2022-05-28

පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත.

Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව  පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්‍ය මට්ටම දක්වා සැකසුම් සමග පැමින තිබෙනවා. බ්‍රවිසරයේ තැන්පත් වන තොරතුරු යම් ප්‍රමානයක් සාර්ථක අනවසර පිවිසුමක් ඔස්සේ ලබාගන්නට හැකි වීමේ සිට පහලට වන අවස්ථා පිලිබඳව මෙම සැකසුම් සමග වනවා. භාවිතාකරන්නන් සියල්ලන්ටම හැකි ඉක්මනින් මෙම සංස්කරනය සදහා පිවිසෙන්නට උපදෙස් ලැබෙන අතර විවෘත්කල Chrome බ්‍රවුසරයේ දකුනු ඉහලින් ඇති three dots ඔස්සේ පිවිස Help වලින් About Chrome දක්වා පැමින මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

2022-05-19

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.


Microsoft නිවේදනය කරන්නේ  windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth  මෙන්ම stable  ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය  විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 වලදී මෙන් force-updating එකක් සදහා භාවිතාකරන්නා පොලබවන්නට කටයුතු නොකරන අතර optional ලෙසට තවදුරටත් පවතින බවයි. දැනටමත් Microsoft ආයතනය තම Windows 10 සදහා ඉදිරි වසර තුනක් සහය දක්වන බවට ප්‍රකාශ කොට තිබේ. මීට පෙර පරිදි windows 11 සදහා hardware requirements සපුරන පරිගණක සදහා මෙම උස්තල ගැන්වීම සූදානම් අතර මීට අමතරව app / driver වැනි ගැටළු හඳුනා ගත් විටකදී තාවකාලිකව උස්තල ගැනීම පමාකරන්නට කටයුතු වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2022-05-18

මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට.

මෙම දශකය අවසානයේ India ද  ටො  6G services වෙතට පැමිනෙන්නට සැලසුම් කරන බවට ප්‍රකාශ වේ. එරට elecom Regulatory Authority of India (TRAI) වල silver jubilee celebrations සදහා සහභාගී වෙමින් එරට අගමැති වරයා පවසා සිටි බවට වාර්ථාවන්නේ මේ සදහා අවශ්‍ය task force එකක් දැනටමත් කටයුතු අරබා ඇති බවයි. මෙම උත්සවයට සමගාමීව 5G Test Bed එකක්ද දියත් කර තිබෙනවා. කෙසේ වෙතත් චීනය 2019 වන විට 6G සදහා සූදානම් වීම අරබන්නට කටයුතු කර ඇති අතර මීට අමතරව South Korea, the USA, Japan, Europe, සහ Russia වැනි රටවල් දැනටමත් 6G සදහා කටයුතු කරමින් සිටිනවා. එලබෙන වසර මුල්භාගය වන විට ඉන්දියාවේ සාමාන්‍ය භාවිතාකරන්නන්හට  5G services වෙතට පැමිනීමේ හැකියාව ලැබෙනු ඇහි බවට බලාපොරොත්තුවෙනවා
Pubudu Siriwans


 

2022-05-17

App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත.

Google මෙන්ම Apple ආයතන දෙකම පසුගිය දෑවසර තුල යාවත්කාලීන නොවූ apps ඉවත්කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ආසන්නව App Store / Play Store වලින් ඉවත්වන්නට සිදුවෙනු ඇති බවටයි සැලකෙන්නේ. මෙම ආයතනයන් දෙකම එකගවී ඇති නව privacy හා security ප්‍රමිතීන් වල අවශ්‍යතාවයන් නොසැපිරෙන apps මෙසේ ඉවත් කර දමන්නට ඔවුන් තීර්නය කර ඇති අතර හැදෑරුම් ආයතනයක් අනාවැකි පල කරන්නේ නවතම  policy  සමග නොසැසදෙන Google Play Store වලින් ආසන්නව apps 869,000 ක්ද App Store වල iOS apps 650,000ක ඉවත් වනු ඇති බවයි. Google ආයතනය මීට අමතරව sideloaded apps දෙසටද තම අවධානය යොමුකර ඇති බවටයි පලවෙන්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ පසුගිය දෑවසර සැලකීමේදී Google Play Store හා App Storeවල වන  apps  වලින් 68% පමනක් පසුගිය දෑවසර තුල යාවත්කාලීන ලැබී තිබෙනවා. බොහෝ විට මෙම හඳුනා ගත් apps තම store වලින් ඉවත් කරන්නටත් සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් වීමත් සිදුවන අතර දැනටමත් භාවිතාකරන්නන්හට කැමතිනම් දිගටම භාවිතයට අවස්ථාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
Pubudu Siriwansa 


