2012-02-29

නන්නාදුනන දේශකයාගේ සටහන්...........

...........බෝහෝ විටම සෑම නව දත්ත උපකරනයක්ම ඔබ වෙත එන්නේ  නැවුම්  ඇසුරුම් සුවදක්,  නව හැඩයක්, හිමි කරගැනීම පිලිබද සමාජීය ආඩම්බරයක් පමනක්ම ‍රැගෙන නොවන බව ඔබ අවබෝදකර ගත යුතුයි. එම උපකරන සැලසුම් වන්නේ වඩාත් හුරුබුහුටි භාවිතාවක් ඔබගේ ජීවිතයට එක් කරන්නටයි. සාර්ථක සැලසුම් කරුවන් තම නව නිර්මානය අරබන්නේම අරකී භාවිතාව මූලුක කරගෙන බව අප වටහා ගත යුතුයි. පෙන්ටියම් 3  පරිගණකයකින්  ඇරබුනු ඔබේ දත්ත ජීවිතය මතට  භෞතිකව පැමින ඇති අයි 7  පරිගණකය පැමිනෙන්නේ විසල් දත්ත ක්‍රම විස්මයන් රාශියක් සමග ඔබගේ ජීවිතය වඩාත් පහසු කරවන්නට , අපූරු කරවන්නට බව අප වටහා ගත යුතුයි.මම ඔබට ආරාධනා කරනවා මේ විසල් දත්ත අවකාශයේ දිනෙන් දින ලියවෙන නැවුම් හැරවුම් ගැන මීට වඩා මදක් අවදිබවක් යොදවන ලෙසට.ඔබගේ පමාව දෙයාකාරයකින් සටහන් කරන්නට මා කැමතියි. එකක් නම් වඩාත් අපූරු දත්ත භාවිතාවකින් ජීවිතය රසවත් සුවපහසු කරගන්නට ඇති අවස්ථාවක් ඔබට මග හැරීම වන අතරම අනිත් දෙසින් මිනිස් වර්ගයා අතර සිදුවිය යුතු දත්ත ජීවිත පරිනාමය  බිදකින් හෝ පමා කරවන්නට ඔබත් සහය වීමයි...........

නිරෝගී පරිගණකයකට සහයකයෙක්......

නියමිතව යාවත්කාලීන  නොවූ  මෘදුකාංග පරිගණකය වෙතට  හානියකට ආරාධනා පතක්ද විය හැකිය. එහෙත් භාවිතාකරන්නැකුට තම පරිගණකයේ ධාවනය වන සියලුම මෘදුකාංග පිලිබදව නිරතුරු අවධානය යොමු කිරීමද අපහසු කාර්යයකි.
                               Secunia  වෙතින් හදුන්වාදී ඇති මෙම මෘදුකාංගය විසින් බොහොමයක් නිෂ්පාදකයින් ගේ මෘදුකාංග සදහා ක්‍රියාකාරී වෙමින් නිවැරදිව යාවත්කාලීන වී ඇත්දැයි සොයා බැලීම පමනක් නොව අවශ්‍ය විටකදී අදාල යාවත්කාලීනයන් පරිගණකය වෙත බාගත කොට අදාල මෘදුකාංග යාවත්කාලින කරන්නට කටයුතු කරන බවටයි  නිෂ්පාදකයින් පවසන්නේ. එම මෘදුකාංගයේ නවතම සංස්කරනයේ බීටා සංස්කරනය හා වැඩි විස්තර පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
http://secunia.com/psi_30_beta_launch/

තම්බ්ඩ්‍රයිව් ප්‍රමානයේ පරිගණකය......

එය ප්‍රමානයෙන් තම්බ්ඩ්‍රයිව් එකක් වැනිය.එහෙත් එහි ප්‍රොසෙසරය 1.2GHz වන අතර 1GB  ප්‍රමානයක ‍රැම් මතකයකින් සමන්විත වනු ඇත. අධි පැහැදිලි වීඩියෝ පහසුව ඇතුලු  වයි-ෆයි හා බ්ලුටූත් පහසුවෙන් එය සමන්විත වනු ඇත.මෙම උපකරනයේ එක් අන්තයක් යු.එස්.බී පෝර්ට් එකකට සම්බන්දකොට ක්‍රියා කිරිමට උවමනා ශක්තිය ලබා දෙන අතර අනෙක් කෙරවල දර්ශන තිර උපාංගයකට සවි කල යුතුය. අමතර මයික්‍රෝ එස්ඩී ස්ලොටය  64GB දක්වා සහය වන අතර මයික්‍රෝ යු.එස්.බී කවුලුව තුලින් අමතර උපාංග සම්බන්ද කල හැකි වනු ඇත. භාවිතාකරන්නා විසින් අන්තර්ජාලය තුලින් මෙම උපාංගය සදහා ඇන්ඩ්‍රොයිඩ් 4.0 හෝ උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය ලෙස ලබා ගත යුතු වන අතර එලබෙන මාසයේදී ඩොලර් 199ක මිලකට  වෙළදපොල වෙතට නිකුත් වීමට නියමිත බවටයි පැවසෙන්නේ

