2012-10-30

ඇමරිකානු වැඩිහිටි බහුතරයක් වින්8 ගැන දන්නේවත් නැතිලු........


මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම ස්පර්ශක මූලික හා මොබයිල් මෙන්ම සාම්රධායික ඩෙස්ටොප් උපකරන එකිනෙක යාකරන නව මෙහෙයුම් පද්ධතිය පරිගනකභාවිත ලොවන නව යුගයක් ‍රැගෙන විත් ඇති බවය.
                                 මෑතකදී ඇමරිකානු මාධ්‍ය ආයතන දෙකක් කල හැදෑරීමකදී පැවසෙන්නේ ඇමරිකානු වැඩිහිටි සමාජයෙන් භාගයකට වඩා තවමත් වින්ඩෝස්8 පිලිබද කිසිදු අවබෝදයක් නොමැති බවයි.ඔවුන් පවසා තිබුනේ තමන් වින්ඩෝස්8 පිලිබදව කිසිවක් අසා නැති බවයි.එම ප්‍රතිශතය සංක්‍යාත්මකව 52%  ලෙසටයි පැවසෙන්නේ.ඇමරිකානු පුරවැසියන් 1200 යොදාගනිමින් දුරකථන මාර්ග ඔසේ කරන ලදමෙම විමසුමේදී හෙලිවී ඇත්තේ වින්ඩෝස්8 පිලිබද දැනුමක් ඇති පිරිස අතරිද 61% නව මෙහෙයුම් පද්ධතියට මාරුවීමට තමන් තුල අදහස්ක් නැති බව පවසා ඇති අතර 35% පවසා ඇත්තේ වින්ඩෝස්8 යනු වින්ඩෝස්7 වල යම් දියුනු කිරීමක් පමනක් වන බවයි.
                                             මෙම විමසුමට සහභාගීවූ 43 වියැති ඉන්ජිනේරුවරයෙකු පවසා ඇත්තේ වින්ඩෝස්7 තවමත් තම අවශ්‍යතා හොදින් සපුරද්දී තවත් මෙහෙයුම් පද්ධතියක් සදහා මුදල් වැය කිරීම එතරම් තේරුමක් නැති බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය ඩොලර් බිලියනයකට වඩා වින්ඩෝස්8 වෙලද ප්‍රවර්ධනය සදහා වෙන්කර ඇති බවටයි සටහන් වන්නේ.

2012-10-29

වින්ඩෝස් 8 දුරකථන නිකුතුවේ නිල හමුව තව හෝරා කිහිපයකින්.....



මයික්‍රසොෆ්ට් ආයතනය පවත්වනු ලබන තවත් ප්‍රධාන පෙලේ හමුවක් තවත් හෝරා කිහිපයකින් පැවැත්වීමට නියමිත බවටයි වාර්ථාවෙන්නේ. වින්ඩෝස් 8 දුරකථය නිකුත්කිරිමට අදාල මෙම මාධ්‍ය හමුව  සෙන් ප්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගියදා පැවති වින්ඩෝස්8 හා සර්ෆේස් නිකුතුව සදහා වූ හමුවන් තරම් පුලුල් මට්ටමේ නොවූවද මයික්‍රසොෆ්ට් ආයතනය තම නව මොබයිල් මෙහෙයුම් පද්ධතිය වඩාත් ප්‍රචලිත තත්වයකට පත්කරගැනීමට කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ.ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උත්සවය පැවැත්වීමට නියමිත ස්ථානය මීට හෝරා කිහිපයකට පෙර දිස්වූ ආකාරයයි.

සර්ෆේස් අත්විදින්නට තොරාගත් ස්ථාන වල මධ්‍යස්ථාන........

 
 
මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම දත්ත උපකරනය වන සර්ෆේස් ටැබ්ලට් උපකරනය භාවිතය ඉහල නැංවීම සදහා යොදාගන්නා එක් උපංක්‍රමයක් වන්නේ ලොවපුරා ‍තෝරාගත් නගරවලදී සර්ෆේස් උපකරනය අත්දැකීම සදහා අවස්ථාව ලබා දීමයි. පහත දැක්වෙන්නේ බර්ලිනයේ පිහිටව ඇති එවන්  සර්ෆේස් අත්දැකීම් ගෙනෙන මධ්‍යස්ථනයක ඡායාරුවකි.මෙම තොරතුරු වාර්ථාකරන වාර්ථා කරු පවසා සිටියේ එහි අභ්‍යන්තර සැකසුම වර්න උපාංගවල හැඩය ආදී සියලුම දේ තුලින් වින්ඩෝස්8 සමග එලිදකින මෙට්‍රො ආකාරය වඩා හොදින් එලිදැක්වෙන ලෙසට නිර්මානය වී ඇති බවයි.

