2012-11-05

මෘදුකාංග හා දෘඩාංග එකිනෙකා මත බලපාමින් ඉදිරියට යයි



........තොරතුරු ලෝකයේ  වැදගත්ම සාධකය වන්නේ මෙහෙයුම් පද්ධති යන්න එක් කොටසකගේ තීර්නයයි. ඔවුන් පවසන්නේ  දෘඩාංග අවැදගත්ම නොව දෘඩාංග ගොඩ නගන දත්ත අවකාශය ක්‍රියාත්මක කරන්නේ හා බොහෝ ගොඩ නැගීම් වඩාත් වර්නවත් කරන්නේ අවකාශය වඩාත් නම්‍යව පුලුල් කරන්නේ මෘදුකාංග විසින් බවයි.
                                 වින්ඩෝස් යනු පරිගණක ලෝකයේ ප්‍රධාන තම වෙළදනාමයක් බව සැබවි. එහෙත් එය ගෙනෙන නැබුරුතා නිර්මානය කරන සංස්කෘතිය එම වෙළද අයිතිය ඉක්මවා යමින් අපව පාලනය කරයි.මයික්‍රසොෆ්ට් ආයතනය තම නවීනතම මෙහෙයුම් පද්ධතිය හදුන්වා දෙන හමුවේදී එහි විධායකයෙකු පැවසුවේ මෘදුකාංග හා දෘඩාංග එකිනෙකා මත ක්‍රියාත්මක වෙමින් ඉදිරියට තල්ලු කරවන බවකි.තම  නව භාවිත අවකාශයට  ලැප්ටොප් හා ටැබ්ලට් උපකරන දෙයාකාරයේ මුසුවක් සර්පේස් නමින් ඉදිරිපත් කරමින් වින්8 සමග ආයතනය ස්පර්ශ කරන්නට බලාපොරොත්තු වන ඉඩකඩ පුලුල් කරගනු ලැබුවේ ඒ නිසා විය යුතුය......

වින්ඩොස්8 පිලිබදව ලියවෙන ලිපි පෙලෙහි පලමුවන ලිපිය



මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්7 නිකුත්කොට වසර 3කට පසුව තම සාම්රධායික මොහොයුම් පද්ධති රටාව වෙනස් මගකට ගෙනෙමින් වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධ්තිය මේ වන විට නිකුත්කොට තිබෙනවා. වින්ඩෝස් 7 යනු විස්ටාහි වර්ධනාත්මක දියුනු කිරීමක් ලෙසට සැලකෙන මුත් වින්ඩෝස්8 හැදින් වෙන්නේ මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සම්ප්‍රධාය නැවත නිර්මානය කිරීමක් ලෙසටයි.මයික්‍රසොෆ්ට් පෙර සියලු සංස්කරන අතරවූ වෙනස වූවේ පෙර සංස්කරනයට වඩා වැඩි පහසු ආරක්ශිත බවින් වැඩි සංස්කරනයක් ඉදිරිපත්කිරීමක් වූවද වින්ඩෝස්8 සමග සිදුවන්නේ ජංගම ගතියෙන් වැඩි උපාංගයක් වන ටැබ්ලට් උපකරනට වඩාත් මිත්‍ර ස්පර්ශක තිර ප්‍රමුක සරල භාවිතයට වඩාත් ගැලපෙන මෘදුකාංගයක් ඉදිරිපත්කිරීම බවටයි සටහන් වන්නේ. ඒ.ආර්.එම් නොහොත් අඩු බල සැපයුමක් යටතේ  ක්‍රියා කරන   ස්මාර්ට්  මට්ටමේ දුරකථන වල භාවිතාවන ප්‍රොසෙසර සමග උවත් පහසුවෙන් ක්‍රියා කල හැකි  මෙම නව මෙහෙයුම් පද්ධ්තිය සුපුරුදු සාම්ප්‍රධායික ඩෙස්ටොප් පරිගණක සමග උවත් හොදින් ක්‍රියාත්මක වන සේ සැකසී තිබෙනවා.
                        ප්‍රධාන ලෙස සංස්කරන තුනකින් වින්ඩෝස්8 සමන්විත වෙනවා. ඒවා නම් වින්ඩෝස්8 , වින්ඩෝස්8 ප්‍රෝ , වින්ඩෝස් RT ලෙසටයි කියවෙන්නේ.මෙම පලමු සංස්කරන දෙක වෙළද්පොලෙන් මිලදී ගත හැකි අතර තෙවන සංස්කරනය දැනට නිකුත්වෙන්නේ ටැබ්ලට් වැනි උපකරන සමග පෙර ස්ථාපිත මෙහෙයුම් පද්ධ්තියක් ලෙසට පමනයි. වින්ඩෝස් එන්ටර්ප්‍රිසස් සංස්කරනය විශාල මට්ටමේ ආයතන සදහා ලබා ගත හැකි අතර වින්ඩෝස්8 , වින්ඩෝස්8 ප්‍රෝ , වින්ඩෝස් 8 එන්ටර්ප්‍රිස් සංස්කරනයන් 32 හා 64 බිට් සංස්කරන ලෙස ලබා ගත හැකිව තිබෙනවා.
                                             වින්ඩෝස් 8 භාවිතය සදහා එම උපකරනයේ තිබිය යුතු අවම පහසුකම් නම් ගිගා හර්ට්ස් එකකට වඩා වැඩි ප්‍රොසෙසරයක් , ගිගා බයිට් එකකට වඩා වැඩි ‍රැම් කාර්ඩ් පතක් , ගිගා බටිට 16 කට වඩා වැඩි හාර්ඩ් ඩිස්ක් ඉඩකඩක් ලෙසට හැදින් වෙන අතර ඩිරෙක්ට් එක්ස් 9 ක ග්‍ර‍ෆික් පහසු කමක් බලාපොරොත්තු වන බවටයි සටහන් වන්නේ.

