2018-04-13

තාක්ෂනික දේශපාලනයේ හැඩය


තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව යුගයකට වීම බොහෝ මතවාද, භාවිතාවන් කලබන සුළු කොට ඇත. සරල මෙහෙයුම් පද්ධතියක සිට සංකීර්න AI භාවිතාවක් දක්වා එය දිගුවෙමින් ඇති අතරම අර්ධ මිනිසුන්, මිනිස් පිටපත්, මනස පිටපත් වීම වැනි තවමත් සංකල්පීය වුවත් සැලකිය යුතු විස්වාසනීය මට්ටමක වන නිර්මාණ දක්වා දිගු පරාසයකට කථාන්දරය පිවිසෙමින් ඇත.
පැමිනෙමින් ඇති නව තාක්ෂනික දේශපාලනයේ හැඩය ඇමරිකානු පසුගිය මැතිවරණයේ කල සටහන තවමත් හදාරමින් සිටින ඇත්තකි. රූපවාහිනියෙන් මිදෙන නව මාධ්‍ය යුගය මනස සමග කරන ගනුදෙනුවේ ස්වභාවය තවමත් හැදෑරීම ආරම්භ කරන තරමේ ආගන්තුක විෂයක්ව ඇත. පසුගිය කාලයේ රටේ සිදුවූ ජාතීවාදී ගැටලුවේදී සමාජජාලා සිදුකල හානිය වෙගයෙන් අවධානයට ලක්වෙමින් ඇතුවා සේම ඊට කලකට පෙර මතුවූ දරුනු ගංවතුර අවස්ථාවේදී සිදුකල සේවාව ද අපමනය. ආකෘතියල් ලෙසට මෙන්ම පහසු භාවිතාවක් ලෙසට සැලකීමේදී මිනිසුන් සතු මෙවන් පහසුකම් සලසන සේවාවක් තවමත් දැකිය නොහැකි තරම්ය.
Pubudu Siriwansa

2018-04-12

Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි...


විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්‍රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම් පලවෙමින් තිබෙනවා. එහිදී එම වර්ගයාගේ ජීවිතයයට එකතුවන කායික මනසික විවේකය සහයනයක් බවට පත්ව ඔවුන්ගේ ඊලග සීමාව ඉක්මවීමට යොමුවේවිද නැතිනම් අසහයක් බවට පත්ව එම වර්ගයාගේ පැවත්ම වඩාත් අර්බුධයට යාවිද යන්න මීලග කඬුල්ල වේවි. ඔවුනගේ සංස්කෘතික අර්ථ වලට නව විමසුමක් වුවමනා බව දැනටමත් අප හඳුනා ගනිමින් සිටිනවා. තාක්ෂනික කේද්‍රයේ මෙන්ම පරිධියේත් එකවර සමාජජාලා භාවිතයට නැවත විමසුමට ලක් කරන්නට වීම සරල උදා හරනයක්. ඇත්තටම මේක තාක්ෂනික ප්‍රෂ්නයකට වඩා සංස්කෘතික ගැටලුවක් විය යුතුය.
Pubudu Siriwansa

දැනුම තවදුරටත් අගමික නොවීම


දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්‍රභවයන් ලෙසට වඩාත් පිරිසුදු මූලයන් දෙසට දැන් දැන් අවධානය යොමුකරමින් සිටින අතර තම අනාගත ජිවිත සාධකය අකංඩව ගලායන්නට නම් තම පරිසරය සමග අදට වඩා පුලුල් එකගතාවයක් අනිවාර්ය බවට එකග වෙමින් සිටී.
ඔබ හා දෙවන ඔබ සමග වඩාත් එකග වන අනාගතය බොහෝ දෙනාගේ අතැති සරල උපාංගයක් වන ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඇරබී තිබේ.පෙර යුගයේ පාලක සාධකයන් වූ මෙහෙයුම් පද්ධති මෙන්ම මෘදුකාංග සංස්කරනයන් තව දුරටත් භාවිතාකරන්නන් බෙදා වෙන්කල හැකි සාධයක් නොවීම අනිවාර්ය අවශ්‍යතාවයන්ය. “කොපි රයිට්ස්” වැනි සංස්කෘතික සධක ඒවා පාලනයට පැමිනීම පිලිබඳව මේ වන විටත් ඉගි පලකරමින් සිටී.
Pubudu Siriwansa

