මයික්රසොෆ්ති වින්ඩෝස් අංශ ප්රධානීතුමිය පවසා සිටින්නේ තම ආයතනයේ මෙහෙයුම් පද්ධති වල මීලග ප්රධන සංස්කරනය වන "වින්ඩෝස් බ්ලූ" වල පෙර සංස්කරනයක් ජූනි මස අවසානයට පෙර නිකුත්වීමට නියමිත බවයි. ඇය පවසා සිටින්නේ වින්ඩෝස් 8 යනු අනාගත පරිගණක භාවිතාව පිලිබද උදාහරනය ලෙසට සැලකිය හැකිබව වන අතර තවදුරටත් ඩෙස්ටොප් ආකෘතිය ප්රධාන පරිගණක භාවිතාව වලංගු නොවන බවයි.කෙමෙන් එක්ස්.පී මෙහෙයුම් පද්ධතිය භාවිතාවෙන් අත්හැරමෙන් පවතින බවත් වින්ඩෝස් 7 භාවිතය බහුල වෙමින් පවතින බවත් වින්ඩෝස්8 වෙත පැමිනෙන්නන් ප්රමානය ඉහලයෑමද සැලකිය යුතු මට්ටමක පවතින බවටත් ඇය සදහන් කොට සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-05-11
යු ටියුබ් මුදල් ගෙවා නැරබිය යුතු චැනලයන් ඇරබේ....
ගූගල් ආයතනයෙන් පිරිනැමෙන තවත් ප්රකටතම සේවාවක් වන යු ටියුබ් අඩවියෙහි මුදල් ගෙවා නැරබිය හැකි චැනලයන් කිහිපයක් ඇරබීමේ සැලසුම මේ වන විට ක්රමයෙන් ඇරබී ඇති බවටයි තොරතුරු පවසන්නේ. ඔවුන් පවසන්නේ ඩොලර් ශත 99 සිට 2.99 දක්වා වන මිලයටතේ යුටියුබ් චැනලයන් 50ක් පමන මේ වන විට ක්රියාත්මක වෙමින් ඇති අතර දින 14ක නොමිලේ ලැබෙන අත්හදා බැලීමේ කාලයක්ද ලබා ගත හැකි බවටයි ඔවුන් පවසන්නේ. කුඩා දරුවන් සදහා වන චැනලයන් ස්වභාවික පරිසරය ආදී විවිධ වටිනාකම් සහිත චැනලයන් මේ වන විට මෙම සේවාව යටතේ ක්රියාත්මක අතර ඉදිරියේදී ප්රකට සිනමා සමාගම් කිහිපයක් යටතේ වන යු ටියුබ් චැනලයන් සැලසුම් වෙමින් පවතින බවටයි වැඩිදුරටත් සදහන් කරන්නේ.
2013-05-07
ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 භාවිතාකරන්නන් වෙත අනතුරු ඇඟවේ.......
ගෙවීගිය සිකුරාදා වන විට මයික්රසොෆ්ට් ආයතනය පවසා සිටියේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හි පෙර සැකසුම් දුර්වලතාවය තමන් හදුනා ගෙන ඇති බවයි. ආයතනිකව බහුල භාවිතයක් ඇති මෙම බ්රවුසර දුර්වලතාවය ඔස්සේ වෙබ් අඩවි වෙත හානිකර මෘදුකාංග ආකාරයේ ආසාදනයන්හට පහසුවෙන් විවරවීමේ හැකියාව පිලිබදවද ඔවුන් අනතුරු අගවා සිටින්නට යෙදෙනු ලැබුවා.පලවන නවතම වාර්ථා පවසන්නේ ප්රකට පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම මේ වන විට හානිකර මෘදුකාංග ඔස්සේ ආසාධිතව තම අඩවි වෙත පැමිනෙන්නන් වෙනත් අඩවි වෙත හරවා යැවීමේ තත්වය වෙත මේ වන විට පත්ව ඇති බවයි. ඇමරිකානු රාජ්ය මට්ටමේ ආයතන කිහිපයක් ඇතුලු වෙබ් අඩවි 9ක් මේ වන විට මෙම තත්වය පෙන්නුම් කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ.
මේ වන විට මයික්රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ මෙම දුර්වලතාවය සදහා තම ආයතනයේ අවධානය යොමුව ඇති බවත් පිලිසකර යාවත්කාලීනයන් සදහා කටයුතු කරමින් සිටින බවත් වන අතර එහි නිකුතුව පිලිබදව දින වකවානු නිකුත් කර නොමැති වෙනවා. කෙසේ වෙතත් භාවිතාකරන්නන් හට මේ වන විටත් උපදෙස් නිකුත්ව ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්රවුසර සංස්කරනය ඉහල නංව ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බවයි.