2012-02-28

දත්ත උපකරන ගමන් මගෙහි සෞදර්යාත්මක ඛංඩනයක් රස විදින්නට.....

මීට දස වසරකට පෙර අයි ෆෝන් හෝ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් , එක්ස් බොක්ස් යු ටියුබ් හෝ ෆ්ලිකර් වැන්නක් නොතිබුනහ. ඇත්තෙන්ම ඒවා නොතිබුනා පමනක්ම නොව එවැන්නක් ගැන සිතන්නට පවා අවකාශයක් නිර්මානය වී නොතිබුනි. කොටින්ම ඔබේ ඇස්පිල්ලමක කාලය දස වසරක් නම් මනස ව්‍යකූල කරවන තරමේ වෙනසක්  ඔබ මතට ගෙනවිත් ඇත.
                                                     ඔබගේ දෛනික ජීවිතයට අදාල නෙක උපකරන වල මතුපිට දර්ශන කවුලුවක් කරමින් බොහෝ දෑ පරිගණක සේ ඔබවෙත සේවය සලසන්නේ ඒවායේ සාම්රදායික කාර්යන්ද ඔබ වෙතට ඉ‍ටුකර දෙන ගමන්වීම නුදුරු අනාගතයේ සරල කාරනාවක් වනු ඇත.තවත් අතකින් පරිගණකය හා ඔබ අතර දුරස්ත බවක් නිර්මානය කරන්නට සමත්ව සිටින සංනිවේදන උපකරන කෙමින් ඔබගේ කට හඩට සිරුරේ චලනයන් හට ආදී ලෙස ඌනනය වෙමින් ස්වාභාවික ජීවිතය විනිවිද යන්නට සමත්වීමේ සලකුනු දැනටමත් පෙන්නුම් කරමින් ඇත.
                                                       හෙට දිනය පෘතුවි තලයට සාමාන්‍ය දිනයක් වනු ඇත. එහෙත් මිනිස් වර්ගයා මතට නම් තීර්නාත්මක හැරවුමක් සලකුනු කරනු ඇත.දත්ත උපකරන මිනිස් ජීවිත අතර පරතරය වඩාත් තීර්නාත්මක ලෙස සුලු කරවමින් සාම්ප්‍රධායික  ආකෘති කිහිපයකට සමුදීම හෙට දිනයේ  සිට ඇරබෙනු ඇත.පරිගණකයේ සීමා නැවත සලකුනුවීම මෘදුකාංග මෙන්ම දෘඩාංග ලෙසින්ද හෙට දිනයේ සිට සමාන්‍ය මිනිසා අතින් ඇරබෙනු ඇත.හදාරන්නන් පවසන්නේ  ඔබට නොදැනීම උවත් හෙටින් ඔබ ඇතුලු වන්නේ  ආකාර රාශියකින් වන වර්ධනාත්මක වෙනසකට බවයි. "සමහර විටක ඔබට ඒක දැනෙනවා ඇත්තේ වෙළදමය උප්පර වැට්ටියක් ලෙස වෙන්නට පුලුවන්. කිහියම් ආයතනයක ලාභය වැඩි කර ගන්නට ගන්නා සටකපට උපංක්‍රමයක් ලෙස වන්නට පුලුවන්.එය ඇත්තම නොවෙන බව තේරුම් ගන්නට හා දත්ත උපකරන ගමන් මගෙහි සෞදර්යාත්මක ඛංඩනයක් රස විදින්නට මා ඔබට ආරාධනා කරන්නේ ඒ නිසයි." ප්‍රසිද්ධ දේශනයක දී එක් විද්වතෙක් පවසා සිටියා.

