2013-08-19

ෆේස්බුක් ප්‍රධානියාගේ ටයිම් ලයිනයට අනවසර පිවිසීමක්!!!!

  මෘදුකාංගයක දුර්වලතා හමුවීම නිම නොවන ගැටලුවකි. සාමන්‍ය භාවිතාවේදී ගැටලු සහගත නොවන මෘදුකාංගයක් නිපදවාගන්නට හැකි වුවද චේතනීයව දුර්වලතාවයක් සොයන්නෙකුට කිසිසේත් දුර්වලතා හමුනොවන මෘදුකාංගයක් යනු සංකල්පීය කාරනාවක් බවයි හදාරන්නන් පවසන්නේ.තම මෘදුකාංග වල දුර්වලතා පෙන්වා දෙන්නන්හට ත්‍යාග පිරි නැමීමේ ක්‍රම වෙදයක් සියලු ප්‍රධාන මෘදුකාංග නිපදවන්නන් පවත්වාගෙන යන්නේ මේ නිසා විය යුතුය.
                 ෆේස්බුක් ආයතනයටද පසුගියදා මෙවැනි අකරතැබ්බයකට මුහුන පාන්නට සිදුවිය. එනම් Palestine හදාරන්නෙකු විසින් කිහිප වතාවක්ම තමන් හදුනා ගන්නා ලදැයි විස්වාස කරන ෆේස් බුක් දුර්වලතාවයක් පිලිබදව කිහිපවරක් එම ආයතනයද දැනුම් දුන්නද එය නොසලකා හැරීම නිසා ඔහු විසින් කෙලින්ම ෆේස්බුක් ප්‍රධානියාගේ පෞද්ගලික පි‍ටුවෙහි අදාල කාරය දක්වමින් සටහනක් තැබීම සමගිනි.එම හදාරන්නා පවසන්නේ තම කිහිපවතාවක් ආයතනය මේ බව දැනුම් දුන්නද ආයතනයෙන් ලද පිලිතුරවූවේ එය දුර්වලතාවයක් ලෙසට පිලිගත නොහැකි බවට  ආයතනය පිලිතුරු දීම නිසා තමන් කෙලින්ම එම දුර්වලතාවය භාවිතාකරමින් අදාල ප්‍රධානියාගේ පි‍ටුවෙහි එම සටහන තැබූ බවයි. භාවිතාකරන්නෙකුගේ මිතුරෙකු නොවන අයෙකුට ඔහුගේ පෞද්ගලික ටයිම් ලයිනයේ සටහන් තැබීමට නොහැකි වුවද මෙම දුර්වලතාවය ඔස්සේ එම හැකියාව ලැබෙන බවයි ඔහ්හු පවසන්නේ.කෙසේ වෙතත් එම සටහන තැබූ සැනකින් ක්‍රියාත්මවූ ආයතනය ඔහුගේ දුරකථනය ඔස්සේ සම්බන්දව එම දුර්වලතාවය පිලිබදව කරුනු ලබගෙන එය නිවැරදි කර දමන ලද අතර පසුව එම අඩවියේ නීති රීතීන් උලංගනය කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ ගිනුම අත්හිට වන්නට කටයුතු කොට ඇති බවටයි පැවසෙන්නේ.

2013-08-18

සම්බන්දවි ඇති Wireless Network එකට යාවී ඇති අනෙකුත් උපාංග හදුනා ගනිමු!!

