2013-08-19

ෆේස්බුක් ප්‍රධානියාගේ ටයිම් ලයිනයට අනවසර පිවිසීමක්!!!!

  මෘදුකාංගයක දුර්වලතා හමුවීම නිම නොවන ගැටලුවකි. සාමන්‍ය භාවිතාවේදී ගැටලු සහගත නොවන මෘදුකාංගයක් නිපදවාගන්නට හැකි වුවද චේතනීයව දුර්වලතාවයක් සොයන්නෙකුට කිසිසේත් දුර්වලතා හමුනොවන මෘදුකාංගයක් යනු සංකල්පීය කාරනාවක් බවයි හදාරන්නන් පවසන්නේ.තම මෘදුකාංග වල දුර්වලතා පෙන්වා දෙන්නන්හට ත්‍යාග පිරි නැමීමේ ක්‍රම වෙදයක් සියලු ප්‍රධාන මෘදුකාංග නිපදවන්නන් පවත්වාගෙන යන්නේ මේ නිසා විය යුතුය.
                 ෆේස්බුක් ආයතනයටද පසුගියදා මෙවැනි අකරතැබ්බයකට මුහුන පාන්නට සිදුවිය. එනම් Palestine හදාරන්නෙකු විසින් කිහිප වතාවක්ම තමන් හදුනා ගන්නා ලදැයි විස්වාස කරන ෆේස් බුක් දුර්වලතාවයක් පිලිබදව කිහිපවරක් එම ආයතනයද දැනුම් දුන්නද එය නොසලකා හැරීම නිසා ඔහු විසින් කෙලින්ම ෆේස්බුක් ප්‍රධානියාගේ පෞද්ගලික පි‍ටුවෙහි අදාල කාරය දක්වමින් සටහනක් තැබීම සමගිනි.එම හදාරන්නා පවසන්නේ තම කිහිපවතාවක් ආයතනය මේ බව දැනුම් දුන්නද ආයතනයෙන් ලද පිලිතුරවූවේ එය දුර්වලතාවයක් ලෙසට පිලිගත නොහැකි බවට  ආයතනය පිලිතුරු දීම නිසා තමන් කෙලින්ම එම දුර්වලතාවය භාවිතාකරමින් අදාල ප්‍රධානියාගේ පි‍ටුවෙහි එම සටහන තැබූ බවයි. භාවිතාකරන්නෙකුගේ මිතුරෙකු නොවන අයෙකුට ඔහුගේ පෞද්ගලික ටයිම් ලයිනයේ සටහන් තැබීමට නොහැකි වුවද මෙම දුර්වලතාවය ඔස්සේ එම හැකියාව ලැබෙන බවයි ඔහ්හු පවසන්නේ.කෙසේ වෙතත් එම සටහන තැබූ සැනකින් ක්‍රියාත්මවූ ආයතනය ඔහුගේ දුරකථනය ඔස්සේ සම්බන්දව එම දුර්වලතාවය පිලිබදව කරුනු ලබගෙන එය නිවැරදි කර දමන ලද අතර පසුව එම අඩවියේ නීති රීතීන් උලංගනය කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ ගිනුම අත්හිට වන්නට කටයුතු කොට ඇති බවටයි පැවසෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...