2014-11-05

සෑදෑව උදාවෙත්ම අපට දවස පිලිබදව සමාලෝචනයකට පැමිනෙන්නට අවශ්‍යවිය...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (50)

    සෑදෑව උදාවෙත්ම අපට දවස පිලිබදව සමාලෝචනයකට පැමිනෙන්නට අවශ්‍යවිය. වගා භූමියේ සිට ආශ්‍රමය වෙතට දෙවෙන මාවත දිගේ අප ඇවිද එමින් සිටියෙමු. "සමස්තයක් හැටියට ඔබට යමක් කියන්නට තිබෙනවා නේද?" ඒ ටිබෙටියානු මිතුරාගෙන් ආරාධනාවකි. "ඔව් ඇත්තටම , මම කැමතියියි ඔවුන්ව නම් කරන්න තරු මිනිසුන් කියලා. ඔවුන්ගේ යටි මනස වැඩසටහන් ගත වෙලා තියෙන්නේ හරිම අපූරු විදිහට. මට හිතෙනවා තවම මතුපිටට නො එන ලද ශක්‍යතා තවත් බොහොමයි කියලා. සමහර විට විශ්වයේ තව අභ්‍යන්තරයට මිනිසුන් සමග යානාවක් යවන්නේ කොහොමද කියලා වගෙ දේවල්. මම කියන්නේ දැනට බලපාමින් තියෙන කාලය , ගත හැකි උපරිම වේගය වගෙ අභියෝග ජයගන්නේ කොහොමද කියලා වගෙ දේවල්. බොහෝ වෙලාවට පෘතුවිය මතුපිටදී තවමත් මිනිසුන් පාලනය කරන සුලි කුනා‍ටු , සුනාමි , භූකම්පන වගේ දේවල්. " ඇත්තෙන්ම ඔවුන් අපූරු ජීවන රටාවක් ලබා ගත්වුන් බව දවසේ ලද අත්දැකීම් මා වෙත තවත් පහැදිලි කරදෙන ලදී. 
                                                                කාලයක් තිස්සේ නිරන්තරයෙන් ඔවුන් සමග ගත කල මිතුරා ඔවුනගේ අපූරත්වයේ රහස වඩාත් සමීපව පැහැදිලි කරන්නට විය. " අපේ දියුනු ශිෂ්ඨාචාරවලට වඩා සරල නම්‍ය ක්‍රම වේද වලින් අපි විඳිනවට වඩා හරිම පහසු ආකාරවලට ඔවුන් ගැටලුවලට මුහුන දෙනවා කියලා මට හිතෙනවා.දැඩි වැසිසමයත් එක්ක ව්ටේටම වන කඳු පෙල ඔස්සේ පැමිනෙන ජල කඳ සමග ඔවුන් කරන පාලනයම හොදටම ඇති ඒ බවට. වේගයෙන් පැමිනෙන ඒ ජල කඳ ‍රැස්වීම කුඩා පෙදෙස් වලට සීමා කර ගමිනින් ඔවුනට පාලනය කර ගත හැකි ආකාරයට ඈතින් වන ගංගාව වෙතට ගෙන යන ආකාරය හරිම තර්කානු කූලයි. දියුනු යැයි සිතා සිටින මිනිසුන් මෙන් යෝධ කොන්ක්‍රීට් ඉදිකිරීම් වෙනුවට කුඩාවට මෙන්ම ශක්තිමත්ව ගොඩ නැගෙන ස්වභාවික දෑ  භාවිතාවන අයුරින් ඔවුන් ඒවා පාලනය කරන ආකාරය හරිම විසිතුරුයි."
Pubudu Siriwansa

Windows 10 සමග MKV support පැමින ඇති බව ස්තිරය...