ප්ලෑෂ් , ජාවා , ක්වික් ටයිම් වැඩිම ඉලක්ක.......


ලොව ප්‍රකටතම ආරක්ශක මෘදුකාංග සමාගම මෑතකදී නිකුත්කල වාර්ථාවකට අනූව පැවසෙන්නේ  වැඩිම අනාරක්ශිත මෘදුකාංග පෙල ගැස්මේ පලමු ස්ථාන 10 තුලම මයික්‍රසොෆ්ට් මෘදුකාංග තව දුරටත් නොවන බවයි. ඔවුන් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම නිශ්පාදන වල තත්වය ඉහල නංවා ඇතුවා සේම ක්‍රමාන කූලව යාවත්කාලිනයන් නිකුත්කරමින් හොදින් පවතවාගෙන යාම මෙම තත්වයට හේතුවක් වන බවයි.
                                     එම සටහනේ ඇඩෝබී මෘදු නිශ්පාදන අතර වන ප්ලෑෂ් ප්ලේයරයත් , පී.ඩී.එෆ් රීඩරයත්   පලමු ස්ථාන පහ අතරට පැමින ඇති අතර ජාවා , ක්වික් ටයිම් ප්ලේයරය , අයි ටියුන් ප්ලේයරයද  පලමු ස්ථාන 10 අතර දක්නට ලැබෙනවා.

වින්ඩෝස් 8 ඉබි ගමනින් ඉදිරියට.....



ආයතනික මට්ටමෙන් සලකන විටදී තවමත් වින්ඩෝස්8 වෙත දක්වන ප්‍රථිචාරය එතරම් යහපත් නොවන බවටයි සටහන් වන්නේ. තොරතුරු තාක්ශන මට්ටමේ සේවකයින් 1200 ඇසුරින් කල  මත විමසුමකදී හෙලිවන කරුනු වලට අනූව ඔනගෙන් 23.8% පවසන්නේ තම ආයතනයේ පරිගණක පද්ධතීන් වින්8 කරා උස්තල ගැන්වීමකට කිසිදු බලාපොරොත්තුවන් නොවන බවයි. 49.9%කගේ අදහස වන්නේ තවමත් තම ආයතනයන් වින්8 කරා උස්තල ගැන්වීමකට සැලසුම් කර නොමැති බව වන අතර 10.7%කගේ අදහස වන්නේ ඉදිරි මාස 12 තුල උස්තල ගැන්වීමක් සදහා මේ වන විටත් සැලසුම්ව ඇති බවයි. මෙම පිරිස අතරින් 4.6% වින්8 සි පලමු සර්විස් පැකය නිකුත්වනතෙක් බලා සිටින බවට පැවසෙන අතර 11%  උස්තල්ගැන්වීමට බලාපොරොත්තු වන මුත් නිශ්චිත කාල පරාසයක් ගැන අදහසක් නැති බවට පවසන බවටයි සටහන් වන්නේ. එම පිරිස අතරින් 41% පවසන්නේ ස්පර්ශ මූලික ප්‍රධාන මුහුනත වින්8 කෙරෙහි තම ආයතනවල අඩු අවධානයට මූලික හේතුව බවටයි පවසා සිටින්නේ.

