2022-01-31

Microsoft වෙතින් "Upgrade" නම් Office 365 හානිකරයක් ගැන පැවසේ.

Microsoft පවසන්නේ PC එකක් මතට ස්ථාපනය වන "Upgrade" නම් app එකක් හරහා සයිබර් අපරාධකරුවන්ට ඔබගේ email accounts, personal calendars පමනක් නොව contacts lists පවා full access අවස්ථාවක් ලබා ගැනීමේ දුර්වලතාවයක් නිර්මාණය කර ගන්නට අවස්ථාව වන බවයි. එසේම Office 365 වල  authentication tokens සොරා ගන්නටද අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ installation process වලදී ලබා ගන්නා full permissions හරහා මෙම අවශ්‍ය complete access  ලබා ගන්න බවයි. එසේම ආසාධිත කර ගන්නා පරිගණකය ඔස්සේ යවන පනිවිඩ හරහා පහර දෙන්නන් මෙම bug එක පැතිරවීමටද කටයුතු කල හැකි වනවා. මේ වන විට Microsoft ආයතනය අදාල  app එක deactivate කර ඇති බව පවසන අතර භාවිතාරන්නන් හට උපදෙස් දෙන්නේ "Upgrade" වැනි ස්ථාපනයට උපදෙස් සහිත eMail එකක් වන්නේ නම් සැලකිලිමත් වන ලෙසයි.
Pubudu Siriwansa


 

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා ගෙන “turn the flashlight” වැනි විධානයකින් පහසුවෙන් එය සොයා ගන්නට හැකි වනු ඇත.
ඔබ iOS වල 14 හෝ පසු සංස්කරනයක් භාවිත කරන්නේ නම් ‘Back Tap,’ පහසුව ඔබ සමග වේ. ඔබගේ iPhoneයේ පසු පස වන Apple logo ව secret button එකක් ලෙසට භාවිතා කරන්නට හැකි වීම එහි වන විශේෂය වේ. ‘Settings’ > ‘Accessibility’ > ‘Touch’ > ‘Back Tap.’ ඔස්සේ පිවිස App Switcher,’ ‘Camera,’ ‘Control Centre,’ ‘Lock Screen,’ ‘Mute,’ ‘Notification Centre,’ ‘Screenshot,’ ‘Siri,’ නැතිනම් ‘Spotlight.’ වැනි බොහෝ තොරා ගැනීම් සදහා ‘Double Tap,’ ‘Triple Tap,’ ආදිය සැකසන්නට ඔබට හැකිය.
iPhone භාවිතාකරන්නන් හට මග හැරෙන තවත් පහසුවක් වන්නේ keyboard සමග වන trackpad හැකියාවය. Notes app, search bar, නැතිනම් text message සමග කල හැකි මෙම භවිතාවේදී spacebar එක මත press and hold කරන විට සියලුම keys gray out වන අතර අනතුරුව cursor එක text area එක තුල චලනය කරන්නට swipe කිරීමකින් හැකි වනු ඇත.
තවත් විටක Safari app එක භාවිතාවේදී accidentally close tab එකක් නැවත අවධිකරගන්නට tabs button එක press කරන විට squares icon එක overlapping වීමෙන් අනතුරුව “+” buttonය මත long press එකකින් recently closed tabs වල list එක හමු වනු ඇත.
Pubudu Siriwansa

 

2022-01-30

Huawei නැවත පැමිනෙන්නට සූදානම්.

