2010-11-06

සමාධි මනසට ලොල් වීම ඔබව යතාර්තයෙන් ඉවතට

අද සැදැවේ පැවති දවසේ සමාලෝචන ‍රැස්වීමේදී සමාධි මනස ගැන ගැටලුවක් ලොකුස්වාමීන් වහන්සේට යොමුකලේ ටිබෙටියානු ස්වාමීන් වහන්සේ නමක් විසින්. එක්තරාආකාරයකට සමාධිය ප්‍රයෝජනවත් නමුත් සමධි මනසට ලොල් වීම ඔබව යතාර්තයෙන් ඉවතට ඇදදැමීමක්බවයි අවසානයේ අපට පහදා දුන්නේ.”සීමාන්තික සමාධිය ඔබේ විමසිල්ල නිදිගන්වනු ඇත” ලොකු ස්වාමීන්වහන්සේ පැහැදිලි කලා.

දහමේ මුල් ස්වරූපය මෙයයැයි පැවසූ විට

“භාවනාව විවිධ ආයතන විසින් විවිධ කොන්දේසි යටතේ කොටස් ලෙස තම සන්තකයට අත්කරගෙන ඇති සෙයකි. ” කරුනාකර ආපසු එන්න” යැයි මුල් බුදුදහම අපට යෝජනාකර ඇති බවක් සියල්ලන්ටම අමතකව ගොසිනි. සමහර විට දහම තම අශා පද්දතියේ මුදුන් පමුනවා ගැනීමේ වාහනයක්වී ඇති සේය. සමහර විටක දහමේ මුල් ස්වරූපය මෙයයැයි පැවසූ විට පුදුමයෙන් මා දෙස බලා සිටි විද්වතුන් කොතෙකුත් මට හමුවී ඇත. ඇත්තෙන්ම මෙය සැපතකි. නමුත් ඔබ සිතන්නේ ‍රැස්කිරීමේ හා ‍රැක ගැනීමේදී හමුවන සතුට (සම්මත සතුට) මත සිට ගෙනනම් දහම තුල ඇත්තේ මහත් දුකකි. මක් නිසාද ඔබ තුවාලය ‍රැකගැනීම මහත් සතුටක්ව සිතන බැවිනි. අනිත් අතින් සියල්ල දන් දී වන වැදීම දහම නොවේ. එය දහම තුල ඔබ යන ගමනේදී අතර මගකදී හමුවන කරදරයක් ඉවත් කර ගැනීමක්ම පමනී.” ලොකු ස්වාමීන් වහන්සේ මට කල පැහැදිලි කිරීමකි.

වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී

වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී

වස්සානය ක්‍රමයෙන් අවසන් වෙමින් පවතී. ආශ්‍රමය අවට පරිසරය ප්‍රබෝධයෙන් පිරී ඉතිරී යයි. ගස්වැල් පවා වෙනදාට වඩා කොලපැහැ ගතිය ඉස්මතුකර පෙන්වනවාක් වැනිය. නොකඩවා ඇදහැලුනු වැසි නිසා කැදැලි කැදලි වල සිරවී සිටි කුරුල්ලන් හා වන සතුන් පිටතට විත් වෙනදාටවඩා සතුටින් ඔබනොබ සරනු පෙනේ. වස්සානයේ නිමාවත් සමග ආශ්‍රමය කාර්ය බහුල වෙයි. ආගන්තුකයන් පැමිනීම වැඩි වෙයි. දහම් කරුනු හා පැහැදිලි කිරීම් බහුල වන්නට පටන් ගනී.

2010-11-05

බුද්ධියේ ආලෝකය දසත පැතිරේවා......

wde

 

බුද්ධියේ පහන් දැල්වී ආලෝකය දසත පැතිරේවා......