මිනිස් කථාන්දරය


මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්‍ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි.
– Pubudu Siriwansa

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…


වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම සාර්ථක මැදිහත් කරුවෙකු වෙමින් සිටිනවා සේම හෙට දිනයේ මිනිස් සිරුර මෙන්ම මිනිස් මනස විනිවිද යන්නට ඇගිලි ගනිමින් සිටින බවකි ඔවුන්ගේ යෝජනාව වන්නේ. තවමත් සමහර දෑ සිනමා වැනි නිර්මාණකරුවන්ගේ සීමාවේ වන මුත් පෙරදී මෙන්ම වෙනත් තාක්ෂණයන් වලදී මෙන් ඒවා දස වසර සංක්‍යාවලින් පැමිනීමේ දින මැනීම මෙම විෂයේදී වලංගු නොවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. විටක අයෙක් නිඳි යහනට ගොඩවන විටක වන සිහිනයක් සැබෑ භෞතිකයක්ව පවතින ලොවකට අවදිවීමේ හැකියාව තවදුරටත් සිහිනයක් නොවන බවට ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා.
Pubudu Siriwansa

2018-03-13

දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

                        එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්‍රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්‍යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්‍රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට එය සාර්ථකම සංනිවේදන උපකරනයව තිබේ. එය භාවිතාකරන සියළු දෙනාම මාධ්‍යවේදීන් කිරීමටද දායකව ඇත්තේ සාම්ප්‍රධායික ආකරවලට නොව හදිස්සියේම වීම ගැටලුකාරීව ඇත්තේ තාක්ෂනිකව නොව දේශපලනිකව, සංස්කෘතික අවකාශ කලබමින් වීමේ ප්‍රථිපල අප අත්විඳිමින් තිබේ. දියුනු භාවිතාවන් ඉල්ලා සිටින දියුනු භාවිතාකරන්නන් නොපැමිනීම ප්‍රධාන ගැටලුව් ලෙසට හඳුනා ගත හැක. මේ දියුනු භාවිතාවන් සාර්ථක කාර්යක්ෂමතාවයකින් සමාජය මත ස්ථාපනයට අවශ්‍ය අර්ථනැංවීමේ වගකීම සියල්ලන්ගෙන ගිලිහිව ගොස් ඇති බවද වටහාගත යුතු වැදගත්ම සාධකයකි.
 -Pubudu Siriwansa

2017-05-07

SpaceX වෙතින් Internet ගෙනෙන satellites ජාලාවක් 2019 සිට ඇරබේ…


   SpaceX පවසන්නේ තමන් පෘතුවියට ඉහලින් කිලෝමීටර 1,110 – 1,325 අතර කක්ෂ ගතකරවන satellites ඔස්සේ පෘතුවිය පුරවටම gigabit මට්ටමේ Internet හැකියාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ නමුත් ඔවුන් පැහැදිලි කරන්නේ low-earth orbit මට්ටමේ දී රදවන 4425ක් තර වන satellites ඔස්සේ මෙම පහසුව ගෙනෙන අතර දැනට satellite networks වෙතින් ගෙනෙන ඉන්ටර්නෙට් සේවාවලදී ලැබෙන latency අගය 600 milliseconds වල සිට 25 milliseconds දක්ව අඩු කරන්න්ට ද හැකි වනු ඇති බවයි. එහෙත් එම අගය fiber-to-the-home වලදී හා සැසදීමේදී දුර්වල අගයක් වුවද කෙලින්ම භාවිත කරන්නෑග නිවස වෙතට ඉලක්ක වන මෙම සේවාව ඔස්සේ මහත් පහසුවක් ගෙන්නෙනට සමත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 2019 දී සිට ගොඩනැංවීමට ආරම්භවන්නට නියමිත මෙම ව්‍යාපෘතිය සමග පලමු ඉලක්කය 2024 වන විට සපුරන්නට බලාපොරොත්තුවන බවටයිපැහැදිලි කරන්නේ.
– siriwansa

