2022-10-21

iOS 16.1 එලබෙන සතියේ.

Apple පවසන්නේ එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත iOS 16.1 upgrades ඔබගේ  iPhoneය අංග සතරකින් වඩාත් අපූරු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Lock Screen මතට එන්නට නියමිත widget එකක් ඔස්සේ Live Activities තොරතුරු ‍රැගෙන එන්නට නියමිත බවයි. real-time info ගෙනෙන මෙම අංගය ට අමතරව මෙම Live Activities යටතේ දෛනික සජීවී තොරතුරු රාශියක් ගෙනෙන්නට සමත් බවයි. එසේම පෙර කී යාවත්කාලීනය සමග Apple Fitness+ද Apple Watch වලින් තොරව භාවිතයට ගෙනෙන බවයි. නව battery icon ය පමනක් නොව Clean Energy Charging හැකියාව වඩාත් පරිසර හිතකාමී බවක් ගෙනෙන අතර iOS 16 වෙතට පැමිනෙන්නට හැකිවන අතර ආරක්ශිත සැකසුම් කිහිපයක්ද ‍රැගෙන එන්නට නියමිතව තිබෙනවා.
Pubudu Siriwansa


 

2022-10-19

Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ.

Windows 10 සදහා වන  2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004)  වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර මෙය "feature update." ලෙසට සාමාන්‍යයෙන් නම් වන නිකුතූන් ගනයට අදාල වනවා. මෙම Windows 10 2022 යාවත්කාලීනය Home / Professional සංස්කරන සදහා 18 months සහය කාලයක්ද Enterprise / Education editions භාවිතාකරන්නන් සදහා 30 months සහය කාලයක් ලැබෙන්නට නිකමිතව තිබෙනවා. නවතම Windows 10 සංස්කරනය October 14, 2025 දක්වා නිල සහය හිමිවන බවටයි දැනට නිවේදනය කර ඇත්තේ.
Pubudu Siriwansa


 

Google වල Family Link app ඔස්සේ දරුවාගේ වැඩි ආරක්ශාවක්.

Google පවසන්නේ වසර පහකට පමන පෙර හඳුන්වා දුන් Family Link app එක ඔස්සේ තම දරුවන්ගේ app purchases, screen time, set restrictions, supervise app data permissions වැනි පහසුකම් වලට අමතරව අළුතින් හඳුන්වා දුන් Locations tab ඔස්සේ දුරරුවන්ගේ location , battery percentage පමනක්  නොව ring the devices වැනි විධානයක් ඔස්සේ දරුවන්ගේ ස්ථානයන් නැවත තහවුරු කරගන්නට හැකි බවයි. අනවශ්‍ය  websites වලට පිවිසීම වලකාලන්නට මෙන්ම usage updates වැනි දත්ත ඔස්සේ දරුවන් එම උපාංග සමග කටයුතු කරන ආකාරය පිලිබඳව දැනුවත් විමටද Family Link සහය වනවා සේම අවසාන වශයෙන් device usage වල summary යක් දක්වාම තොරතුරු ලබා ගන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa


 

2022-10-16

Generation Z/Alpha teenagers

Generation Z/Alpha teenagers යුගය සමාජය මත සංක්‍රිය වන යුගයේ අප සිටින්නෙමු. මුල් ස්වභාවයෙන්ම  Digital Devices මත වැඩියෙන් යැපෙන ඔවුන්ගේ ජීවිත රටාව අප පසුකල කොරොනා වසංගතය සමග සමස්ථ සමාජයේම ඉහලට පැමිනි Online මිත්‍ර බව විසින් අධිත්වරනය කර දැමුවා විය යුතුය, Social media විසින් නැවත වර නගන ලද සංස්කෘතිය ඔවුන්ගේ ජීවිතය වී තිබීම මග හැරිය නොහැකි සත්‍යයකි. සාම්ප්‍රධායික රූපවාහිනී මාධ්‍ය අනසක අවසන්ය. නැතිනම් අවසන් වෙමින් තිබේ.  Streaming services වඩාත් නම්‍යව ඔවුන්ව වෙලා ගෙන තිබේ. අවසාන වශයෙන් පැවසිය හැක්කේ දැණුම සුලබව තිබීමය. එය කලමනාකරනය තීරනාත්මක විෂයව තිබේ. "ඔවුන් ඔබට වඩා වෙනස්ය. ඔවුන්ගේ ජීවවිද්‍යාත්මක පද්ධතියෙන් ඉහලට වන සංස්කෘතික ආර්ථික මෙන්ම දේශපාලණය වෙනස් හැඩයක් ගනිමින් තිබේ." සාම්ප්‍රධායික විෂයන් ඔවුන් ඉදිරියේ උකටලි වන්නට සිදුව තිබීම දැනටමත් ප්‍රකට වෙමින් ඇත.
Pubudu Siriwansa


 

2022-10-15

Apple ද USB-C වෙතට පැමිනීම???