   Windows 10 හි දැනට පැමින ඇති 9860 සංස්කරනය සමග MKV සහය වන බවට හදාරන්නන් අතර වූ මතය තහවුරු කරමින් මේ වන විට එය සනාතව තිබෙනවා. high definition video භාවිතාව තුල ඉක්මනින් ජනංප්‍රියවූ file extension එකක ලෙසට ගැනෙන මෙය Windows 10 භාවිතාකරන්නන් සදහා අමතර codec භාවිතාවකින් තොරව ධාවනය කර ගැනීමේ හැකියාව පවතිනවා. දැනට Windows 10 පෙර සංස්කරනයක් භාවිතාකරමින් සිටින්නෙකුට Jellyfish නම් සාම්පල් වීඩියෝව බාගත කර එය ධාවනයට( Windows Media Player සමග)  උත්සාහ කල විට පලමුව පැමිනෙන "does not support this file"  පනිවිඬයට "Yas" කල විට ගැටලුවකින් තොරව එම ධාවනය සිදුවන බව අත්විදිය හැකිවනවා.

2014-11-04

අවැදගත්දේ අමතක වන ස්වභාවික නීතිය ඉක්මවන වැදගත් දේද අමතක කලයුතු බව පවසන Right to be Forgotten නීතිය...

     අන්තර්ජාලය නිර්මානය වීමේදී බලාපොරොත්තු නොවූ වැදගත්දෑ පසුකාලීනව හමුවීම සාමාන්‍ය කරුනකි. සරලව මෙන්ම පහසුවෙන් තොරතුරු හුවමාරුව ඒක කේන්ද්‍රීය නොවන නිදහස් අයුරකින් සිදුවීම බලාපොරොත්තුවෙන් ගොඩ නැගුනු එම අවකාශය මේතරම් දුරට සාමන්‍ය ජීවිතවලට මැදිහත්වන තීරනාත්මක එකක් වෙතයි නිර්මාන වන විට කිසිසේත්ම  නොසිතන්නට ඇත. භාවිතාකරන්නෙකුගේ සෞඛ්‍ය ජීවිතයේ සිට ලොව දේශගුන රටාවල අනවැකි දක්වා  නෙක ආකාරය ගත් බොහෝ දේ සදහා අදවන විට අන්තර්ජාලය මැදිහත් වෙමින් ඇත.එහි පහසු ව්‍යාප්තිය සදහාම  ප්‍රධාන හේතුවක් වූ ඒක කේන්ද්‍රීය නොවන බව එහි  තැන්පත් වන තොරතුරු පිලිබදව පාලනය ඉල්ලා සිටීමකදී ගැටලු සහගත වීමේ එක් අවස්ථාවක් වන්නේ  right to be forgotten වැනි නෛතික සුරක්ෂිත බවක් එය භාවිතාකරන්නන් හට අවශ්‍ය වීමෙන් ය. අන්තර්ජාලය වෙතට පැමිනෙන තොරතුරු තැන්පත් වන සර්වරයන් , තාවකාලික මතක පිටපත් (Cash) අයෙකුට අසාධාරන ආකාරයට අගතිය කැදවමින් සිටින්නේනම් ඒවා නැවත නැවතත්  සොයන්නන් වෙතට ගෙන ඒමේදී තීරනාත්මක සාධකයක් වන සෙයුම් ප්‍රථිපල වලින් ඉවත්කර තබන්නට ඉල්ලා සිටින්නට මෙන්ම එම ඉල්ලා සිටීමකට එකගවන්නට එම සෙයුම් යන්ත්‍ර (search engines) ආයතනවලට සිදුවන නෛතික තීන්දුවක් යුරෝපියානු අධිකරනයක ඔස්සේ පැමිනීම මෙහිදී සිදුවිය. ව්‍යාපාරික මහත්තෙකු කලකට පෙර තම ව්‍යාපර බිඳ වැටීමකදී තම දේපල  වෙන්දේසියකට විවෘත වීමේ පුවතක වෙබ් සටහනක් වසර ගනනාවකට පසුව නැවත තමන් සාර්ථකව ව්‍යාපාරිකයෙකු ලෙසට සිටින වර්ථමානයේද තමන්ගේ නම ඔස්සේ අන්තර්ජාලය පිරිස්සන්නෙකුට පහසුවෙන් නෙත ගැටෙන අයුරින් වීම තමන්ට අපහසුවක් කැදවන්නක් බැවින් ඒ සදහා පිලිසරන පතා අධිකරනය වෙතට පැමිනීමකදී මෙම තීන්දුව ලැබින. ඒ අනූව ඔනෑම සෙයුම් යන්තරයක් මෙම right to be forgotten යටතේ අපහසුවට පත් අයැකුගේ සාධාරන ඉල්ලීමකට එකග වෙමින් තම යන්ත්‍රය විසින් සපයන සෙයුම් ප්‍රතිපලවලින් ඉවත්කරන්නට කටයුතු කරමින් සිටින අතර වඩාත් භාවිතයක් ඇති Google ඇතුලු සියලුම ඒ ආකාරයේ සේවා ආයතන ක්‍රම වේදයන් මේ වන විට ලබා දී ඇති බවටයි දැක්වෙන්නේ.
                                         Pubudu Siriwansa

