2012-09-03

 
ෆේස්බුක් සමාජ ජාලාව ලොව වැඩිම පිරිසක් යනෙන සයිබර් සමාජ ජාලාව ලෙසට පිලිගන්නා සමාජ ජාලාවයි.ලොව දසතින් දෛනිකව විශාල භාවිතාවක් ලබන මෙම අවකාශය තුලට මුදා හැරෙන තොරතුරු ප්‍රමානයද මහත්ය.
                            ෆේස්බුක් මතට ඔබ මුදා හැර ඇති තොරතුරු ප්‍රමානය ප්‍රස්ථාර ආකාරයකට හකුලා  මැන බලන්නට අවස්ථාවක් සලසමින් දියත්කර ඇති නව සේවාව ඔබටත් ඔබගේ සමාජ ජාලා ජීවිතය පිලිබද කිසියම් තක්සේරුවකට පැමිනෙන්නට අවස්ථාව ලබාදෙනු ඇති බවටයි එහි නිර්මාතෘවරුන් පවසා සිටින්නේ. ෆේස්බුක් මත ක්‍රියාත්මකවන ඇප්ලිකේශනයක් ලෙසට ක්‍රියාත්මකවන මෙම පහසුව ඔබටත් ලබ ගැනීම සදහා පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසීමෙන් ලබා ගත හැකි වනු ඇත.

http://www.wolframalpha.com/input/?i=facebook

2012-09-02

පරිගණකයේ ආරක්ෂාව තහවුරු කර ගනිමු

දුර බැහැර වෙසෙන ඔබගේ හිත මිතුරන් සමග සබදතාවලදී වඩාත්ම පහසුවෙන් ඔබට සහයවන්නට ඉදිරිපත්වන සේවා අතර ස්කයිප් මුලුන්ම සදහන් වනු දැකිය හැකියි. ලොව පුරා සයිබර් වැසියන් බහුතරයක් භාවිතාකරන මෙම සේවාව හා බැදුනු මීලග ප්‍රධානතම ගැටලුව වන්නේ තිතරම තම ගිනුම අනවසර පහර දෙන්නන්හට ගොදුරුවීමේ ස්වභාවයයි.......
www.siriwansa.com

සෙයුම් යන්ත්‍රන දූෂනය යනු.......

සර්ච් එන්ජින් ප්‍රථිපල දූෂනය යනු සයිබර් අවකාශය තුල සිදුවෙමින් පවතින තවත් ප්‍රධාන පෙලේ ගැටලුවක් ලෙසට හදුනා ගනුමින් තිබෙනවා. මෙම තත්වය පැහැදිලි කරන්නේ නම් , සෙයුම් ප්‍රථිපල පි‍ටුවක ඉහලම සටහන වන්නට පලකරන්නන්ගේ ඇති ප්‍රියතාවයට හේතුවන්නේ බොහෝ විට සොයා බලන්නෙක් තමන් වෙත ලැබුනු ප්‍රථිපල සටහනේ ඉහලින්ම ඇති ප්‍රථිපලය [ක්ලික් කිරීම] අවදිකරන්නට ඇතිම වැඩි ප්‍රථිශතය නිසා වෙනි. මෙම ස්වභාවය හදුනා ගන්නා ව්‍යාජ පලකරන්නන් විසින් උපංක්‍රමශීලීව තම හානිකරයන් සහිත වෙබ් අඩවි වෙත වැඩි පිරිසක් ‍රැගෙන ඒම සදහා උපංක්‍රමශීලීව පෙරකී ප්‍රථිපල සටහන් වල ඉහලින්ම සටහන් වන්නට ක්‍රියත්මක වීමයි.
                                                                          හදාරන්නන් පවසන්නේ සියලුම පාහේ සෙයුම්යන්ත්‍ර පහසුව ලබා දෙන්නන්  මෙම තත්වය මග හැරීම සදහා උපරිම උත්සාහයෙන් ක්‍රියා කරන නිසා හුදු එක සෙයුම් යන්ත්‍රයක් වඩාත් නිවැරදියයි පෙර නිගමනයකට පැමිනීමට වඩා ලැබෙන ප්‍රථිපල අතර හොද අවදානයකින් සොයා බැලිම වැදගත් වනු ඇති බවයි.ඔවුන් පවසන්නේ  ප්‍රධාන පෙලේ පුවත් හා පලකිරීම් වලට වඩා සාමාන්‍ය කරුනක් සදහා කරන සෙවුම් අතරට රිංගා ගන්නට මෙම ව්‍යාජ වෙබ් අඩවි මෙහෙය වන්නන් වැඩි කැමැත්තක් දක්වන බවට තමන් හදුනා ගන්නා බවත් එයට වැඩිම හේතුව වන්නට ඉඩ ඇත්තේ එවන් සෙයුම් ප්‍රථිපලයක ඉහල තැනක් අත්පත් කර ගන්නට අවශ්‍යවන උත්සාහය පෙරකී ප්‍රධාන පෙලේ උනුසුම් මාතෘකාවක් ඔස්සේ ලබා ගන්නවාට වඩා පහසු වීම විය හැකි බවයි.