 

Digital euro 2027 වන විට...

European Central Bank පවසන්නේ එලබෙන වසර අවසානය වන විට digital euro වල කටයුතු ආරම්භ වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන සැලසුම් වලට අනුව කටයුතු සිදුවුවහොත් වසර තුනකින් එනම් 2027 වන විට ජනතාව වෙතට නව භාවිතාව ගෙනෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවන බවයි. China තම digital yuan පිලිබඳව කටයුතු 2020 ආරම්භ කරන ලදී. European Central Bank ප්‍රකකශකයාට අනූව 2023 අවසානය වනවිට digital euro පිලිබඳ අත්හදා බැලීම් ආරබන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

2022-05-13

Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ  වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම VPN පහසුවේදී servers තේරීම වෙනු වට Microsoft Edge විසින්  automatically එම තේරීම සිදුකරන නිසා (your local area) ඔබට පහසුවෙන් geo-based content ලැබීම සිදුවනු ඇති බවට පවසනවා.  දැනට මෙම preview සංස්කරනය Canary channel ඔස්සේ සීමිත පිරිසක් සමග අත්හදා බැලීම් සිදුවන අතර නොමිලේ ලැබෙන 1GB දත්ත හැකියාවක් ලබා දෙමින් සිටිනවා. මෙම පහසුව අත්හදා බැලීම සදහා ඔබගේ Microsoft Account එක ඔස්සේ Microsoft Edge Canary වෙතට පිවිස download කරගන්නටත් browserයෙහි menu එකට පිවිස Secure Network පහසුව සංක්‍රිය කරගන්නට හැකි බව පවසනවා.
Pubudu Siriwansa


 

May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ.

 

Microsoft පවසන්නේ  May 2022 cumulative update ස්ථාපනයෙන් පසුව සමහර උපාංග වල authentication bug එකක් අත්දකින්නට සිදුවෙමින් ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ භාවිතාකරන්නන් හට ඇතිවන ගැටළු අතර blue screens of death, broken Event Viewer,  .NET apps වල ගැටළු දක්නට ලැබුනු බවයි. සාමාන්‍ය පරිදිවන මෙම මාසයට අදාල cumulative update for Windows 11 හා 10  සංස්කරන සදහා මෙම නිකුතුව සිදුවූ අතර KB5013943 (Windows 11, build 22000.675) සහ KB5013942 (Windows 10, builds 19043.1706, 19042.1706, සහ 19041.1706) ලෙසට මෙම නිකුතූන් නම්ව තිබුනා. කෙසේ වෙතත් මෙම ගැටලුව  client Windows devices  වලට හා non-domain controlled Windows Servers සදහා බලපාන්නේ නැති බවටයි ආයතනය පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa


2022-05-12

Google Translate වල භාෂා පරාසය 133 දක්වා ඉහලට.