Huawei පසුගිය වසරක කාලයක් ප්‍රධාන මාතෘකාවෙන් ඉවත්ව සිටියා වැනිය. Google වෙතින් තම apps හා services සදහා ඔවුන් වෙත පනවා දැමූ තහනම ඔස්සේ ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව සිටි නමුත් මේ වන විට නව ස්මාර්ට් දුරකථන මාදිලි දෙකක් සමග එනම් P50 Pro හා P50 Pocket ලොවපුරා වෙළඳ පොල වෙතට නිවේදනය කරන්නට සැරසෙමින් සිටිනවා. ප්‍රධාන වෙළඳ අනන්‍යතා වූ Oppo, Vivo, Xiaom, Samsung සමග සිටි කරට කර තරගයෙන් මදක් පසු බා සිටියද මෙම ආයතනය නව හඳුන්වාදීම සමග නැවත US, Europe වෙළඳ පොල වෙතට පැමිනෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මෙම P50 Pro හා foldable P50 Pocket මාදිලීන් පසුගිය වසරේ චීන වෙළඳපොලට නිකුත් කරන්නට එම ආයතනය කටයුතු කර තිබුනා.
මෙම P50 Pro මාදිලිය 6.6-inch curved OLED screen එකකින් වඩාත් වේගවත් භාවිතාවක් සදහා 120Hz refresh rate එකක්ද සමග පැමිනෙන අතර පසු කැමරා හතර 50-megapixel main sensor සමග 40-megapixel mono sensor මෙන්ම Ultra-wide lenses එකක් සමග 200 times zoom range හැකියාවක් ‍රැගෙන එන බවට පවසනවා. එසේම Qualcomm’s Snapdragon 888 processor එකක් සමග fast-charging battery මෙන්ම embedded fingerprint scannerය display එකට සංයුත්තව පමිනෙන්නට නියමිතයි. දුරකථනය පූර්න විවර කිරීමකදී 6.9-inch OLED screen එකක් ගෙනෙන අතර කුඩා circular display එකකින් දුරකතනය විවෘත කිරීමකින් තොරව කෙටි භාවිතාවනට සූදානම්ව සැලසුම් කර තිබෙනවා. Huawei පවසන්නේ ඔවුන්ගේ App Gallery ය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව හා නව EMUI 12 software මෙන්ම UI එක අපූරු භාවිතාවක් සූදානම් ව ගෙනැවිත් ඇති බවට පවසනවා.
Pubudu Siriwansa

 

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ අලවි සංක්‍යාව 222.40million ලෙසට වාර්ථා කර ගනිමින් දෙවන තැනටත් Apple ලාගේ වැඩිම අලවියක් වාර්ථාකල දුරකතනය ලෙසටත් කියවෙනවා. තෙවැනි තැනට පත්ව ඇත්තේ Nokia 3310 වන අතර 2014 සිට ගනනය වීමේදී 136million ලෙසට නම් වනවා. 2000 සිට අලවිවූ Motorola Razr V3 නිකුතුව 130million අලවියක් සමග හතර වැනි තැනටත් 2013 කාලයට අයත් iPhone 5C/5S නිකුතුව පස්වන තැනටත් වන බවට සටහන් වනවා. මෙතැන් සිට දසවන ස්ථානය දක්වා වන නිකුතූන් වන්නේ iPhone models සහ Samsung Galaxy devices වන අතර Blackberry එකදු නිකුතුවක් වත් නැති බවට සටහන් වනවා. එසේම iPhone හා Samsung Galaxy වැඩිම ඉල්ලුම ලෙසට තවමත් ස්ථාන ගතව සිටින බවට කියවෙනවා.
Pubudu Siriwansa

 

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private Browsing mode වලදී පවා හානිකරන්නන් වෙතට විවර වීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබ භාවිතාකරන උපාංගය අනූව iOS 15.3 , iPadOS , 15.3 හෝ macOS Monetery 12.2 ලෙසට දැනට ඒ උපාංග සදහා වන අවසාන මෙහෙයුම් පද්ධති නිකුතුවට පැමිනීම වැදගත් වනවා. 1GB ට වැඩි වන ගොනුවක් වන බැවින් (macOS Monterey වලදී 2GB) මෙම යාවත් කාලීනය Wi-Fi වලට සම්බන්දිතව බාගත කර ගැනීම පහසුවක් වනු ඇති බවටද උපදෙස් ලැබෙනවා.
Pubudu Siriwansa

 

Net neutrality law වලට නැවතත්…

California නෛතික පසුබිම නැවත net-neutrality laws දෙසට චලනය වන්නට කටයුතු කරමින් සිටිනවා. මුල් ස්වභවයෙන් අන්තර්ජාලයේ පදනම වූ එහි චලනය වන සෑම බිට්‍ටුවක්ම සමාන ආකාරයට සැලකීම් ලැබිය යුතු බව වූ අතර පසුකාලීනව එරට federal administration විසින් මෙම සමාන බව අවසන් කරමින් එහි දැවැන්තයන්ට අන්තර්ජාලයේ වේගය මෙන්ම ප්‍රමුකතාවය පාලනයට අවස්ථාව දෙනු ලැබුවා. නමුත් පසුගිය දා California නෛතික ආයතනයක් පවසා ඇත්තේ අන්තර්ජාල සේවා අයතනයන් ගෙන් වන අගතීන් වලින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමේ අයිතිය භාවිතාකරන්නන් හට වන බවයි. ඒ අනූව Internet Service Providers ලා හට මුදලක් යටතේ premium service ලෙසට slowing down හෝ blocking access වැනි තත්වයන් යටතේ websites හෝ applications සදහා සැලකීම අත්හරින්නට සිදුවනු ඇත.
Pubudu Siriwansa

 

සාර්තක යාවත්කාලීනයක් සදහා පැය 2-6 අතර කාලයක්.