"සෑම නිවසකටම , මේසයක් මතටම පරිගණකයක් "



"සෑම නිවසකටම , මේසයක් මතටම පරිගණකයක් " මයික්‍රසොෆ්ට් ආරම්භයේ සිටම සිටම වූ ඉලක්කයකි. ලොව පුරා නිවෙස් , ආයතන ලෙසට විවිධ භාවිතාවන් තුල එනම් පෞද්ගලික පරිගණක , සර්වර් ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ බිලියනයකට අදික භාවිතාවක් මේ වන විට මයික්‍රසොෆ්ට් වින්ඩෝස් හිමිකර ගෙන තිබීම තුල ඔවුනගේ ඉලක්කය සෑහෙන දුරකට සාර්ථක කර ගෙන ඇති බවට හොද සාධකයකි.
                       මයික්‍රසොෆ්ට් දෘඩාංග ගමන් මගෙහි තීර්නාත්මක සලකුනක් පසුගියදා වින්ඩෝස්8 නොහොත් මයික්‍රසොෆ්ට් මීලග මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීමට සමාන්තරව සර්ෆේස් නමින් වින්8 සදහාම නිර්මානයවූ ටැබ් උපකරනයක් හදුන්වා දෙමින් සටහන් කලේය.තම සර්ෆේස් උපකරනය හදුන්වා දෙමින් මයික්‍රසොෆ්ට් ප්‍රකාශකයා පවසා සිටියේ මෘදුකාංග හා දෘඩාංග එකි නෙකා මත වර්ධනයවෙමින් යන ගමනක් බවත් තම නව දත්ත උපකරනය, වින්8 සාම්රදායික වින්ඩෝස් භාවිතය නැවත නිර්මානය කර ඇතිවා සේම එය භෞතිකව සටහන් වන ආකාරය බවත්ය. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ රාජකාරී ජීවිතයේත් විනෝදාස්වාදන ජීවිතයේත් , සුවපහසු අස්නමත සිටත් මේසය මත සිටත් පමනක් නොව ජංගමවත් බාදාවකින් තොරවත් එකසේ පරිගණක භාවිතාවකට සහයවීම සර්ෆේස් ලෙසට හදුන්වා දෙන බවය.

බිල් ගේට් මැතිදුනි ඔබට සුබ උපන්දිනයක් වේවා...


විලියම් හෙන්රි ගේට් ලෙට ඔහු 1955 ඔක්තෝබර් මස 28 වොශින්ටන් වලදී උපත ලබන ලදී. මෙතුමා 1975 දී එනම් 20 වන වියේදී පමන තම සගයෙකු සමග මයික්‍රසොෆ්ට් ආයතන අරබන ලදී. පිලිගැනීම වන්නේ ඔහු දක්ශ ව්‍යාපාරිකයෙකු  පමනක් ලෙස නොව දක්ශ තාක්ශන වේදියෙකුද ඔහු තුල සැගව සිටිනා බවටයි.
                              තම මයික්‍රසොෆ්ට් ආයතනයෙන් 2008 දී පමන විශ්‍රාම ලත් ඔහු මේ වන විට තම සත්කාර පදනම ඔස්සේ  ලොව වෙත සමාජ සේවාවන් රාශියක් කරමින් සිටින බවටයි සැලකෙන්නේ.
                                   මිනිස් වර්ගයාගේ ජීවිත මතට තීර්නාත්මක වෙනස්කම් ‍රැගෙන එන්නට සමත්වු අල්පයක් මිනිසුන් අතර  මිනිසුන්ගේ දත්ත ජීවිත සුවපහසුකරන්නට සමත් මෘදුකාංග හා දෘඩාංග හදුන්වා දුන් ගෞරවනීය පුද්ගලයෙකු ලෙසට පිලිගැනෙන මෙතුමා හට තම 57 වන ජන්ම දිනය සදහා සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි.

2012-10-28

වින්ඩෝස් 8 දුරකථනයේ නිල නිකුතුහමුව හෙට දිනයේ.....



නොකියා නිෂ්පාදන ලෝලීන් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් ඔස්සේ වින්ඩෝස් 8 ෆෝනය සමග එනු ඇතැයි අනුමාන කරන ලොක් ස්ක්‍රීනයක ඡායාරූ කිහිපයක් පලවී තිබෙනවා. එම ඡායාරූවලින් පැවසෙන්නේ වින්ඩෝස් 8 වලදී මෙන්ම ලොක් ස්ක්‍රීනය ඔස්සේද යම් යම් තොරතුරු සජීවීව ලබ ගන්නට හැකිවනු ඇති බවයි.
                            දැනට පැවසී ඇති තොරතුරු වලට අනූව මෙමස 29 වින්ඩෝස්8 දුරකථනය නිකුත්කිරිමට අදාල නිල සැමරුම පැවැත්වීමට නියමිත අතර  මේ වන විටත් ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනවලට ඒ සදහා නිල ආරාධනාව ඊමේල ඔස්සේ යව ඇති බවටයි කියවෙන්නේ. සැන් ප්‍රැන්සිස්කෝ නුවරදී පැවත්වීමට නියමිත එම හමුව පිලිබද වැඩි දුර විස්තර තවමත් නිකුත්වී නොමැති බවටයි සටහන් වන්නේ. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම නිල නිකුතු සැමරුම මෙම මාසයේ පැවතුනද වින්ඩෝස් 8 දුරකථනය වෙළදපොලට නිකුත්වීම එලබෙන මාසයේ පලමු සතිය තුල සිදුවනු ඇති බවටයි සටහන් වන්නේ.


