2022-01-10

Canon වෙතින් chip-less toner cartridges

Canon ink cartridges සම්බන්දයෙන් පසුගිය ඔක්තෝබරයේ අවධානයට ලක්වූ කරුනක් වූවේ ඔවුනගේ printers වල out of ink තත්වයේදී එවායේ අමතර පහසුකම් වන scanning පවා නවතාලන්නට කටයුතු කොට තිබීම නිසාය. පැමිනෙන නවතම පුවත වන්නේ global chip shortage හේතුකොට ගෙන තාවකාලීකව chip-less toner cartridges වෙළඳ පොල වෙතට නිකුත් කරන්නට එම සමාගම කටයුතු කරමින් සිටින බවයි. මෙම February වන විට මෙම නිකුතූන් වෙළඳ පොල වෙතට එන්නට නියමිත අතර එම chip රහිත toner නිසා genuine Canon products පිලිබඳව අනතුරු හැගවීමේ හැකියාවේ සිට usage levels වැනි හැකියාව දක්වා සමහර හැකියාවන් මෙම උපකරන වලට අහිමි වන්නට නියමිත බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa

 

 

2022-01-03

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව වන අතර ඉඳ හිටක ගැටළු ඇති වීමද සිදු නොවනවාම නොවේ. Windows වැනි පරිසරයකදී තත්වය සංකීර්න වන්නේ බහුල භාවිතාව සමග විශාල වපසරියක ස්වභාවයන් ඇති පරිගණක සදහා මෙම යාවත්කාලීන ඉලක්ක වන විට හමුවිය හැකි නෙක ආකාරයේ ගැටළු වලද වපසරියද විශාල බැවිනි. පහත දැක්වෙන්නේ යම් මොහොතක ඔබ ස්ථාපනය කරන ලද යාවත්කාලීනයක් ගැටළු සහගත වෙමින් ඇති බවට හැගෙන විට ඒවා අස්ථාපනය කිරීම සදහා ගත යුතු windows 10 මෙන්ම windows 11 වලදී ගත හැකි සරල ක්‍රියාදාමයයි.
Windows Update > Update History > Related settings > Uninstall updates > මෙම පියවරින් පසුව හමුවන්නේ යාවත්කාලීන සදහා වන Control Panelය වන අතර අවශ්‍ය යාවත්කාලීනය ‍තෝරා එය අස්ථාපනය සදහා ඔබට පියවර ගන්නට හැකි වනු ඇත. සාර්ථක උත්සාහයකින් පසුව අස්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය progress bar එකක් ඔස්සේ ඕබට දක්නට ලැබෙනු ඇත.
අත්වැරදීමකින් යම් යාවත්කාලීනයක් අස්ථාපනය වූ විටකදී Check for updates > Windows Update ඔස්සේ ඒවා නැවත ස්ථාපනය කරගන්නට මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇත.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-01

Hybrid workplace

කොරෝනාව විසින් සංශෝධනය කරන ලද නව ලෝකයේ හැඩය වෙනස් බව හදාරන්නන්ගේ පැසසුමට ලක්වන ලක්ෂණවලින්ද පිරී නැතුවාම නොවේ. Hybrid workplace මේ අතර වැඩිම අවධානයක් දිනා ගන්නා බව පෙනෙන්නට ඇත. පසුගිය දෑවසර තුල මේ සදහා නෙක ආකාරවලින් නව අවකාශ බිහිවෙමින් පහසුකම් සලසමින් තිබේ. බොහෝ විධිමත් සමාජ යාන්ත්‍රන සදහා වැදගත් වන workflow, project planning, හා communication වැනි තීරනාත්මක ක්‍රියාකාරකම් සදහා පැමින ඇති සහය ටූලයන් විසින් සාර්ථකව පැරණි සාම්ප්‍රධායික අවකාශ වල තැන අත්පත්කරගනිමින් සිටින බව හැම අතින්ම දැකිය හැකිය.
    තවත් අතකින් තත්වය පැහැදිලි කෙරෙන්නේ “office-centric” වල සිට “human-centric” දක්වා තත්වය වෙනස් වෙමින් වීම ලෙසටය. ලොව පුරා වන නව වැඩ කරන රටා පිලිබඳ හදෑරීම් පවසමින් සිටින්නේ බොහෝ අවස්ථාවලදී තත්වය ධනාත්මක බවයි. නැතිනම් වර්ධනාත්මක බවයි. ඔවුන් පෙනවා දෙන්නේ නව ආකෘතිය වඩාත් මිනිස් සංක්‍යතාවයක් නිදහස් කරවන්නට සමත්ව තිබෙන බවයි. සාර්ථක අසාර්ථක අවස්තා හදාරන ඔවුන් බොහෝ දෙනා පවසන්නේ කෙසේ වෙතත් දෑ වසරකට පෙර අත්විඳි සමාජ ආකෘති ගොහොමයක් නැවත නොපැමිනෙන බවට සහතික බවයි.
Pubudu Siriwansa


