ගූගල් ආයතනය තම සෙවුම් Search page හි නව වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙමින් සිටින බවටයි වාර්ථා වන්නේ. තම Logo ව පැහැදිලි මෙන්ම පැතැලි හැඩැති බවක් ගෙනෙන ලෙසට වෙනස්කරන්නට ක්‍රියාකර ඇති අතරම එමපිටුව වෙත apps toolbox එකක්ද ගෙනෙන්නට ක්‍රියාකර ඇති බවයි හෙලිවන්නේ. තවමත් සුලු භාවිතාකරන්නන් පිරිසක වෙතට පමනක් දැක්වෙන මෙම නව පිටුව දැනට Apple's OS X ඔස්සේ ගූගල් වෙත එන්නන්ට විවෘතව ඇති බවටයි සටහන් වන්නේ.මෙම නව වෙනස ඉදිරියේදී Windows හා Linux භාවිතාවන් වෙට එනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.පෙරදී මෙම Google apps භාවිතාකිරීමේ හැකියාව Chrome start page හා windows 8 වෙතට පමනක් පහසුවී තිබුන අතර නව වෙනස සමග එම පහසුව main search page එක වෙත පැමිනීම වැඩි භාවිතාකරන්නන් පිරිසකගේ පැසසුමට හේතුවනු ඇති බවටයි පිලිගැනෙන්නේ.ගූගල් ආයතනය තවමත් තම නව වෙනස පිලිබදව නිල ප්‍රකාශයක් නිකුත්කොට නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-09-20
2013-09-19
iOS 7 ලබා ගැනීමට සදහා දැඩි තදබදයක්.....
ඇපල් ආයතනය මේ වන විට තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය වන iOS 7 නිකුත්කොට තිබෙනවා. පලවන නවතම වාර්ථා පවසන්නේ ඇපල් හි activation servers දැඩි කාර්යබහුලත්වයක පවතින බැවින් භාවිතාකරන්නන් හට නව සංස්කරනය බාගතකර ගැනීම ආරම්භකිරීමට අපහසු තත්වයක් පවතින බවය. ආයතනය තුල සේවක මහතුන් වෙත නව මෙහෙයුම් පද්ධතිය activate කරන්නන් සදහා වැඩි අවධානයකින් කටයුතු කරන්නට උපදෙස් නිකුත්ව ඇති බවටත් තොරතුරු පලවෙමින් තිබෙනවා.පලවෙමින් ඇති තොරතුරු වැඩි දුරටත් පවසන්නේ සමහර servers අක්‍රිය තත්වයක පවතින බවකි. සමහර භාවිතාකරන්නන් තම iPhone වෙත නව සංස්කරනය ලබා ගන්නට තැත්කිරීමේදී "Software Update is not available at this time. Try again later." ලෙසට වන පනිවිඬයක්ද ලැබෙමින් ඇති බවටද පල වෙමින් තිබෙනවා. එලබෙන සිකුරාදා ඇපල් ආයතනයේ ස්මාර්ට් දුරකථනයේ නව සංස්කරනයන් වන iPhone 5s හා 5c නිකුත්වීමට නියමිතව ඇති අතර නව භාවිතාකරන්නන් සදහා තම සර්වරයන් සූදානම්ව තැබීමේ වගකීම සදහා ඇපල් ආයතනය දැඩි වගකීමකින් කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් වාර්ථා වන්නේ.
2013-09-18
Bing සෙයුම් යන්ත්‍රයට නව Logoවක් පැමිනේ
මයික්‍රසොෆ්ට් ආයතනය පූර්න වෙනසකට යොමුවෙමින් ඇති බව ප්‍රකට කරුනකි. ආයතනික ව්‍යුහයේ සිට තම නිෂ්පාදන දක්වාම මෙම වෙනස දැක්වෙමින් ඇත.ආයතනය පසුගියදා පවසා සිටියේ තම ප්‍රධාන තම පදනමක් වන Bing සෙයුම් යන්ත්‍රය තම office හෝ Xbox වලටද වඩා අවදානයක් යොමුකරමින් සිටින බවයි. පසුගියකාලයේ සිට පැමිනෙමින් ඇති නව ප්‍රවනතවයක් වන වඩාත් සරල ද්විමානීය Logo භාවිතයට එකග වෙමින් ඔවුන් තම Bing සේවාවේ Logo වද වෙනස් කරන්නට තිර්නය කර ඇති බවටයි එහිදී වැඩි දුරටත් පවසා සිටියේ.