    සමහර මෘදුකාංග පිලිබඳව තොරතුරු පලකිරීම විටක මද අපහසුවක් ගෙනෙන්නේ සද්භාවයෙන් ඒවා භාවිතාකරනු වෙනුවට අනෙකාට හානිකරන්නට මෙම පහසුම් යොදා ගැනීමට ඇති ඉඩකඩ සැලකිමේදීය. පසුගියදා පලවූ වාර්ථාවක් පැවසුවේ විදේශ රටක 17 හැවිරදි දරුවෙකු සම වයසේ යැයි සිතා ස්කයිප් ඔස්සේ සම්බන්දවූ අයෙකුගෙන් ලද තර්ජන හමුවේ සිය දිවි හානිකර ගන්නට ගත් තීර්නය ක්‍රියාත්මක කිරිමකි.දියුනු උපාංග ‍රැගෙන එන විසල් අවකාශය ගෞරවනීය භාවිතාකරන්නට විදිමත් භාවිතාකරන්නන් අවශ්‍ය වීම පැහැදිලි කාරනාවකි.අනෙක් අතින් තමන් භාවිතාකරන උපාංග වල බලගතු හැකියවන් ඔස්සේ තමන් වෙත පැමිනිය හැකි හානීන් පිලිබද අවබෝදයකින් සිටීනට භාවිතාකරන්නන් වෙතද වගකීමක් ඇත.
                            Wireless Network  ආකාරයේ භාවිතාවක් කරන ඔබට මෙම මෘදුකාංගය වැදගත් වනු ඇත. ඔබ සම්බන්දවී සිටින Wireless Network  සමග සම්බන්දව තිබෙන සියලු අනෙකුත් උපාංගවල  IP address, MAC address ආදිය මෙම මෘදුකාංගය ඔස්සේ ලබා ගන්නට හැකිවනු ඇත.දැනට භාවිතාවන සියලු මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මකවන මෙම මෘදුකාංග ඔස්සේ කලාතුරකින් ඔබ සම්බන්දව සිටින ‍රැහැන් රහිත ජාලය හඳුනා ගැනීමට අපහසු වුවහොත් 'Advanced Options'  ඔස්සේ පිවිස මැනුවල් ආකාරයට එය තොරා දෙන ලෙසටයි ඔවුන් උපදෙන් දෙන්නේ.
http://www.nirsoft.net/utils/wnetwatcher_setup.exe

එලබෙමින් ඇත්තේ "personal area network" යුගයයි....

   පලඳින පරිගණක යුගය තොරතුරු ලෝකයේ මීලග ප්‍රධාන හැරවුමක් ලෙසට සටහන් වනු ඇති බව හදාරන්නන්ගේ මතයයි.අප සාමන්‍යයෙන් සිතන ආකාරයේ උපාංග වෙළඳ පොලෙහි තවත් උපාය මර්ගයක් ලෙසට එය තේරුම් ගැනීම එතරම්ම සාර්ථක උපකල්පනයක් නොවනු ඇති බව සරල හැදෑරීමකදී පවා තේරුම් ගත හැකි කාරනාවකි. සැබවිනම එය පරිගණකයට හා අන්තර්ජාලයට ඔබේ සැබැදියාවේ වෙනසක් ගෙන එන්නෙකි.
           හදාරන්නන් යෝජනා කරන්නේ ඔබ අන්තිම වශයෙන් සලකන Home network නැතිනම් නිවෙස් ජාලයෙන් තවත් මදක් ඔබ්බට චලනය වෙමින් "personal area network"  නැතිනම් පුද්ගල ජාලයට පිවිසීමකි. සැබවින්ම එය Bluetooth, Wi-Fi හෝ  NFC වැනි සබදතාවයක් ඔස්සේ පැමිනෙන wireless PAN එකක් ලෙසට නම් කරන්නට ඔවුන් කැමති වෙති. පැරනි LAN ඔස්සේ පැමිනි සබදතාවයට Wi-Fi ඔස්සේ වන ලැප්ටොප් උපාංගය සබදවීමේ යුගයේ සිට ඔබගේ ස්මාර්ට් දුරකතනය Internet-connected server බවට පත්වන යුගය එය ‍රැගෙන විත් ඇත.විශේෂයෙන්ම ඔවුන් සදහන් කරන්නේ වඩාත් අඩු බැටරි බලයක් භාවිතකරන Bluetooth 4.0  වැනි තාක්ශනයන් මෙම නව යුයේ ප්‍රවර්ධනයට මහත් සහයක් දෙමින් සිටින බවයි.හදාරන්නන් පවසන්නේ 2017 වන විට 70 million ක් පලදින ආකාරයේ උපාංග වෙළඳ පොලට ඉල්ලා සිටිනු ඇති බවයි.

