ඔබ බ්‍රසීලයේ ජීවත්වන වින්7 හි 32 බිට් සංස්කරනයක් භාවිතාකරන්නෙකු වන්නේනම් මයිරසොෆ්ට් වෙතින් නිකුත්ව ඇති KB2823324 යාවත්කාලීනය පරිගණකය වෙත ස්ථපනයය නොකර ගැනීමේලා කල්පනාකාරීවීම වැදගත් වනු ඇති බවටයි තොරතුරු වාර්ථාවන්නේ. බ්‍රසීල භාවිතාකරන්නන් අතරින් පැවසෙන චෝදනාවක වන්නේ ඉහතකී යාවත්කාලීනයෙන් පසුව පරිගණකය නොනවත්වාම "රීබූට්" වීමේ තත්වයක් අත්විඳින්නට සිදුවී ඇති බවයි. බ්‍රසීලය තුල භාවිතවන මෙම සංස්කරනය සහිත පරිගණක අත්විදිමින් ඇති මෙම තත්වය පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය තම අවධානය යොමුකර ඇති බවත් තාවකාලිකව ඉහතකී පරිගණකයන්ගේ ස්වංක්‍රීය යාවත්කාලීන පහසුව අක්‍රියකිරීම වැදගත් වන බවටත් පවසා සිටිනවා. දැනට මත් මෙම යාවත්කාලීනය ලබාගෙන ඇති අය සදහා පරිගණකය "සේෆ් මූඩ් ( )" ඔස්සේ බූට්කර "කමාන්ඩ් ප්‍රොම්ට්" වෙත පිවිස DISM.exe / image: C: \ [windows8 install]/ cleanup-image / revertpendingact ක්මාන්ඩ් සටහන ලබදෙන ලෙසටත් ආයතනය වැඩිදුරටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-04-11
2013-04-09
ඔෆීස් 2010 සදහා "සර්විස් පැක් 2" බීටාවක් නිකුත්වේ...
මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම ඔෆීස් 2013 මෘදුකාංග කට්ටලය නිකුත්කිරීමෙන් අනතුරුව ඊට පෙර නිකුතුව වූ ඔෆීස් 2010 මෘදුකාංග ගොනුව නිකුත්කිරීම නවතා දමා ඇති මුත් පසුගියදා එම මෘදුකාංග ගොනුව වෙත නව සර්විස් පැක් ගොනුවක් නිකුත්කීරීමට කටයුතු කරනු ලැබුවා.ඔෆීස් 2010 සර්විස් පැක් 2 ලෙසට නම් වන මෙම ගොනුව "පබ්ලික් බීටාවක්" ලෙසට 32 හා 64 සංස්කරනයන් දෙක සදහාම ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.හදුනා ගැන තිබූ දුර්වලතා සදහා පිලිසකරයන් මෙන්ම වින්ඩෝස් 8 සදහා ගැලපුම් මෙන්ම ක්‍රියාත්මක භාවය හා ආරක්ශාව වෙනුවෙන් වැඩි දියුනුකිරීම් කිහිපයක්ම මෙම නව ගොනුව ඔස්සේ ඔෆීස් 2010 මෘදුකාංග ගොනුව වෙත ලැබෙනනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් පවසන්නේ.2013 වසර අවසානය තෙක් හෝ එහි අවසාන සංස්කරනය නිකුත්වන තෙක් වලංගුවනු ඇති බවට පැවසෙන මෙම නිකුතුව සදහා ආයතනයේ සහය සේවාවක් නොලැබෙන බවටත් භ්ව්විතාකරන්නන් වෙත දැනුම් දෙනවා.
මයික්‍රසොෆ්ට් වෙතිනුත් දිවිත්ව ආරක්ශන රැකවරන ක්‍රමවේදය.....
