පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා Live Photos, මෙන්ම නව reactions button හඳුන්වාදීම සිදුකරනු ලැබුවා. ආයතනය පැහැදිලි කරන ආකාරයට Twitter වල Periscope app ආකාරයට Live Video button සංක්‍රිය කිරීමකින් Update Status area වල සිට මෙම නව පහසුකම ලබෙන අතර පෙර කී අංගයේදී ( Periscope app) නොලැබෙන ලෙසට එසේ සජීවීව මුද අහැරුනු වීඩියෝවක් පසුව නැරබීමට ද හැකිවන ලෙසට අඩවියෙහි ගබඩා වීමටද සිදුවන බවටයි කියවෙන්නේ. ආයතනය සැලසුම් කර ඇති ආකාරයට එල බෙනසතිය වනවිටUS වල සියලුම Android භාවිතාකරන්නන් සදහා මෙම පහසුව මුදා හැරෙන අතර ඉන් අනතුරුව ක්‍රමයෙන් අනෙකුත් භාවිතා කරන්නන් සදහාද මෙම පහ්සුව [පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
www.digilk.com





















මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන පටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා…” ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි. කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත් බැරුවා සේය. විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින් ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ



