මේ වන විට මයික්රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ මෙම දුර්වලතාවය සදහා තම ආයතනයේ අවධානය යොමුව ඇති බවත් පිලිසකර යාවත්කාලීනයන් සදහා කටයුතු කරමින් සිටින බවත් වන අතර එහි නිකුතුව පිලිබදව දින වකවානු නිකුත් කර නොමැති වෙනවා. කෙසේ වෙතත් භාවිතාකරන්නන් හට මේ වන විටත් උපදෙස් නිකුත්ව ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්රවුසර සංස්කරනය ඉහල නංව ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බවයි.
වින්ඩෝස් 8 බලපත්ර නිකුතුව මිලියන 100 ඉක්මවයි.....
මයික්රොසොෆ්ට් පවසන්නේ තම වින්ඩෝස් 8 මෘදුකංගය සදහා බලපත්ර නිකුතුවන් මිලියන 100යේ සීමාව මේ වන විට ඉක්මවා ඇති බවයි.මෙම වසරේ ජනවාරි වන විට මෙම සංක්යාව මිලියන 60ක සීමාවේ පැවති බවටයි පෙරදී සටහන්ව තිබුනේ.එසේම නිල ලෙස වින්ඩෝස්8 සදහා නිර්දේශ සහතික ලත් උපාංග සංක්යාව 2400 දක්වා ඉහල ගොස් ඇති බවයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මයික්රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබර මාසයේ නිකුත්කල අතර ගතව ගොස් ඇති මාස 6.5ක කාලය සලකන විට මාසිකව මිලියන 15ක වේගයකින් නව වින්ඩෝස් 8 බලපත්ර අලවියක් සිදුවෙමින් පවතින බවටයි ගනනය වෙමින් ඇත්තේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ වසරේ පලමු භාගය තුල සාමන්යයෙන් සිදුවන පරිදි මෙහෙයුම් පද්ධති අලවියේ පහල වැටීම මේ වන විට අත්විඳිමින් තිබෙන බවයි.
වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව සැලකීමේදී මිලියන 250ක ඇප් බාගත කිරීමක් මේවන විට වාර්ථාවෙමින් පවතින බවට සටහන් වන අතර ස්කයිඩ්රයිව් භාවිතය මිලියන 250 දක්වා ඉහල ගොස් ඇති බවටත් වාර්ථා පවසමින් සිටිනවා.
වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව සැලකීමේදී මිලියන 250ක ඇප් බාගත කිරීමක් මේවන විට වාර්ථාවෙමින් පවතින බවට සටහන් වන අතර ස්කයිඩ්රයිව් භාවිතය මිලියන 250 දක්වා ඉහල ගොස් ඇති බවටත් වාර්ථා පවසමින් සිටිනවා.
2013-05-03
ඔබගේ මුහුනට මවුසයක්ද වියහැක??????
මයික්රසොෆ්ට් ආයතනය තම ක්නෙක්ට් තාක්ශනය මේවන විට සාමන්ය පරිගණකය වෙතටද රැගෙන එන්නට කටයුතු කරමින් සිටී. මිට පෙර වාර්ථ වූ පරිදි දෑතේ චලනයන් ඔස්සේ පරිගණක මවුසයේ කාර්යභාරය ඉටුකර දෙන්නට සමත් මෘදුකාංගයක් සංවර්ධනය කෙරෙහි ආයතනය කටයුතු කරමින් සිටින ලද අතර නවතම වාර්ථා පවසන්නේ ඔබගේ මුහුනේ චලනයන් කර්සරයේ චලනයන් බවටත් දෙනෙත් වල චලනයන් මවුසයේ ක්ලික් විධානයන් බවට පත්කිරීමටත් හැකිවන ආකාරයේ මෘදුකාංග ගොඩ නැගීමක් මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බවයි. පහත දැක්වෙන වීඩියෝව ඔස්සේ මෙම ගොඩ නැගීම පිලිබදව අදහසක් ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති අතර ආයතනය මුලින්ම මවුසයක් හදුන්වාදී වසර 30 සපිරෙන මොහොතකදී හදුන්වා දෙන මෙම නව තාක්ශනික භාවිතාව (FaceMouse) තොරතුරු තාක්ශනයේ වේගවත් වර්ධනය පැහැදිලි කරන්නක් බවටයි පිලිගැනෙන්නේ.
Outlook.com සමග මිලියන 400ක භාවිතාකරන්නන් පිරිසක්......