නිල නොවන මුත් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති නව උපුටන රූ සටහන් කිහිපයක් වෙතින් පැවසෙන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයද තම ගිනුම් වල රැකවරනය තහවුරු කරනු වස් ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවකි. දැනටමත් වින්ඩෝස් ෆෝන් ස්ටෝර්ව තුල දක්නට ලැබෙන ස්මාර්ට් ෆෝන් ඇප් මෘදුකාංගයක් ඔස්සේ ලැබෙන රහස් පදයක් තම සාමාන්‍ය අවසර පදයට අමතරව ඇතුලුකිරීමට සිදුවීම ඔස්සේ තම ගිනුම් වෙත අමතර ආරක්ශාවක් ලබා ගැනීමේ අවස්ථාව මේ තුලින් භාවිතාකරන්නන්හට ලැබෙනු ඇති බවටයි හදාරන්නන් මත පලකරන්නේ. බහුල වෙමින් පවතින අනවසර භාවිතාවන් පාලනය සදහා මේ වන තෙක් තරමක් දුරට හෝ සාර්ථක රැකවරනයක් ගෙනෙන්නට සමත් මෙම ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය දැනට ගූගල් සේවාවන් සමග ක්‍රියාත්මක වෙමින් ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනයද නුදුරු අනාගතයේදීම මෙම පියවර ක්‍රියාත්මක කරනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ.
2013-04-06
ඩේටා ලේයරය + පාරිභෝගික උපාංගය= ස්මාර්ට් උපාංගය.
.........තවදුරටත් පරිගණකය තමන් මතම වර්ධනය වන්නක් වනවාට වඩා දෛනික ජීවිතය වටා ඇති වෙනත් උපාංග මතට සැගවෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වෙත වඩාත් ප්‍රායෝගික ස්වරූපයෙන් පැමිනීම එලබෙන යුගයේ කැපී පෙනෙන්නක් වනු ඇත. ස්මාර්ට් නම් ගරු පදයකින් ගෞරව ලබමින් එය දැනමත් ජංගම දුරකථනය , රූපවාහිනිය , ශීතකරනය වැනි උපාංග වෙතට පැමින අහවරය. තේ මේසය , කාරය ඇතුලු දෛනිකව පරිහරනය වන බොහෝ උපාංග මතට පැමිනීමට අවසාන අදියරේ අත්හදා බැලෙමින්ද ඇත.සැබවින්ම උපාංගයක් ස්මාර්ට් වන්නේ එය මතට පැමිනෙන නව මානයක් සමගය එනම් දත්ත මානයයි. නෙතට හසුවන ත්‍රිමානය වෙතට එකතුවන මෙම සිව් වන මානය දත්ත හැසිරවීම් මිත්‍ර දත්ත උපාංග පමනක් සංවේධී මානයකි. අනගතයේදී බොහෝමයක් දෛනික භාවිතාවන උපාංග අලවි හලකට ගොඩවන ඔබට නව තේරීම් අවස්ථාවක් ලැබෙනු ඇත. එනම් දත්ත ලේයරය සහිත කෑම මේසයක්ද සාමන්‍ය මට්ටමේ කෑම මේසයක්ද ලෙසටද එය වනු ඇත...... ( "එලබෙමින් ඇති ස්මාර්ට් යුගය" by Pubudhu Siriwansa )
ෆේස්බුක් හෝම් ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන මෘදු ලේයරයකි.......
තොරතුරු අවකාශය පිලිබදව උනන්දුවක් දක්වන්නන් අතර මහත් කුතුහලයක් ඇතිකල මෑත කාලීන කාරනා අතර ෆේස්බුක් සමාගමේ "හෝම්" යන්න ඉහලම තැනක් ගෙන තිබිනි. එක් කොටසකගේ බලාපොරොත්තුව වූවේ එය ෆේස්බුක් සමාගමෙන් හදුන්වා දෙන ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් වන බවටයි. කෙසේ වෙතත් මේ වන විට එම කුතුහල සංසිදවමින් හෝම් යනු ඇන්ඩ්‍රෝයිඩ් මත ධාවනය වන මෘදුකාංගයක් බවට කරුනු හෙලිවි තිබෙනවා. ෆේස්බුක් ආයතනය පවසන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය කිසිදු වෙනසකට පත් නොකොට ඔබගේ සමාජ ජීවිතය වඩාත් පුලුල්ව අත්විදින්නට ඉඩ සලසන ඇප් කිහිපයකින් සමන්විත ඇන්ඩ්‍රොයිඩ් මත ධාවන වන නව මෘදු ලේයරයක් ලෙසට මෙම නව මෘදුකාංග අත්දැකීම විස්තර කරන්නට හැකි වන බවයි.
http://youtu.be/Lep_DSmSRwE
http://youtu.be/Lep_DSmSRwE
විෂුවල් ස්‍ටුඩියෝ 2012 වෙත ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක්...