තම අනෙකුත් සේවාවන්ගේද හදවත ලෙසට සැලෙකෙන Bing සෙයුම් යන්ත්‍ර සේවාව වෙතට ගෙන එන මෙම වෙනස ඔවුන් හැදින්වූවේ පසුගිය කාලයේ සිට තම CEO රැගෙන එමින් තිබෙන සේවා හා භාන්ඩ නිෂ්පාදනය කරන හා "එක" ආයතනයක් ලෙසට වන නව දැක්ම සංකේතවත් කරනු ඇති බවයි. නව ලෝගෝව නිර්මානයේදී වේගවත් බව මෙන්ම පැහැදිලි වැඩි ද්‍රශ්‍ය බවක් තම ඉලක්කය වූ බවටත් පැවසෙනවා.එසේම වඩාත් මානුශික මෙන්ම නවීන බවක් රැගෙන එන්නට තමන්ට අවශ්‍ය වූ බවක් ඔවුන් පවසා සිටිනවා.
පැරනි සාම්ප්‍රධායික සෙයුම් යාන්ත්‍රනයේ ඇති වෙමින් ඇති නව වෙනස පිලිබදව සදහන් කරන ඔවුන් පවසන්නේ හිදු වචන කිහිපයක සිට මාන කිහිපයක් ඔස්සේ විහිදෙමින් සාමන්‍ය ජීවිතයට වඩත් සමීපවෙමින් ඇති හා සාම්ප්‍රධායික පරිගණකයේ සිට නෙක හැඩ හා ප්‍රමානගත් උපාංග දෙසට විහිදෙමින් ඇති නව සෙයුම් යන්ත්‍ර අවකාශ තමන්ගේ අවධානයට ලක්ව ඇති බවයි.

You Tube සදහා offline mode මොබයිල් ඇප් පහසුවක්
ඔබ වඩාත් කැමතිවන You Tube වීඩියෝවක් ඔබගේ මොබයිල් උපාංගය ඔස්සේ නැවත නැවත දකින්නට ඔබ කැමතිවන මුත් ඔබගේ cellular network හි මතුවන යම් යම් බාදාවන් නිසා නොහැකිවන අවස්ථා අත්විඳ තිබෙනවා වන්නට පුලුවන. අද ගූගල් ආයතනය පවසා සිටියේ මෙවැනි අවස්ථාවල් නැවත අත්විදින්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් ඇති නොවනු පිනිස තම මොබයිල් ඇප් භාවිතාකරන්නන් සදහා නිකුත්වන නව අංගයක බීටාවක් එලබෙන නොවැම්බරයේ නිකුත්කරන්නට තම සැලසුම් කරමින් සිටින බවකි.තම YouTube සේවාවට offline mode අංගයක් ලෙසට පැමිනෙනට නියමිත මෙම නවාංගය ගැන දැනට ආයතනය වැඩි දුර විස්තර පල නොකර සිටින නමුත් බහුල You Tube භාවිතාකරන්නන් සදහා මෙම හඳුන්වාදීම සහනයක් වනු ඇති බවකි. තවමත් වින්ඩෝස් ෆෝන් සදහා වනYouTube app වල ගැටලුව නොවිසදී ඇති අතර පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය ඒ සදහා හඳුන්වා දුන් app විසදුම ගූගල් විසින් block කර දමන්නට කටයුතු කරනු ලැබුවේ එය තම සේවාවේ කොන්දේසිවලට පටහැනි බව පවසමිනි
internet explorer සදහා හදිසි යාවත්කාලීනයක් නිකුත්වේ......