"කොටස් කරගත් පොලෝ තලයක අප විසුවද එකම අහස් කුසක් අප ඉහලින් තිබේ. එයට අභියෝග කල නොහැක"..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (49)

  වගා බිම් අතර දවස පුරා වට අප දෙදෙන ඇවිඳිමින් සිටියෙමු.  විටක ටිබෙටියානු මිතුරා දැන හඳුනන අයෙක් හමුවූ විට ඔවුන් ගෙන් බොහෝ දෑ දැන ගැනීමේ හැකියාවද ලැබිනි. ඔවුනගේ භූමීන් එකි නෙකාට අයිතියක් යටතේ පාලන වුවද සමහර කාරනා වලදී එම පෞද්ගලික බව ඉක්මවා යන පොඳුබවක් ඉස්මතුවන ආකාරය මනාව පෙනිනි. ජලය , හිරුඑලිය ලැබීම, වගා විවිධීකරනය, වැඩි ශ්‍රමයක් අවශ්‍ය වන විටදී වැනි බොහෝ අවස්ථාවලදී වඩාත් අපූරු ආකාරවලට තමන් බව පරයමින් අපේ බවක් ඉස්මතුවන ආකාරය අපූරුය. ඔවුන් අතරින් වඩාත්ම සිත්ගත් හමුවීම වූවේ පැමින ආපසුයාමට නියමිත නිශ්චිතකාල රටාවකට ‍රැදී සිටින නිශ්චිත යුතුකම් ප්‍රමානයකට බැදී සිටින අයවලුන් හැටියට ඔවුන් අතර වන මුත් කිසිවිටකත් මතුපිටට නෙයෙන එකගතාවයක් නැතිනම් අවබෝධයක් වැනි යමකි. ඔවුන් අතර වන අපූරු යෙදුමක් මේ බව වඩාත් පැහැදිලි කෙරිනි. "කොටස් කරගත් පොලෝ තලයක අප විසුවද එකම අහස් කුසක් අප ඉහලින් තිබේ. එයට අභියෝග කල නොහැක".  ඔවුන් දැඩිව එම බව ප්‍රායෝගිකව තම දෛනික ජීවිතයේ තීරනත්මක අවස්ථාවල්දී ඒ බවට වන එකගතාවය විහිදවන සුලු ජීවිත රටාවක් ගත කරන බවක් පැහැදිලිය. බොහෝ හදාරන්නන්හට ඔවුන් මග හැරෙන සුලු වන්නේ වඩාත් වටිනා ඔවුන්ගේ හරයන් වන්නේ මහත් තර්කානුකූල මතුපිට මනසට යටින් දිවෙන අවිංඥානික මනසේ වීම නැතිනම් ඒවා අවබෝදයන් මිසක මහත් පරිශ්‍රමයකින් අත්පත් කර ගන්නා හා ‍රැකගන්නා ඒවා නොව ස්වංයව ක්‍රියාත්මක වන ඒවා වීම නිසාය. අනෙක් දෙසින් ඒවා හදාරමින් ආක්‍රමනයට ඉඩ නොලැබෙන්නේද ඒ නිසාම විය යුතුය. වරක් ඔවුන් සතු ඖෂධ ක්‍රම කිහිපයක් ‍රැගෙන ගිය විදේශ හදාරන්නෙකු පසුව  ගබඩා භාරතුමා වෙතට දන්වා ඒවා ඇත්තේ "ඔවුන් භාවිතාකරන දෑම භාවිතාකරමින් ඔවුන් ගේ පියවරයන්ම අනුගමනය කර උත්සාහකලද තමන් අසාර්ථකවූ බවකි".
                  Pubudu Siriwansa