Google Translate පවසන්නේ තමන් මේ වන විට words, sentences, මෙන්ම සම්පූර්න websites ආකාරවලට භාෂා 133ක් සමග කටයුතු කරන්නට සූදානම් බවයි. Zero-Shot Machine Translation technique ඔස්සේ සිදුවන translate වලදී උදාහරන ඔස්සේ නො‍රැදෙමින් වඩාත් වේගවත් ආකාරයට තම කාර්ය සම්පූර්න කරන්නට හැකිවනවා. Google පවසන්නේ තම Translate හැකියාවට අලුතින් එක්කල 24 languages  ඔස්සේ අලුතින් 300 million පිරිසකට සේවාව සලසන්නට තමන් සූදානම් බවකි. අළුතින් එක්වූභාෂා අතර Sanskritද වන අතර එය පුරාතන භාෂාවක් වුවද old scriptures වල පරිවර්ථන කටයුතු වලදී Google Translate සහය දක්වන්නට සූදානම් කල බවයි.
Pubudu Siriwansa


 

Google Maps සදහා ‘Immersive Mode' නමින් නවාංගයක්.

Google Maps යනු දෛනිකව ලොව පුරා බිලියන ගනනක් භවිතාකරන්නන් වෙතට මිහිමඩලේ නෙක ස්ථාන ගැන බොහොමයක් විස්තර ගෙනෙමින් මහත් සේවයක් කරමින් සිටී. Google ආයතනය කලින් කලට නෙක නවාංගද ගෙනෙමින් මෙම අත්දැකීම් වඩාත් ඵලදායී කරන්නට කටයුතු කරමින් සිටී. එම ආයතනය පවසන්නේ “Immersive Mode” ඔස්සේද AI සහයද සහිතව aerial images  ඇසුරින් භාවිතාකරන්නන් හට neighborhood, landmark, restaurant වැනි වඩාත් ආකර්ෂනීය තොරතුරු ගෙනෙන්නට තමන් සූදානම් බවයි. සංචාරකයින්ට වඩාත් ආකර්ෂනීය වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නව අංගය සියළුම උපංග සදහා එන්නට සූදානම් බවත් පලමුව Los Angeles, London, New York, San Francisco, Tokyo, වැනි නගර ආශ්‍රිතව ආරම්භව ක්‍රමයෙන් ලොව පුරා විසිරෙන් සේවාවක් වනු ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa


 

2022-05-11

Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් සමග තරගකාරී සේවාවන් වන HBO Max වැනි සේවාවන් තම ad-free tier සදහා $15 අයකිරීමක් සිදුවේ. නමුත් පෙර කී Netflix ප්‍රකාශකයා පවසන්නේ මෙම වසර අවසානයේදී එක්කරන්නට බලාපොරොත්තුවන advertising සහිතව හොඳම තත්වයේ අත්දැකීමක් $10 කට ගෙනෙන්නට බලාපොරොත්තු වන බවයි. මීට අමතරව Netflix වෙතින් තම හිත මිතුරන් සමග තම අත්දැකීම් බෙදා හදා ගන්නට උදවු වන add-on memberships එකක් සමග නව සේවාවක්  added charges වලට යටත්ව ගෙනෙන්නට කටයුතු කරන බවටත් පවසනවා.
Pubudu Siriwansa


 

Android Studio Chipmunk නිකුත්වෙයි.

Google නිවේදනය කරන්නේ "Chipmunk" නැතිනම් version 2021.2.1 ලෙසට වන  Android Studio සංස්කරනය මේ වන විට නිකුත්කර ඇති බවයි.  ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව නිකුතුව එතරම් නවාංග වලින් සමන්විත නොවුනද IntelliJ වල නවතම සංස්කරනෙය්න් සංයුත්තව හා quality issues මට්ටමේ සැකසුම් 175කට වැඩියෙන් අඩංගුව පැමින ඇති බවයි. එසේම නව සංකරනය IDE actions වල දියුනු කිරීම් මෙන්ම Package Search UI වල දියුනු කිරීම්ද, project-wide analysis හැකියාවේ දියුනු කිරීම් වලින්ද සමන්විතව පැමින ඇති බවයි. පහත දැක්වෙන දිගුව ඔස්සේ පිවිස මෙම නව සංස්කරනය බාගත කර ගන්නට ඔබටද හැකිවනු ඇත.
https://developer.android.com/studio
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...