2023-05-02

AI voice scams

ප්‍රකට  cybersecurity  ආයතනයක් වන McAfee පවසන්නේ  artificial intelligence ආකාරයේ  voice scams වලට ගොදුරුවන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ තප්පර තුනකින් AI  සහයක් ඇතිව ව්‍යාජ කටහඬ අනුකරනයක් නිර්මාණයට මේ වන විට පහසුවෙන් හැකි බවයි. ඔවුන් තම හැදෑරීමට භාජනය කලවුන්ගෙන් 10%ක් පමන දැනටමත් මේ ආකරයේ ගොදුරුවීමක් අත්විඳ ඇති බවට වාර්ථා වූ බවටයි පවසා සිටින්නේ.සයිබර් අපරාධකරුවන් මෙම භාවිතාවන් ඇසුරෙන්  fake voicemails / call භාවිතාකර ඇති අතර McAfee යෝජනා කරන්නේ ඔබගේ හිතවතුන් අතර දෙබස් අතරට codeword එකක් තබා ගැනීම මෙන්ම phone number මතකයේ රදවා තැබීම හිතකර වෙනු ඇති බවයි.
Pubudu Siriwansa    www.Pariganakaya.Tech


 

නවතම Windows 11 updateය ගැටළු සහිතය ??

Windows 11 update – KB5025305 යනු  windows 11 සදහා මේ වන විට පැමින ඇති අවසාන යාවත්කාලීනය වන අතර එම ස්ථාපනය සමග සමහර භාවිතාකරන්නන් හට නෙක ගැටළු නිර්මාණය වෙමින් ඇති බවට වාර්ථා වනවා. windows 11 වලට සමාන්තරව Kaspersky antivirus solution භාවිතාකරමින් සිටින්නන් අතර මේ තත්වය බහුල බවටයි දැක් වෙන්නේ. මෙම යාවත්කාලීනය විග්‍රහ වන්නේ non-security fixes / improvements වලින් සමන්විත එකක් ලෙසට වන අතර සමහර භාවිතකරන්නන් චෝදනා කරන්නේ එය ස්ථාපණයේ සිටිම ගැටළුකාරී බවක් දක්නට වූ බවයි. Kaspersky වලින්ද මේ බව සනාත කර ඇති අතර ලොවපුරා භාවිතා කරන්නන් දහස්  ගනනකට මෙම හානිකර බව බලපා ඇති බවට සටහන් වෙනවා.
Pubudu Siriwansa


 

Microsoft වල ද responsible AI ethics දෙසට අවධානය.

Microsoft වල AI products සදහා වන privacy හා ethical ලේයරය පිලිබන්දව වැඩියෙන් අවධානය යොමු කරන්නට කටයුතු කරමින් සිටිනවා. ආයතනයේ උසස් නිලධාරියෙකු පවසන්නේ 350 ක කන්ඩායමක් දැනටමත් responsible AI භාවිතාවක් දෙසට කටයුතු කිරීම අරබා ඇති බවයි. එම ආයතනය දැනටමත් Bing Chat chatbot / search AI වැනි ව්‍යාපෘති ඔස්සේ  Copilot products නිකුත් කරමින් ඒවා දියුනු කරමින් සිටින අතර නෙක ආකාරයේ apps සදහා මේ හැකියාවන් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටිනවා. පසුගියදා Google අයතනයෙන් සමුගත් AI  වල නියෙමුවෙකුද පවසා තිබුනේ මනා පාලණයකින් තොර AI දියුනු කිරීම් යම් දිනක මිනිස් වර්ගයාගේ පැවැත්ම අභියෝගකයකට ලක් කරන්නට හැකිවීමේ අනතුරක් ඇති බවයි. සියළුම ආකාරයේ AI සේවාවන් සපයන ආයතනයන්ට responsible AI ethics දෙසට වැඩි අවධානයක් යොමු කිරීමේ වගකීමමේ වන විට අවධානය යොමුව ඇති කාරණයක් වෙමින් තිබේ.
Pubudu Siriwansa    Pariganakaya.Tech


 

Apple සදහා RSR ආකාරයේ යාවත්කාලීනයක්.