2014-11-03

දහම දෑ මග හැර සිටින්නට යෝජනා කරන්නේ ඒවා සමග නොදැනීම ඇතිවන මිත්‍රත්වය සමග පසුව සංහිදියාව සොයාගන්නට අරගල කරන්නට..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (48)


   "මම හිතන්නේ ඔබ දැඩි සීතලට නිරාවරනය වීම ගැටලු සහගත විය හැකියි නේද?" ඒ ගබඩා කරුගේ හඬය. ඔහු පවසා ඇත්තේ සත්‍යකි. දහවල මිතුරා සමග කඳු මුදුනත දිගේ ගම්මාන නිම්නය දෙසට යන්නට සැරසුනු සාමන්‍ය සීතලට බවට සරිලන ඇඳුමින් තවමත් එලෙසමය.  සෑහෙන ව්‍යායාම සමග සිරුරේ උනුසුම නිසා ආගන්තුක කුටිය අසල අසුන පැමිනෙන විට දැඩි සීතලට ඔරොත්තු දෙන අමතර ඇඳුමක් ඇග ලා ගන්නට අවශ්‍ය නොවුනද දැන් නම් අවශ්‍යව ඇතිය. "ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවා ඔබට අවශ්‍යනම් සෑදෑ හමුවෙන් පසුව පැමිනෙනට කියලා".
                    ආශ්‍රම භූමියට , ලොකු ස්වාමීන් වහන්සේට , දහම් කාරනා වලට මහත් මිත්‍රව සැහැල්ලු ජිවිතයක් මෙහි තිබූ අතීතය වෙතට නැවත පිවිසෙන්නට මදක් නොව හොඳින්ම අපහසුව ඇත්තාක් වැනිය. වරක් සැඩ සුලගකට හසුව ගැලවී පැමිනි අතුකැබැල්ලක් ටිබෙටියානු මිතුරාගේ කුටියේ වහලයේද විශාල කොටසක සමග  පොලවට පතිතවූ විටක ඔහු සතුව තිබූ සියල්ල බහාලූ ගමන් මල්ල පවා අහිමි වූ මොහොතකදී නොසැලී සිටින්නට මනස පොලබවාලූ මා අද දුරස් පෙදෙසක වෙසෙන මිතුරියක  හා බැදුනු බැදියාවක් ඔස්සේ අපහසුතාවයට පත්වන යුරු මාතුලම විමතියක් ඇති කරවන සුලුය. ලොකු ස්වමීන් වහන්සේ සමග ගැබුරු වන ලැහැබේ ස්වභාවික ගල් කුටිවල  සති කිහිපයක් දහම් වඩමින් හුදකලාව සිටි, සැහැල්ලු කල මනස, හමුවූ අපූරු යුවතියක හා සුහඳව ගෙවී ගිය කාලයේ මතකය විසින් පරයමින් මතුපිට වසා ගන්නා ආකාරය පුදුම උපදවන සිදුවීමකි. හුදු කයින්, මනසින් ඈ ස්ත්‍රියක වීම  අප සැබැදුමේ පදනම නොවිනි. සමාන සුසරයන්  දරන මනස් එකි නෙක යාවීම වඩාත් අවිංඥානික සිදුවීමක් වනවා විය යුතුය. සමහර විටක දහම දෑ මග හැර සිටින්නට යෝජනා කරන්නේ ඒවා සමග නොදැනීම ඇතිවන මිත්‍රත්වය සමග පසුව සංහිදියාව සොයාගන්නට අරගල කරන්නට සිදුවන නිසා විය හැකිය.
             Pubudu Siriwansa

භාවිතාකරන්නන්ගේ ජීවිත තුලට එබී බැලිය හැකි අවසර ලබා ගන්නා Smart උපකරන සමග එන privacy policy.