2012-11-04

2012-11-03

විඩෝස් 8 ඔබට මහත් නම්‍යතාවයක් ‍රැගෙන එනවා...



............... අපිට පුලුවන් වින්ඩෝස් 8 ගෙනෙන වෙනස තවත් විදිහකට මෙහෙම අර්ථ දක්වන්න. ඒක දෘඩ දත්ත භාවිත ජීවිතයක සිට මහත් නම්‍ය දත්ත ජීවිතයකට කරන ගමන් කිරීමක් කියලා. අපි මෙහෙම හිතමු, ප්‍රධාන උපකරනය සැහැල්ලු කරලා තිබෙනවා. ප්‍රතාපවත් ඩෙස්ටොප් පරිගණකයේ සිට බරින් අඩු ජංගම උපකරනයක් උනත් ප්‍රධාන දත්ත උපකරනය කරගත හැකි බව වින්8 ගෙනෙන එක් පනිවිඩයක්. අමතක කරන්න එපා ඒක බරින් අඩු සැහැල්ලු උපකරනයක් උනේ හුදු දෘඩාංගමය වෙනස හිදම පමනක් නොවේ. ක්ලවුඩ් තාක්ශනය ඔස්සේ ඔබ මිලදි ගන්නේ හුදු මෘදුකාංගයක් නොවේ ලොව කොතැනක සිට උවත් වෙනත් වින්8 උපකරනයක් නැවත පහසුවෙන් හමුවිය හැකි දත්ත අනන්‍යතාවයක් බව. තවත් පැත්තකින් මෙහෙයුම් පද්ධතිය තුඅලදීද මහත් නම්‍ය බවක් දකින්නට පුලුවන්. ඔබ භාවිතකරමින් සිටින්නේ වින්8 නම් එම මොහොතේ ඔබ සිටින්නේ ස්ටාර්ට් මුහුනත මත සිට උවත් වෙනත් ඇප්ලිකේශනයක්  සමග වුවත් වෙනසකින් තොරව යම් සෙවීමක් අවශ්‍ය වන විටකදී උපකරනයේ දකුනුපස මතුවන චාර්ම් බාරයේ සර්ච් පහසුව ඔස්සේ පරිගණකයේ  තුල වුවත් අන්තර්ජාලය තුල වුවත් වෙනසකින් තොරව පහසුවෙන් පිරිස්සන්නට හැකි වනවා.............
 (නන්නාදුනන දේශකයා "ඔන්ලයින්" ආකාරයට සිදුකල දේශනයකින් උපුටා ගන්නා ලදී)  

2012-11-02

වින්ඩෝස් 8 වඩාත් සුරක්ෂිතයි.........



