2012-10-03

වින්8 කියන්නේ විස්ටා වගේම මුට්ටිය දමා බැලීමක්ද???


..........එක අතකින් අපිට පිලිගන්නට වෙනවා එක්තරා විදියක විස්ටාවක් නැතිනම් ඔබා බැලීමක් කියලා. හැබැයි විස්ටාව මුට්ටියක් වගේ දාලා බැලුවේ දෘඩාංග උස්තල ගැන්වීමේ බලකිරීමට භාවිතාකරන්නන් මොනවගේ ප්‍රතිචාරයක් දාවිද බලන්න. ඇත්තටම දුර්වලතාවය තිබුනේ ඒ මෙහෙයුම් පද්ධතියේම විතරක් නෙවේ. වෙනස් වීමට මිනිසුන්ගෙන් එන ස්වාභාවික අකමැත්තත් එතන තිබුනා. ඇත්තටම අපේ රටේ තීරනාත්මක ආයතන නැතිනම් දෛනිකව බොහෝ පිරිසක් යන එන කැෆේ වල තවමත් බහුල භාවිතය තියෙන්නේ "වින්ඩෝස් එක්ස්.පී" .මේක ලංකාව, ඒ කියන්නේ සිංහල භාෂාව බහුලව භාවිතවන රටක් නිසාත් , වින්7 සමග සිංහල භාවිතය පහසුනිසාවත් ඇයි වින්7 වලට මාරු නොවෙන්නේ කියලා ඇහුවාම ඔවුන් කියන්නේ වින් 7 වලට මාරුවෙන්න සල්ලි නැති නිසා කියල නෙමේ , ඒවට එන කාටවත් සිංහල අවශ්‍ය නැති නිසාලු.
                      මයික්‍රසොෆ්ට් ආයතනය වින්8 ගෙනෙන්නේ සුලු දෘඩාංග උස්තල ගැන්වීමකට බලකරමින් නොවේ. උපකරනමය වෙනසකට බලකරමිනුයි.වින්8 අපිට කියන පනිවිඩය වෙන්නේ ඩෙස්ටොප් ප්‍රමුක  පරිගණක ලෝකය අවසන් කිරීම අරබන්නට කාලය ඇවිල්ලා කියලද?? ඉදිරි අවුරුදු පහ අවසන් වනවිට බරපතල ප්‍රධාන දත්ත උපකරනය සරල සැහැල්ලු  ජංගම උපකරනයක් වීම අනිවාර්යයි කියලද???.......

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...