හදාරන්නන් අනාවැකි පලකමින් සිටින්නේ iPhone model. සදහා කාලයක් තිස්සේ standard iPhone cable ය වූ Lightning cables භාවිතය 2023 වන විට සමුගැනීම ආරම්භ වනු ඇති බවයි. දැනටමත් යුරෝපීය නෛතික පද්ධති විසින් Apple වෙතට දැනුම් දී ඇත්තේ 2024 වන විට USB-C  වෙතට පැමිනෙන ලෙසට වන අතර, ඒ අනූව අනාවැකි පලවෙන්නේ  iPhone 15 සමග මෙම නව පැමිනීම සිදුවනු ඇති බවයි. එපමනක් නොව වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉදිරි දශකය අවසන් වන විට Apple ආයතනය fully wireless charging port වෙතට පැමිනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. පසුගියදා European Parliament වෙති පැවසුනේ 2024 අවසන් වන විට සියලුම EU වල අලවි වන mobile phones, tablets හා cameras සදහා USB Type-C charging port සමග විය යුතු බව වන අතර 2026 වන විට මේ බව laptops සදහා ද බලපෑ යුතු බවයි. මේ අනූව 2014 සිට භාවිතයට පැමිනි USB-C ports පොදු භාවිතාවක් වීම සමග පරිසරයට අනවශ්‍ය ලෙස එක්වන උපාංග ප්‍රමානය අඩු කරන්නටත් භාවිතා කරන්නන් සදහා පහසුවක් වන්නටත් නියමිත පවතිනවා.
Pubudu Siriwansa


 

Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.

ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි.  Google පවසන්නේ තම Matter නව  smart home ප්‍රමිතීන් සමග මෙම ecosystem ගැටළුව විසදෙන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Matter-enabled device සමග අනෙකුත් smart home ecosystem උපාංග මෙන්ම ඔබගේ ප්‍රියතම apps  එකිනෙක යාවන්නට සූදානම්ව ඇති බවයි. 
    Samsung ආයතනයද පවසන්නේ තමන්ද Google සමග වඩාත් සමීප smart home භාවිතාවකට සූදානම් බවයි.  ඔවුන්ගේ SmartThings සමග Matter වෙතටද නැතිනම් අනෙක් දෙසටද භාවිතා කරන්නන්හට ගැටළුවකින් තොරව භාවිතාවන් ගෙනයන්නට දැන් වුදානම් බවයි.හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනටමත් Google, Samsung, Amazon වැනි උපාංග පරිසරයන් අතර දැනටමත් මෙම එකි නෙකා අතර සහය ගොඩ නැගෙමින් ඇති අතර ඉදිරියේදී අනෙකුතායතනයන්ද තම නිෂ්පාදන සදහා මෙම පොදුප්‍රමිතීන් වලට පිවිසෙනු ඇති බවයි.
Pubudu Siriwansa

 

E-Waste ගැටළුවක් වෙමින් ඇත.

භාවිතාව බහුල වන විට හමුවන මිලග අභියෝගය වන්නේ බැහැර වීමද බහුල වීමය.  Waste Electrical and Electronic Equipment (WEEE) Forum පසුගිය දා පවසා සිටියේ 2022 සැලකීමේදී 5.3 billion e-waste බැහැරවීමක් බලාපොරොත්තු විය යුතු බවකි. බර පතල බව පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ එක් දුරකථනයක් සාමාන්‍යයෙන් 9 millimeters ලෙසට සැලකුව හොත් මේවා එකිනෙක මත තැබූ විට 31,000 miles/50,000 kilometers දුරක් ගන්නා බවයි. එය සද මතට වන දුරින් 1/8 බවට පැහැදිලි කරන්නට කටයුතු කරනවා. එසේම මිහිමත වටිනා මූල ද්‍රව්‍ය ලෙසට සැලකෙන  gold, copper, silver, palladium වැනි recyclable components රාශියක් සමග මෙවා භාවිතාකරන්නන්ගේ drawers, closets, cupboards නැතිනම් garages වැනි ස්ථාන වලට ‍රැස්වෙමින් තිබෙන්නට වැඩි ඉඩක් ඇති බවයි. October 14 දිනට යෙදෙන E-Waste Day දිනට සමාන්තරව මෙම දැනුවත්වීම ඔවුන් කර සිටිනවා.
Pubudu Siriwansa


 

2022-10-14

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable channels වෙතට මෙම වසර අවසානය වනවිට ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා. බහුල භාවිතය තුල අවසර පද මතක තබාගැනීමේ අභියෝගයට පිලිතුරක් වන මේ ඔස්සේ Google Password Manager වැන්නක සහය autofill ආකාරයට ලබන්නට හැකියාව ගෙනෙනවා. එම ආයතනය පැහැදිලි කරන්නේ passkey සමග අදාල ගිනුම තේරීමෙන් අනතුරුව fingerprint, face, නැතිනම් screen lock වැනි තහවුරුවකින් සමග ඒ ව්තට පිවිසෙන්නට හැකි අතර nearby device ආකාරයටද මෙම සහය වන්නට නියමිතයි. එපමනක් නොව ඔබ පිවිසෙන්නට අවශ්‍ය වෙබ් අඩවිය ලබා දෙන QR එකක් ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ scan කිරීමකින්ද approve access ලබා ගන්නට හැකි වනවා. Google වල මීලග පියවර වනු ඇත්තේ API support ඔස්සේ native Android apps වලටද මෙම සහය ගෙන ඒමයි.
Pubudu Siriwansa