වඩාත් නිවැරදි සෙයුම් ප්‍රථිපල ලබාදීම හෙවත් නොනවතින අරගලය.....

වෙබ් අවකාශය යනු අපමන තොරතුරු වලින් සුසැදි ස්ථානයකි. සැබවින්ම මෙම වෙබ් අවකාශය අපහට මෙතරම් අදාල වනුයේ එය සමන්විතවන අපමනක් වන තොරතුරු නිසාම නොවේ. ක්ශනිකව එම තොරතුරු අපට අදාලවන විටකදී නැවත ලබා ගැනීමේ ඇති පහසුව නිසා වෙනි. දුර හා කාලය යන බොහෝදේ සදහා අදාල වන සාධක ඉක්මවා යමින් ක්ශනිකව එම තොරතුරු අපට අවශ්‍ය ආකාරයට ලබාදීමේ කාර්යය සදහා අතර මැදියා වනුයේ "සර්ච් ඇන්ජින්" ලෙසින් නම් වන සෙයුම් යාන්ත්‍රනයයි.
               ගූගල් ආයතනය යනු මෙම කාර්යය වඩාත් සාර්තකව ඉ‍ටුකර දෙන්නට උත්සාහකරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. එම ආයතනයේ ශක්තියෙන් වැඩි ප්‍රමානයක් වැය කරමින් ඔවුන් නිරන්තරයෙන් සොයා බලමින් සිටින කාරනය නම් සැබවින්ම ඔබ සොයන්නේ කුමක්ද යන්නය. සරලව පවසන්නේ නම් එක් වචනයක් සදහා අර්ථ කිහිපයක් ඇති විටකදී බහුතරයක් වැඩි වශයෙන් එම වචනයෙන් අදහස් කරන්නේ කුමද යන්න සෙයුම් යන්ත්‍රයට අවබෝධයක් ඇති විටකදී අඩුම කාලයදී වැඩිම අදාල සෙයුම් ප්‍රථිපල ඔබගේ ප්‍රථිපල පි‍ටුවේ ඉහලින්ම සටහන් කිරීම ඔවුන්ගේ ඉලක්කයවේ.
               ගූගල් ආයතනය මේ වන විට පවසමින් සිටින්නේ වඩාත්ම සාර්ථකව ඔබ සොයනදැ පිලිබදව සහය ලබා දෙන්නට නම් ඔබගේ වඩාත් පෞද්ගලික බවට එබී බලන්නට සිදුවනු ඇති බවය. ඔවුන් පවසන්නේ අනාගතයේ ඔබගේ සෙයුම් ප්‍රථිපල වඩාත් ඔබේ අවශ්‍යතාවයන් හා වැඩියෙන්ම සැසදෙන්නට නම් ඔවුනට ඔබගේ ඊමේල සමාජ ජාලා ගිනුම් වෙත වඩාත් සමීපව කටයුතු කරන්නට සිදුවනු ඇති බවකි.

වින්ඩෝස් 8 සමග සුපුරුදු පරිගණක ක්‍රිඩාද.......