ප්‍රථම වතාවට  Apple විසින් Rapid Security Response update ආකාරයේ යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට වාර්ථා වෙනවා. ඔවුන්ගේ iOS, iPadOS, macOS යන ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනම ඉලක්ක වන ලෙසට නිකුත්ව ඇති මෙම යාවත්කාලීනය පෙරදී මෙන් සාමාන්‍ය OS updates වලට සංයුත්තව එවීමේදී වන ප්‍රමාදය වලකාලීම ඔවුන්ගේ අරමුන ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ.  විශේෂයෙන් zero-day bugs ආකාරයේ හානිකර ඉලක්ක වන පිලිසකර මින් ඉදිරියට OS update තෙක් ප්‍රමාද නොවන ලෙසට නිකුත්කරන්නට කටයුතු කරනු ඇති බවටයි නිවේදනය වන්නේ. දැනටමත් iOS 16.4.1, iPadOS 16.4.1, macOS 13.3.1 මට්ටමේ මෙහෙයුම් පද්ධති භාවිතාවන් හා ඉහල සංස්කරණ සදහා මෙම නිකුතුව අදාල වන අතර බොහෝ විට restart වීමකින් තොරව යාවත්කාලීන ක්‍රියාවලිය අවසන් කරන්න සූදානම් ලෙසට එනු ඇති බවටත් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa


 

2023-05-01

වර්චුවල් මිනිසා

තොරතුරු තාක්ෂණයට තව දූරටත් ඔබගේ භාවිතාවන් විනිවිඳ යන්නට අවකාශයක් ඉතිරිව නැතුවා සේය. එසේමුත් එය පි‍ටුපසින් සිටින ප්‍රාග්ධණ සමුච්චන යාන්ත්‍රවලට නැවතීමේ ලකුනක් තම මෙහෙයුම් සදහා ගෙනෙන්නට කැමති නැති වනු ඇත. එය ක්‍රමයෙන් ඔබගේ මනස කය විනිවිද යාම තීව්‍ර කර ඇත. ඕබගේ වර්චුවල් පිටපතක් මිහිමත සක්මනට තව බොහෝ කල් නොවනු ඇත. එහි ස්වභාවය උපකල්පනයට තවම ඉක්මන් වැඩි උවද එහි පැමිනීමටද වැඩි කලක් ඉල්ලා නොසිටිනු ඇත. අර්ධයාන්ත්‍රික මිනිසා, යාන්ත්‍රික මිනිසා ඉන් අනතුරුව වර්චුවල් මිනිසා වී  විශ්වය තුල නිදහසේ ඔබ මොබ සක්මන අප මනසට දැරිය නොහැකි සංකල්පයක් පමනක් වුවද ඉතිහාසයට සාපේක්ෂව ක්ශනික පැමිනීමක් වන්නට සූදානම් වෙමින් ඓටී.
Pubudu Siriwansa


 

2030 වන UK 99%කින් 5G වෙතට.