2010-11-04

කෙමෙන් කෙමෙන් වසර අවසානය වනවිට ආශ්‍රම කරා එන ඇත්තන්ගේ ප්‍රමානය වැඩි වෙයි

කෙමෙන් කෙමෙන් වසර අවසානය  වනවිට ආශ්‍රම කරා එන ඇත්තන්ගේ ප්‍රමානය වැඩි වෙයි. ඊයේ සැදැසමාලෝචන ‍රැස්වීමට පැමිනි  ජර්මානු මහත්මයෙක්කීවේ තමා වසර විසිගනනක් තිස්සේ දහම හදාරන බවයි. මුලු ත්‍රිපිටකයම දොලොස් වතාවකට වඩා කියවා ඇති බවත් කිවේ මහත් ආඩම්බරයෙනි. අවසන් ජනාවසයෙන්ද සැතපුම් කිහිපක් ඈත්ව ඇති මේවැනි තැන් වලට වඩා නගරයේ දහම දැනගැනීඉමට ඇති අවස්තා කොතරම් දැයි ප්‍රශ්නකලාය. මෙවන් හිස් වන අසපුවකසිට නොව නගරයේ මිනිසුන් සමග සිට නිවන පිලිබද දැනුම  වැඩිකරගෙන නිවන කරා යාමට ඇති අවස්තා වැඩි බවයි ඔහු කීවේ. ආශ්‍රම වාසී ඇත්තන් සියල්ලෝම වාගේ මෙතැනට පැමින සිටියහ.ත්‍රිපිටකය දහවරකටත් වඩා කියවූ නිසා නිවනේ දොර විවර වනතෙක් බලා සිටින මෙම  අහිසංක මිනිසා කෙරෙහි කාගේත් අනුකම්පාවමුසු බැල්මක් හිමි විය. ගතවන තප්පරයෙන් තප්පරයට වෙනස් වන මෙම රමනීය වන පියස විදින්නට තරම් පින් මද නැතිනම් පුරුදු පුහුන නොකල සිත් ඇති, නැතිනම් ලොව දකින්නට කියවන්නට තර්ක බුද්ධිය හැර වෙන කිසිවකට උරුම නොකියන මේ අසරන මිනිසා කෙරෙහි අප සියල්ලටම පාහේ කනගා‍ටුවක් ඇති විය.

2010-10-30

ඔබ මනින්නට මෙහි කවුරුත් නොමැත.ඔබව පාලනය කරන්නට නීති රීතිද නොමැත.

සමහර  අයට දහම යනු නීති රීති ගොඩක් පමනි. කන බොන සිනාසෙන කතා කරන සියල්ල පාලනය කරන්නට ආ හතුරෙකු ලෙස දැනෙයි. මේ ආශ්‍රමය තුල කිසිදිනක අන නොදෙයි. ආශ්‍රමයට අමුත්තෙකු වන පලමු මාසය තුල දීම පැහැදිලිව වටහා දෙන්නේ " ඔබ මනින්නට මෙහි කවුරුත් නොමැත.ඔබව පාලනය කරන්නට නීති රීතිද නොමැත. කරුනා කර ඔබම මෙහි සිටින අනෙකුත් ඇත්තන් දෙස බලා ඔබව පාලනය කරගත යුතු ආකාරය ගැන තක්සේරුවකට පැමිනෙන. මෙහි සිටින වාඩාත්ම සීලය ප්‍රගුන කල ඇත්තන් සිටින්නේ කදුමුදුනතටම වන්නය. ඔබට ඇවැසිනම් හෙටම ඉහලම පිහිටි කුටියකට යා හැකිය. නමුත් මම ඔබට අයාචනය කරමි. ඔබට දැරිය නොහැකිතරමේ ඔබේම පාපයට එක වර නිරාවර්නය නොවන්න. කදුමුදුනත දෙස නොව වැඩි අවදානයක් ඔබේ ඉදිරි පියවර දෙසට යොමන්න. ඔවුන් කදු මුදුනතට  ගියේ එලෙසයි." මම පිලිගනිමි. මෙය ටිකක් වෙනස් සේ ඔබට හැගුනද කරුනා කර දෙවන වරද කියවා බලන්න උත්සාහ කරන්න.

"දහමේ ගැබුර නොසයන්න, නමුත් දහම යොදා ගෙන ඔබේ ගැබුර සොයන්න"

ඊයේ පැවති සැදෑසමාලෝචන ‍රැස්වීමේදී මතුවූ අපුරු කාරනවක් සටන් කරන්නට කැමැත්තෙමි. මැතකදී අපසමග එක්වූ ඉන්දියන් ජාතික මහත්මයෙකු, ලොකු ස්වාමීන් වහන්සේ සමගවු කතාබහකදී නිතරම ගැබුරු දහම යන වචනය බර කරමින් යොදනු ඇසුනා. අවසානයේ උන්වහන්සේ පැවසුවේ, දහමේ ගැබුර සොයානවා කියන්නේ හරියට උසස් ගනිතය නැතිනම් රසායන විද්‍යාවේ සංකීර්න ගැටලු හදාරනවා වගෙ පෙනෙනවා. "දහමේ ගැබුර නොසයන්න, නමුත් දහම යොදා ගෙන ඔබේ ගැබුර සොයන්න" උන්වහන්සේගේ අවවාදය වුයේ එයයි.