 

2021-12-30

LG වෙතින් OLED.EX සූදානම්...

LG  පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග  picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX වලදී organic light-emitting diode සමග වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ෂම picture accuracy එකක් ගෙනෙනු ඇති බවයි. ගෙවී යන වසරේදී ලොවපුරා රූපවාහිණී අලවිය සියයට 12ක පසු බෑමක් දක්නට ලැබුනද OLED  සදහ ඓල්ලුම සියයට 70 කින් ඉහල යාමක් දක්නට ලැබුනු බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් කුඩා bezel thickness එකක් සමග තවත් නරබන්නන්ගේ අත්දැකීම අපූරු කරවන තවත් බොහෝ අංගයන් සමග 2022 වල second quarter වලදී නව පැමිනීම දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa


 

2021-12-21

‘Arrival Car’ ආකෘතිය ඉදිරිපත්වේ.

 

ඔවුන් ‘Arrival Car’ ආකෘතිය පැහැදිලි කරන්නේ අත්දැකීම් බහුල Uber drivers ලා ගේ අත්දැකීම් බහුලව යොදා ගනිමින් individuals හෝ families සදහා නිර්මාණය වන වාහන ආකෘතියට වඩා වැඩි දුර රියදුරන්ට මෙන්ම පාරිහෝගිකයන්ට වඩාත් ඉලක්ක වන පහසුකම් සමග එන රඨයක් ලෙසටය. Arrival Car prototype වලදී සාමාන්‍ය personal හෝ commercial භාවිතාවට වඩා වෙනස් එම ආයතනයම පසුගිය මාසයේදි ඉදිරිපත් කල electric bus prototype වලින් වෙනස් cost, uptime, driver comfort, safety, මෙන්ම convenience වැනි ගුනාංග වලින් සමන්විත සැලසුමක් වනු ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com

5G වලින් ආරක්ෂාව අනතුරුදායකය.

 


5G mobile ගැන ඇත්තේ විවිධ මතය. පැමිනෙන නව තාක්ෂණය දෛනික ජීවිතයේ තොරතුරු භාවිතාව සදහා තීරනාත්මක වෙනසක් යෝජනා කරමින් සිටින අතරම එම තරංග ආශ්‍රිත වන විට සිදුවිය හැකි දරුණු ප්‍රථිපල පිලිබඳවද විශාල කථා බහක් වෙමින් ඇත. සමහර වෙළඳ සමගම් මේ අනතුර සදහා ඉදිරිපත් කර ඇති විසඳුම්ද ඇත. ඒ අතර Necklaces එකක හරහා විය හැකි අනතුරු වලින් “protect” කරන බවට පොරොන්දු වෙමින්ද සිටී. Dutch වල nuclear safety and radiation protection (ANVS) පවසන්නේ මෙම නිෂ්පාදන අතරින් 10ක් සදහා ionising radiation අනතුරු තත්වය තමන් හඳුනා ගෙන ඇති බවකි. ඒ අනූව ඔවුන් උපදෙස් දෙන්නේ දීර්ගකාලීන භාවිතයේදී මේවා අනතුරු දායක විය හැකි බැවින් ඒවායින් ඈත්ව සිටින ලෙසටයි. මේ අතර World Health Organization පවසන්නේ 3G,4G සේම 5G වලින් අනතුරු දායක බවකි දක්නට නොලැබෙන බව හා මෙම තාක්ෂණ අතර එතරම් වෙනසද නොමැති බවකි. ඉහත සදහන් හදුනා ගත් අනතුරු දායක පැලඳුම් අතර sleeping mask, bracelet මෙන්ම necklace වනවා.
Pubudu Siriwansa
Pariganakaya.com