එලබෙන වසරේ ගූගල්+ ඉදිරියෙන්ම?????

ඇමරිකන් ගූගල්+ භාවිතාකරන්නන්  අතර කරන ලද විමසුමකින් හෙලිවී ඇත්තේ ජනවරි මාසය තුලදී දිනකට සාමාන්‍ය භාවිතය විනාඩි 3.3 ක් පමන වන බවයි.එය පසුගිය දෙසැම්බර් මාසයේදී  විනාඩි 4.8 ක් ලෙසත්  නොවැම්බරයේ 5.1 ලෙස පැවතුනු බවටයි වාර්ථා පවසන්නේ. ෆේස්බුක් භාවිතාකරන්නන් සලකන විටදි ජනවාරි මාසයේ පැය 7.5 ක අගයක් ගත් බවයි කිය වෙන්නේ.
                                  පසුගිය ජූනි මාසයේ භාවිතයට මුදාහරින ලද ගූගල්+ සමාජ අඩවිය පසුගිය මාසය වන විට භාවිතාකරන්නන්  මිලියන 90 පමන  ‍රැස්කර ගන්නට සමත්ව ඇති බවට පැවසෙන අතර මේ වනවිට සමස්ථ ගූගල්+ භාවිතාකරන්නන්ගේ සංක්‍යාව  මිලියන 845 පමන වෙතැයි පවසා සිටිනවා.
                        දැන්වීම් ප්‍රදර්ශන වෙළද පොල තම ප්‍රධාම ඉලක්කයක් කර ගෙන ඇති සමාජ ජාලා තරගයේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක් ආයතනය වන අතර ගූගල් ආයතයේ එලබෙන වසර සදහා එම වෙලද පොල ඉලක්ක ඩෝලර්  බිලියන 3.68 ක වටිනා කමක් ඇති  සමස්ත වෙළද පොලෙන් සියයට  19.8 ලෙසට ප්‍රකාශ වන අතර ෆේස්බුක් සදහා එය ප්‍රථිශතයක් ලෙස 17.7 නොහොත් ඩොලර් බිලියන 3.29  ලෙස සටහන් වනවා.

වින්ඩෝස් 8 පාරිභෝගික පෙර සංස්කරනය හෙට සිට.....

බාසිලෝනා හි වේලාවෙන් පස්වරු 3.00 පමන නිල වශයෙන් නිකුත්වීමට නියමිත වින්ඩෝස් 8 වල පාරිභෝගිකයන් සදහා වන බීටා සංස්කරනය නිකුත්වන අවස්ථාවට  අදාලව සජීව මට්ටමේ අන්තර්ජාල ප්‍රචාරයවීමක් සිදු නොවනු ඇති බවයි මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ. මෙම නිල මොහොතට අනතුරුව වින්8 හි මෙම බීටා සංස්කරනය බාගත කිරීම් සදහා ඉඩ ලැබෙනු ඇති බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ.
                        මෙම බීට සංස්කරනය නිල නිකුත්කිරීමට සමගාමීව මයික්‍රසොෆ්ට් ආයතනයේ නවතම අංගයක් වන වින්ඩෝස් ස්ටෝර් හි ආරම්භයද සිදු වනු ඇති බවටයි පැවසෙනේ. වින්8 හි මෙම බීටා කාලය තුලදී මෙම වෙබ් ස්ටෝර් තුලින් මෙට්‍රෝ ආකාරයේ ඇප්ස් සදහාද නොමිලේ ලබාගත හැකි මට්ටමේ බීටා සංස්කරනයන් නිකුත්වනු ඇති බවටයි සදහන් වන්නේ.
                          එලබෙන සැප්තැම්බරයේ වින්ඩෝස් 8 හි අවසාන සංස්කරනය නිකුත්වනු ඇති බවට බාපොරොත්තු පලවන අතර  එතෙක් භාවිතාකල හැකිවන මෙම බීටා සංස්කරනයේ නිකුත්කරන පිටපත් ගනන සීමා නොකරනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

2012-02-27

ෆකිස්ථානයත් අන්තර්ජාල වාරනයකට.....