භාවිතය වැඩි වෙමින් ඇති SSD ගැන තොරතුරු කිහිපයක්!!!!

  පරිගණකයට වේග සීමා ගෙනෙන උපාංග අතර දෘඩ තැටිය එකකි. අප සාමන්‍යයෙන් භාවිතාකරන යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයක් ඇති එහි 7,200rpm  වේගයක් සහිත උපාංගයේ උවත් දත්ත වේගය 150MB/s කට සීමා වීම දක්නට හැක.එපමනකද නොව ක්‍රියාකාරීත්වයේදි අමතර හඬක් නැංවීම මෙන්ම ගැස්සීමකට ඔරොත්තු නොදීම ආදී අමතර අපහසුතාද එය ‍රැගෙන එයි.  SSD නැතිනම් solid-state drive මේ සදහා හොදම විසදුමකි. ඔබ SATA 6Gb/s interface එකක් හරහා එය භාවිතාකිරිමේදී දල වශයෙන් 550MB/s ක වේගයකින් දත්ත හුවමාරු හැකියාව පරිගණකයේ සමස්ත වේගයට හොද සහනයක් ලබා දෙනු ඇත. එසේම හඬ නොනැගීම මෙන්ම යාන්ත්‍රික කොටස් නොමැති නිසා කම්පනයට ඔරොත්තුදීම පරිගණකය භාවිතාවේදී පහසුවක් වනු ඇත. එපමනකදු නොව එහි ක්‍රියාකාරීතය නිසා ඉපැදෙන උෂ්නත්වය සාපේක්ශව අවම වීම මෙන්ම ප්‍රමානයෙන් නයවර පත් කිහිපයක ප්‍රමානයට සීමා වීම සැලකිය යුතු ප්‍රමානයේ ඉඩක් පරිගණකය තුලට ගෙන එයි.
                      මිල අදික වීම මෙහි එන ප්‍රධානතම අවාසියයි. එහෙත් වේගයෙන් මිල අඩු වෙමින් වැඩි දත්ත ප්‍රමානයකට ඉඩ කඩ ලබාදෙමින් SSD වල වේගවත් වර්ධනයක් දක්නට ලැබෙයි. මුල යුගයේ පැමිනි SSD උපාංග භාවිතාකරන ලද්දන්ගේ එල්ලවූ චෝදනාවක් වූවේ එහි අඩුභාවිතකාලයක් තිබීම උවද වේගයෙන් වන දියුනු කිරීම් සමග වඩාත් සාර්ථක controller හා firmware සමග වඩාත් සාර්ථක SSD මේ වන විට වෙළඳ පොලට පැමිනෙමින් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.
                                                                                                                               by pubudu siriwansa

ඇපල් ද අනාරක්ශිත විය හැක!!!!

 වෙතට මුදා හරින්නටද කටයුතු කරන ලදී.හදාරන්නන් පවසන්නේ එම ඇප් මෘදුකංගය තුල වූ හානිකරය පලමු කොටස් කිහිපයක් ලෙසට පරිගණකයට ඇතුලු වන මුත් පසුව එය නැවත එක්වී හානිකරයක් ලෙසට ක්‍රියාත්මක වන්නට පටන් ගන්නා ලෙස සැලසුම් වතිබූ බවත් , එහි ක්‍රියාකාරීත්වයේ ප්‍රතිපලය වන්නේ භාවිතාකරන්නාගේ තොරතුරු සොරාගෙන පහර දෙන්නන් වෙත ලබදීම වූ බවත් ඔවුන් පවසනවා.කෙසේ වෙතත් එම කන්ඩායම පැවසුවේ භාවිතාකරන්නන් කිසිවෙකුත් එම ඇප් මෘදුකාංගය බාගත කරන්නට පෙර ඉවත්කිරිම තමන් කල බව හා එම ආකාරයේ හානිකරය ඔනෑම මෙහෙයුම් පද්ධතියකට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවද පවතින බවයි. ඇපල් ආයතනය පසුගියදා පවසා සිටියේ තම iOS approval  ක්‍රමවේදය වෙතට යම්  වෙනස්කම් ගෙනෙන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි

ගූගල් බිඳවැටීම විනාඩි 5යි. අලාබය ඩොලර් 545,000යි.

