2016-07-03

ආරක්ශක මෘදුකාංගය විසින්ම ඔබව අනාරක්ශිත කිරීමක්....

    ඔබගේ දත්ත උපාංගයේ ආරක්ශාව සදහා ම ස්ථාපනය කරනු ලබන මෘදුකාංගයම ඔස්සේම අනාරක්ශිතවීමක් හමුවීම වඩාත් අවධානය දිනා ගන්නා කාරනාවකි. පසුගියදා Google Project Zero හි හදාරන්නෙකු විසින් මෙම "පෙර සැකසුම්" ආකාරයේ දුර්වලතා පෙන්වා දෙමින් Symantec ආයතනය වෙතට අවදානය යොමුකරන ලද අතර අවධාරනය කර සිටියේ, භාවිතාකරන්නාගේ කිසිදු මැදිහත් වීමකින් තොරව දුර්ස්ථව සිටින පහර දෙන්නෙකුට උපාංගයේ මෘදුකාංග පරිසරයේ ඉහල නිදහස් මට්ටේ අවකාශයක් වෙතට පිවිසෙන්නට හැකිවන බවය. තත්වය වඩාත් පැහැදිලි කරන එම හදාරන්නන් පවසන්නේ එම නිෂ්පාදන සමග ක්‍රියාත්මක වන විවෘත මට්ට්මේ මෘදුකාංග කොටස් ආශ්‍රිතව හමුවන මෙම දුර්වලතාවය ගෙනෙන අවකාශය වසර 7ක් පුරාවට කිසිදු යාවත්කාලීන කිරීමකින් තොරව භාවිතා වෙමින් තිබූ බවයි. පසුව Symentec ආයතනය තම නිෂ්පාදන 20ක් පමන වෙතට පිලිසකර නිකුත්කරන්නට කටයුතු කල බවට වාර්ථා වුනා.
www.digilk.com

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...