..... වින්ඩෝස්8 වලින් පරිගණකයක් බූට් වීමේදීම ආරක්ශිත බවක් දක්නට පුලුවන්. රූට්කිට් බූට් ලෝඩර් වැනි සරල මට්ටමේදීම පරිගණකය වෙත පිවිසෙන්නට පුලුවන් හානීන් වින්8 ආරක්ශිත බූට් ක්‍රියාවලිය තුලදීම පාලනයකර තිබෙනබව දකින්නට පුලුවන්. සරලව පැවසුවහොත් සුපුරුදු බයෝස් ක්‍රියාවලිය වෙනුවට වඩාත් සුරක්ෂිත යාන්ත්‍රනයක් පැමිනිලා තිබෙනවා. වින්8 ලෝඩ් වීමට  පෙර සිටම ලෝඩ්වන සියලුම මෘදුගොනු වල සහතික බව පිරික්සීම වැනි ක්‍රමවේද ඒ සදහා යොදා ගෙන තිබෙනවා. හරියටම කිව්වොත් ආසාධිත බූට් ලෝඩරයක් විසින් අනාරක්ශිත ගොනු පරිගණකය වෙත පිවිස වන්නට තැත්කලහොත් ආරක්ශිත බූට් ක්‍රියාවලිය ඒ සියල්ල අඩපනකොට දමන්නට හැකි වන තරමට දියුනු කර ඇති බවයි අපිට දකින්නට ලැබන්නේ. ---- ලෙසට නම්වන මෙම ක්‍රියාවලිය භාවිතාකරන්නෙකුට අවැසිනම් ක්‍රියාවිරහිතකර දමන්නට පුලුවන් වනවා සේම වින්ඩෝස්8 සහතිකලත් දෘඩාංග මත වෙනත් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නම් අක්‍රියකර දමන්නට සිදුවන බව කිව යුතුයි.
                                             පෙර සියලු සංස්කරන වලදී බූට් ක්‍රියාවලියේදී ආරක්ශක මෘදුකාංගය පරිගණකයවෙත පිවිසෙන්නට පෙර මෘදුකාංග ආසාධිත මට්ටමක වුවහොත් හදුනා ගැනීම ඉතා අපහසුවීම බහුල අත්දැකීමක් වූවත් වින්8 සමග තවම එය සතු‍ටුදායක මට්ටමක පාලනකර ඇති බවයි හදාරන්නන් පවසන්නේ.අන්තර්ජාලය ඔසේ ගොනුවක් පරිගණකය වෙත ලබා ගන්නට තැත්කිරීමේදී ස්මාර්ට් ස්ක්‍රීන් ‍ෆිල්ටරය එම ගොනු ගැන වෙනත් භාවිතාකරන්නන්ගේ අත්දැකීම් සමග සසදමින්  හානිකර බව පිලිබදව පෙර දැනුම්දීමට ක්‍රියා කිරීම භාවිතාකරන්නන්හට හොද සහයක් සපයනු ඇති බවටයි පොරොන්දුවෙමින් සිටින්නේ.

ජංගම උපකරන ඔස්සේ වෙබ් පිරිස්සුම ඉහලට....


පලවන නවතම වාර්ථාවලට අනූව ඔක්තෝබර මාසය වනවිට ගූගල් ක්‍රෝම් යනු ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය ලෙසට සටහන් වනවා. එය ප්‍රථිශතයක් ලෙසට 34.77% ලෙසට පැවසෙන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 32.08% ලෙසට ගැනෙනවා.22.32% භාවිතයක් ලබමින් ෆයර්ෆොක්ස් තෙවන තැන පවතින බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
                      තවත් ගනනයකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 ලොව වැඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය වන අතර එය 24.50% ලෙසට ගැනෙන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 20.11ක භාවිතාවක් ලබන බවට සටහන් වනවා. ක්‍රෝම් තෙවන තැනට පැමිනෙන්නේ 15.02ක භාවිතාවක් ලබමින් වන අතර ෆයර් ෆොක්ස් 15 හතරවන තැනට පත්වන්නේ 7.82% ලබමින් බවටයි සටහන් වන්නේ.
                                              ඔක්තෝබර මාසය වනවිට ජංගම උපකරන ඔස්සේ වෙබ් පිරික්සුම 10%කින් වැඩිවීමක් පෙන්වන බවට සටහන් වන අතර ඉදිරියේ ස්මාර්ට් මට්ටමේ දුරකථන හා ටැබ්ලට් දුරක වැනි උපාංග ඔස්සේ වෙබ් පිරික්සුම ලොව සමස්ථ භාවිතාව තුල තවත් ඉහල යනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

වින්8 හි පෙර පිලිසකර දුර්වලතාවයක් හදුනාගනී....