2021-10-05

ඉදිරි දෙපැය තුල වර්ෂාව ගැන predict හැකියාව AI ඇසුරින් තිබෙන බවට

London වල DeepMind AI lab වලින් පැවසෙන්නේ ඉදිරි දෙපැය තුල වර්ෂාව පිලිවඳව predict කිරීමේ හැකියාව පවතින බවයි. සාම්ප්‍රධායිකව complex equations ආදිය භාවිතයේදී පැය 6ක් සිට දෙසතිය දක්වා වන හැකියාවට සාපේක්ෂව මෙම AI හැකියාව ඉදිරියෙන් සිටින බවට ඔවුන් පැහැදිලි කරනවා. මෙම AI මූලික short-term weather forecasts ඔස්සේ critical storms නැතිනම් floods වැනි තත්වයන් ගැන අනාවැකි ඔස්සේ වඩාත් ජිවිත මෙන්ම දෙපල හානීන් අවම කරගන්නට හැකිවන බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ 2016 සිට 2018 දක්වා දත්ත මත 2019 දෙසට කල හැදෑරීමේදී 89% ක නිවැරදි බවක් දක්නට ලැබුනු බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.Com

 

Bing මත වැඩිම සෙයුම Google ද?

EU වෙතින් Google වල Android සදහා Google සෙවුම් යන්ත්‍රය default search engine ලෙස භාවිතාවීමට එරෙහිව පනවා තිබූ දඩුවමකට එරෙහිව පවසන්නේ Bing වල බහුතරම සෙයුම් වදන වන්නේ Google බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය භාවිතාවේදී 95% ක බහුතරයක කැමැත්ත වන්නේ search engine එකක් ලෙසට Google වන බවයි. කෙසේ නමුත් ප්‍රථිවිරුද්ධ මතය ලෙසට ප්‍රකාශව තිබෙන්නේ Google විසින් තම Android manufacturers හට pre-install මට්ටමින් තම search app සහ Chrome web browser තැබීම ඔස්සේ භාවිතාකරන්නන් හට බලපෑමක් කරන බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.Com

 

Facebook වෙතින් Reels නිකුත්වේ.

Facebook පවසන්නේ තමන් මාස කිහිපයකම අත්හදා බැලීම් වලින් අනතුරුව තම නව Reels හැකියාව දැනට US වල සිට ක්‍රමයෙන් මුද හරින්නට කටයුතු කරමින් සිටින බවයි. මේ අනූව Facebook ආයතනට TikTok නැතිනම් Snapchat වැනි භාවිතාවනට සාර්ථක විකල්පයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Facebook පැහැදිලි කරන්නේ “Reels” button එක අවදි කිරීමෙන් මෙන්ම Reels video තුලදී “Create” button අවදි කිරීමෙන් Reels video එකක් create කරගන්නට හැකිවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ භාවිතා කරන්නෙකුට video capture, music, camera roll import, captions වැනි පහසුක් කිහිපයක්ම සමග මෙම නව හැකියාව දැනට පැමිනෙමින් ඇති බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.com

 

Samsung වෙතින් 5G mmWave සමග සාර්ථක අත්හදා බැලීමක්.

Samsung Electronics පවසන්නේ ඔවුන් 5G mmWave භාවිතාව සමග කොරියාවේ subway trainවල Wi-Fi service ඉහල නංවන්නට සාර්ථවක අත්හදා බලා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Samsung Galaxy S21 Ultra සමග Wi-Fi downlink වේගය 1.8Gbps දක්වා ගෙනෙන්නට සමත්වූ බව පවසනවා. ඔවුන් පෙනවා දෙන්නේ දැනට 71Mbps වේගයක් දරමින් තිබෙන ධාවනය වන දුම්රියක සිට මේ අනව අත්දැකීම සාර්ථවකව අත්හදා බලන්නට තමන්ට හැකිවූ බවයි. කාරනය තාක්ෂණිකව පැහැදිලි කරන්නේ තමන් මෙම ultra-high ධාරිතාව අත්විඳින්නට 5G mmWave පරාසය backhaul භාවිතාවක් ලෙසට ගත් බවයි. ඔවුන් පවසනවා තම අත්හදා බැලීම සදහා Seoul Metropolitan Subway ආශ්‍රිත දුම්රිය ස්ථාන පහක් යොදා ගත් බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.Com

 

2021-07-05

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

 

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize වැනි ක්‍රියාකාරම් සූදානම්ව පවතිනු ඇත.
Pubudu Siriwansa


Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...