෙසට පැවසුනේ public wireless networks එකක DNS hijacking වැනි ක්‍රමවේදයක් ඔස්සේ JavaScript code එකක් බහුලව භාවිතාවන app එකකට ලැබී ඇති අවසරයක් ඔස්සේ ඇතුලු කිරීමේ හැකියාව දැක්වෙනවා.එහිදී උදාහරනයක් ලෙසට app සදහා ලැබෙන ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ කැමරාව භාවිතකිරීමේ අවසරය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නා නොදැනුවත්වම ඔහුගේ කැමරාව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පහර දෙන්නෙකු විසින් ලබා ගැනීම දක්වා සිටිනවා. හදරනන් පවසන්නේ තම හැදෑරීම ඔස්සේ ad libraries වලින් ආසන්නව 47% මේ ආකාරයට හානිකරයන්ගේ ග්‍රහනයට ලක්ව ඇති බවයි. ඔවුන්ප්‍රධාන පෙලේ ad libraries  40 පමන හදාරීමේන් මෙම ගනනය සිදු කල බවටයි දක්වා සිටියේ.

2014-02-01

ප්‍රකට SpyEye banking malware නිර්මානය කල අපරාධකරුවා නීතිය හමුවට!!!!

  FBI වෙතින් පවසෙන්නේ ප්‍රකට SpyEye නම් banking malware නිර්මානයේදී ප්‍රධාන වූ පුද්ගලයෙක් මේ වනවිට Georgia වල නිතිය හමුවේ සිටින බවයි. Aleksandr Andreevich Panin නම් රුසියානු ජාතිකයෙකු වන මෙහු එම මැල්වෙයාර් ගොනුව නිර්මානය කිරීමට හා බෙදා හරින්නට මූලික දායකත්වයක් දුන් අයෙකු ලෙසට මේ වනවිට  චෝදනා ලැබ සිටිනවා. backdoored system ආකාරයට ක්‍රියාත්මක වෙමින් Pc යන්ත්‍ර ආසාධනය කරමින් ඔවුනගේ botnets ජාලය වෙතට ඒවා  බැද තබාගන්නට මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වී ඇති බවටයි විස්තර වන්නේ.එහි ප්‍රධාන තම අරමුන ලෙසට ක්‍රියාත්මක වී ඇත්තේ banking login details ලබා ගැනීම බවටයි වැඩිදුරටත් විස්තර වන්නේ. පසුකාලීනව එම මෘදුකාංගයේ සංස්කරනයක් Android phones ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කරන ලද බවටත් තොරතුරු හෙලිව තිබෙනවා. 
                                 දැනට හෙලිවන ‍තෝතුරු වලට අනූව හෙලිවන්නේ මෙම මෘදුකාංගය සයිබර් අපරාධ කරුවන් 150කට පමන අලවි කොට ඇති බවත් , ඔවුන් එය ක්‍රියාත්මක කිරීම ඔස්සේ පරිගණක පද්ධති මිලියන 1.4කට ආසන්නව ආසාධනයට පත්කොට පත්කොට ඇති අතර එහි එක් අපරාධ කරුවෙක් පැහැරගත් තොරතුරු ඔස්සේ බැංකු ගිනුම් 10000 සමග මස 6ක් තුලදී ඩොලර් මිලියන තුනක් ලබා ගෙන ඇති බවයි.

වඩාත් කන්කලු Audio අත්දැකීමකට ප්ලේයරයක්....