මයික්‍රසොෆ්ට් සම්ප්‍රධාය වනුයේ මාසිකව තම මෘදුකාංග සදහා යවත්කාලීන නිකුත්කිරීමයි.එසේමුත් කලාතුරකින් ආයතනය තම සාමන්‍ය සම්ප්‍රධාය ඉක්මවමින් යාවත්කාලීනනිකුත් කරන්නට කටයුතු කරනු ලබන්නේ සැලකිය යුතු මට්ටමේ අවස්ථාවකදීය.ගෙවී ගිය දිනයේ මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ internet explorer හි 8 හ 9 සංස්කරන සදහා හදුනාගෙන ඇති දුර්වලතවයක් ඉලක්ක කරගනිමින් පිලිසකර යාවකාලිනයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි.ආයතනය වැඩිදුරටත් පැවසන්නේ remote code execution ආකාරයක පහරදෙන්නෙකුට භාවිතාකලහැකි දුර්වලතාවයක් මෙම යාවත්කාලීනය සමග පිලිසකර වනු ඇති බවකි. ආයතනය වැඩි දුරටත් උපදෙස් දෙමින් පවසා සිටින්නේ භාවිතාකරන්නන් තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරයේ security settings වල "High" දක්වා වෙනස් කිරීම තුලින් ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැමිනෙන්නට ඉඩ ඇති ActiveX Controls හා Active Scripting පහරදීම් සදහා ආරක්ශිත පියවරක් වනු ඇති බවයි.
2013-09-13
නව Micrasoft යාවත්කාලීන ගොනුව සමග හානිකර හඳුනා ගැනීමේ වැඩි හැකියාවක්....
මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග නිකුතූන් ඉලක්ක කරගනිමින් මාසිකව යාවත්කාලීන ගොනුවක් නිකුත්කිරීම සාමන්‍ය කාරනාවකි. එම ගුනුව තුල හමුවූ ආරක්ශක දුර්වලතා සදහා පිලිසකරද firmware සදහා වන යාවකාලීනද වේ. මෙවරද ආයතනය තම සුපුරුදු මාසික යවත්කාලීන ගොනුව නිකුත්කොට ඇති අතර එහි සුපුරුදු හානිකර මෘදුකාංග ඉවත්කරන මෘදුකාංගයේ(Malicious Software Removal tool ) නවතම සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට ඇති බවටයි දක්නට ලැබෙන්නේ. එම මෘදුකාංගයේ Version 5.4 සමග පැමින ඇති එම නවාංගය සමග Win32/Simda සමග වන බහු ක්‍රියාකාරීත්වයක් පෙන්වන malware family ආකාරයේ හානුකරයන් හදුනා ගැනීමේ හැකියාව ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ.ඒවායේ ක්‍රියාකාරීත්වයත් සමග trojan, backdoor, password-stealing, downloader හා ගොනු හානිකරනයන් වන අතර දුර්ලභ ගනයේ බහු හානිකර ස්වභාවයන් පෙන්වන හානිකරයක් පරිගණකය වෙතින් හඳුනාගෙන ඉවත්කිරීමට සහය වන මෙම මයික්‍රසොෆ්ට් සහය මෘදු ටූලය මෙම මාසයේ යාවත්කාලීන ගොනුව සමග හෝ වෙනම දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වනවා ඇත.
වින්ඩෝස් Phone 8.1 නවාංග සහිත වන බවට හෝඩුවාවන්!!!!
මොබයිල් තලය මයික්‍රසොෆ්ට් ආයතනයාත්පත්කර ගැනීමට වෙර දරන උත්සාහයන් අතර ප්‍රධාන ඉලක්කයකි.Android මෙන්ම iOS සමග තරගයට පිවිසීම බරපතලක ඉලක්කයක්ද බවද සැබෑවකි.මේ වන විට පැමිනෙන්නට නියමිත වින්ඩෝස් හි Phone 8.1 පිලිබඳ නොනිලව හෙලි වෙමින් ඇති කාරනා සැලකීමේදී මයික්‍රසොෆ්ට් ආයතනයද එම තරගය තුල ස්ථාවර වීමේ අදහස එතරම් සුලුවෙන් නොසලකන බව පැවසෙන පැහැදිලි වෙමින් ඇත.ඒවා අතර එකවර ටයිලයන් කිහිපයක් තේරීමේ හැකියාවක් ගැන කියවෙන ඡායා සටහනක් මේ වන විට අන්තර්ජාලයට මුදාහැරෙමින් තිබෙනවා.එසේම එහි Notifications ටයිලයන් වඩාත් කැපීපෙනෙන ලෙසට පැමිනීමේ ස්වභාවයක්ද පෙන්නුම් කරමින් තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග නිකුතුවක් ගැන නිළ ලෙසට ප්‍රකාශ කර නොතිබුනද එලබෙන වසරේ මුල් භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
SSD තවමත් මහත් ස්තීර තාක්ශනයක් නොවේ!!!!!