ප්‍රංශ සමාගමකින් පැවසෙන්නේ ඔවුන් විසින් වින්ඩෝස්8 වල පලමු දුර්වලතාවය හදුනා ගෙන ඇති බවට කරන නිවේදනයකි. ඔවුන්  පවසනවා වින්ඩෝස්8 මෘදුකාංගයට හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වලට බලපාමින් ඇති මෙම දුර්වලතාවය පිලිබද තොරතුරු තමන් වෙත වැඩිම මුදලක් ගෙවන්නන් වෙත ලබා දීමට බලාපොරොත්තුවන බවයි.
                 පෙර පිලිසකර දුර්වලතාවයක් ලෙසට හදුනාගෙන ඇති මෙම දුර්වලතවය පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් තවමත් කිසිදු නිවේදනයක් නිකුත්ව නැති බවටයි තොරතුරු සටහන් වන්නේ.

2012-11-01

මේ වන විට වින්8 වෙත උස්තල ගැන්වීම් මිලියන 4 ඉක්මවයි....



මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකු පසුගියදා මෘදුකාංග සංවර්ධකයින්ගේ හමුවකදී පවසා සිටියේ ම්යික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් වින්ඩෝස්8 ගතවගිය සිකුරාදා සිට ඊයේ දිනය වන විට වින්ඩෝස්8 වෙතට දැනට භාවිතාකරමින් සිටින මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක සිට පැමිනිය හැකි මාර්ගය වන නව මෙහෙයුම් පද්ධතිය වෙත උස්තල ගැන්වීම් ප්‍රමානය මිලියන 4 ඉක්මවා ඇති බවයි.
                            ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බොහෝ පිරිසක් ඉදිරියේදී වින්8 වෙත පැමිනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවට තම  ආයතනය හදුනා ගෙන ඇති බවත් වන අතර මේ වන තෙක් වින්8 වෙත පාරිභෝගික ප්‍රථිචාරය ඉහල මට්ටමක තිබෙන බවට ආයතනය සෑහිමකට පත්ව සිටින බවත්ය.

වින්8 වෙත ෆේස්බුක් විරසකය පලකිරීමක්?????


මයික්‍රසොෆ්ට් ආයතනය යනු  ලොව ප්‍රධනතම මෙහෙයුම් පද්ධති ඇතුලු බහුල භාවිතාවන් ඇති මෘදුකාංග රාශියක හිමිත්වය සහිත ආයතනයකි. ෆේස්බුක් යනු ලොව බහුලතම භාව්තාවකට හිමිකම් කියන වෙබ් අඩවියක් වන අතරම විශාලතම ඉපයීමක් කරන ආයතනයක් ලෙසටද පිලිගැනෙන තැනකි.මයික්‍රසොෆ්ට් ආයතනය මෙහෙයුම් පද්ධති ලෝකයේ වෙනසක් ගෙනෙන වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය  හදුන්වාදුන් අතර එහි සමහර සංස්කරනයන් සමග මයික්‍රසොෆ්ට් ආයතනයේම ඇප්ස් ස්ටෝවෙන් ලබා ගන්නා ඇප්ලිකේශනයන් හැරෙන්නට බාහිර මෘදුකාංග භාවිතයට ඉඩක් නොලැබෙන තත්වයක්ද පවතී.
                                                        වින්ඩෝස්8 හදුන්වාදීමත් සමග සයිබර් ලෝකය හා සම්බන්ද සියලුම පාහේ ආයතන තම සේවාවන් හා සම්බන්දිත ඇප්ස් මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව වෙත යොමුකරන්නට පටන්ගෙන තිබෙනවා. පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ තවමත් ෆේස්බුක් ආයතනය මයික්‍රසොෆ්ට් ඇප්ස් ස්ටෝව වෙත තම නිල ඇප්ස් සබදතාවක් ලබා දි නැතුවා පමනක් නොව ඉදිරියේදී ලබාදීමට මේ වන තෙක් සැලසුමක්ද නොමැති බවයි. එකිනෙකා අතර කොටස් මිලදී ගැනීම් පේටන මිලදී ගැනීම් වැනි දැඩි සබදතා  ඇති ආයතන දෙකක් අතර මෙවැනි ලෙස ගැටලුකාරී ලෙස හැසිරීම පිලිබදව සයිබර් ලේකය ගැන හදාරන්නන් තම විමතිය පලකරමින් සිටින බවයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...