මයික්රසොෆ්ට් ආයතනය පවසන්නේ තම Outlook.com ඊමේල් සේවා වෙබ් අඩවිය සමග මේ වන විට මිලියන 400ක සංක්රීය භාවිතාකරන්නන් පිරිසක් එක්ව සිටින බවයි. ඒතුල මිලියන 125ක්ම මොබයිල් ආකාරයේ භවිතාකරන්නන් වන බවත් ඔවුන් පවසා සිටිනවා. 2012 ජූලි මාසයේ මුලින්ම මෙම නව වෙබ් සේවාව ඇරබි අතර ක්රමයෙන් වඩ වඩාත් අමතර සේවාවන් හදුන්වා දෙමින් තම තරගකාරී ජීමේල් සේවාවට වඩා ඉදිරියට පැමිනෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෑතකදී තම ස්කයිප් සේවාවද යාකරමින් තම වෙබ් මේල් ගිනුම මතම සිටිමින් පහසුවෙන් එහි සබදතාවලට දුරකථන ඇමතුම් ගැනීමේ පහසුවද ලබා දෙනු ලබුවා. අද හදුන්වා දුන් SMTP send සමග පහසුවෙන් වෙනත් ඊමේල් ලිපිනයන් සමග කටයුතු කිරීමේ හැකියාව ලැබෙන බවටයි ආයතනය පවසා සිටින්නේ. තම පැරනි සේවාවක්වූ හොට්මේල් භාවිතාකරන්නන්ගේ සියලු තොරතුරු මයික්රසොෆ්ට් ආයතනය විසින් නව සේවාව වෙතට නංවා ඇති අතර පෙටාබයිට 150ක දත්තයන් සති කිහිපයක් තුලදී ගැටලුවකින් තොරව හුවමාරුකරන්නට තමන්ට හැකිවූ බවටයි පවසා සිටින්නේ.
මයික්රසොෆ්ට් ප්රථම මවුසයට වසර 30ක් සපිරේ...
1983 මැයි මස 2දා මයික්රසොෆ්ට් සමාගම තම ප්රථම මවුසය වෙළඳ පොල වෙතට නිකුත්කරන ලදී. එම නිකුතුව සිදුව වසර 30ක් අවසන්ව ඇති මෙම මොහොතවන විට ස්පර්ශක තිර මිත්ර වින්ඩෝස් 8 නිකුත් කරමින් පරිගණක භවිතාව නව කඩ ඉමකට රැගෙන යන්නට එම ආයතනය කටයුතු කර ඇතුවා මෙන්ම වඩාත් කායක්ශම මවුසයක් වෙනුවෙන් තවමත් අත්හදා බැලීම් සිදුවෙමින් පවතින බවටයි දක්නට ලැබෙන්නේ.තම ප්රථම මවුසය සංස්කරන දෙකකින් නිකුත්කරන්නට එවකට මයික්රසොෆ්ට් ආයතනය ක්රියාකල අතර එකක් අයිබීඑම් පරිගණක සදහාත් අනෙක එම් එස්-ඩොස් සදහාත්වූ බවටයි සඳහන් වන්නේ.මුලදී යාන්ත්රික ක්රියාකාරීත්වයකින් සැදි මවුසයක් වූ මුත් මේ වන විට ලෙසර් ආශ්රිතව ක්රියත්මක වන මවුසයන් භාවිතාවෙමින් ඇති අතර තවමත් ඩෙස්ටොප් පරිගණක භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්රිය භාවිතාව වන්නේ කීබෝර්ඩ් මවුස් මූලික පරිගණකය මෙහෙයවීම බවටයි පිලිගැනෙන්නේ.
2013-05-02
බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්රික පලදනාවකට වඩා යමක්.........
...............එය ප්.රකට විද්වතෙකුගේ ආරාධිත දේශනයක් වූවාය. මිනිසුන් සදහා සියල්ල පමනකම නොව දියුනු උපාංග සදහාද මිනිස් ජීවන රටා උස්තල ගැන්විය යුතු තැන්ද ඇති බවට කලාන්තිරයක් තිස්සේ ප්රායෝගිකව ඔප්පු වෙමින් ඇති මුත් සාමන්ය නොසලකා හැර ඇති කාරනය නැවත මිනිස් කථබහට කැදවන්නට පුරෝගාමී කාර්යයක් ඉටුකල මිනිසුකුද වූවාය."බොහෝ විට දේශපාලනික , සංස්කෘතික , ආගමික පමනක්ම නොව කලාතුරකින් ගෝත්රික සම්මතයන් අනූව යමින් දියුනුවන විෂයන් මිනිස් වර්ගයා වෙත ගෙනවිත් ඇති වඩාත් දියුනු හුරු පුරුදු ප්රතික්ශේප කරන යුරු දකින විට මහත් කනගාටුවක් ඇතිවේ" ඔහු තම දේශය අරබමින් පැවසුවාය.දශක කිහිපයකට පෙර ලොව විසූ භෞතික විද්යාව පිලිබදව ප්රවීනයෙකු යලිත් ඉස්මතුකර පෙන්වූ මතවාදයක් වූ පෘතුවි මිනිස් වර්ගයා තවමත් ඉතා පාථමික අවස්ථාවක සිටින බවත් තම ජීවිත වලට බලපාමින් සිටින කාලගුනය වැනි කාරනාවක් වත් පාලනය කරගැනීමට නොහැකි මට්ටමේ සිට තම හිරුමඬල පමනක් නොව වෙනත් මන්දාකිනි විනිවිද යමින් විශ්වය තම නිවහන කර ගත් දියුනු සංස්කෘතියක් දක්වා වන බොහෝ දුරක් යාමට ඇති බවත් ඔහු යෝජනාකරමින් සිටි ආකාරය විස්තර කර දුන්නාය. "සමහර විටක තාක්ශනය වඩා ඉක්මන් වූවා විය හැකියි. ඒ දියුනු තාක්ශනික රටා ඉල්ලා සිටි වඩාත් දියුනු මිනිසා නිර්මානය කරන්නට ස්වාභාවික ජීව ක්රියාවලියට කල් මදි වූවාද වෙන්නට පුලුවන්. බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්රික පලදනාවකට වඩා යමක් වන්නට බැරිවිම හරිම කනගාටු දායක තත්වයක්ද වුනා..........