දෘඩාංග ලොකයේ එක් කරදරකාරයෙකු ලෙසට සලකන දෘඩ තැටිය(Hard disk) සදහා සාර්ථක විකල්පයක් ලෙසට පිලිගැනෙමින් තිබුනේ SSD(SOLIDE STATE DRIVE) පැමිනීමයි. විශේෂයෙන් මොබයිල් මට්ටමේ උපාංග සදහා මහත් සහනයක් රැගෙන පැමිනි මෙම තාක්ශනය පරිගණක උපාංගයක් තුලවූ එකම යාන්ත්‍රික කොටස සදහා විකල්පයක් වෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තු ඇතිකරවනු ලැබුවා. මේවන විට තොරතුරු ලෝකය තුල පැතිරෙමින් ඇති පුවත් පවසන්නේ බලපොරොත්තුවූ පරිදි මෙම තාක්ශනය ඔස්සේ ලැබෙනු ඇති බවට වූ පහසුව පිලිබද අවිනිශ්චිත බවක් මේ වන විට ගොඩ නැගෙමින් ඇති බවකි. වැඩි වේගය මෙන්ම පහසුව ඔස්සේ SSD වෙත තැබූ විස්වාසය එහි අකංඩව ක්‍රියාත්මකවීමේ නොහැකියාව පිලිබදව වන සැකයන් ඔස්සේ බිඳ වැටෙමින් ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම තාක්ශනයේ සහය උපකරන (SSD controller,capacitors) වල වන දුර්වලතා ඔස්සේ මෙම තත්වය ඇති වෙමින් පවතින බවටයි.කෙසේ වෙතත් තවමත් හදාරන්නන් පවසන්නේ පැරනි දෘඩතැටි තාක්ශනය හා සැලකීමේදී තවමත් HDD තාක්ශනය ඉදිරියෙන් සිටින බවයි.
"ගුවන් ගමනක අතරතුරදී 60Mpbs දත්ත සබඳතාවයක්" මග එනවා!!!!
තොරතුරු ලෝකය සමග වන සබදතාවය අමතර පහසුවක ලෙසට සලකන්නට වන යුගයේ සිට නිරන්තරයෙන් අත්‍යාවශ්‍ය කාරනාවක ලෙසටස් සලකන්නට වන යුගය පසුකරමින් සිටින්නෝ වෙමු. පසුගියදා පලවූ වාර්ථාවක පැවසුවේ භාවිතාකරන්නන් තම කාර්යාලයේදී හෝ නිවසේදී මෙන්ම ගමනක යෙදී සිටින විටකදී පවා හොඳ මට්ටමක අන්තර්ජාල සබදතාවයන් සැපයීම කෙරෙහි ආයතනන කිහිපයකම අවධානය යොමුව ඇති බවකි. එහිදී වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ දුමරියක වැනි ගමනක යෙදී සිටියදී අකංඩව නිශ්චිත හොඳ වේගයකින් තොරතුරු සබදතාවයක් සැලසීමේදී සැටලයිට් ආශ්‍රිතව ගොඩනැගෙන සේවාවක පිලිබදව ඔවුන් හදාරමින් සිටින බවකි.