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ එලබෙන වින්ඩොස් 8 සමගද සුපුරුදු පරිගණක ක්‍රිඩා පැමිනෙන්නට නියමිත බවයි. ඒවා අතර Angry Birds හා Angry Birds Space ද වන බව පවසන ආයතනය ඔක්තෝබර් මස  26 නිකුත්වන වින්8 අවසන් සංස්කරනය සමග මේවා නිකුත්වන බවටයි පැවසෙන්නේ. මේවා ගේම් ඇප්ස් ලෙසටත් වින්ඩෝස් ස්ටෝර් වලත් දක්නට ලැබෙනෞ ඇති බවට ආයතනය පවසනවා.මීට අමතරව වින්ඩෝස් හි  Xbox console සමගද සමහර ක්‍රිඩා කිහිපයක් නිකුත්වනු ඇති බවටයි සටහන් වන්නේ. මෙම ක්‍රීඩා 40ක් අතරින් 29ක්ම මයික්‍රසොෆ්ට් ආයතනයේ නිර්මාණ වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.
                        කෙසේ වෙතත් තවමත් එම ආයතනය ටැබ් මූලික උපකරන වෙනුවෙන් වන Windows RT සංස්කරනය සදහා මෙම ක්‍රිඩා අතරින් කිනම් ඒවා අදාල වනු ඇත්දැයි තවමත් පවසා නැති බවටයි සටහන් වන්නේ.

2012-09-01

Pen Drive එකකින් වින්ඩොස් 7 හෝ වින්ඩෝස් 8 ස්ථාපනය කරමු...


තවමත් මෘදුකාංග ස්ථාපනය සදහා යොදා ගන්නා සරලතම මාර්ගය වන්නේ සංයුක්ත තැටියක් හෝ යු.එස්.බී හරහා පරිගණකයට සම්බන්ද කල හැකි මාධ්‍යයක් හරහා එම
මෘදුකාංගය පරිගණකයට ලබා දීමයි. මෙහිදී යු.එස්.බී හරහා සම්බන්ද වන පෙන් ඩ්‍රයිව් එකක් වඩාත් වැඩි දෙනෙකුගේ තේරීම වනු ඇත්තේ එම උපකරනයේ බහුල භාවිතයත්
පහසු ජංගම ගතියත් විය හැක.පහත දැක්වෙන ක්‍රමවේදය ඔස්සේ පහසුවෙන් Pen Drive එකක් හරහා වින්ඩෝස් 7 හෝ වින්ඩෝස් 8 ඔබගේ පරිගනකයට ස්ථාපනය කර ගත හැකි වනු ඇත.විනාඩි 15 වැනි කෙටි කාලයක් තුල ඉහත කී මෙහෙයුම් .............         www.siriwansa.com


------ Pen Drive එකක ආධාරයෙන් වින්ඩොස් 7 හෝ වින්ඩෝස් 8 ස්ථාපනය කරගැනීම පැහැදිලි කෙරෙන ලිපියක් සමග ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ඉදිරියේදී පලකිරීමට නියමිත ලිපි මාලාවක් ඇරබෙන අතර මෙම ලිපිවල ගුනදොස් 0773491916 ඔස්සේ ලබාදෙමින් සහය වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. --------
 

 

කාලය පරිගණක ලෝකය තුලද තීරනාත්මකය....