 

වින්ඩෝස්8 ගැලවිජ්ජව හා නන්නාදුනන දේශකයා.......



හොදයි , ඔබතුමා හරිද වැරදිද කියලා තීර්නය කරන්නට මට අයිතියක් නැතියි කියලා මම විස්වාස කරනවා. ඒත් මම ඔබතුමාගේ ප්‍රශ්නයට මෙහම උත්තර දෙන්නම්. වින්ඩෝස් 8 කියන මීලග මෙහෙයුම් පද්ධතිය ගැන මට තියෙන්නේ එකක එක දැක්මයි. ඒක තමයි ලොව වැඩිම භාවිතාවකට අයිතිය කියන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය භාවිතාකරන්නන් හට මොනවගේ අත්දැකීමයි ගෙනේවිද කියන ඒක පමනයි ඒ. ඒක අයිති මොනවගේ විශාල සමාගනකටද ව සමාගම මොනතරම් සාධාරනව අපිට සකනවද වගේ දේවල් මේ හැදෑරීමට අදාල නැහැ කියන එකයි අපේ ස්ථවරය වෙන්නේ.අපි කැමති උනත් නැතැත් එල බෙන යුගයේ දත්ත උපකරන භාවිතයට වින්ඩොස්8 ගෙනෙන නව නැබුරුතා බල නොපාවි කියලා අප විශ්වාස කරන්නේ නැහැ.
                                  ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නයට මෙහෙම උත්තරයන් දෙන්නම්.ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් උපකරන භාවිතය වැඩිවීමේ ප්‍රවනතාවය ඔස්සේ මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගෙන් ගිලිහී යමින් පවතින ජංගම ගතියෙන් වැඩි උපකර වෙලදපොල ස්ථාවර කර ගැනීම සදහා කරන ගැලවිජ්ජාවක් ලෙසට වින්ඩෝස්8 ගැන ඔබට ඇති දැක්ම ගැන මම ත්ර්ක කරන්නට යන්නේ නැහැ. හැබැයි ඒක ගැල විජ්ජාවක් උනත් ඒ ගැලවිජ්ජාව අපට ගෙන නව නැබුරුතා විසින් ඉදිරි කාලයේ අපගේ දත්ත භාවිතය පාලනය කරන බවටනම්  අපට තර්කයක් නැතිබව සදහන් කරන්න කැමතියි. හැබැයි ඔබ මගෙන් ප්‍රශ්න කරනව නම් ඔබතුමාටනම් වින්ඩොස් 8 තුල කිසිම වෙනසක් දකින්නට නැහැ කියලා මම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා ඔබගේ දත්ත ජීවිතය ගැන මීට වඩා සංවේදී වෙන්නට කියලා.

භාවිතාකරන්නාගේ සයිබර් හැසිරීම්තොරතුරු ‍රැස්කිරීම වැලකීමට යාහු එකග නොවේ...



අන්තර්ජාල භාවිතාව තුල ඔබගේ සයිබර් හැසිරීම හැදෑරීම පිලිබද දත්ත එකතුකිරිමට ඉඩ නොදීම බොහෝ සෙයින් කථාබහට ලක්වූ කාරනාවකි. මයික්‍රසොෆ්ට් ආයතන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග අවසානයේ භාවිතාකරන්නාට තමන් පිලිබද තොරතුරු ‍රැස් කරගන්නට ඇති අවකාශය අහුරා දමන්නට අවශ්‍ය සැකසුම් ලබාදෙන්නට තීරනය කරන ලදී.
                                         ලොව ප්‍රධාන පෙලේ සයිබර් සේව සපයන ආයතනයක් වන යාහු අයතනය පවසන්නේ තමන් ඉහතකී භාවිතාකරන්නාගේ සයිබර් තොරතුරු ‍රැස්කිරීම අහුරදැමීමේ ප්‍රවනතාවයට වැඩි කැමත්තක් නොදක්වන බවයි. ඒ අනූව ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 10 යාහු සමග භාවිතාකරන්නන් තම බ්‍රවුසරයේ සැකසුම් තුලින් ඉහත සදහන් වන පරිදි තම සයිබර් හැසිරීම පිලිබද දත්ත ‍රැස්වීම අහුරා දැමුවද එය ප්‍රථිපලදායී නොවනු ඇති බවටයි පැවසෙන්නේ.
                     මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදාක ප්‍රකාශ කල සිටියේ ඉහතකී ආකාරයට තොරතුරු ‍රැස්වීම වලකා දැමීමේ ක්‍රම වේදය ලෝක මට්ටමේ එකගතාවයක් සමග ප්‍රමිතිතත්වයක්  නිර්මානය කරගැනීම වඩාත් ගැලපෙන බවත් ඒ සදහා සහය දැක්වීමට තමන් කැමති බවත්ය.

