2014-02-04

පාසැල් සිසුන් 11ක් ගුරුවරුන්ගේ ගිනුම් වලට ඇතුලුව තොරතුරු වෙනස් කරලා...

  California වලින් පලවන පුවතක් පවසන්නේ පාසැල් දරුවන් 11 දෙනෙකුගේ කන්ඩායමක් විසින් hardware keylogger ආකාරයේ තොරතුරු ලබා ගැනීමක් ඔස්සේ තම පාසැලේ ගුරු මහතුන්ගේ ගිනුම් වලට ඇතුලුව ඉදිරියට පැමිනීමට නියමිත විභාග තොරතුරු මෙන්ම ඔවුන් අධ්‍යාපනය ලබන ශ්‍රේනි ආදිය පිලිබදව තොරතුරු වෙන්ස් කිරීම් ආදිය යෙදීමක් හෙලිව ඇති බවයි. එම තොරතුරු වැඩි දුරටත් හෙලිකර සිටින්නේ ඔවුන් යොදා ගත් keylogging device ඔවුනගේ පෞද්ගලික ගුරුවරයෙකු විසින් ලබා දෙන්නට කටයුතු කොට ඇති බවකි. ප්‍රදේශීය පොලිස් නිලධාරීන් එම ගුරුවරයා සොයා වෙසෙන නිවෙස් ආදිය පිරික්සමින් ඔහුව අත්වඩංගුවට ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටින බවටයි හෙලිවන්නේ. අදාල පාසැල් සිසුන් හය දෙනෙක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට හා මෙම සිසුන් වෙනස් පාසැල්වල ට ඇතුලු වීමේ වලකන්නට අදාල බලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටින බවටත් වැඩි දුරටත් වාර්ථාවෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...