2017-05-06

Gmail වල Link වලට අමතර ආරක්ෂාවක්


      Google වෙතින් එන Gmail සදහා ආරක්ෂිත පියවර කිහිපයක්ම එක්කරන්නට Google ආයතනය පසුගිය කාලයේ කටයුතු කරන ලද අතර ප්‍රධානතමව තම Google ගිනුම වෙතට පිවිසීමේදී නතිනම් Login පියවරේදී දියුනු කරමවේදයක් ගෙනෙන්නට කටයුතු කර මෙ අවන විට භාවිතාකරන්නන් වෙතට මුද අහරිමින් තිබෙනවා. එසේම සයිබර් පහර දෙන්නෙන්ගෙ ප්‍රියතම ක්‍රමවේදයක් වූ email ඔස්සේ ලබා දෙන Link එකක් Click කරවීමට පෙලබ විම ඔස්සේ හනිකරයන් ඔවුනගේ පරිගණකය වෙතට යැවීමේ ක්‍රමවෙදයටද අභියෝගයක් වන නව ආරක්ෂක පියවරකටද එම ආයතනය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. "anti-phishing filters on Gmail" ලෙසට නම් වන මෙහිදී Gmail සමග එනසැක සහිත Link වල Click කිරීමේදී ""The site you are trying to visit has been identified as forgery, intended to trick you into disclosing financial, personal, or other sensitive information."" වැනි පනිවිඬයක් ඔස්සේ භාවිතාකරන්නන් හට අනතුරු හඟවන්නට කටයුතු කරනු ඇත. දැනට Android සදහා නිකුත්කර ඇති මෙම භාවිතාව තුලදී භාවිතාකරන්නෙකුට අදාල අනතුරු ඇගවීම නොසලකා කටයුතු කරන්නටද හැකි මුත් ප්‍රමානාත්මක ආරක්ෂවක් ලබා දෙන්නටද හැකිවනු ඇති බවටයි ඔවුන්ගේ විස්වාසය වන්නේ.
- siriwansa
- www.avissawella.com

2017-05-02

තොරතුරු යුගයේ පසු භාගයකදී සම්ප්‍රදායික කම්කරුවා අස්ථාන ගත වීම


තොරතුරු යුගයේ පසු භාගයකදී සම්ප්‍රදායික කම්කරුවා අස්ථාන ගත වීම සාමාන්‍ය කාරනාවකි. කාර්මික යුගයේදී පැමිනි එම උත්කෘෂ්ටය තොරතුරු යුගයේ මැද භාගයේදී බහුලවන “යාන්ත්‍රික බව හා තොරතුරු බවේ මිශ්‍රිත උත්කෘෂ්ඨය” ගිල ගැනීම අනිවාර්යය. සාම්ප්‍රධායික දේශපාලකයා මෙන්ම ප්‍රාග්ධන හිමිකරුවා කොතරම් අකමැති වුවද ක්‍රමයෙන් මෙම පරිවර්ථනය සිදු වීම අනිවාර්ය වනු ඇත. දේශපාලන කෝනයෙන් සැලකීමේදී සාම්ප්‍රධායික හා පහසු අමුද්‍රව්‍යය තමන් වෙතට අහිමි වීම ඔවුනට ගැටලුවක් වීමේ වේදනාව කොතරම් උත්සාහකලද ක්‍රමයෙන් සිදුවිය යුතු එම පරිවර්ථනය අනිවාර්යය.
එය නව යුගයක් වීම ධනාත්මක බලපොරොත්තුවකි. බොහෝ සාම්ප්‍රධායික විෂයන් අභියෝගයට ලක්වීම එහිදී අනිවාර්යය. මිනිසුන් පාලනය කල බොහෝ සීමාවන් යලි විමසන්නට සිදුවීම මිනිසෙකුට තම ධාරිතාව සමාජය මත නිදහසේ දියත්කරවන්නට වැඩි වැඩියෙන් අවකාශදෙනු ඇත. සාම්ප්‍රධායික දේශපාලන මෙන්ම ආර්ථික රටාවන් ක්‍රමයෙන් බිඳ වැටමින් නිර්මානශීලී මිනිසා පාලනය කල බොහෝ සාම්ප්‍රධායික සාධක අඩපන වීම ඔස්සේ පැමිනෙන මෙම නව යුගයක් ගැන බලපොරොත්තු තබන්නට මෙන්ම වඩාත් විධිමත්ව අත්පත්කර ගන්නට උත්සාහ කිරීම අපගේ වග කීමක්ද වනු ඇත.
– siriwansa
- www.siriwansa.life

එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක…


ඔබ පිවිසෙන්නේ ප්‍රධාන මාවතින් ඔබගේ ගෙවත්තටය. ඔබගේ පලමු මට්ටමේ පෞද්ගලිකත්වය ඇරබෙන්නට පටන් ගනී. දැන් ඔබ පිවිසෙන්නේ නිවසේ මැද සාලයට වන විට ඔබගේ නිවසේ සාමාජිකයන්ට පමනක්ම සීමාවන පෞද්ගලික බව ඔබ වෙතට එනු ඇත. දැන් ඔබ පිවිසෙන්නේ ඔබගේ නිවසේ ඔබ වෙනුවෙන් වෙන්ව ඇති ඔබගේ කාබරයටය. සාමාන්‍යයෙන් මිනිස���කුට ලැබිය හැකි උපරිම පෞද්ගලික බවවින් මේ වන විට ආරක්ශිතය. ගිමන් නිවීමකින් අනතුරුව ඔබ දැන් පිවිසෙන්නේ ඔබගේ පරිගණක …කාබරයටය. එය අන්තර්ජාලයට සම්බදවී සෙවුමකට හෝ බෙදා ගැනීමකට දැන් ඔබ සහභාගී වෙමින් සිටී. පරිගණකයක් සමග හුදකලාව ගනුදෙනු කරමින් සිටින ඔබ වෙනත් තලයකදී දැන් ලොවට විවෘතවී ඇත. ඔබ භාවිතාකරමින් සිටින apps, මෙන්ම බ්‍රවුසරය ඇතුලු එහි ක්‍රියාත්මක වන නෙක ආකාරයේ මෘදුකාංග ඔස්සේ විවිධ මට්ටමින් ඔබව හදාරමින් සිටින්නේ සමහර විටක ඔබ කිසිසේත්ම නොදැනුවත්වය.
තවත් දෙසකින් තත්වය විග්‍රහ කෙරෙනුයේ වෙනස් ආකාරයකටය. ඔවුන් යෝජනා කරන්නේ තව දුරටත් පෞද්ගලිකත්වය සාර්ථක සංකල්පයක් නොවන බවකි. ඔබ කරන කියන, අසන බලන දෑ සගවන්නට උත්සාහ කරන්නේ ඇයි දැයි ඔවුන් විමසා සිටී. තවත්වය දැන් වඩාත් සංකීර්නය. තොරතුරු බව බරපතල Desktop පරිසරයට පමනක් තව දුරටත් සිරවී නැත. ස්මාර්ට් දුරකථනය ඔස්සේ එය ප්‍රථමයෙන් හා ඉතා හොඳින් ජංගම වී ඇත. දැන් පහසුවෙන් ඔබ යනෙන, ගනු දෙනු කෙරෙන ආකාරය විවෘත වී ඇත. වරක් වාර්ථා වැඩ සටහනක් මෙහෙවමින් අයෙකු ජනාකීර්න වීදියක් මධ්‍යයේදී පවසා සිටියේ තම ජංගම උපාංගය Wi-Fi ජාල හත්කට පමන විවරව ඇති බවකි. උපාංගයේ IP ලිපිනය ඔස්සේ ප්‍රමුකව ඔබව හදාරාගන්නට අන්තර්ජාලයට ඇති හැකියාව අති විශාල බව ඔහු පැහැදිලි කර සිටියාය.
එක් දෙසකින් වඩාත් සුරක්ශිත සෙවුමකට ආරක්ශිත බ්‍රවුසර පැමිනෙයි. තවත් විටක අමතර මෘදුකාංග ඔස්සේ ඔබගේ වෙබ් සැරිය සුරක්ශිත කර දෙන්නට ඔවුන් පොරොන්දුවෙයි. තවත් විටක වඩාත් සාර්ථක තාක්ශනයන් ඔස්සේ ඔබගේ දත්ත හුවමාරුව කලහැකි ක්‍රමවේද දියුනු කරමින් සිටී. වඩාත් දියුනු මිනිසෙකු වඩාත් නිවැරදි පිලිතුර වනු ඇති බවට මම විස්වාස කරමි. විටක