2014-11-05

සෑදෑව උදාවෙත්ම අපට දවස පිලිබදව සමාලෝචනයකට පැමිනෙන්නට අවශ්‍යවිය...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (50)

    සෑදෑව උදාවෙත්ම අපට දවස පිලිබදව සමාලෝචනයකට පැමිනෙන්නට අවශ්‍යවිය. වගා භූමියේ සිට ආශ්‍රමය වෙතට දෙවෙන මාවත දිගේ අප ඇවිද එමින් සිටියෙමු. "සමස්තයක් හැටියට ඔබට යමක් කියන්නට තිබෙනවා නේද?" ඒ ටිබෙටියානු මිතුරාගෙන් ආරාධනාවකි. "ඔව් ඇත්තටම , මම කැමතියියි ඔවුන්ව නම් කරන්න තරු මිනිසුන් කියලා. ඔවුන්ගේ යටි මනස වැඩසටහන් ගත වෙලා තියෙන්නේ හරිම අපූරු විදිහට. මට හිතෙනවා තවම මතුපිටට නො එන ලද ශක්‍යතා තවත් බොහොමයි කියලා. සමහර විට විශ්වයේ තව අභ්‍යන්තරයට මිනිසුන් සමග යානාවක් යවන්නේ කොහොමද කියලා වගෙ දේවල්. මම කියන්නේ දැනට බලපාමින් තියෙන කාලය , ගත හැකි උපරිම වේගය වගෙ අභියෝග ජයගන්නේ කොහොමද කියලා වගෙ දේවල්. බොහෝ වෙලාවට පෘතුවිය මතුපිටදී තවමත් මිනිසුන් පාලනය කරන සුලි කුනා‍ටු , සුනාමි , භූකම්පන වගේ දේවල්. " ඇත්තෙන්ම ඔවුන් අපූරු ජීවන රටාවක් ලබා ගත්වුන් බව දවසේ ලද අත්දැකීම් මා වෙත තවත් පහැදිලි කරදෙන ලදී. 
                                                                කාලයක් තිස්සේ නිරන්තරයෙන් ඔවුන් සමග ගත කල මිතුරා ඔවුනගේ අපූරත්වයේ රහස වඩාත් සමීපව පැහැදිලි කරන්නට විය. " අපේ දියුනු ශිෂ්ඨාචාරවලට වඩා සරල නම්‍ය ක්‍රම වේද වලින් අපි විඳිනවට වඩා හරිම පහසු ආකාරවලට ඔවුන් ගැටලුවලට මුහුන දෙනවා කියලා මට හිතෙනවා.දැඩි වැසිසමයත් එක්ක ව්ටේටම වන කඳු පෙල ඔස්සේ පැමිනෙන ජල කඳ සමග ඔවුන් කරන පාලනයම හොදටම ඇති ඒ බවට. වේගයෙන් පැමිනෙන ඒ ජල කඳ ‍රැස්වීම කුඩා පෙදෙස් වලට සීමා කර ගමිනින් ඔවුනට පාලනය කර ගත හැකි ආකාරයට ඈතින් වන ගංගාව වෙතට ගෙන යන ආකාරය හරිම තර්කානු කූලයි. දියුනු යැයි සිතා සිටින මිනිසුන් මෙන් යෝධ කොන්ක්‍රීට් ඉදිකිරීම් වෙනුවට කුඩාවට මෙන්ම ශක්තිමත්ව ගොඩ නැගෙන ස්වභාවික දෑ  භාවිතාවන අයුරින් ඔවුන් ඒවා පාලනය කරන ආකාරය හරිම විසිතුරුයි."
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...