එලබෙන කාලය පරිගණක භාවිත ලෝකය මත තීරනාත්මක වෙනස්කම් කිහිපයකින් සලකුනු වන්නට නියමිතය. ඒ අතර ඉහලින්ම සටහන් වන වින්ඩෝස් 8 නිල ලෙස හදුන්වා දීමට නියමිත වීම දැක්වේ. හදාරන්නන්ට අනූව ලොව වැඩිම භාවිතාවක් ලබන පරිගණක මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරන සියල්ලම ඔස්සේ ගලා ආ ප්‍රධාන ආකෘතිය වෙනස් වීමට නියමිතව ඇත. තවත් අයුරකින් පවසනවා නම් එම භාවිතය වඩාත් සරල පහසු ආකෘතියකට වෙනස් වීමට මුල් තැන ලැබි ඇත. කොටින්ම තම මෙහෙයුම් පද්ධතිය භාවිතය සරල ජංගම උපකරනයක් භාවිතය තරමට පහසු කොට ඇත. මේ බව මෙට්‍රො මුහුනත , ටයිල් භාවිතය , ඇප්ලිකේශනයක් අවසන් කිරීමේ සරල ක්‍රමය , ක්ලවුඩ් මතට වැඩි බරක් ලබා දෙමින් උපකරනය මෘදුකාංගමය ලෙසද අඩු බරක්  හා  එම මෘදුක්‍රියා කාරකම් වල ආරක්ශාව පිලිබදව වැඩි වගකීමක් ආයතනය මත තබා ගැනීම ආදී ඇතුලු බොහෝ වෙනස්කම් හැදෑරීමෙන් වටහා ගත හැක.
                                                තවත් දෙසකින් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සදහාම උපකරනයක් හදුන්වා දෙමින් ඉහත කී වෙනස්කමේ ඉදිරිය පිලිබදව පනිවිඬයක් දෙමින් සිටී.සමහර විටක තුන්වන පාර්ශවයක උපකරන වලට වඩා තම මෙහෙයුම් පද්ධතියේ උපරිම කාර්යක්ශමතාවය සදහා තම් දෘඩාංග වෙතට භාවිතාකරුවන් සදහා අනාගතයේ පැමිනෙන්නට වීමේ අනා ගත යෝජනාවක් ඒ තුල සැගවී නැතිමයැයි පැවසීමට අපහසු වෙමින් තිබේ.
                                                          බොහෝ විට එලබෙන වසර වන විට පරිගණක භාවිතාවන් දැනට පවතින ස්වභාවයේ සිට තීරනාත්මක ලෙසට වෙනස් වීමේ අනිවාර්ය අත්දැකීම මගහැරීමට නොහැකි වන බවනම්  ස්ථිරව පැවසිය හැක. එය පරිගණකය හැසිර වීමේ පමනක් නොව සයිබර් පහර දෙන්නන් , භාවිත කරුවන්ගේ අනන්‍යතා පැහැර ගන්නන් දක්වාම වෙනසක් ‍රැගෙන එන බවටනම් ස්ථිරය.

ගූගල්+ වෙත නවාංගයක් එක්වේ........

ඔබට මිතුරන් 1000 සිටිය හැකිද? නැතිනම් ඔබගේ සමාජජාලා ගිනුම හා සම්බන්දවී ඇති 1000ක පිරිසම ඔබගේ මිතුරන්ද? විවිධ විෂයන් ඔස්සේ මේ පිලිබදව විවිද අයවලුන් අදහස් දක්වමින් සිටී.විසදුම් දෙකක් ගැන අනුමාන කල හැක. මිතුරා යන්නෙහි නිර්වචනය වෙනස් කරගන්නට හෝ සමාජ ජාලා මිතුරන් සදහා වඩා ප්‍රායෝගික නව නිර්වචනයක් සොයා ගැනීම ඒ අතර වේ.
                                          ගූගල් ආයතනය පවසන්නේ තම සමාජ ජාලා අඩවිය වන ගූගල්+ සදහා හදුන්වා දෙන නව අංගයක් සමග සියලුම සර්කලයන් තුල සිටින මිතුරන් අතරින් තම උපන්දිනය සමරන අයවලුන් මතක් කර දෙමින් ඔවුන් සදහා සුබපැතුම් සමහ විවිධ ආකාරයේ පනිවිඬ ඔස්සේ සුබ පැතීමේ අවස්ථාව මෙම නව උපාංගය සමග ලැබෙන බවයි.

ජාවා 7 වෙත අනතුරු ඇගවේ......