  සෙයුම් යන්ත්‍ර අතර ගූගල් වෙතට හිමිවන්නේ ප්‍රධානම තැනකි. අමහර විටක එහි සිදුවන විනාඩි 5ක බිඳ වැටීම අප සිතනවාට වඩා මහත් සේ බරපතලය. ගෙවී ගිය සිකුරාදා ප්‍රායෝග්කෛව එවැනි අත්දැකීමක් අත්විදින්නට හැකි විය. එනම් එදින පැසිපික් වේලාවෙන් 3:52 p.m.සිට 3:57 p.m දක්වා කාලය තුල ගූගල් සෙයුම් යාන්ත්‍රනය බිඳ වැටිනි. ලොව පුරා අතිශය භාවිතාකරනන් පිරිසක් මහත් අපහසුතාවයට පත්කරමින් සිදුවූ මෙම සිදුවීම් කාලයතුල ලොව අන්තර්ජාල තදබදය 40%කින් පහත දමන්නට සමත්ව ඇති බවටයි හදාරන්නන් පවසා සිටින්නේ.
     එලෙසම එම කුඩා බිඳ වැටීම ගූගල් වෙතටද ගෙන ආවේ සාමන්‍ය අලාභයක් නොවන බවටයි ඔවුන් පවසන්නේ. 2013  දෙවන කාර්තුවේදී ඩොලර් බිලියන 14.1ක අදායමක් ඉපයීම සැලකීමේදී ඩොලර් 545000ක ආදායම අහිමි වීමක් මෙම කුඩා කාල පරාසය තුල සිදුව ඇති බවටයි ගනනය වන්නේ.

2013-08-17

වින්ඩෝස් 8 හඳුනාගනිමු -හතරවන කොටස-

  ලොක් ස්ක්‍රීනයද වින්ඩෝස් 8 සමග වෙනස්කම් කිහිපයක් ‍රැගෙන විත් ඇත.වෙනස් සංස්කරන වලදී මෙන් නොව වින්ඩෝස් 8 ලොක් ස්ක්‍රීනය අත්‍යාවශ්‍ය තොරතුරු කිහිපයක් සමග සිටී.ඒවා අතර ලැප්ටොප් පරිගණකයේ බැටරි තත්වය, අන්තර්ජාල සම්බන්දයේ තත්වය, අලුතින් පැමින ඇති ඊමේල් තත්වය ආදිය ඒවායි. එසේම අවශ්‍ය සමහර ඇප් සබදතාද සැකසුම් ඔස්සේ ලොක් ස්ක්‍රීනය වෙත කැදවා ගන්නට  භාවිතාකරන්නාහට හැකි වීමද වැදගත් කාරනයකි. එසේම මෙලෙස ලොක් ස්ක්‍රීනය  වෙත කැදවා ගන්නා ඇප් වලින් නිරවරනය වන තොරතුරු ප්‍රමානයද භාවිතාකරන්නෙකු හොදින් සලකා බලා සකසා ගැනීමට කල්පනාකරී වීම වැදගත් බවටයි පැවසීමට ඇත්තේ.මෙහි සැකසුම් පිලිබදව පසුව විස්තර කරනු ඇත. ලොක් ස්ක්‍රීනය වෙත කැදවාගත හැකිවන  උපරිම ඇප් සංක්‍යාව හතකට සිමා වේ.