තවත් බහුල භාවිතාවක වන ගුවන් ගමන් අතරවාරයකදී වඩාත් හොඳ ආකාරයේ ඩත්ත සබදතාවයක් සැපයීමද මේ වන විට කථාබහට ලක්වෙමින් ඇති තවත් කාරනාවකි.Gogo ආයතනය පවසන්නේ ගුවන් ගමනක අතර වාරයේදී වඩාත් හොඳ Wi-Fi සේවාවක් වෙනුවෙන් තමන් කටයුතු කරමින් සිටින බවකි.Ground to Orbit ලෙසට නම්කරන මෙම නව තාක්ශනය ඔස්සේ ඔවුනට දැනට භාවිතාකරන වේගය හා සැලකීමේදී හය ගුනයක වේගයක් සහිත සේවාවක් සැපයීමට හැකිවීමේ බලාපොරොත්තුවක් මේවන විට පල කරමින් තිබෙනවා.සැටලයිට් ඔස්සේ පැමිනෙන සබඳතාවයක් හා පොලව මතට වන සබඳ තාවයක මිශ්‍රනයක ලෙසට ගොඩනැගෙන මෙම නව සේවාව සමග තප්පරයකට මෙගා බිට් 60ක වේගයක් දක්වා වැඩිකර ගැනීමේ අවස්ථාව ඇති බව ඔවුන් පෙන්නුම් කර සිටිනවා. දැනට භාවිතාවන වන වේගය වන්නේ තප්පරයට මෙගා බිට් 9.8 වීම සැලකීම්මේදී මෙය සැලකිය යුතු ප්‍රගතියක් ලෙසටයි දක්වා සිටින්නේ.2014 වන විට මෙම නව භාවිතාව පැමිනෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

2013-09-11
Adobe හි Flash player හා Reader සදහා වැදගත් මට්ටමේ යාවත්කාලීන......
Adobe ආයතනය තම Flash Player, AIR, Shockwave Player, Acrobat හා Reader සදහා මේ වන විට යාවත්කාලීන නිකුත්කොට ඇති බවටයි කියවෙන්නේ.Windows හා Mac සදහා වන ලෙසට නිකුත්ව ඇති මෙම යවත්කාලීනයන් ඔවුනගේම ශ්‍රේනිගතකිරීම් වලට අනූව Priority 1 ලෙසට දක්වා සිටිනවා. Flash player සදහා වන යාවත්කාලීනයන් Linux haa Android සදහාද නිකුත්ව ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ. එසේම වැඩි දුරටත් පවසන්නේ Reader හා Acrobat සදහා වන යාවත්කාලීනයන් අතාවශ්‍ය මට්ටමක නොවන බවයි. පහත දැක්වෙන්නේ ඔවුන් වඩාත් අනතුරු අගවන Flash player හා Reader සංස්කරන වල තොරතුරු වන අතර යාවත්කාලීන ලබා ගැනීමේදී ඔවුනගේ අදාල වෙබ් අඩවියෙන්ම හෝ මෘදුකාංගයේ යාවත්කාලීන යොමුව ඔස්සේ පිවිසීම වැදගත් බවටයි නිවේදනය වන්නේ.
Microsoft මසික යාත්කාලීන ගොනුව.......
මයික්‍රසොෆ්ට් සමාගමේ තම මාසික යාවත්කාලීන ගොනුවේ මේ මාසයට නියමිත නිකුතුව සූදානම් වෙමින් පවතින බවටයි නිවේදනය වන්නේ.මෙම මාසයේ යාවත්කාලීන ගොනුව සමග හදුනා ගෙන ඇති දුර්වලතා 47ක් සදහා පිලිසකර 13ක් පැමිනෙන්නට නියමිත බවත් ඒවා Internet Explorer, Office ප්‍රමුක මයික්‍රසොෆ්ට් මෘදු නිෂ්පාදන ඉලක්ක කරගෙන නිමවී ඇති බවත් පවසා සිටිනවා. පැමිනෙන්නට නියමිත අනෙකුත් ආරක්ශක යාවත්කාලීනය Microsoft's .NET framework හි හඳුනාගෙන ඇති දුර්වල තාවයක් සදහා වන බවටත් ඔවුන් පවසා සිටිනවා.
මේවා අතර ඇති "Critical" මට්ටමේ පිලිසකර Office හි විවිධ සංස්කරනතුල හඳුනා ගෙන ඇති දුර්වලතා 13ක් හා internet explorer හි විවිධ සංස්කරන සමග ඇති දුර්වලතා 10ක් සදහා වන බවටයි නිවේදනය වන්නේ.එසේම ආරක්ශක නොවන මට්ටමේ දුර්වලතාවයක් වෙනුවෙන් office 2013 සදහා ද වන බවටයි ඔවුන් පවසන්නේ.

Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...