2022-01-01

Hybrid workplace

කොරෝනාව විසින් සංශෝධනය කරන ලද නව ලෝකයේ හැඩය වෙනස් බව හදාරන්නන්ගේ පැසසුමට ලක්වන ලක්ෂණවලින්ද පිරී නැතුවාම නොවේ. Hybrid workplace මේ අතර වැඩිම අවධානයක් දිනා ගන්නා බව පෙනෙන්නට ඇත. පසුගිය දෑවසර තුල මේ සදහා නෙක ආකාරවලින් නව අවකාශ බිහිවෙමින් පහසුකම් සලසමින් තිබේ. බොහෝ විධිමත් සමාජ යාන්ත්‍රන සදහා වැදගත් වන workflow, project planning, හා communication වැනි තීරනාත්මක ක්‍රියාකාරකම් සදහා පැමින ඇති සහය ටූලයන් විසින් සාර්ථකව පැරණි සාම්ප්‍රධායික අවකාශ වල තැන අත්පත්කරගනිමින් සිටින බව හැම අතින්ම දැකිය හැකිය.
    තවත් අතකින් තත්වය පැහැදිලි කෙරෙන්නේ “office-centric” වල සිට “human-centric” දක්වා තත්වය වෙනස් වෙමින් වීම ලෙසටය. ලොව පුරා වන නව වැඩ කරන රටා පිලිබඳ හදෑරීම් පවසමින් සිටින්නේ බොහෝ අවස්ථාවලදී තත්වය ධනාත්මක බවයි. නැතිනම් වර්ධනාත්මක බවයි. ඔවුන් පෙනවා දෙන්නේ නව ආකෘතිය වඩාත් මිනිස් සංක්‍යතාවයක් නිදහස් කරවන්නට සමත්ව තිබෙන බවයි. සාර්ථක අසාර්ථක අවස්තා හදාරන ඔවුන් බොහෝ දෙනා පවසන්නේ කෙසේ වෙතත් දෑ වසරකට පෙර අත්විඳි සමාජ ආකෘති ගොහොමයක් නැවත නොපැමිනෙන බවට සහතික බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...