පකිස්තානයෙන් පලවන පුවතකින් කියවෙන්නේ ජාතික මට්ටමේ වෙබ් අඩවි පෙරනයක් හා සීමා කිරීමකට අදාල  ආරක්ශක පද්ධතියක් ක්‍රියාත්මක කිරීමකට සූදානම් වන බවයි. 2013 එරට මැතිවරනයක් පැවැත්වීමට නියමිත බවත් එහිදී අන්තර්ජාලය තීර්නාත්මක සාධකයක් වීමට බෙහෙවින් ඉඩ ඇති නිසා මෙවන් තීර්නයකට එලබෙන්නට ඇති බවටයි පැවසෙනේ.
           මෙම වාරනය ඩොමෙන් මට්ටම සිට  සබ් ෆොල්ඩර් ,ෆයිල්  පමනක් නොව ෆයිල් ටයිප් මට්ටම දක්වාම ක්‍රියාත්මක වනු ඇති බව්ටයි තොරතුරු පලවන්නේ.මෙම යාන්ත්‍රනය වෙබ් ලිපිනයන් මිලියන 50ක් දක්වා වලකන්නට ටත් මිලිතප්පර 1 ක කාලයක් තුල අදාල ක්‍රියාව අවසන් කරන්නට සමත් මට්ටමේ විය යුතු බවටත් තීර්නය වී ඇති බවටයි පැවසෙනේ.  

2012-02-26

දත්ත උපකරන අතර යක්ෂයාගේ සැරිසැරීම්ද වැඩිවෙමින්......

මැකා‍ෆි ආයතනය පවසනවා 2011 වසරේදී මුදා හැර ඇති මැල්වෙයාර් ප්‍රමානය මිලියන 75 ඉක්මවන බවයි. එම ආයතනය පවසන්නේ 2011 අවසාන කාර්තුවේදී මොබයිල් උපකරන ඉලක්ක කර නිකුත්වූ මැල්වෙයාර් ප්‍රමානය බෙහෙවින් ඉහල අගයක් ගනු දක්නට ලැබුනු බවයි.එම කාර්තුව තුල පීසී යන්ත්‍ර සදහා නිකුත්වූ මැල්වෙයාර් මෘදුකාංගවල අඩුවන් පෙන්නුම් කිරීමක් ගැනත් ඔවුන් සදහන් කරනවා. මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ඇන්ඩ්‍රොයිඩ්  සදහා ඉලක්ක කිරීම් වැඩි අගයක් ගත් බවටත් ඔවුන් පවසා සිටිනවා.
                                              මැල්වෙයාර් පතුරවන වෙබ් අඩවි ලෙසට හදුනා ගැනීම් පසුගිය වසරේ අවසාන කාර්තුව වන විට දිනකට  අඩවි 9300 ලෙසට හදුනා ගෙන ඇති බව පවසන එම ආයතනය එය ඊට පෙර වසරේ අවසාන කාර්තුවේදී සටහන් වූ 6500 සංක්‍යාව බෙහෙවින් ඉක්මවා ගොස් ඇති බවටයි පවසන්නේ.එම අඩවි නිර්මානය වීම ප්‍රාදේශීය ප්‍රතිශතයක් ලෙස ඇමරිකාවෙන් සියයට 73 ක් ලෙසත්යුරෝපයෙන් සියයට 17ක් ලෙසත් ආසියානු රටවල් වලින් සියයට 17 ලෙසත් ඔවුන් සදහන් කර සිටිනවා.

වින්ඩෝස් 8 සදහා අනුසංස්කරන තුනක්.....

වින්ඩෝස් 8 අනු සංස්කරන තුනකින් සමන් විත වනු ඇති බවටයි අනුමාන කෙරෙමින් පවතින්නේ.ඒ අනූව වින්ඩෝස් 8 අල්ටිමෙට් සංස්කරනය පරිගණක නිෂ්පාදකයින් සදහාත් හෝම් ප්‍රීමියම් සංස්කරනය සාමාන්‍ය භාවිතය සදහාත් වින්ඩෝස් 8 ප්‍රොෆෙෂනල් සංස්කරනය ව්‍යාපාරික තලය සදහාත් ඉලක්ක වෙනු ඇති බවටයි අනුමාන වෙමින් ඇත්තේ.  වින් 8 සමග පැමිනෙන්නට නියමිත වින්ඩෝස් ස්ටෝස් වෙතින් මෙට්‍රෝ ඇප්ස් මෙන්ම පැරනි ආකාරයේ සාම්ප්‍රධායික මෘදුකාංගද අලවි වනු ඇති බවට තොරතුරු පලවන අතර මෙම වින්ඩෝස් ස්ටෝර් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් වින් 7 වෙත ලැබේවිද යන්න තවමත් ස්ථිරව ප්‍රකාශ වී නැති බවයි පැවසෙන්නේ.
                                          ඔෆීස් 2010 සමග මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වා දුන් "කී කාර්ඩ්" ක්‍රමය  සාම්ප්‍රධායික අලවියට වඩා අඩුමිලකට තම මෘදුකාංග උස්තල ගැන්වීමකදී පාරිභෝගිකයන්ට සහය වනු ඇති බවට පවසන ආයතනය පරිගණක නිෂ්පාදකයින් පෙර ස්ථාපනය කොට නිකුත්කරන  ලද මෘදුකාංග උස්තල ගැන්වීමේ අවශ්‍යතාවයකදී ක්‍රෙඩිට් කාඩ් ප්‍රමානයේ ප්ලාස්ටින් පතක අදාල අවසර පදයන් සටහන් කර එවීමේ ක්‍රමවේදය ගැන වැඩි අවධානයක් දෙනු ඇති බවටයි පැවසෙන්නේ