                                             වින්ඩෝස් 8 සමග ඔබගේ ගිනුමට ඇතුලුවීම සදහා ක්‍රම කිහිපයක් පැමින ඇත. සාමන්‍ය ආකාරයට වන  password මෙන්ම  picture password හෝ සරල  PIN.  අංකයක් ඔස්සේ මෙන්ම Live ID ඔස්සේද ඔබට ඔබගේ වින්ඩෝස් 8 ගිනුමට ඇතුලුවීමට හැකිවනු ඇත. මෙහිදී password යනු සාමන්‍යන් හුරු පුරුදු සංකීර්න සංයෝජනයක් ඇති සංක්‍ය , අක්ශර, සංකේත ආදිය භාවිතාකරමින් සකස් කර ගත්තක් භාවිතාකරමින් ගිනුමට ඇතුලුවීම වේ. PIN භාවිතයේදී සරලව අංක හතරක් සහිත පිවිසුම් පදයක් භාවිතාකිරීම වන අතර picture password වලදී ඔබ ‍තෝරා ගන්නා පින්තූරයක් භාවිතාකරමින් ස්පර්ෂක තිරයක් ඔස්සේ කිහියම් රටාවකට ඇගිලිතුඩු හැසිරවීමක් ලබාදීම සිදුවේ. නැවත ගිනුමට පිවිසීමට අවශ්‍ය වන විට පෙර ලබාදුන් පරිදි නැවත එම රටාව ලබාදීම සිදුකල යුතුවේ. වින්ඩෝස් 8 සමග ගිනුමකට ඇතුලු වීමට ක්‍රම දෙකක් වේ. එනම් ඔබගේ පරිගණකයට පමනක් සීමා වූ ගිනුමකට පමනක් වන අතර අනෙක් ක්‍රමය වන්නේ වින්ඩෝස් හි  Live ID  එකක් සමග onlin ආකරයට ගිනුමටට ඇතුලුවීමය. එහිදී එම  වින්ඩෝස් 8 භාවිතාව ස්කයි ඩ්‍රයිව් -මයික්‍රසොෆ්ට් හි ක්ලවුඩ් ආකාරයට වන ගොනු ‍රැදවිමේ පහසුව- වෙතටද බර වෙන අතර පසුව ඒ ආකාරයටම වින්ඩෝස් 8 පරිගණකයකින් ඇතුලු වූ විට පහසුවෙන් පෙර සැකසුම් සහිත පරිසරයකට ගොඩවිමට ඕබට සහය වනු ඇත