    Smart බව බොහෝ උපකරන වෙතට වේගයෙන් ගලා එමින් ඇත්තකි. උපාංග වලට සංයුත්තව පැමිනෙන එම Smart බව වඩාත් Smartව අත්විඳින්නට නම් එම උපාංගය හැසිර විය යුතු දත්ත ප්‍රමානය වැඩිවේ. එහිදී අදාල පහසුව වඩාත් සුමටව භාවිතාකරන්නා හට සමීපව ගෙනෙන්නට නම් භාවිතාකරන්නාගේ අනන්‍යතාවය වඩ වඩාත් ග්‍රහනය කර ගන්නට එම දත්ත එකතුවට අවශ්‍ය වේ. වඩාත් සංකීර්න ගැටලුවක් මෙතැන සිටද ඇරබේ. එනම් විටක එම උපකරනය අක්‍රියව ඇති විටකදීද භාවිතාකරන්නා දෙසට අවධානයෙන් සිටීමය. Brennan Center දෙසින් එක් භාවිතාකරන්නෙකු ප්‍රකාශ කර සිටියේ තමන් තම නව Smart TV යන්ත්‍රයට අදාල පි‍ටු 46කින් සමන්විත  privacy policyය කියවීමෙන් අනතුරුව එය භාවිතාකරන්නට බියක් හැගෙන බවයි. ඔහු එහිවන හඬ හැසිරුම (Voice Control) පහසුවට එකග වීමෙන් අනතුරුව එම උපාංගය අක්‍රියව පවතිනිඅ විටදීද තමන් වෙතට සවන් දෙන්නටත් එම තොරතුරු ගබඩා කර ගන්නටත් පමනක් නොව අවශ්‍ය විටකදී අදාල සේවා සපයන තවත් වෙළඳ ආයතන සමග බෙදා ගන්නටත් හැකිවන බවකට එකග වන්නට සිදුවන බවටයි ඔහු සදහන් කර සිටින්නේ.
                තවමත් මේ ආකාරයට ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඔස්සේ භාවිතාකරන්නාගේ දත්ත ‍රැස් කිරීමේදී භාවිතාකරන්නාගේ පෞද්ගලික බව ‍රැක දෙන නෛතික පදනම් බොහෝ නීති පද්ධති වෙතට පැමින නැති අතර භාවිතාකරන්නන් ගේ ජීවිත තුලටද මෙසේඑවනි උපකරන සමග කටයුතු කිරීමේ ගතයුතු ආරක්ශිත පියවරයන් පිලිබදව වැඩි වැටහීමක් නොවීම තත්වය වඩාත් බියමුසු තක්ත්වයක් නිර්මානය කරමින් සිටින් බවටයි දක්නට ලැබෙන්නේ. 

නිහඬවම පැමිනි බලාපොරොත්තු මුරන්ඩුව අප අතර සිටගෙන සිටිනාක් වැනි හැගීමක් සිත තුලට දැනිනි...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (47)