2010-10-29

ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන….

ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන කිසිම දිනක කතා බහක් මට ඇසුනේ නැහැ. මෙහි පැමින මුල්සති දෙක තුන අවසන් වනවාත් සමග එවැනි දේගැන යම් කුතුහලයක් ඇති අය පවා එවැනි දේවල ඇති නිෂ්පල බවත් නැතිනම් වැදගත්මදේ මා දෙස බලා මාව තේරුම් ගැනීම මිස අත්භූත දේ ගැන විමසමින් කාලය වැය නොකිරීම බව තේරුම් ගන්නවා.මෙහි සිටින කිසියම් දියුනු මානසික තලයක සිටින ඇත්තන් දෙස පවා අමුතුආකාරයට බලන්න කවුරුත් පෙලබුනේ නැහැ වගේම ඒ ඇත්තන් කවදාවත් නවකයන් ඉදිරියේ “මම වෙනස්” හැසිරීමක් පෙන්නන්ට පෙලබුනෙත් නැහැ

“ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.”

අප බොහෝ විට ප්‍රායෝගිකව නිවනේ සිට පිටතට ගව්ගනන් ඇදෙන මගවල් ‍තෝරා ගන්නා අතර න්‍යායාත්මකව මුහුන ලස්සන, කට පුන්චි, නැතිනම් ගීතවත් කට හඩක් ඇති හා ආශ්චර්යාත්මක තැන්වල නිවන සොයමින් නිකරුනේ රස්තියාදුවෙයි.අප ආශ්‍රමයට පැමිනෙන විටම අපට පි‍ටුහතරක පොත් පින්චක් ලැබෙන අතර එහි සරලව මූලික උපදෙස් ලබා දෙන අතර, ඉහත දැක්වුවේ එහි පසු පිටෙහි අන්තිමට සටහකරතිබු සටහනකි. දර්ම පුස්තකාල මෙහි නොමැත. වරක් මේ ගැන විමසූ විට ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවේ “ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.”

ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම

වරක් අප සමග එක්වූ ප්‍රංශ ජාතික මහත්මයෙකු දිගු කාලයක් අපසමග ගතකර නික්මෙන්නට ප්‍රතම සැදෑ සමාලොචනයකදී තමන් ගැනම පුන්චි විග්‍රහයක යෙදුනා. මම ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම දහම සොයාගෙන ගියේ අඩුතරමින් උපාධි තුන හතරක් වත් තිබු විද්වතුන් ගාවටයි. මට ලැබුනේ අමාරු ශබ්ද සහිත පාඨ මෙන්ම කවරදාකවත් ඔවුන් වත් ප්‍රායෝගිකව අනුගමනය නොකල අවවාද පමනයි. අද මම ඒ අසරනයින් ගැන අනුකම්පා කරනවා………

කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල

පුරා දින දාහතරක කාලයක් කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල ස්වාභාවික ගල් ලෙනක්තුල ගතව ගිය කාලය අපූරු අත්දැකීමකි. අවට වනයෙන් සොයා ගන්නා පලතුරක් පමනක් බුදිමින් රාත්‍රී කුඩා ගිනි මැලය සදහා දර ටිකක් ‍රැස් කරන්නට හැරුනුවිට  මදක් දුරින්වූ ජලපහරින් ජලය ‍රැගෙන  ඒමට ගිය විට හැරෙන්නට මුලු කාලයම භාවනාව සදහා යොදවමින් ගත වු කාලය ජීවිතයේ හමුවූ සුන්දරම කාලය ලෙස මට සිතේ. වසර හතරක් සම්පූර්න කරන ඔනැම යෝගියෙකු මෙම අත්දැකීම සදහා සුදුසු ලෙස ලොකු ස්වාමීන් වහන්සේ යොජනා කරන අතර අවශ්‍ය පමනට  දිරිය ඇති අයට ආශ්‍රමයෙන් ලැබෙන උපදෙස් අනූව හුදකලාව ගොස්  මෙම අත්දැකීමලබන්නට අනගි අවස්තාවක් උදා වෙයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...