වින්ඩෝස් 8 හඳුනාගනිමු. -තෙවන කොටස-

  වින්ඩෝස් 8 ‍රැගෙන විත් ඇති නව අංග අතර මෙහෙයුම් පද්ධතියටම බද්ධව පැමිනෙන ආරක්ශක මෘදුකාංගය ප්‍රධාන තැනක ඇත. එය Security Essentials software මෘදුකාංගය වින්ඩෝස් 8 සදහාම සංවර්ධනය කරනලද  Windows Defender මෘදුකාංගය ලෙසට නම් වනවා.එලෙසම  File Explorer වැනි වින්ඩෝස් 8 උප අංග සමග පැමින ඇති  Ribbon interface භාවිතාකරනන් වෙත වේගවත් හා පහසු හැසිරවීමේ හැකියාවක් ගෙනවිත් තිබෙනවා. එසේම මෙවැනි භාවිතාව වඩාත් පහසුකරන නවවාංග කිහිපයක් අතර තවත් කැපී පෙනෙන වෙනසක්  Task Manager වෙතට පැමින තිබෙනවා. පැරනි  Task Manager පහසුව හා සසදත්දී නව සංස්කරනය වඩාත් පහසුවෙන් හා පැහැදිලිව මෙහෙයුම් පද්ධතිය මතසිදුවන ක්‍රියාවලීන් හදුනා ගන්නට සහය වන ආකාරයට සකස්වී තිබෙනවා-වැඩි විස්තර ඉදිරි සටහනකදී- සරලව පැමින ඇති තවත් අංග කිහිපයක් දක්වන්නේ නම් Refresh හා Reset හැකියාව, එනම් මෙහෙයුම් පද්ධතියේ ගැටලුවකදී මෙහෙයුම් පද්ධතියම භාවිතාකරන්නා ස්ථාපනය කර ගත් ඇප් හා සැකසුම් සමග හෝ හුදු මෙහෙයුම් පද්ධතියටම පමනක් නැවත යැමේ හැකියාව -පසුව විස්තර කෙරේ- වින්ඩෝස් 8  Enterprise සංස්කරනය සමග පමනක් පැමින ඇති  USB flash drive එකක් සමග සමස්ථ මෙහෙයුම් පද්ධතියම තවත් පරිගණකයක් වෙත ගෙන යාමේ හැකියාව මෙන්ම Hyper-V සමග පෙරට වඩා පහසුවෙන් වෙනත් මෙහෙයුම් පද්ධතියක් වින්ඩෝස් 8 මත ධාවනයට හැකියාව මෙන්ම,Storage Spaces  පහසුව සමග විශාල දෘඩාංග තැටි දෙකක් උවත් එකම දට්ත ගබඩාවක් ලෙසට භාවිතාකිරීමේ හැකියාව - single large storage location- දක්වන්නට පුලුවන්.
                                                                        තවද  Trusted Boot නැතිනම් - UEFI- සමග පරිගණකය සුරක්ශිතව බූට් කිරිමේ හැකියාව වින්ඩෝස් 8 සමග පැමින තිබෙනවා. මවුපුවරු නිෂ්පාදනයේදී අඩංගු වන සහයත් සමග පමනක් ක්‍රියාත්මක වන මෙම පහසුව සමග පරිගණකය ආරම්භක ක්‍රියාවලියේදී අනාරක්ශිත firmware හෝ drivers ආදිය ක්‍රියාත්මක වීම වලකනු ලබනවා.