Microsoft පවසන්නේ windows 11 සාධාරන සාර්ථක මට්ටමක මෙහෙයුම් පද්ධතියක් ලෙසට ස්ථාවර වෙමින් ඇති බවකි. එය ඉල්ලා සිටින ඉහල තලයේ දෘඩාංග අවශ්‍යතා සමග වුවත් සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවකි. එසේම windows මෙහෙයුම් පද්ධති වල යාවත්කාලීනයන් නිසි පරිදි අවසන් නොවීමේ ගැටළුව පැහැදිලි කරන ඒම ආයතනය පවසන්නේ පැය 2-6 අතර කාලයක් ඉල්ලා සිටීම සාමාන්‍ය බවයි. එනම් pre-update මට්ටමට පැය දෙකක කාලයක් හා post-update සදහා internet connectivityය පැය හයක කාලයක් බලාපොරොත්තුවීම සාමාන්‍ය බවට පවසනවා. ඔවුන් පැහැදිලි කරන්නේ පරිගනණකයක් active හා connected මට්ටමේ දී download සහ background installations ක්‍රියාවලිය සම්පූර්න වීම සදහා මෙම කාලය බලාපොරොත්තු විය යුතු බවයි.
Pubudu Siriwansa

 

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ ස්වංක්‍රීයව සැකසෙමින් වැඩි බැටරි හැකියාවකට සහය වනු ඇත.
Settings > Battery > Last 10 Days ඔස්සේ පිවිස වැඩිම බල වැයක් දරන apps පිලිබඳව වැටහීමකට යන්නට හැකි වනු ඇත. ඒ ඔස්සේ ඔබේ භාවිතාව ගැන වැටහීමකට යන්නට හැකි වන අතර ඔබගේ අනවධානය සමග දුරකථනයේ බලය සොරා ගන්නා apps හා ඒවායේ භාවිතය සීමා කරගන්නට සහය වනු ඇත.
හදාරන්නන් පවසන්නේ නිතරම භාවිතාවන apps සදහා නිතරම quitting වලට යාම වැඩි බල අපතේ යාමකට මග පාදන බවට පැහැදිලි කෙරෙනවා. මේ නිසා standby mode වල තබා ගනිමින් නිතර භාවිතාවන apps සමග කටයුතු කිරීම වැදගත් වනු ඇති බවට උපදෙස් දෙනු ලබනවා.
ඔබේ දුරකථනය charging අතර තුර භාවිතාකිරීම හානිකර බවට පහදන ඔවුන් පවසන්නේ එය බැටරියේ ආයුකාලය අඩුකරන්නන් මෙන්ම charge cycle වලටද බලපාන බව පැහැදිලි කරන්වා. විශේෂයෙන් game හා videos සදහා දුරකථන භාවිතාකරන්නන් වෙතට ඔවුන් අනතුරු අගවන්නට කටයුතු කරමින් සිටිනවා.
Safari tabs සදහා වැදගත් වන Auto-close හකියාව ඔස්සේ ද බලය ඉතිරියක් සදහා කටයුතු කරන්නට ඔබට හැකි වන අතර ඒ සදහා Settings app > Scroll down > tap Safari >Settings app. Scroll down > tap Safari > tap Close Tabs ඔස්සේ දිනයකින් සතියකින් වැනි කාල පරාසයකින් විවෘතව ඇති Safari iOS app එකේ tabs පාලනය කරන්නට ඔබට හැකි වනු ඇත.
Keep your iPhone cool ඔවුන්ගේ තවත් උපදෙසක් වනවා. iPhone එකේ දීර්ග පැවැත්මට මෙන්ම හොඳින් පැවැත්මට එය සිසිල් පරිසරයක තිබීම වැදගත් වන අතර විශේෂයෙන් බල ගැන්වීමේදී case එකෙන් ඉවත්ව තැබීම වඩාත් හොඳ බවට පෙන්වා දෙනවා.
Pubudu Siriwansa

‘Dark Herring’ ලොවපුරා 105 Million අත්පත් කරගෙන.

