2018-04-12

දැනුම තවදුරටත් අගමික නොවීම


දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්‍රභවයන් ලෙසට වඩාත් පිරිසුදු මූලයන් දෙසට දැන් දැන් අවධානය යොමුකරමින් සිටින අතර තම අනාගත ජිවිත සාධකය අකංඩව ගලායන්නට නම් තම පරිසරය සමග අදට වඩා පුලුල් එකගතාවයක් අනිවාර්ය බවට එකග වෙමින් සිටී.
ඔබ හා දෙවන ඔබ සමග වඩාත් එකග වන අනාගතය බොහෝ දෙනාගේ අතැති සරල උපාංගයක් වන ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඇරබී තිබේ.පෙර යුගයේ පාලක සාධකයන් වූ මෙහෙයුම් පද්ධති මෙන්ම මෘදුකාංග සංස්කරනයන් තව දුරටත් භාවිතාකරන්නන් බෙදා වෙන්කල හැකි සාධයක් නොවීම අනිවාර්ය අවශ්‍යතාවයන්ය. “කොපි රයිට්ස්” වැනි සංස්කෘතික සධක ඒවා පාලනයට පැමිනීම පිලිබඳව මේ වන විටත් ඉගි පලකරමින් සිටී.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...