අප තවමත් භාවිතා කරමින් සිටින්නේ 1873 පමන නිර්මානය කර ගත් යතුරු පුවරුවයි. 1963 දී පමන නිර්මානය කරගත් නමුත් 1984 වන විට මැකින්ටොෂ් සමග ප්‍රචලිතවූ අනිත් උපකරනය මවුසයයි.පරිගණකය වෙත දත්ත හා උපදෙස් ලබාදෙන්නට මින් අනතුරුව කට හඩ, ටච් පැඩ්, ට්‍රැක්බෝල් ආදී බොහෝ විකල්ප හදුන්වා දුන්නද මවුසය හා කීබෝඩය පසුකර යන්නට තවමත් නොහැකිවී ඇත.
එලබෙමින් ඇති වින්8 ගැන මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ එය ස්පර්ශක තිර භාවිතය ප්‍රමුක මෙහෙටුම් පද්ධතියක් වනු ඇති බවයි. මෙට්ට්‍රො මුහුනත එහි ප්‍රධාන කවුලුව ලෙස නිර්මානය වීඇති බවයි. එනමුත් සාම්ප්‍රදායික සාමාන්‍ය මවුසය හා කීබෝඩය මූලික ඩෙස්ටොපය තවමත් එය සමග භාවිත කල හැකි බවකි. මීට දසකයකට පමන පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය ස්පර්ශක තිර මූලික ටැබ්ලට් වර්ගයේ උපකරනය හදුන්වාදීමේදී මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ තුමා පවසා සිටියේ එලබෙන දශකයේ වඩාත් ප්‍රචලිත දත්ත හා උපදෙස් සපයන මාධ්‍ය වනු ඇත්තේ ස්පර්ෂක තිර බවයි. හදාරනන්ගේ මතය වන්නේ මවුසය භාවිතයට පිවිසීමේදී තරම් ගැටලුවක් වින් 8 ස්පර්ශක තිර සමග ඇති නොවුනුඇතැයි සිතිය හැකි වන්නේ දැනටමත් ස්පර්ශක තිර භාවිතය සහිත අයි ෆෝන් , අයි පැඩ් වැනි උපකරන භාවිතයට පැමින ඇති නිසාවෙනි.
කෙසේ මුත් භාවිතය තුල දේවල් සැබවින්ම වෙනස් වන්නට කාලයක් ගතවෙනු ඇත. වින්ඩෝස් 1.0 සමග 1985 භාවිතයට පැමිනි මවුසය පිලිගත් බහුල භාවිතයක් සහිත උපකරනයක් වන්නට හැකිවූවේ 1990 මුල් භාගය වන විට වින්ඩෝස් 3.0 හා වින්ඩෝස් 3.1 සමගය. ස්පර්ශක තිර මූලික භාවිතය 2015 පමන වන විට පිලිගත් ප්‍රමුක භාවිතාව බවට පත්වනු ඇති බවයි විද්වතුන්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ.තව දුරටත් ඔවුන් පවසන්නේ එය කීබෝඩයට හා මවුසයට විකල්පයක් නොව ඉදිරි පියවරක් ලෙස භාවිතයට පැමිනෙනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...