පසුගියදා ජාවා 7 සදහා නිකුත්කරනු ලැබූ ආරක්ශක යාවත්කාලීනයන් සමග නව දුර්වල තාවයක් නිර්මාණය වී ඇති බවට පුවතක් පලවෙනවා.හදාරන්නන් පවසන්නේ මෙම දුර්වල තාවය සමග ජාවාහි ආරක්ශක ක්‍රියාකාරකම් වන "සෑන්ඩ් බොක්ස්" හා තවත් අවස්ථාවක් සදහා මෙම අනතුරුදායක විවරවීම  දක්නට ලැබෙන බවයි.
                                              ඔරකල් වෙතින් සුපුරුදු ලෙස සතර මාසයකට වරක් නිකුත් කරන ආරක්ශක යාවත්කාලීන ගොනුව ලබා ගැනීමත් සමග මෙම අනතුරු දායක බව නිර්මානය වී ඇති බවට පැවසෙන අතර ඒ සමගම පහර දෙන්නෙකුට පහසුවෙන් මැල්වෙයාර් ආකාරයේ ආසාධනයක් කරා පරිගණකයක් පහසුවෙන් ‍රැගෙන යන්නට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
                       විද්වතුන් පවසන්නේ ජාවා හි 6 වන සංස්කරනයට වඩා එහි 7 වන සංස්කරනය අනාරක්ශිත බවවින් වැඩි බවක් දක්නට ලැබෙන බවටත් ජාවා 7 මතට පෙර සංස්කරන වලට වඩා පහසුවෙන් ඇතුලුවීමේ අවස්ථාව තිබෙන බවයි.

තෙවන පාර්ශවයේ ෆේස්බුක් ඇප්ස් 500,000 අනතුරුදායකයි........


500,000 අධික තෙවන පාර්ශවයට අයත් ෆේස්බුක් ඇප්ලිකේෂනයන් විසින් භාවිතාකරුවන්ගේ ගිනුම් වල තොරතුරු ‍රැස්කිරීමේ යෙදී සිටින බවටයි හදාරන්නන් පවසන්නේ. බොහොමයක් වෙබ් බ්‍රවුසරයන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නට නියමිත නව ප්ලගීනයක් සමග යම් භාවිතාකරුවෙකු මෙම  අනාරක්ශිත ෆේස්බුක් තෙවන පාර්ශවයට අයත් ක්‍රියා කාරකමක් අවදිකරන්නට උත්සාහ කරනවාත් සමගම ඔවුන් වෙත අනතුරු ඇගවීමේ පහසුව සහිත මෘදු උපාංගය මෙම සතිය තුල නිකුත්කිරීමට නියමිත බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

වින් 8 ප්‍රෝ වල සිට ආපසුද යා හැක.......



මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ වින්8 සමග මිළදී ගන්නා උපකරනයක් සදහා එහි භාවිතාකරුට අවශ්‍ය නම් වින් 8 සිට වින් 7 හෝ විස්ටා වැනි මෙහෙයුම් පද්ධතියක් දක්වා තම මෙහෙයුම් පද්ධතිය වෙනස්කර ගැනීමේ අයිතියද වින්8 සදහා ආයතනය සමග ඇතිකරගන්නා එකගතා ගිවිසුම අනූවම අවස්ථාව ලැබෙන බවයි. මෘදුකාංග පිටපත් දෙකකට මුදල් ගෙවන්නේ නැතිව මෙලෙස පෙර සංස්කරනයක් සදහා ගමන් කිරීමේ අවස්ථාව  ලැබෙන ප්‍රථම අවස්ථාව ලෙසට නම් වන මෙම අවස්ථාවේදී වින්ඩෝස් 8 ප්‍රෝ සංස්කරනයේ සිට වින්ඩෝස් ප්‍රොෆෙෂනල් දක්වා වෙනස් වීමේ අවස්ථාව තමගනුදෙනු කරුවන් වෙත ලැබෙනු ඇති බවටයි ආයතනය පවසන්නේ. එලෙසම අවශ්‍ය නම් විස්ටා මෙහෙයුම් පද්ධතිය ‍තෝරා ගැනීමේ අවස්ථාවද ඇති බවට ආයතනය පවසා සිටිනවා. ආයතනයෙන් පැවසෙන ආකාරයට ඔක්තෝබර් 26 සිට වින්ඩෝස්8 ප්‍රො සංස්කරනය සහිත දත්ත උපකරනයක් වෙළද පොලට නිකුත්වීමට නියමිත බවටයි තොරතුරු පැවසෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...