වින්ඩෝස්8 හදුනාගනිමු -දෙවන කොටස-

    වින්ඩෝස් 7 වල සිට හෝ වින්ඩෝස් පෙර සංස්කරනයක සිට වින්ඩෝස් 8 වෙත පිවිසෙන ඔබට මුලින්ම හමුවන වෙනස නම් නව ප්‍රධාන මුහුනතයි. එනම් සාමන්‍ය ආකාරයට පරිගණකය ක්‍රියාත්මක කල විට එම ආරම්භ කිරීමේ ක්‍රියාවලිය අවසන් වන ප්‍රධාන මුහුනතයි. එයට UI එනම් යුසර් ඉන්ටර්ෆේස් ලෙසට නම් කෙරෙන අතර වින්ඩෝස් 8 සමග ඔබ පැමිනෙන මුහුනත මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස් එක ලෙසට නම් වනවා. වින්ඩෝස් හි සියලු පෙර සංස්කරන සමග පැමිනි ඩෙස්ටොප් මුහුනතින් මෙය වෙනස් ආකාරයක් ගන්නා අතර පෙර සංස්කරන වල අයිකන ලෙසට නම්වූ ඩෙස්ටොප් එක මත වන සබදතාවන් වින්ඩෝස් 8 මොඩර්න් ඩෙස්ටොප් එක මතදී ටයිල් ලෙසට නම් කෙරෙනවා. ප්‍රමානයෙන් විශාල මෙම ටයිල් සබදතා අතරින් සමහරක වන අනෙකුත් විශේෂත්වය වන්නේ එම ටයිලය නියෝජනය කරන ඇප් මෘදුකාංගයේ වර්තමාන තොරතුරු සමහරක් ටයිලය මතුපිට සජීවීව දක්නට හැකි වීමයි.වින්ඩෝස් පෙර සංස්කරන සමග ක්‍රියාත්මක වූ මෘදුකාංගවල සබැදියාවක් ඩෙස්ටොප් එක මත නියෝජනය වීම අයිකන ලෙසට නම් වූ වත් වින්ඩෝස් 8 මොඩර්න් ඩෙස් ටොප් එක මත නියෝජනය වන්නේ වින්ඩෝස් ඇප් ස්ටෝර්ව මතින් පමනක් ලබා ගන්නා ඇප් මෘදුකාංගවල නියෝජනයක් වනවා.එසේ වුවත් පැරනි වින්ඩෝස් සමග ක්‍රියාත්මක වූ  “legacy” මෘදුකාංගද වින්ඩෝස් 8 මතට ස්ථාපනය කරන්නට හැකි වන අතර මොඩර්න් ඉන්ටර්ෆේසය -ස්ටාර්ට් ස්ක්‍රීනය ලෙසටද මෙය නම්වේ- මත එම ස්ථාපනයන්ගේ ටයිල් ආකාරයේ නියෝජනයන් පැමිනුනද එම මෘදුකාංග විවෘත වන්නේ වින්ඩෝස් 8 සමග පැමින ඇති තවත් ඇප් එකක් ලෙසට ක්‍රියාත්මක වන පැරනි වින්ඩෝස් 7 වලට සමාන ඩෙස්ටොප් මුහුනතක් මතදීයි.
   පෙර කී වින්ඩෝස්7 වලට සමාන ඩෙස්ටොප් මුහුනත මතට කෙලින්ම ප්‍රවිශ්ටවීමේ නොහැකියාව මෙන්ම එම සුපුරුදු ඩෙස් ටොප් එක මතින් ඉවත්ව ඇති ස්ටාර්ට් බටර්න් එක පිලිබදව භාවිතාකරන්නන් අතරින් නැගුනු අසතුට සදහා ප්‍රතිචාර දක්වමින් මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 සංස්කරනය නිකුත්කොට කෙටි කලකින් නිකුත් කරන්නට සැලසුම් කොට ඇති හා දැනට පෙර සංස්කරනයක් නිකුත් කොට ඇති වින්ඩෝස් 8.1 නම් මෙගා මට්ටමේ වින්ඩෝස් 8 යාවත්කාලීනය තුලදී විසදා තිබෙනවා. එම සංස්කරනය සමග භාවිතයේදී කෙලින්ම පරිගණකය ආරම්භය සුපුරුදු වින්ඩෝස් 7 සමාන මුහුනතට පැමිනීමට මෙන්ම එහි ටාස්ක් බාර් වම් කෙරවලට සුපුරුදු ස්ටාර්ට් බටනයක් නැවත ගෙනෙන්නට එම ආයතනය කටයුතු කොට තිබෙනවා.එහෙත් මෙම ස්ටාර්ට් බටනය ඔබව යොමු කරන්නේ වින්ඩෝස් 8 හි ප්‍රධාන නිල යුසර් ඉන්ටර්ෆේස් එක වන මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස් එක නැතිනම් ටයිල් වලින් සැරසුනු නව ඩෙස්ටොප් මුහුනතටයි.

