2018-04-12

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…


වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම සාර්ථක මැදිහත් කරුවෙකු වෙමින් සිටිනවා සේම හෙට දිනයේ මිනිස් සිරුර මෙන්ම මිනිස් මනස විනිවිද යන්නට ඇගිලි ගනිමින් සිටින බවකි ඔවුන්ගේ යෝජනාව වන්නේ. තවමත් සමහර දෑ සිනමා වැනි නිර්මාණකරුවන්ගේ සීමාවේ වන මුත් පෙරදී මෙන්ම වෙනත් තාක්ෂණයන් වලදී මෙන් ඒවා දස වසර සංක්‍යාවලින් පැමිනීමේ දින මැනීම මෙම විෂයේදී වලංගු නොවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. විටක අයෙක් නිඳි යහනට ගොඩවන විටක වන සිහිනයක් සැබෑ භෞතිකයක්ව පවතින ලොවකට අවදිවීමේ හැකියාව තවදුරටත් සිහිනයක් නොවන බවට ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා.
Pubudu Siriwansa

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...