5G වෙතට පැමිනීම සෑම රටකම තාක්ෂණික ලේයරයේ ප්‍රධාන ඉලක්කයකි. UK වලින්ද පැවසෙන්නේ තමන් 2030 වන විට පූර්ණ 5G වෙතට පැමිනීමක් සැලසුම් කරමින් සිටින බවකි. දැනටමත් ප්‍රධාන පෙලේ භාවිතාවෙන් 77%ක් පමන basic 5G වෙතට පිවිස ඇති අතර ඔවුන් සැලසුම් කරන්නේ දැනට වන 4G තාක්ෂණයන් මත යැපෙන 5G වෙනු වට පූර්න  ආකාරයේ පිවිසුමක්  Wireless Infrastructure  Strategy (WIS) ව්‍යාපෘතිය ඔස්සේ නිමවන්නට නියමිත බවකි. තවදුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ එය end-to-end 5G technology යක් ලෙසට ගෙනෙන්නට තමන් සූදානම් බවයි. මේ වන විටත් එරට රජය විශාල වැයක් ඔස්සේ businesses / public services සදහා 5G ගැලපුමට කටයුතු කරමින් සිටින අතර driverless vehicles, robots, drones වැනි භාවිතාවන්ගෙන් සමන්විත smart භාවිතාවකට ප්‍රධාන ප්‍රදේශවල සිට දුරස්ථ ප්‍රදේශ දක්වා සැලසුම් කරමින් සිටින බවයි.
Pubudu Siriwansa  Pariganakaya.Tech


 

Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර දෙවන තැනට.

Statcounter වල ගනනයන් ගැන විවිධ මත ඇත. කෙසේ නමුත් ආසන්න මතයකට පිවිසෙන්නට එය ප්‍රමානවත් බව බොහෝ මතයයි.  ඔවුන්ගේ April 2023 වාර්ථා පවසන්නේ Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර desktop browser අතර දෙවන තැන සටහන් කරගන්නට සමත්ව ඇති බවයි.  කෙසේ නමුත් Apple Safari යනු non-cross-platform browser එකක් ලෙසට ගැනෙන අතර සමස්ථ භාවිතාව තුල 11.87%ලෙසටද Edgeආසන්නව 11% ලෙසටද Google Chrome වල ගනනය 66.13% ලෙසටද සටහන් වෙමින් තිබෙනවා. මේ අතර mobile  වලදී සමස්ථයෙන්  90%ක් භාවිතාව ලබා ගන්නට Chrome / Safari සමත්ව ඇති  බවටයි වාර්තා වන්නේ.
Pubudu Siriwansa   Pariganakaya.Tech


 

අනවශ්‍ය විට දුරකථනයේ සංවේධී බව පාලනය කරන්න.

අධි සංවේදනය සහිත නවීනතම දුරකථනය ඔබ සිතනවාට වඩා ඔබව දන්නෙක් වෙමින් සිටී. එය ඔබගේ සිරුරේ අභ්‍යන්තරයේ සිට ඔබගේ ආර්ථික, දේෂපාලණික, සංස්කෘතික හැසිරීම දක්වා බොහෝ තීරනාත්මක ලෙසට හදාරන්නක් වේ. තත්වය වඩාත් සංකීර්න වන්නේ එතැනින් නොනැවතී එම තොරතුරු සර්වර ගතව AI පදන්මින් අපමන වේගයකින් විශ්ලේෂනයටද සූදානම්වද සිටීම නිසාය. මෙතත්වයන් සමග තරමක් දුරට හෝ සහනශීලී භාවිතාවක් සදහා හොඳම උපදෙස ඔබ ඔබ අවට ඇති තොරතුරු උපාංග හසුරවන්නට පටන් ගැනීමය. උදහරණයක් ලෙසට අනවශ්‍ය වෙලාවල් වලදී එහි දත්ත සබඳතාවය අක්‍රියකොට තැබීම ගත හැක. එනම් ඔබට එහි උදවු අනවශ්‍ය වන සියලුවිට එහි වන අධිසංවේදීබව  හැකි තරම් පාලණය කර තැබීමය. එවිට ඔබ තබන පියවරේ සිටම එයට හැකිවන අනවශ්‍ය ලෙසට ඔබව දත්ත ගතවීම තරමක හො පාලණයට ඔබට හැකි වනු ඇත.
Pubudu Siriwansa  Pariganakaya.Tech


 

Windows 10 සදහා අවසාන feature update එක නිකුත්වේ.