2013-05-01
මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට .......
මද වෙහෙසකර වුවත් ප්රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්යාපන ආයතන තබා ද්විතීක අධ්යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්තටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි.... මම බීටාව.
www.siriwansa.com
www.siriwansa.com
වින්ඩෝස් ෆෝන් සදහා ෆේස්බුක් නව ඇප් බීටාවක් නිකුත්වේ.........
මයික්රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් දුරකථනය සදහා ෆේස්බුක් ඇප් මෘදුකාංගයක බීටා සංස්කරනයක් මේ වන විට නිකුත්කොට තිබෙනවා.ආයතනය පවසන්නේ ෆේස්බුක් සදහා වන තම නිල ඇප් මෘදුකාංගයේ මෙම පෙර සංස්කරනය සමග ඉදිරියේදී පැමිනෙන්නට නියමිත අවසන් මෘදුකාංගය සදහාවන විශේෂත්වයන් බොහොමයක් දැකිය හැකිවනු ඇති බවයි. ඔවුන් පවසන්නේ දැනටමත් වැඩි ඉල්ලුමක් සහිත කාරනාවන් වන සුපැහැදිලි ඡායාරූ සටහන් , පලකිරීම් පහසු වෙන් බෙදාහදා ගැනීම් , ෆේස්බුක් ටයිම් ලයිනය මෙම නව ඇප් නිකුතුව සමග වැඩි පහසුවෙන් භාවිතාකරන්නන් වෙත රැගෙන විත් ඇති බවයි.මෙම නව බීටා මෘදුකාංගය තම ඇප්ස් ස්ටෝර්ව තුල අඩංගු නොවන අතර එය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ලබා ගත හැකිවනු බව අතර දැනට භාවිතාවන ෆේස්බුක් ඇප් සංස්කරනය (version 4.2.1) සමග වෙන වෙනම ගැටලුවකින් තොරව ධාවනය කිරීමට හැකිවනු ඇති බවයි.
වින්ඩෝස් 8.1 සමග alarm ඇප් මෘදුකාංගයක්!!!!
පැමිනෙන්නට නියමිත වින්ඩෝස් 8.1 කෙරෙහි ඇත්තේ මහත් අවධානයකි. ලොව වටා වෙසෙන නෙක හාදාරන්නන් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන නවතාවයන් පිලිබදව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටී. මේ වන විට බිල්ට් 9385 සංස්කරනයේ නොනිල පිටපතක් අන්තර්ජාලයට මුදහැරෙන තෙක් ඔවුන් බලා සිටින අතර දැනට නිකුත්ව ඇති වාර්ථාවලට අනූව මෙහෙයුම් පද්ධතියේ සුමට ගලායාම හා වඩාත් විස්වාසනීය ශක්තිමත් බව වැනි ගුනාංග වල වැඩි දියුනුකිරීම් බොහොමකින් සමන්විත වන බවටයි බලපොරොත්තු පලවන්නේ. නිකුත්ව ඇති අලුත්ම ඡායසටහනක් පවසන්නේ නව සංස්කරනය සමග නවාංගයක් ලෙසට ඇප්මෘදුකාංගයක් ලෙස alarm හදුන්වා දීමක් පිලිබදවය.notification center හා lock ස්ක්රීන් වලදී හමුවන්නට නියමිත මෙම නවාංගයේ වැඩිදුර විස්තර තවමත් හෙලිවී නැති අතර ඉදිරි දින කිහිපය තුලදී නොනිල ලෙස පිටවෙතැයි බල පොරොත්තුවන නව සංස්කරන පිටපත සමග මෙම ගැටලුව වෙත පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...









