2012-10-03

වින්8 කියන්නේ විස්ටා වගේම මුට්ටිය දමා බැලීමක්ද???


..........එක අතකින් අපිට පිලිගන්නට වෙනවා එක්තරා විදියක විස්ටාවක් නැතිනම් ඔබා බැලීමක් කියලා. හැබැයි විස්ටාව මුට්ටියක් වගේ දාලා බැලුවේ දෘඩාංග උස්තල ගැන්වීමේ බලකිරීමට භාවිතාකරන්නන් මොනවගේ ප්‍රතිචාරයක් දාවිද බලන්න. ඇත්තටම දුර්වලතාවය තිබුනේ ඒ මෙහෙයුම් පද්ධතියේම විතරක් නෙවේ. වෙනස් වීමට මිනිසුන්ගෙන් එන ස්වාභාවික අකමැත්තත් එතන තිබුනා. ඇත්තටම අපේ රටේ තීරනාත්මක ආයතන නැතිනම් දෛනිකව බොහෝ පිරිසක් යන එන කැෆේ වල තවමත් බහුල භාවිතය තියෙන්නේ "වින්ඩෝස් එක්ස්.පී" .මේක ලංකාව, ඒ කියන්නේ සිංහල භාෂාව බහුලව භාවිතවන රටක් නිසාත් , වින්7 සමග සිංහල භාවිතය පහසුනිසාවත් ඇයි වින්7 වලට මාරු නොවෙන්නේ කියලා ඇහුවාම ඔවුන් කියන්නේ වින් 7 වලට මාරුවෙන්න සල්ලි නැති නිසා කියල නෙමේ , ඒවට එන කාටවත් සිංහල අවශ්‍ය නැති නිසාලු.
                      මයික්‍රසොෆ්ට් ආයතනය වින්8 ගෙනෙන්නේ සුලු දෘඩාංග උස්තල ගැන්වීමකට බලකරමින් නොවේ. උපකරනමය වෙනසකට බලකරමිනුයි.වින්8 අපිට කියන පනිවිඩය වෙන්නේ ඩෙස්ටොප් ප්‍රමුක  පරිගණක ලෝකය අවසන් කිරීම අරබන්නට කාලය ඇවිල්ලා කියලද?? ඉදිරි අවුරුදු පහ අවසන් වනවිට බරපතල ප්‍රධාන දත්ත උපකරනය සරල සැහැල්ලු  ජංගම උපකරනයක් වීම අනිවාර්යයි කියලද???.......

සැබෑ ගැටලුව තාක්ශනයට නොව එය ක්‍රියාත්මක කරවන මිනිසාට හදවතක් නැතිවීමය.....

ඇත්තෙන්ම එම චලන පටය අපූරු සිදුවීමක් විග්‍රහ කරන්නක්වූවා.  මිනිසා සැබවින්ම භුක්ති විදිමිනින් සිටින්නේ තම මනසේ ඉතාම සුලු හැකියා වපසරියක් බවත් යම් ආකාරයකින් දැනට භාවිතා නොවී පවතින කොටස් ක්‍රියාත්මක කරවා ගන්නට හැකිවුවහොත් ඔහු අපූරු මිනිසෙකු බවට පත්වන බවත් එහි කියවූනා."පෘතුවිය මත මිනිස් වර්ගයාගේ කථාන්දරය තුල විවිධ වකවානු වලදී විවිධ ආකාරයෙන් මේ අපූරත්වයට පත් මිනිසුන් ගැන සදහන්ව තිබූ මුත් ටීටාව සමස්ථයක් ලෙසට මිනිස් ජීවිතවල තත්වය තීරනාත්මක ලෙස ඉහලට ඔසවා තැබීම සිදුකරන ලදී{වර්ථමාන පසු සටහන} ලෙසට එම චලන පටයේ අවසානයේ සදහන්ව තිබුනා.
                                 "ටීටාව මිනිසුන් බයවූ තරමට හානිකර දෙයක් නොවන  බව වටහා ගන්නට බොහෝ කලක් ගතවූවා.තාක්ශනය යාන්ත්‍රික එකක් වන මුත් එය තුලට සදාචාරාත්මක ලක්ෂන එකතුකරන්නට බැරිබවට අතීත මිනිසුන් කල විස්වාසය පෙරකී බිය ඇතිකරන්නට පදනම වූවා.ඇත්තෙන්ම ලෝකය මත තාක්ශනය සිදුකල හනියට වගකිව  යුත්තාවන්නේ  එම තාක්ශනය නොව එම තාක්ශනයට ක්‍රියාත්මක බව  ලබාදුන් මිනිසුන් තුල මිනිසත්කම නිවීමයි"  මීට පෙර එම චලන පටය  නැරබූ අයෙකු තමා තිබූ සටහන මා සිත් ගත්තා.