Microsoft  සමාගම මේ වන විට  version 22H2 යාවත්කාලීනය windows 10 සදහා වන අවසාන  feature update එක ලෙසට නම් කර අවසන්ය. එනම් Windows 10යනු තව දුරටත් එම ආයතනයේ ප්‍රධාන අවධානයේ ඇති මෙහෙයුම් පද්ධතියක් නොවන බවට ඇගවුමකි. තවදුරටත් එම ආයතනය windows 10 සදහා මාසික යාවත්කාලීන ආරක්ශක පිලිසකර හා කුඩා දියුනු කිරීම් සමග නිකුත් කරන්නට පමනක් කටයුතු කරනු ඇත. ඒ අතර මේ වන විටත් "Windows 12" පිලිබඳව කථා බහද ඇරබී ඇත. බොහෝ විට එය එලබෙන වසරේදී එනු ඇති බවට බලාපොරොත්තුවන අතර Windows 11 තරම් වෙනසක් ‍රැගෙන නො එන්නට මේ වන විටත් එම ආයතනය වෙතට භාවිතාකරන්නන්ගේ බලපෑම් සිදුවෙමින් ඇති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. හැදෑරුම් ආයතනයක් පවසන්නේ windows 10 භාවිතාව තවමත් 75%ක  ඉහල භාවිතාවක් ලබමින් සිටින බව වන අතර windows 11 තවමත් 20%ක පමන  භාවිතාවක තිබෙන බවකි. බොහෝ විට එම ආයතනය තම සුපුරුදු තුන් අවුරුදු නිකුතු රටාව වෙනස් කරන්නට හෝ එම රටාව ගෙනෙන වෙනස් වීමේ ස්වභාවය වෙනස් කරන්නට කාලය පැමින ඇති බවටයි සමහර විචාරක මතය වෙමින් ඇත්ත.
Pubudu Siriwansa  Pariganakaya.Tech


 

iPhone charging වලදී එහි උනුසුම් /ශීත බව බලපා හැක.

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ iPhone ය charging වලදී දැඩි උනුසුන් බව සේම දැඩි සිසිල් බව හානිකර වන බවකි. බොහෝ විට සමහර cases  මේ සදහා හේතුවක් වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Apple වල නවතම software update වලදී මේ පිලිබඳව අනතුරු ඇගවීම් සමන්විත කරවන්නට එම ආයතනය කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම පැවසෙන්නේ iOS 16 වලදී charging ක්‍රියාවලිය on hold මට්ටමේ තබා උපාංගයේ ආරක්ෂාව වෙනු වෙන් කටයුතු කරන්නට සැකසුම් පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. එය normal temperature වලදී යලි charging ක්‍රියාවලිය resume කරන්නට කටයුතු කරනු ඇති අතර භාවිතාකරන්නන් විසින් අමතර ආරක්ශක ආවරනයන් සමග කටයුතු කරද්දී කල්පනාකාරී වීම වැදගත් බවටයි උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Pariganakaya.Tech

තම අවට වන නොදන්නා මෙන්ම නොහැගෙන විසල් විශ්වය විනිවිඳ යන්නට තම ගනන හැකියාව මිනිස් වර්ගයාට මහත් පි‍ටුවහලක් වන්නට ඇත. ඔවුන් තම ගනන හැකියාව යාන්ත්‍රික කර අවසානයේ "පරිණත වූ ගනන" හැකියාවක් අද වන විට තම අභියසට කැඳවා ගෙන සිටී, මේ "අපූරු" බවේ දෛනික තොරතුරු මෙන්ම නෙක විචාර සටහන් වලින්  මොහොතින් මොහොත සැරසෙන අවකාශයයි Pariganakaya.Tech වෙබ් අඩවිය. මේ ඒ අපූරු අවකාශය වෙතට ඔබේ කාර්යබහුල  එක් මොහොතකට පැමිණ යන්නට කරන ආරාධනාවයි.
www Pariganakaya.Tech



Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...