‘Dark Herring’ පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ subscription scam එකක් ලෙසටය. Google Play Store apps දැනට 470 ක දැවටී එන මෙම subscription scam එක විසින් දැනට ලොව පුරා වන 100 million කගේ පමන ඩොලර් මිලියන සිය ගනනක් අනවසර අත්පත් කර ගැනීම් වලට හසුකරගෙන ඇති බවටයි පවසන්නේ. Direct Carrier Billing නම් භාවිතාකරන්නගේ මිළදී ගැනීම් සදහා තමන් විසින් මාසිකව බිල් ගෙවීමකට යටත්වන් ගෙන ඇති සේවා සදහා වන ගෙවීම් වලට බද්ධව ගෙවීම් කරන ආකාරය හරහා මෙම වංචාසහගත කටයුත්ත සිඳුවන බවටයි තොරතුරු වාර්ථා වෙමින් ඇත්තේ. Google ආයතනය මේ වන විටත් මෙම ආකාරයට සම්බන්ද බවට හදුනා ගෙන ඇති apps 21 පමන ban කර ඇති අතර Smashex, Upgradem, Stream HD, Vidly Vibe, Cast It, My Translator Pro, New Mobile Games, StreamCast Pro, Ultra Stream, Photograph Labs Pro, VideoProj Lab, Drive Simulator, Speedy Cars – Final Lap, Football Legends, Football HERO 2021, Grand Mafia Auto, Offroad Jeep Simulator, Smashex Pro, Racing City, Connectool, City Bus Simulator 2 ලෙසට ඒවා නම්ව ඇති අතර දැනට මත් මේවා ස්ථාපිතව ඇති උපාංග වලින් මේවා අස්ථාපනයට කටයුතු කිරීම හිතකර බවට පැවසෙනවා.
Pubudu Siriwansa

 

GARMIN වෙතින් fnix 7 smartwatch එක සූදානම්.

GARMIN  මේ වන විට තම නව fnix 7 smartwatch එක නිවේදනය කොට තිබේ. වඩාත් කාර්යක්ෂම අංග වලින් සමන්විතව පමනක් නොව හිරු එලියන් පනගැන්වෙන හැකියාවකින්ද මෙවර නිකුතුව හැඩ කරන්නට එම ආයතනය කටයුතු කර ඇත. තම Real-Time Stamina tracking ඔස්සේ භාවිතාකරන්නගේ ශක්ති වැය ගනනය කරමින් ඉතිරි daily exercise routines අවසන් කරන්නට භාවිතාකරන්නා වඩාත් සූදානම් කිරීමට නැතිනම් උපදෙස් දෙන්නට තරම් ඉහල සූදානමකින් පැමින ඇති අතර Recovery Time Advisor ඔස්සේ සාමාන්‍ය තත්වයට පැමිනෙන්නට අවශ්‍ය විවේකය ගැන ද භාවිතාකරන්නා දැනුවත් කරන්නට ද සූදානම්ව සිටී. training intensity මෙන්ම stress, daily activity මෙන්ම sleep වැනි සාධකද හදාරමින් තම භාවිතාකරන්නාට properly recover එකක් සදහා අවශ්‍ය විවේකය ගැනද යෝජනා කරන්නට එය සමත්ය. එක් බල ගැන්වුමකින් 5 weeks භාවිතාවකට සූදානම් මෙම නිකුතුව  OLED screen හා GPS මෙන්ම tough scratch-resistant design හැකියාවකින් සංයුත්තව පැමින ඇත.
Pubudu Siriwansa


 

2022-01-28

Messenger සදහා end-to-end encrypted බව හා Disappearing Messages හැකියාව.


 Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security පිලිබඳව වැඩි අවධානයක් දක්වන්නන් මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. Messenger සදහා end-to-end encrypted වීම  GIFs, stickers, සහ reactions ආදී සියල්ල සදහා අදාල වන බවත් පවසන අතර මෙම feature එක අත්විඳීම සදහා Facebook වල නවතම සංස්කරනය (latest version) යාම අවශ්‍ය වන බවටත් දන්වා සිටිනවා.

Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...