මයික්‍රසොෆ්ට් ආයතනය ඊයේ දිනයේදී තම විෂුවල් ස්‍ටුඩියෝ 2012 මෘදුකාංගය සදහා වන ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්කල බවටයි ප්‍රකාශ වුනේ. 2012 සැප්තැම්බරයේ නිකුත්කල මෙම මෘදුකාංගය සදහා පසුගිය නොවැම්බරයේද ප්‍රධාන පෙලේ යාවත්කාලීනයක් නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා. ආයතනය පවසන්නේ මෙමනව නිකුතුව සමග නවාංග කිහිපයක්ද හදුන්වා දෙන්නට තමන් කටයුතු කොට ඇති බවයි. වින්ඩෝස් 8 සදහා ඇප් මෘදුකාංග නිර්මාණය කරන්නන් සදහද නවාංග කිහිපයක් නව යාවත්කාලීනය සමග ප්‍රධාන මෘදුකංගය වෙත ලැබී ඇති බවටයි ප්‍රකාශ වන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස මෙම නව යාවත්කාලීනය පිලිබදව වැඩිදුර විස්තර ඔබටත් ලබාගන්නට හැකිවනු ඇත.
Bitdefender ආරක්ශක මෘදුකාංගය යලි මුල් තැනට -AVTest-
ජර්මනිය මූලිකව ක්‍රියාත්මකවන පරිගණක ආරක්ශාව පිලිබදව උනන්දුවක් දක්වන සමාගමක් විසින් වින්ඩෝස්8 සදහා ප්‍රමුකව ආරක්ශක මෘදුකාංග පිලිබදව කරන ලද අත්හදා බැලීමකින් Bitdefender මෘදුකාංගය වැඩිම සාර්තකත්වයක් පෙන්වූ මෘදුකාංගය බවට සටහන්ව තිබෙනවා. භාවිතාවන ආරක්ශක මෘදුකාංග 26ක් සදහා 2013 වසරේ මුල් මාස දෙක තුලදී පවත්වන ලද මෙම සොයබැලීමේදී එම මෘදුකාංගයන්ගේ ක්‍රියාකාරීත්වය , ශක්තිමත් බව හා ලබාදෙන ආරක්ශාව යන කරුනු තුන ඔස්සේ ලකුණු 6 දක්වා ලබා දෙන ලද අතර උපරිම ලකුනු සංක්‍යාව 18 දක්වා වන ලදී.ලකුනු 10ට වඩා ලබා ගන්නා ආරක්ශක මෘදුකාංග සමත් මෘදුකාංග ලෙසට පිලිගැනෙන ලෙසට එම සොයා බැලීම සකස්ව තිබිනි.මෙම සොයා බැලීම තුලදී ලකුනු 17ක් ලබමින් Bitdefender මෘදුකාංගය වඩාත් සාර්ථක මෘදුකාංගය ලෙසටද 16.5ක් ලබමින් BullGuard මෘදුකාංගය දෙවන තැනටද 16ක් ලබමින් Kaspersky මෘදුකාංගය තෙවන තැනටද 10ක් ලෙස සමලකුනු ලබමින් AhnLab හා Comodo මෘදුකාංග අවසාන ලෙසින් සමත් මෘදුකාංග ගනයට එක්වන ලදී.
2013-04-04
ස්කයිප් භාවිතය දිනකට මිනිත්තු බිලියන දෙකක් ඉක්මවයි....
ප්‍රකට ස්කයිප් සේවාව මේ වන විට දිනකට මිනිත්තු බිලියන දෙකකට වඩා භාවිතාවක් ලබමින් සිටින බවටයි දැක්වෙන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විටත් තහවුරු කොට සිටින්නේ ඉදිරියේදී තම අවුට්ලුක් ඊමේල සේවාව හා එක්ස්බොක්ස් සමග ස්කයිප් එක්වෙමින් වඩාත් පුලුල් පරාසයක ඔස්සේ භාවිතාකරන්නන් වෙත සමීපවීමට නියමිත බවයි.පහත දැක්වෙන සටහන මෙම සේවාවේ බහුල භාවිතාව සිත්ගන්නා සුලු උදාහරන කිහිපයක් ඔස්සේ පහදාදීම සදහා ආයතනය විසින් නිකුත්කොට තිබෙනවා.
ජංගම දුරකථනය 40 වසර සපුරයි....