 

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

 


“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows 10 සමග පවසා සිටි නව මෙහෙයුම් පද්ධති පැමිනීම අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉවතට පැමිනෙමින් ඇති බවට හෙලිවෙමින් තිබෙනවා. බොහෝ විට නෙක මෙහෙයු පද්ධතිවල වන මහත් වෙනස් කම් ඔස්සේ තම අනන්‍යතාවය ‍රැක ගන්නවා වෙනු වට පොඳු ආකෘතියකටපැමිනීම භාවිතාකරන්නන් සදහාද මහත් සහනයක් වනු ඇත. Microsoft සමාගමේ මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු තවමත් ප්‍රාථමික මට්ටමේ වන අතර ඉදිරියේදී වැඩ් දුර තොරතුරු බලාපොරොත්තු වෙමින් තිබෙනවා.

Pubudu Siriwansa

2022-10-11

Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.

Google Chrome  පිලිබඳව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 සැලකීමේදී වඩාත් හානිකරබවට ලක්වු browserය වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Chrome වල 2022 සදහා වාර්ථා ගත වූ හානිකර බවට විවරවීම නැතිනම් vulnerabilities 303 ලෙසට සටහන් වන බවයි.  ලොව වඩාත් භාවිතයක් ලබන මෙම බ්‍රවුසරය සදහා October 2022 සදහාද හඳුනා ගත් හානිකරබවක් පවතින එකම මෘදුකාංගය ලෙසටද වාර්ථා වන බවයි. එම වාර්ථාවට අනූව Mozilla Firefox සදහා 117 vulnerabilities බවක්ද,  Microsoft Edge සදහා 103 vulnerabilities මෙන්ම Safari සහ Opera සදහා vulnerabilities 26 ක් හා 0 ලෙසට වාර්ථා වන බවයි. සමස්ථ භාවිතකාලය සැලකීමේදීද  September 2008 වල පැමිනි  Chrome  සදහා 3,159 vulnerabilities  සටහන් වෙමින් ඉහලින්ම වන අතර මීට වඩා පැරණි භාවිතාවන් වන Firefox, Safari, හා Opera සැලකීමේදී 2361, 1139, සහ 344 සටහන් වන බවත් 2015 පැමිනි Edge වල 806 vulnerabilities සටහන් වන බවයි. 
     සමස්ථයක් ලෙසට නිතරම තම බ්‍රවුසරය යාවත්කාලීනව තබා ගැනීමත් browser extensions තොරා ගැනීමේදී කල්පනාකාරී වීමත් වැදගත් වන අතර email වලට සංයුත්තව පැමිනෙන  phishing attacks  උත්සාහයන් බොහොමයක් ඔස්සේ සයිබර් අපරාධකරුවන් browser flaws ඉලක්ක වන නිසා මේ ගැන කල්පනාකාරීව සිටිම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

2022-09-29

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කිසිවිටක්හ් අවසන් නොවන තිපාසයක් බඳුය. එනම් සංකීර්න අවසර පදයක් යනු පහර දෙන්නෙකුට අත්පත් කරගන්නට සෑහෙන කාලයක් යන්නට නියමිත භාවිතාවක් පමනී. මේ උපකල්පනයට අනූව කිසිසේත්ම සරල යොදුමක් භාවිහා නොකිරීමත්, භවිතාකරන්නාගේ ප්‍රසිද්ධ තොරතුරක් එනම් වාහන අංකයක් නැති නම් දුරකථන අංකයක් මෙන්ම සමහර විට උපන්දිනය වැන්නක් භාවිතා නොකිරීමත් අවසානයේ සරලව උපකල්පණය කල නොහැකි ඉලක්කම් නැතිනම් අකුරු මෙන්ම සංකේතවල  තනි තනි හෝ මිශ්‍රනයක් භාවිතා නොකිරීමත් වැදගත් බව හදාරන්නන් පවසනවා. තත්වය මෙසේ වන විට මෑතකදී පලවන වාර්ථාවක් පවසන්නේ තවමත් තම අවසර පදය ලෙසට "123456" නැතිනම් "password" වැනි භාවිතාවන් තවමත් බහුලව හමුවන බවයි. මීට අමතරව ජනංප්‍රිය ක්‍රීඩා කන්ඩායම් වල නාමයන්, වෙළඳ නාමයන්ද බහුලව හමුවන භාවිතාවන් වේ. හදාරන්නන් උපදෙස් දෙන්නේ Upper-case letter, lower-case letter, number හා symbol  වල හොඳ මිශ්‍රනයක් ආසන්නව සාර්ථක උත්සාහයක් බවයි.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...