    ජීවිතයේ හමුවූ නිහඬතම නිමේශයන් ගතව ගියේ ඒ මොහොතදී යැයි සිතන තරම් විය. වඩාත් සංකීර්න විෂය ගැටලු සමග තිබූ සුව පහසු දෙබසේ ගලා යාම  අප අතරින් අතුරු දහන්විය. සාමන්‍යයෙන් දෑ බර පතලව ගනන් නොගන්නා ඇය මිනිස් හැගීමක් ඉදිරියේ මෙතරම් නිශ්චලවූ වේ කෙසේදැයි මාතුලද විමතියක් නැගිනි. අඩ හෝරාවට ආසන්න කාලයක් වචනයකුදු නොදොඩා අප අතරි ගලා ගියා විය යුතුය.  "දන්නවද, වචන වලට වඩා වචන අතර එන හිස් අවකාශය වඩාත් අර්ථ සම්පන්නයැයි සමහරුන් කියලා තිබෙනවා. අපි වචන අතරේ කොයිතරම් දක්ශ උනත් ඒවා අතර මැදට එන හිස් අවකාශයට වන අර්ත වලදී කොයි තරම් අසරනද කියලා දැන් මට තේරෙනවා." නිහඬ බව බිඳින්නට මෙන්ම ව්‍යාජ නොසැලුනු බවක් පෙන්වන්නටද මට අවශ්‍ය වූවා විය යුතුය.
                    "මට සමාවෙන්න. මමත් කිසිසේත්ම හිතුවේ නැහැ අපි අතර මේ තරම් අපහසුතාවයට පත්වන මොහොතක් ඒවි කියලා. මට අවශ්‍ය උනේ නැහැ ඒ වගේ තත්වයක් ගොඩ නැගෙන්නට ඉඩ හැරෙන්න. ඒත් එක එහෙම වෙලා. බෑදීමක් පමනක් නොවේ බැදීමට අනිවාර්ය විරාමයකුත් ඇවිල්ල. යම් හෙයකින් නියමිත ආකාරයට මීලග ආයතනයේ සේවයට වාර්ථා නොකලහොත්  මගේ වෘතීය ජීවිතයට ලොකු ගැටලුවක් වනවා පමනක් නොව විශාල වන්දියකට පවා ලක්කර ගන්නට ඔවුනට අවස්ථාව සැලසෙනවා". මා පත්ව සිටින තත්වය පැහැදිලි කෙරන්නට උත්සාහ කලා මතකය.අප අතර කිසිදිනක බලාපොරොත්තු ගොඩ නැගෙන ආකාරයේ දෙබස් ඇති නොවුනු මුත් නිහඬවම පැමිනි බලාපොරොත්තු  මුරන්ඩුව අප අතර සිටගෙන සිටිනාක් වැනි හැගීමක් සිත තුලට දැනිනි.  මහත් සැහැල්ලුවෙන් හමුවූ දෙදෙනෙකු මහත් බ‍රැති හැගීම් වලින් තෙරෙපෙමින් අපහසුවෙන් සමුගන්නට සිදුව ඇත.
                                                                                              Pubudu Siriwansa

2014-11-02

Google ආයතනය රුධිර ගත කරන nanoparticles සමග medical market වෙතට පැමිනෙන්නට සැලසුම් කිරීමක...

   Google ආයතනයට තම සාම්ප්‍රධායික රාමුවෙන් ඉවතට යන්නට අවශ්‍ය වන්නේ බොහෝ කලක සිටය. සෙයුම් යන්ත්‍ර පුරෝගමියෙකු ලෙසට අත්පත් කර ගත් කිර්තිය මෙන්ම ධනය නෙක ආකාරය ගත් ක්ශේත්‍රයන් ඔස්සේ  මේ වනවිට විහිදවමින් සිටින්නට එම ආයතනයට හැකිව තිබේ. සර්ථකතම මොබයිල් මෙහෙයුම් පද්ධතියක සිට ,රියදුරන් රහිත වාහනයක් සාර්ථකව අත්හදා බැකීම දක්වා පමනක් නොව තවත් බොහෝ විෂයන් ඔස්සේ එය මේ මොහොතේද සිදු වෙමින් ඇත. 
           අයතනය මේ වන විට හෙලි කර සිටින්නේ තමන් පුද්ගලයෙකුගේ රුධිර පද්ධතියට ඇතුලු කරන "nanoparticles" ඔස්සේ රෝගියෙකුගේ cancer වැනි රෝගීතත්වයන් සමනය කරන්නට හැකි තාක්ශනය පිලිබදව අවධානය යොමු කරමින් සිටින බවකි. බොහෝ scientists ලාගේ එකග නොවීම් හමුවේ උවත් ආයතනය මේ පිලිබදව සැලසුම් අවස්ථාවේ සිටින බවටයි දැක්වෙන්නේ. මෙම nanoparticles රුධිර පද්ධතියට එකතු කිරීමේ මෙන්ම ඒවා රුධිරපද්ධතිය විසින් ප්‍රතික්ෂේප කිරීම වලක්වා ගැනීම දක්වා අභියෝග රාශියක් සමග ඔවුන් තම තම ඉලක්කය වෙතට දැඩි උත්සාහයකට සූදානම් වෙම්න් සිටින බවටයි වාර්ථා වන්නේ.