මීට වසර 40කට පෙර Dr. Martin Cooper විසින් මෝටරෝලා සමාගම වෙනුවෙන් ලොව ප්‍රථම ජංගම දුරකථනය නිමකල බවයි වාර්ථා පවසන්නේ. එතුමා විසින් නිව්යෝක් නගරයේ සිට නිව් ජර්සි වල වෙසෙන මිතුරෙකු වෙත ලොව ප්‍රථම ජංගම දුරකථන ඇමතුම ලබා දෙන ලදී. මේ වන විට ලොවපුරා බිලියන 5කට වඩා ජංගම දුරකථන භාවිතාවන අතර හුදු දුරකථන ඇමතුම් උපාංගයකට වඩා ස්මාර්ට් මට්ටමේ උපාංගයක් ලෙසින් මිනිස් දිවිය කෙරෙහි මහත්සේ බලපාන කාරනාවක් බවට එය පත්ව තිබෙනවා. මේ වන විට 85 වියැති ජංගම දුරකථනයේ නිර්මාතෲ පුවත්පත් සාකච්චාවකට එක් වෙමින් පවසා සිටියේ එලබෙන යුගයේ සෞක්‍ය වැනි කාරනා ඔස්සේ භාවිතාකරන්නාගේ ජීවිතය වෙත ජංගම දුරකථනය වඩ වඩාත් සමීප වනු ඇති බවට තමන් විස්වාස කරන බවයි.
2013-04-02
වින්ඩෝස් බ්ලූ වින්ඩෝස්8.1 ලෙසට නම් වනු ඇත..
ගෙවී ගිය සති කිහිපය පුරාවට වින්ඩෝස් 8 වෙතට එන්නට නියමිත මෙගා මට්ටමේ යාවත්කාලීන ගොනුව පිලිබදව මහත් උනන්දුවක් පැතිරෙමින් ඇත.මේ වන විට එයත් සමග එන්නට නියමිත යැයි පැවසෙන බොහෝ දෑ හෙලිවෙමින් ඇත. පැතිරෙමින් පවතින නවතම තොරතුරකට අනූව මෙම නිකුතුව වින්ඩෝස් බ්ලූ ලෙසට නොව වින්ඩෝස් 8.1 ලෙසට නම් වනු ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ. ඒ අනූව වින්ඩෝස් බ්ලූ බිල්ඩ් 9375 වින්ඩෝස් 8.1 ලෙසට නම් වනු ඇති බවටයි සටහන් වන්නේ. විචාරක මතයට අනූව එය එතරම් පුදුම සහගත කරුනක් ලෙස නොසැලකිය යුත්තේ වින්ඩෝස් ෆෝන් හි මෙවැනි ක්‍රමවේදයක් දැනටමත් මයික්‍රසොෆ්ට් ආයතනය අනුගමනය කරන බැවිනි.දැනට බලාපොරොත්තුවන ආකාරයට මෙම ජූනියේ අග මෙම නව ප්ලැට්ෆෝමයේ පෙර සංස්කරනයක් නිකුත්වනු ඇති බවට හා අගෝස්තුවේ අවසන් සංස්කරනයක් නිකුත්වනු ඇති බවටයි වින්ඩෝස් බ්ලූ සංස්කරනය ගැන උනන්දුවක් දක්වන්නන්ගේ අදහස වන්නේ.
වින්ඩෝස් මොබයිල් සහිත මයික්‍රෝවේව් අවන් එකක් මග එනවා....... / නොකියා කියයි/
තවමත් නිල වශයෙන් පිලිගෙන හෝ නොගෙන ඇති අපූරු පුවතක් ප්‍රකට දුරකථනසමාගමක් වන නොකියා වෙතින් ඊයේ නිකුත්වෙනු ලැබුවා. එයින් කියවුනේ තමන් විසින් වින්ඩෝස් ෆෝනයක්ද සහිත මයික්‍රවේව් අවන් උපකරනයක් නිමකරමින් සිටින බවකි. නිකුත්ව ඇති ඡායාරූපයට අනූව නම් එහි ස්පර්ශක තිරය සහිත මයික්‍රසොෆ්ට් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ධාවනය වන බවටයි දැක්වෙමින් ඇත්තේ. ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ මෙම උපාංගය භාවිතාකරන්නාගේ දෙනෙත් චලනය සදහාද සංවේධී බැවින් "භාවිතාකරන්නාගෙන් දිස්වෙන කුසගින්නේ ප්‍රමානය අනූව උපකරනයේ උෂ්නත්වය ස්වංක්‍රීයව පාලනය වෙමින් " ආහාරය පිසදීමට සමත් ස්මාර්ට් මට්ටමේ උපාංගයක් වනු ඇති බවයි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...