වින්ඩෝස් 8 හදුනා ගනිමු. -පලමු කොටස-

 2011 ජනවාරි මාසයේදී මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටියේ තම මෙහෙයුම් පද්ධති රටාව මීලග සංස්කරනය සමග තීරනාත්මක වෙනසකට ගෙනයන්නට තමන් සූදානම් බවයි. වඩාත් අපුරු මුත් එවැනි නිර්භීත තීරනයකට එලබෙන්නට ඒ වන විට එම සමාගමට අනිවාර්ය වී තිබිනි.එනම් වේගයෙන් භාවිතාකරන්නන් අතර ප්‍රචලිත වෙමින් ඇති ටැබ්ලට් ආකරයේ උපාංග වෙළඳ පොල තුල මයික්‍රසොෆ්ට් අනන්‍යතාවයක් රදවා ගන්නට නම් ඩෙස්ටොප් පරිගණකය මූලික තම මෙහෙයුම් පද්ධති රටාව වෙනස් කොට ටැබ්ලට් පරිගණක කේන්ද්‍රීය මෙහෙයුම් පද්ධති රටාවකට පැමිනීම අනිවාර්ය වී තිබිනි. සුපුරුදු ඩෙස්ටොප් මුහුනතේ සිට වඩාත් සරල ස්පර්ශක මිත්‍ර මුහුනතකට පැමිනීම එහි මග හැරිය නොහැකි සාධකයක්ව තිබිනි.
                             2012දී මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය නිකුත්කරන්නට කටයුතු කෙරිනි.එය MinWin නම් කර්නලය මත ගොඩ නැගුනු මෙහෙයුම් පද්ධතියක් විය. ඇත්තෙන්ම එය වින්ඩෝස් සර්වර් මෙන්ම වින්ඩෝස් ෆෝන් සදහාද පොදු වන කර්නලයක් වේ.මෙලෙස එකම කර්නලයක් භාවිතය නිසා විවිධ උපාංග-පැට්ෆෝම්- අතර පහසු  භාවිතය මෙන්ම මෘදුකාංග නිර්මාණය කිරීමේ පහසුව හා ආරක්ශාව පහසුව කැපී පෙනෙන ලක්ෂන විය. ඇත්තෙන්ම මෙය ඇපල් ආයතනයේ මෙහෙයුම් පද්ධති අතර පවතින ක්‍රමයද විය.එහිදී ඇපල් ඩෙස්ටොප් .iPad මෙන්ම iPhone උපාංග සියල්ල මතම ධාවනය වන මෙහෙයුම් පද්ධති වල පදනම එකම කර්නලයක් විය.
                                       එසේම වින්ඩෝස් විස්ටා , වින්ඩෝස් 7 මෙන්ම වින්ඩෝස් 8 සියල්ලේහිම තවත් පොදු ලක්ෂනයක් වූවේ ඒවා  modular operating system ආකාරයේ වීමය. එනම් මෙහෙයුම් පද්ධතිය තුල ක්‍රියාත්මක වන අංග තනි තනිව අක්‍රියකර දමන්නට හෝ ඉවත්කර දමන්නටද හැකිවීමය.එසේ කිරීම තුල ප්‍රධාන පද්ධතියේ ක්‍රියාත්මකවිමට හානියක් නොවීම පහසුවක් විය. අනිත් අතින් මෙම පහසුව නිසා වින්ඩෝස් සර්වර් , වින්ඩෝස් ඩෙස්ටොප් ආදි වෙනස් අවශ්‍යතා ඉ‍ටුකරන මෙහෙයුම් පද්ධති උවද එකම පදනමක් මත නිර්මානය වීම නිසා ඒවා අතර ගනුදෙනු කිරීම පහසුවිය.එසේම මෙම මොඩියුලර් ස්වභාවය මත වින්ඩෝස් පැරනි සංස්කරන වලට සහය දක්වන මෘදුකාංගද ධාවනයට සහය දැක්විය හැකි විය.

සූර්යබල ලැප් පරිගණකය ඩෝලර් 350කට

  කැනේඩියානු ආයතනයක් පවසන්නේ තමන් සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මකවන ලැප් ටොප් පරිගණකයක් එලබෙන සතියේ නිකුත් කරන්නට සූදානම් වෙමින් සිටින බවයි WeWi Telecommunications ආයතනය පවසන්නේ ඩෝලර් 350ක වැනි මුදලකට මිලකර ඇති මෙම පරිගණකය five pounds බරකින් හා අඟල් දෙකක ඝන කමකින් යුත් උපාංගයක් වනු ඇති බවයි.ඔවුන් පවසන්නේ පැහැබර දිනයකදී දෙපැයයක කාලයකදී හෝ වලාකුලු සහිත දිනකදී තෙපැයකදී ලබා ගන්නා බලය ඔස්සේ පැය 8-10 කාලයක් භාවිතාවට හැකිවනු ඇති බවයි.13.3ක LCD තිරයකින් සමන්විත වන මෙම උපකරනය Ubuntu ස්ථාපිතව පැමිනෙනට නියමිත අතර අනෙකුත් මෙහෙයුම් පද්ධතිවලට පවා සහය දක්වනු ඇති බවටයි පවසා සිටින්නේ.3G හා  4G networks සහය දක්වන මෙම පරිගණකය Wi-Fi සහය සමග පැමිනෙන්නට නියමිත අතර ප්‍රොසෙසරය Intel Atom chip වන අතර 320GB  දෘඩ තැටියකින් හා 2-4GB  RAM මතකයකින් සමන්විත වනු ඇති බවටත් රලු භාවිතාවට වඩාත් ඔරොත්තු දෙන ලෙසට නිමවී ඇති බවටත් පවසා සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...