සයිබර් අවකාශයේ සැගවී සිටින්නට මෘදුකාංගයක්......

 
 
වැදගත්ම කාරනය වනුයේ සැබවින්ම ඔබට කිසිසේත්ම සයිබර් අවකාශයතුල සැගවිය නොහැකිය යන්නයි. විද්වතුන් පවසන්නේ අවශ්‍ය අයවිසින් සෙවීම බොහෝදුරට නොසලකා හරිනවා විනා නීති විරෝධී කටයුතු සමග අන්තර්ජාලය තුල සැගවී සිටීම ප්‍රායෝගික නොවන බවයි.පහත දැක්වෙන  මෘදුකාංගය එසේ ඔබගේ සැබෑ අනන්‍යතාවය සගවා තබාගෙන සයිබර් සැරියකට සහය වන්නට සූදානම් මෘදුකාංගයක් වන මුත් එය ප්‍රයෝජනවත් වන්නේ සමහර අධ්‍යාපනික තොරතුරු චලනපට පවා යම් යම් දේශසීමා වලට සීමා කොට , නතිනම් සමහර සේවා එලෙස දේශසීමාවලට සීමා ඇති කොට එම සීමා මායිම් ඉක්මවා යාම වැනි දීර්ගකාලීනව බලනොපත්වන සෙවීම් අවස්ථා මග හැරීමට වන බවටයි මාගේ හැගීම වන්නේ.මෙම මෘදුකාංගයේ නොමිලේ ලැබෙන  සේවාව සිමාසහිත වන අතර මිලදී ගැනීමෙ සංස්කරනය සමග නිදහස් භාවිතාවකට ඉඩ සැලසෙන බවට ඔවුන් පවසා සිටිනවා.

http://hideman.net/en
 

2012-10-02

ලිනක්ස් කර්නලයේ නව සංස්කරනයක් නිකුත්වේ....

ලිනක්ස් හි මීට පෙර කර්නල සංස්කරනය නිකුත්වී මාස දෙකක් අවසාන වනවාත් සමගම නවාංග කිහිපයක්ම ‍රැගෙන එහි ඊලග සංස්කරනය නිකුත්ව ඇති බවටයි වාර්ථාවන්නේ. පෙර සංස්කරනයේ වූ හදුනා ගෙන ඇති දුර්වලතා කිහිපයක් සකසා ඇති අතරම නව සංස්කරනයේ සුවිශේෂතා අතර ධාවනය වෙමින් ඇති පරිගනකයේ දත්තයන්ට කිහිදු හානියක් නොවන ලෙසට "හයිබ්‍රයිඩ් ස්ලීප්" තත්වයට පත්කිරීමේ හැකියාව ඔවුන් අවදාරනය කරමින් සිටිනවා.එම මොහොතේ ‍රැම් පතෙහි සියලු තොරතුරු දෘඩ තැටිය වෙත පිටපත් වීම හා පරිගණකය සම්පූර්නයෙන්ම අක්‍රිය කර දැමුවද නැවත අවශ්‍ය විටකදී ඉක්මනින් පෙර නැවතුම් අවස්ථාවට පරිගණකය ගෙන ඒමේ හැකියාව බලය ඉතිරිකර ගැනීම , කාලය ඉතිරි කරගැනීම ආදීවූ පහසුවන් කිහිපයක් භාවිතාකරන්නාට ගෙනෙන බවටයි සදහන් වන්නේ. හදිසි බල බිදවැටීමකදීද මෙම තත්වය තුලදී පහසුවෙන් පෙර තත්වයට පරිගණකය ගෙන ඒමේ හැකියාව ලැබෙන බවටයි සටහන් වන්නේ.
                                           එසේම ඩ්‍රයිවර්ස් සහය අතින් වඩාත් දියුනු කර ඇති නව සංස්කරනය සෝනි හා ඇපල් උපකරන සදහා වඩාත් නම්‍යව සහය දක්වනු ඇති බවටයි සටහන් වන්නේ. එසේම නව සංස්කරනය සමග ප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ශම කොට ඇති බවත් බල භාවිතය අව්ම කර ඇති බවටත් ඔවුන් පවසනවා.
 

MSN වෙබ් අඩවිය වින්8 සදහා සංස්කරනය වේ......


මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා තම MSN වෙබ් අඩවිය වින්ඩෝස්8 සදහාම වඩාත් ගැලපෙනසේ සැකසෙන සංස්කරනයක් එලබෙන ඔක්තෝබර 26 සිට ක්‍රියාත්මක වීමට නියමිත බව. වින්ඩෝස් 8 හා සමාන්තර භාවිතාවන් සදහා පමනක් වෙන් වන මෙම නව සංස්කරනය ටැබ්ලට් මිත්‍ර ටයිල් ආකාරයේ සැකසුමකින් යුක්තව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහාම නිමව පවතිනු ඇති බවටයි පැවසෙන්නේ.
                     දැනට මාසිකව මිලියන 480ක පැමිනීම් ලබා ගන්නා මෙම අඩවිය ස්පර්ශක මූලික මීලග පරම්පරාවේ දත්ත උපකරන භාවිතය ප්‍රමුක වෙබ් අඩවියක සැකසුමට උදාහරනය වනු ඇති බවටයි සටහන් වන්නේ.

සංස්කරන සහයක කුඩා මෘදුකාංගයක්......


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඡායාරුපයක් චලන පටයක් ආදිය පහසුවෙන් සංස්කරනය කරගන්නට සහයවන්නට සූදානමින් සිටින මෘදුකාංගයකි මෙය. විවෘත මෘදුකාංග ගනයේ මෘදුකාංගයක් ලෙසට සලකන මෙම කුඩා සහයකයා ඉහතකී කාරනාවලට අමතර බොහෝ සහයන් සලසන්නට සූදානමින් සිටින බවටයි එහි නිර්මානකරුවන් පවසන්නේ.
http://www.contaware.com/
 

2012-10-01

භාවිතාකරන්නන්ගෙන් 60%ක අවසරපද දුර්වලයි....


අවසරපද භාවිතය තීර්නාත්මකය.ඔබගේ ඩිජිටල් ජීවිතයේ පෞද්ගලිකත්ව සුරකින්නට උදවු වන ප්‍රධාන ආරක්ශකයා වන්නේ මෙම අවසර පදවීම එයට හේතුවයි. පසුගියදා ඇමරිකානු ආයතනයක් විසින් කල සොයාබැලීමකට  අනුව පැවසෙන්නේ තවමත් භාවිතාකරන්නන් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම  තම අවසරපද නැවත නැවත භාවිතයට පෙල බෙන බවයි.ඔවුන් පවසන්නේ  තමන් වෙත ප්‍රථිචාර දැක්වූ වන්ගෙන් සියයට 54ක්ම තම සමස්ත සයිබර් ජීවිතයේදී භාවිතාකරන අවසරපද සංක්‍යාව පහකට අඩු බවයි.එසේම ඔවුන්ගෙන් සියයට 44ක් තම අවසර පද වෙනස් කීරීමකට පෙලබෙන්නේ වසරකට වැඩිකාලයක් තුලදී පමනක් යන්නය.එපමනක් නොව එම භාවිතාකරන් නන්ගෙන් සියයට 21ක් පමන එක් වරක් හෝ සයිබර් පහරදීමකට ලක්ව ඇති බවත් පැවසෙනවා. ඇමරිකානු වැඩිහිටියන් 1200 ඇසුරින් මෙම  කරුනු සොයා බැලීම කල බවටයි සටහන්ව තිබුනේ.

ප්‍රථම සංයුක්ත තැටි ධාවකය 30 වසර සමරයි....


සමහර තොරතුරු ලොව අපූරුදෑ සාමන්‍යයෙන් අධික භාවිතය තුල නොසලකා හැරීම සිදුවෙන්නකි. සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී" තැටියද එවන් සොයා ගැනීමකි. මීට වසර 30කට පෙර එනම් 1982 ඔක්තෝබරයේ පලමුදා සෝනි ආයතනය විසින් ලොව පලමු සංයුක්ත තැටි ධාවකය වෙලද පොලට නිකුත් කිරිම සමග සිදුවූ තොරතුරු ලෝකයේ පහසුව අතිශය වැදගත් සිදුවීමක් ලෙසටයි හදාරන්නන් පවසන්නේ.අති සුපැහැදිලි සංගීත රස විදීමක්  භාවිතාකරන්නන් හට පොරොන්දු වෙමින්  ඩෝලර් 674කට එය මිලකර තිබූ බවටයි පැවසෙන්නේ. පිලිගත්  මට්ටමේ සංගීත වේදීන් කිහිපදෙනෙකුගේ නිර්මාන අඩංගුව නිකුත්කරතිබූ සීඩී තැටි  කිහිපයක්ම මේසමග වෙලද පොලට නිකුත්වූ බවට සටහන් වන තර ඉන් එකක් ඩොලර් 33-36 ලෙසට මිලකොට තිබූ බවටත් පැවසෙනවා.
 