2014-11-01

ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා 'මව නැවත හමුවීම' කියලා.....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (46)

  "අපි ටිකක් නැවතිලා යමුද?" අදුරට පෙර දැල්ව ඇති පහන් කනුවකට යාබදව වූ අසුන් පෙලක් දක්වමින් ඇයට අසුන් ගන්නට ආරාධනා කරන ලද්දේ ඒ සදහා ඇගේ ප්‍රතිචාරයද නොතකමිනි.  ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි. ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමකින් සමුගන්නට දින නියම වී ඇතිය. හැදෑරුම් සටහන් අතර සිරව සීමාවක් රටාවක් නැතිව ගලා ගිය ජීවිතයට මද හෝ විරාමයක් හමුව ඇතියා සේ දැනේ. හමුවූවාටත් වඩා වේගයකින් සමු ගන්නට සිදුවීම වචන කල නොහැකි රිදුමක්ව අත්මය පුරාවට දිව යන්නා සේ හැගේ. "දන්නවද, ඔබ හමුව නිසා ගෙවී ගිය කාලයනිසාම මට අධ්‍යාන ආයතනය සමග වුනු ගිවිසුම දීර්ඝ කර ගන්නට අතපසු උනා. පෙර වසරේදී එකග වූ මීලග ආයතනය සදහා සේවයට වාර්ථා කරන්නට පෙර දැනුම් දීම පැමුනුනාම තමයි තත්වය මතක් වුනේ. දැන් මම පරක්කු වැඩියි" දැඩි අපහසුතාවයට පත්ව මම පවසන්නට විනි. "සමහර විට ඔබට වැරදීමක් වෙන්න බැරිද.? මම කියන්නේ මම විශේෂ කෙනෙක් වෙන්නේ කොහොමද? ඔබට ඔනෑ තරම් මිතුරියන් හිතවතියන් හමු වෙලා ඇති." ඇය පවසන්නට අවශයව ඇත්තේ තත්වය මදක් හෝ සංසුන්  වන යමක් මිස සැබෑව කුමක් දැයි නොදන්නා නිසා නොවන බව මට හැගිනි.  "මම හිතන්නේ ඔබ මට වඩාත් විශේෂ කෙනෙක්. ඔබට මතකද අර උදයාන සිතුවම් දැක්මේ තිබුනු එක් චිත්‍රයක් නම් කර තිබුනා  'මව නැවත හමුවීම' කියලා. ඔබට තේරුනාද එහි ඇඳ තිබූ තරුනියගේ රූ සටහනට මතුපිටින් ඉස්මතු කරලා තිබුනා ආරක්ශිත බවක් හැගෙන රූ සටහනක්. මතකද එම සිතුවමේම පසකින්  කුඩාවට දක්වලා තිබුනා අනාරක්ශිතව වේදනාවෙන් සිටින කුඩා දරුවෙකු ගේ සටහනක්. ඔබ සිතනවාට වඩා සංකීර්න මානසික ක්‍රියාවලියක් එතන තිබුනා." වෛද්‍යවරියක වූ ඇයට වඩාත් දේ පැහැදිලි කරන්නට අවශ්‍ය නොවිනි. 
        Pubudu Siriwansa

UK වල Free Wi-Fi hotspots 1000ක්....

   Hungary රජය විසින් එරට Internet භාවිතාව සදහා පනවා ඇති tax සදහා පලවෙමින් ඇති විරෝධයක් වාර්ථා වනවා. ගිගා බයිටයක් සදහා 150 forints (€0.50; $0.60)  ක වන එම බදු මුදල සාමාන්‍ය භාවිතාකරන්නා සදහා බලනොපාන බවත් එය ISP වරුන් සදහා පමනක් බලපාන බවටත් එරට රජය පැහැදිලි කර සිටියද සාමාන්‍ය භාවිතාකරන්නන් පවසන්නේ අවසානයේ එම අමතර ගෙවීම තමන් වෙතට එවන්නට ISP විසින් කටයුතු කරනු ඇති බවකි. මේ වන විට  මෙම පියවර පිලිබදව වැදිදුරටත් තමන් විමසමින් සිටින බවටයි එරට රජය නිවේදනය කර ඇත්තේ.
                           UK රජය විසින් දියත්කරනු ලබන වැඩ පිලිවලක් යටතේ Free Wi-Fi hotspots 1000ක් ප්‍රසිද්ධ ස්ථාන ආශ්‍රිතව පිහිටවීමේ වැඩ පිලිවලක්ද ප්‍රකාශයට පත්වෙමින් තිබෙනවා. £150m program වල් කොටසක් ලෙසට වන මෙම වැඩසටහන යටතේ  libraries, museums, civic centres, transport hubs, sports centres වැනි ස්ථාන ආශ්‍රිතව මෙම පහසුව ලබා දෙන බවටයි පැහැදිලි කරන්නේ. 2015 මර්තු වන විට අවසන්  වන ඉලක්කයකින් දියත්ව ඇති මෙම වැඩපිලිවල යටතේ සංචාරකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන් හට පහසුවක් ඇති වනු ඇති බවයි එරට රජය පැහැදිලි කරන්නේ.