ඔබ නොදැනුවත්වද එය සිදුවෙමින් පවතී. එය ඩිජිටල් තොරතුරු පරිසරයට ඔබින මිනිසා සදහා වන පරිනාමයක් ලෙසට නම් කරන්නට හැක. එය බොහෝ දුර ඉලක්කයක් වන මුත් වඩාත් සාර්ථක විසදුම එයම පමනක් වනු ඇත. එවිට ඒ මිනිසා ගෙන් සැදෙන ආයතනික මෙන්ම පෞද්ගලික මට්ටමේ තොරතුරු හුවමාරු පරිසරයන් වඩාත් සැහැල්ලු සහනශීලී එකක් වනු ඇති බවට විස්වාසය තැබිය හැක. තවමත් ලොව බහුල නීති පද්ධති වල මේ ආකාරයේ සිදුවන අපරාධ සදහා ඒ සදහා වඩාත් ඉලක්කවන නිතිරීතීන් පැමින නැත. මැතකදී ප්‍රධාන පෙලේ රටක් කෙටි පනිවිඬයක් මගින් කෙරෙන තර්ජනයක් සදහා වසර කිහිපයක් දක්වා දඩුවම් ගෙනෙන නීති පරිසරයක් නිර්මානය කරන්නට කටයුතු කල අතර ඒ දක්වා එවන් ගැටලුවකදී නීති සහනය පැමිනියේ ඒ ආශ්‍රිත තත්වය සදහා වන නීති කෙ‍ටුම් පත්වලින් වීම විටක නිවැරදිව අදාල වරද අර්ථ දක්වා ගන්නට මෙන්ම ඔප්පු කිරීමේ ක්‍රම වෙද වලට අපහසුකම් තිබිනි.
පැන වෙන නීති රීති මෙන්ම සමාජීයව පිලි ගැනෙන සිරිත් විරිත් වැනි බොහෝ දිශාවන් ඔස්සේ පෙර කී තොරතුරු තාක්ශන පරිසරය හිතැති මිනිසා නිර්මානය වීමට අවශ්‍ය වට පිටාව නිර්මානය කෙරෙනු ඇත. ඔහු දැනට අප දකින ආකාරයේ මහත් සේ යාන්ත්‍රික වූ මිනිසෙකුට වඩා තාක්ශනය වඩාත් විනයවත්ව තම ජීවිතයට කැදවා ගත් මිනිසෙකු වනු ඇත.
– siriwansa
- www.siriwansa.life

2016-07-03

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්....

    ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම "පෙර සැකසුම්" ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර දෙන්නෙකුට උපාංගයේ මෘදුකාංග පරිසරයේ ඉහල නිදහස් මට්ටේ අවකාශයක් වෙතට පිවිසෙන්නට හැකිවන බවය. තත්වය වඩාත් පැහැදිලි කරන එම හදාරන්නන් පවසන්නේ එම නිෂ්පාදන සමග ක්‍රියාත්මක වන විවෘත මට්ට්මේ මෘදුකාංග කොටස් ආශ්‍රිතව හමුවන මෙම දුර්වලතාවය ගෙනෙන අවකාශය වසර 7ක් පුරාවට කිසිදු යාවත්කාලීන කිරීමකින් තොරව භාවිතා වෙමින් තිබූ බවයි. පසුව Symentec ආයතනය තම නිෂ්පාදන 20ක් පමන වෙතට පිලිසකර නිකුත්කරන්නට කටයුතු කල බවට වාර්ථා වුනා.
www.digilk.com

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...