2012-10-27

වින්8 හි බින් සෙයුම්යන්ත්‍ර ප්‍රධාන පි‍ටුවට නවාංග කිහිපයක්...



වින්ඩෝස්8 සමග පැමින ඇති වෙනස්කම් බොහෝය. මයික්‍රසොෆ්ට් ආයතනයේ බින් සෙයුම් යන්ත්‍රයේ මෙට්‍රෝ සංස්කරනයේ නිවෙස් පි‍ටුවට නවතාවයක් ‍රැබෙන එන්නට තීර්නය කර ඇත.ස්පර්ශක තිර භාවිතාකරන්නෙකුට පමනක් නොව මවුසය සමග පවා එම ප්‍රධාන පි‍ටුවේ ඡායාරූපය අංශක 360 දක්වා චලනය කරමින් නරබන්නට මෙන්ම ස්පර්ශක තිරය සමග එම ඡායාරූපය විශාල කර බලන්නට මෙන්ම තවත් පහසුකම් කිහිපයක් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.

වින්8 මතට ස්ටාර්ට් මෙනුව නැවත කැදවන්නට......

ස්ටාර්ට් මෙනුව අහිමිවීම වින්8 ගැන ඇති එක් චෝදනාවකි. තවත් දෙසකින් පැවසෙන්නේ ඇත්තෙන්ම ස්ටාර්ට් මෙනුව නැතිවීමක් නොව එය වෙනත් ආකාරයකින් නැවත නිර්මානය කර ඇති බවකි.ඉලක්කවන ප්‍රධන උපාංගය හුදු ඩෙස්ටොප් පරිගණකයේ සිට ටැබ්ලට් උපකරන දක්වා චලනයවන විට භාවිතාකරන්නාගේ ප්‍රධාන මුහුනත වෙනස් වි  ඇත. නැතිනම් එම උපකරනවල ස්වභාවයට වඩාත් ගැල පෙන ලෙස ප්‍රථිනිර්මානය කර ඇති බවකි.
                                හුරුපුරුදු මග හැරීම මයික්‍රසොෆ්ට් ආයතනය බලාපොරොත්තු වනවාට සංකීර්න කාරනාවක් බව සාදනය කරමින් යලිත් භාවිතාකරන්නන් හුරුපුරුදු ස්ටාර්ට් මෙනුව යලි යලිත් ඉල්ලා සිටින විට බාහිර ආයතන කිහිපයකින්ම විකල්ප යෝජනා වෙමින් ඇත. පහත දැක්වෙන මෘදුකාංගය නිර්මානය කල ආයතනය පවසන්නේ වින්ඩෝස්8 ඩෙස්ටොප් භාවිතාවකදී මෙට්‍රො මුහුනත මග හරිමින් භාවිතාකරන්නා සුපුරුදු ඩෙස්ටොප් එක මතට ගෙන යාමත් පහසුවෙන් වින්ඩෝස් යතුර ස්පර්ශ කිරීම තුලින් නැවත මෙට්‍රො මුහුන වෙත පැමිනිය හැකිවීමත් මෙන්ම සුරක්ශිත මෘදුකාංගයක් වීමත් මෙහි ඇති වැදගත් ලක්ෂණ වන බවයි.

http://www.forumswindows8.com/download/startmenu-setup.exe

2012-10-26

BOX සදහා වින්8 ඇප් සබදතාවය නිකුත්වේ......



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පිරිනැමෙන තවත් සේවාවක් ලෙසට සැලකෙන "බොක්ස්" ක්ලවුඩ් ආකාරයේ දත්ත ගොනු ගබඩා කිරීම අවශ්‍ය විටකදී ඒවා සංස්කරනය කිරීම මෙන්ම වෙනත් භාවිතාකරන්නන් හා බෙදා හදා ගැනීම වැනි පහසුකම් සහිත සේවාවේ වින්ඩොස්8 සදහා වන ඇප් ආකාරයේ සබදතාවය මේ වන විට වින්8 භාවිතාකරන්නන් සදහා නිකුත්ව ඇති බවටයි සදහන් වන්නේ.

https://www.box.com/

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...