"මට සමාවෙන්න ඔබව මම අපහසුතාවයට පත්කලා නම්"... (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (45)

  "ඔබ දන්නවද මම මහත්සේ ප්‍රිය කරන ලේඛකයෙකු සටහන් කරනවා , බොහොමයක් මිනිස්සු මිය යන්නේ ලෝකයට කියන්න තියෙන බොහෝ දේවල් කියාගන්න බැරි වීමත් සමගලු. බොහෝ වෙලාවට ලෝකයෙන් එන ආකෘතියක සිරවෙලා අසරනව ජීවිතය ගෙවා ගන්නවා මිසක ඔවුන්ට ඔවුන් වෙන්නට අවස්ථාවක් හමුවෙන්නේ නැතිලු. මම ඒ බව විස්වාස කරනවා ඔබ..." මා හට ඇයව මීට වඩා විවෘත තබා ගන්නට අවශ්‍යව ඇත්තසේ හැගෙයි. "මටත් හිතෙනවා" විටක ඇය සැගවෙන්නට මහත් දක්ශය. දෙබස් තුලදී විටක ඇය එය මනාව සිදුකරයි. "මම දන්නවා මම බොහෝ සෙයින් වෙහෙසට පත්වෙලා බව, අවශ්‍යයයි මේ බවින් මිදෙන්න. ඒත් හරිම අපහසුයි ඒක. ඔබට තේරෙනවද මිනිස්සු හුදකලාවට හුරු උනාම කොයිතරම් වේදනාකාරී උනතේ බවින් අත් මිදෙන්න අකමැත්තකුත් ඒ සිත තුලම පැත්තක ඇති වෙනවා". සමහර විටක මා විවෘත වූවා වැඩි වූවා දෑයි  සිත තුල සැකයක් නැගිනි.
                    එම කදුමුදුනතට වන මාවත කෙටි කරමින් අතුරු පා මාවතක්ද සකස් කර තිබින. අතර මැද විසිතුරු වගාවකින් යුත් එම භූමියේ තැනින් තැන අලංකාර කැටයමින් සැරසූ පහන් කනු මහත් විසිතුරු බවක් ගෙනදිනි. තැනින් තැන පිහිටවා තිබූ ආසන රවුම් විටක අප අධ්‍යාන ආයතනයේ කුඩා කන්ඩායම් සාකච්චා සදහාද යොදා ගැනිනි. විටක එවැනි දේ සදහා පැමිනෙන කන්ඩායම් අතර මදක් වැඩි හඬින් නැගෙන දෙබස් සංචාරකයෙකු පැමිනෙනු දකින් සැනින් පහත්ව යයි. එකිනෙකාට ගරුකිරීම එම නගර ආශ්‍රිත මා දු‍ටු තවත් අපූරුම සිරිතකි. ඔවුන් එහිදී බොහෝ විට ඔවුනගේ තරාතිරම් නොසලකමින් ඒ දේ සිදුකරන්නට අවශ්‍ය තරමේ සංහිඳියාවකින් යුත්ත අය වූහ. ඇය නිහඬවම පියවර මනිනු ආකාරය මසිත තුල අපහසුවක් ඇති කලේය. "මට සමාවෙන්න ඔබව මම අපහසුතාවයට පත්කලා නම්" මට නිතැතින් කියවිනි.
    Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...