2012-09-30

අපූරු පරිගණක ක්‍රීඩාවක් බාගත කරගන්නට....



මෘදුකාංග අතර පරිගණක ක්‍රීඩාවලට හිමිවන්නේ ඉහල ඉල්ලුමකි. හොද පරිගණක ක්‍රිඩාවක් යනු භාවිතාකරන්නාහට  මානසික සැහල්ලුවක් , වර්ධනයක් වැනි බොහෝ දෑ කැදවන අපූරු අත්දැකීමක් වනු ඇති බවයි හදාරන්නන් පවසන්නේ.පහත දැක්වෙන පරිගණක ක්‍රිඩාව එවන් ගනයේ සැලකිය හැකි බවටයි සටහන් වන්නේ. එම ක්‍රීඩාව පිලිබද පූර්න සටහනක්ද මෙම බාගත කිරීමට අඩංගු වන බවටයි සටහන් වන්නේ.
http://arcanekids.com/

2012-09-29

නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්......


ඔබ පරිගණකය වෙතට කෙරෙන සෑම මෘදුකාංග ස්ථාපනයකදීම සාමාන්‍යයෙන් සිතනවාට වඩා වැඩි කාර්යක් පරිගණකය තුල සිදුවේ. එසේම අනවශ්‍ය යෙයි හෝ වෙනත් හේතුවක් සමග පරිගණකයෙන් එම මෘදුකාංග අස්ථාපනය කරන සැම විටකදීම ඔබ බලාපොරොත්තු වන ආකාරයට එම මෘදුකාංගය ස්ථාපනයට පෙර තිබූ පර්ගණකයේ සැකසුම් වලට ආපසු යාමටද නොහැකි වනු ඇත. සමහර විටකදී එමමෘදුකාංග නිෂ්පාදකයින් සිතා මතාම යම් යම්  දත්ත ගොනු පරිගනකය තුල තබායාම බහුලව දැකිය හැකිය.
             පහත දැක්වෙන මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය පෙර කී ආකාරයේ අස්ථපනයකදී, මෙහෙයුම් පද්ධතියෙන් ලබාදී ඇති පහසුකම් වලට අමතර වැඩි දියුනු කරන ලද හැකියාවන් වලින් සමන්විතව ඔබට සහය වීම බවටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ.


http://www.mirekusoft.com/downloads

ඔෆීස් විකල්පය සාර්ථාව ඉදිරියට......

මීට දෑ වසරකට පෙර බහුල භාවිතයක් ඇති  "ඔෆීස්" මෘදුකාංගයට නිදහස් මෘදුකාංගමය විකල්පයක් පැමිනියේය.ගතව ගිය දෑවසර සමරමින් සිටින මෙම මෘදුකාංගය ගැන අදහස් පලකරන එහි නිර්මාතෘ ආයතනය පවසන්නේ තමන් බලාපොරොත්තුවූ  වූවාටත් වඩා සාර්ථක ස්ථවරය තමන් සිටින බවයි.
                               ක්ලවුඩ් හා ටැබ්ලට් වැනිවූ නවීනතම අවශ්‍යතාවයන් සමග ගැලපෙන නව සංස්කරනයන් සමග තම මෘදුකාංගය වඩාත් ප්‍රායෝගික එකක් බවට පත්කිරීමේ  සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවට පවසන ඔවුන් ලොව තෙවන ස්ථානයේ සිටින විවෘත මෘදුකාංග ව්‍යාපෘතිය තමන් බවටයි පවසා සිටින්නේ. 2011 වසරේ ජනවාරි මාසයේ ප්‍රතමයෙන් තම පලමු සම්පුර්න සංස්කරනය නිකුත්කල මෙම මෘදුකාංගය මේ වන විට මිලියන 20 කට අධික බාගත කිරීම් ලබා ගෙන ඇති බවටයි පවසා සිටින්නේ. එම බාගත කිරීම්  වල  සියයට 90ක් වින්ඩෝස් උඅපකරන වලට වන බවත්  මැක් ආකාරයේ උපාංග වෙත සියයට 10 ලෙසට   වන බවටයි සටහන් වන්නේ.

http://www.libreoffice.org/

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...