2014-02-04

windows 8.1 වල Update 1 නොනිල පිටපතක් සමහර වෙබ් අඩවි වල!!!!

  එලබෙන අප්‍රේල් මාසයේ පැවත්වීමට නියමිත  Build developers conference වලදී පැමිනෙතැයි බලාපොරොත්තුවන වින්ඩෝස් 8.1 වල පලමු යාවත්කාලීනය මේ වන විට සමහර පෞද්ගලික වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමේ හැකියාවක් පවතින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මූලිකව නව user interface (UI) හා user experience (UX) එකතුවක් ‍රැගෙන එන මෙම නව සංස්කරනය ද්විත්වමුහුනුවරක් සහිත වින්ඩෝස් 8 ස්පර්ශක තිර භාවිතය මූලික බව සමග යටත්ව ගිය කීබොර්ඩ් හා මවුස් භාවිතාවට යලිත් මතුපිටට පැමිනීමක් පිලිබදව බලාපොරොත්තු මතුවෙමින් තිබෙනවා. classic desktop's taskbar වෙතට මෙට්‍රෝ ඇප් pin කිරීමේ හැකියාව ඔස්සේ ඔවුනටද පසුවෙන්  touch-first apps  ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබීම වින්ඩෝස් 8 වෙත ලැබෙමින් ඇති භාවිතාකරන්නන්ගේ අව අවධානය සමනය කරන්නට සමත්වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ. මෙම leaked build ගොනුව ජනවාරි මාසයේ නිමවන ලද  3.8GB ප්‍රමානයේ ගොනුවක් ලෙසට සැලකෙන අතර ආයතනය තුල අත්හදා බැලෙමින් ඇති සංස්කරනයක් ලෙසටයි සටහන් වන්නේ. නව නිකුතුව "clean install" ලෙසට හා "in-place upgrade" ලෙසට දැනට භාවිත වෙමින් ඇති වින්ඩෝස් 8.1 මතට ස්ථපන හැකියාවෙන් යුත්ත බවටයි හෙලිවන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...