  මෙය වඩාත් ප්‍රබල Audio අත්දැකීමකට ඔබ කැදවන්නට සමත් ප්ලේයර මෘදුකාංගයක් ලෙසටයි පිලි ගැනෙන්නේ.  වඩාත් සුපැහැදිලි මෙන්ම හොඳ තත්වයක හඬ රසවින්දනයක් ගෙනෙන බවට පැවසෙන මෙම ප්ලේයරය පෙනුමින් winamp හා සමාන ස්වරූපයක් ගන්නවා.18-band equalizer සමග පැමින ඇති මෙහි වඩාත් මිත්‍ර volume normalizing ඇතුලු පහසුකම් රාශියක් වාන් අතර ඊට අමතරව  record වැනි හැකියාවන්ද ‍රැගෙන විත් තිබෙනවා. ප්‍රකට audio engine එකක වන BASS මත ගොඩනගා ඇති මෙම මෘදුකාංගය plug-ins සමග වඩාත් භාවිතාකරන්නාට සමීප ආකාරයට සකසා ගන්නට හැකි වනු ඇත.
http://files.programki.net/aimp/aimp_3.55.1338.exe

වින්8 ඉදිරි සංස්කරන සමග ඩෙස්ටොප් විරසකය අවසන් වන ලකුනු!!!

  වින්ඩෝස් 8.1 වල පලමු අප්ඩේට් ගොනුව හා වින්ඩෝස් 9 පිලිබදව මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කර දෙන්නේ මයික්‍රසොෆ්ට් සමාගම තම මොඩර්න් ඇප් සමග මොඩර්න් ස්ක්‍රීනය මූලිකව තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කරන්නට ගත් තීර්නය ක්‍රමයෙන් ආපසු හරවන්නට තීර්නය කොට ඇති බවකි. තවමත් මවුසය හා කීබෝඩය ප්‍රමුක භාවිතාවක යෙදෙන බොහෝ දෙනාගේ සතුටට හේතු විය හැකි මෙම තීර්නය පිලිබදව අනාවැකි පලවන්නේ දැනට නොනිලව මෙම සංස්කරන පිලිබදව හෙලි වෙමින් ඇති තොරතුරු හරහාය. ඇප් ස්ටෝර්ව හරහා පමනක් ගත හැකි මොඩර්න් ඇප් මොඩර්න් ස්ක්‍රීනය මත පමනක් පූර්නතිර ආකාරයට ධාවනය වනු ඇති බවට වු ස්වභාවය වෙනස් කරමින් ඒවා සුපුරුදු ඩෙස්ටොප් ටාස්ක් භාරය හරහාද ක්‍රියාත්මක වන්නට හැකි වනු ඇති බවට මෙන්ම එම ඇප් වල තිර මතට "Minimize" වැනි මවුසය ප්‍රමුක භාවිතාවට මිත්‍ර ලක්ෂන නැවත පැමිනෙන බවට හෙලිවෙමින් ඇති තොරතුරු පවසමින් සිටිනවා.

IE 11 වල IE8 සහය අනු සංස්කරනයක් (Enterprise Mode)

  ආයතනිකව තවමත් බහුල භාවිතාවක් වන්නේ IE8 බව තොරතුරු හදාරන සමහර ආයතනයන්ගේ ගනන වාර්ථා පෙන්වා දෙමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික අභ්‍යන්තරව භාවිතාවන වෙබ් අඩවි හා ඇප් සදහා එම සංස්කරනය වඩාත් අවශ්‍ය වීම නිසාවෙන් එසේ සිදුවන බවයි. මයික්‍රසොෆ්ට් සදහා මෙම භාවිතාව අභියෝගයක් වන්නේ ඔවුනගේ Office 365 මෙන්ම Office2013 මෘදුකාංග ධාවනයට IE8 සහය නොදක්වන බැවිනි. පලවන නවතම පුවත් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා විසදුමක් ලෙසට IE 11 වල  Enterprise Mode ලෙසට නව සංස්කරනයක් සංවර්ධනය කරමින් සිටින බවකි. එම සංස්කරනයත් සමග ආයතනයනේ අභ්‍යන්තර අවශ්‍ය තාවයක් වන IE8 අවශ්‍ය වන ඇප් මෙන්ම අභ්‍යන්තරව ක්‍රියාත්මක වන වෙබ් අඩවි ධාවනයට ඉඩ සැලසෙනවා මෙන්ම Office නව සංස්කරන ධාවනයටත් සහය වනු ඇති බවටයි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් මේ බව නිල ලෙසට ප්‍රකාශ කොට නොමැත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...