2012-02-25

ෆේස්බුක් භාවිතා කරන්නන් අතර අමිත්‍රත්ව්ය වර්ධනයවීමක්.....

ඇමරිකානු ආයතනයක් දුරකථන මාර්යන් ඔස්සේ එරට වැඩිහිටි ෆේස්බුක් භාවිතාකරන්නන්  ඇසුරුන් කරනලද විමසුමකට අනූව පැවසෙන්නේ, සියයට 63 පමන තම ෆේස්බුක් ගිනුම් මිතුරන් මකා දැමීමේ අවස්ථාවන් සිදුකර ඇති බවත් සියයට 44 පමන තම පලකිරීම් සදහා ලැබී තිබූ මිතුරු ප්‍රතිචාර මකා දැමීම් අවස්ථා හා සියයට 37 පමන තම ඡායාරූපයන් ටැග් කර ඇති අවස්ථාවලදී  ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කොට ඇති බවයි.කාන්තා භාවිතා කරන්නන් අතරින්  සියයට 67 ක්ම තම මිතුරු සබදතා මකා දමන්නට කටයුතු කොට ඇති බවත් පිරිමි භාවිතාකරන්නන් අතරින් සියයට 58 ද මෙවැනි අවස්ථා පසු කර ඇති බවත්ය. තම ගිනුම් වල පෞද්ගලිකබව ආරක්ශා කර ගැනීමේ සැකසුම් වල ඉහලම මට්ටමක් භාවිතාකරන අතර පිරිමි භාවිතාකරන්නන් අතරින් මෙම ප්‍රතිශතය සියයට 58 පවතින බවය. තම ගනනයන් ඇසුරින් එලබ ඇති තීර්න  ලෙස ඔවුන් පවසන්නේ ෆේස්බුක් භාවිතා කරන්නන්  අතර අමිත්‍රත්ව්ය වර්ධනයවීමක් දක්නට ඇති බවයි. වැඩුදුරටත් ඔවුන් පවසන්නේ බොහෝදෙනා තම ප්‍රොෆයිලයන්ගේ නිරාවරන භාවය තම මිතුරන්ට පමනක් සීමා කරන්නට පෙලබෙමින් සිටින බවයි.

2012-02-24

‍ටුවිටර් ගිනුම් ප්‍රමානය මිලියන 500 ඉක්මවයි......

‍ටුවිටර් සමස්ත ගිනුම් හිමියන්ගේ සංක්‍යාව මිලියන 500 ඉක්මවූ බවටයි තොරතුරු පලවන්නේ.මයික්‍රො මට්ටමේ ජනංප්‍රිය බ්ලොග් සේවාවක් සපයන්නෙකු ලෙස මෙම සේවාව සැලකෙන අතර සමාන්‍යයෙන් සතියක කාලය තුල පලකිරීම් බිලියනය ඉක්මවන බවටයි පැවසෙන්නේ. පසුගිය සැප්තැම්බරයේ පලවූ සටහන් වලින් කියවුනේ ඒවන විට ක්‍රියාකාරී මට්ටමේ ගිනුම් මිලියන 100 ඉක්මවා ඇති බව වූ අතර මෙම නවතම ගනනය තුලදී එම ක්‍රියාකාරී ගිනුම් ප්‍රමානය පිලිබද සටන් නොවූ බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...