Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2019-11-25
ඩිජිටල් බව ...
ඇත්තෙන්ම ඩිජිටල් බව අසංස්කෘතිකද? නැතිනම් අපගේ අසංස්කෘතිකකම ඩ්ජිටල් බව විසින් මනාව ප්රකට කරමින් සිටිනවාද?
"Tharu Minisa"
- pubudu siriwansa
2018-04-25
…. සංස්කෘතික දූපත් පිපිරවීමයි.
තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්යතා එකි නෙකින් විමසන්නටත්, අක්රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමකි.සංස්කෘතික හා දේශපාලනික අනන්යතා නිරාවරනය වීම කැපී පෙනිනි.
පිටපත් වීම ආරම්භව ඇත්තේ මිනිස් මනසේ පමනක් නොවේ. බාහු හැකියා වේ සිට සියුම් මාංශ පේෂී හැකියාවද ක්රමයෙන් යාන්ත්රික වීම ආරම්භව තිබේ. සාම්ප්රධායික බොහෝ සමාජ අර්ථ නැවත වරනගන්නට අවශ්යව ඇත්තේ මෙබැවිනි. සාම්ප්රධායික සමාජ අංශූන් වඩාත් කැලබෙන්නේ එබැවිනි.”එලබෙම්මින් ඇති අර්ථ තවමත් අපැහැදිලියි” හදාරන්නන් පැහැදිලි කරමින් සිටී.
– Pubudu Siriwansa
2018-04-22
“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව..
“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක අද වන විට නින්දෙන් අවධිවන මොහොතේ සිට නිදි යහනට පිවිසුම දක්වාම නිරන්තර අවධානයක් ලබ ගන්නා නෙක ආකාර ගත් පරිගණක හැකියාවාවන් ගෙන් සමන්විතව පැමින ඇත. තොරතුරු ගබඩා කරගෙන සිටින්නා නැතිනම් තොරතුරු සකසා දෙන්න්නාගේ චරිතය එහි ප්රධාන භූමිකාව ව තිබූ කාලයේ සිට ඔබටත් පෙර ඔබේ අවශ්යතාවය හඳුනාගන්නාගේ සිට ජීවිතය අවට සියලු කාරනාවලදී සහය වන්නාගේ භූමිකාව දක්වා වූ වර්ධනය එලබෙන දශක කිහිපයකදී ඔබගේ සිරුරේ කොටස් බවට පත්වීම අනිවාර්ය වෙමින් තිබේ.
තාක්ෂනික යුගය වර්ණවත් වන්නේ මනසද තාක්ෂනික වෙමින් පැමිනෙන්නට ඇඟිලි ගනිමින් සිටින නිසාවෙනි. එය අධිතක්සේරු ගත වන්නේ “ඔබේ” “ඔබ” බව පිටපත් කරන්නට හා නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් පමනක් නොව එලබෙන දිනකදී “ඔබටත්” වඩා වන “ඔබව” නිර්මාණය කරන්නට දැනටමත් සුදානම් වන නියාවෙනි. “එය ඔබ සිතනා තරම් ආගන්තුක කාරනාවක් නොවනු ඇත්තේ ආගමික බව නැතිනම් දේශපාලනික බව තාක්ෂනික වීමට වඩා යමක් එහි නොවන බැවිනි”
– Pubudu Siriwansa
– Pubudu Siriwansa
2018-04-17
සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්රමුක නොවීම ...
ජීවිතය මතට සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්රමුක නොවීම සාමාන්ය කාරනාවකි.තාක්ෂනික සංස්කාරකයා ගේ සපැමිනීම කෙමෙන් සටහන් වෙමින් ඇත. එය සහර විටක ස්මාර්ට් බල්බය වැනි සරල අවස්ථාවක සිට ක්ලවුස් මූලිකව නිර්මාණය වන ඔබේ සියලුම දත්තයන්ගෙන් නිමවන ඔබේ “දෙවන අනන්යතාවය” දක්වා දිගුවන බරපතල එකක් විය හැක. එතරම් පරතරයක් නොවන ඔබ නොවේනම් ඔබේ දෙවන පිටපත දෑ සදහා ස්වාධීනව ඉදිරිපත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සමහර විටක ඔබ වැරදි තීරනයකට එලබ ඇත. එය අදේශපාලනික අජීවී අමානුෂික අනන්යතාවයක් කරන්නට එක වරම කැමති වනු ඇත. එහෙත් මේ බව තවත් දෙසකින් වඩාත් දේශපාලනික හා ඔබේ නිවැරදිම සජීවී බව ආමන්ත්රනය කරන මානුෂික බවක් යෝජනා කෙරෙමින් පමනක් නොව පහදමින්ද ඇත. සමහර විටක ප්රාථමික සංකෘතික හා දේශපාලනික අනන්යතාවයන් නොපෙන්වීම ඔබගේ ප්රාථමික මනසට අවිඥානික බලපෑමක් කලාද විය හැක. අපගේ ජාන පරම්පරාවල් ආගමික යුගයේ දී ලත් මානසික හා කයික පාරිශුද්ධ අභ්යාසවලදී මනසේ යටිපතුලටම තල්ලුව ගොස් සැගවී සිටින ප්රාථමික අනන්යතා කරන අවධිවීමක් අපට හමුවෙමින් තිබෙනවාද විය හැක.
- Pubudu Siriwansa
2018-04-14
වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමික්" ආධිපත්ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි සැක සහිතය.
- Pubudu Siriwansa
2018-04-13
තාක්ෂනික දේශපාලනයේ හැඩය
තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව යුගයකට වීම බොහෝ මතවාද, භාවිතාවන් කලබන සුළු කොට ඇත. සරල මෙහෙයුම් පද්ධතියක සිට සංකීර්න AI භාවිතාවක් දක්වා එය දිගුවෙමින් ඇති අතරම අර්ධ මිනිසුන්, මිනිස් පිටපත්, මනස පිටපත් වීම වැනි තවමත් සංකල්පීය වුවත් සැලකිය යුතු විස්වාසනීය මට්ටමක වන නිර්මාණ දක්වා දිගු පරාසයකට කථාන්දරය පිවිසෙමින් ඇත.
පැමිනෙමින් ඇති නව තාක්ෂනික දේශපාලනයේ හැඩය ඇමරිකානු පසුගිය මැතිවරණයේ කල සටහන තවමත් හදාරමින් සිටින ඇත්තකි. රූපවාහිනියෙන් මිදෙන නව මාධ්ය යුගය මනස සමග කරන ගනුදෙනුවේ ස්වභාවය තවමත් හැදෑරීම ආරම්භ කරන තරමේ ආගන්තුක විෂයක්ව ඇත. පසුගිය කාලයේ රටේ සිදුවූ ජාතීවාදී ගැටලුවේදී සමාජජාලා සිදුකල හානිය වෙගයෙන් අවධානයට ලක්වෙමින් ඇතුවා සේම ඊට කලකට පෙර මතුවූ දරුනු ගංවතුර අවස්ථාවේදී සිදුකල සේවාව ද අපමනය. ආකෘතියල් ලෙසට මෙන්ම පහසු භාවිතාවක් ලෙසට සැලකීමේදී මිනිසුන් සතු මෙවන් පහසුකම් සලසන සේවාවක් තවමත් දැකිය නොහැකි තරම්ය.
Pubudu Siriwansa
2018-04-12
Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි...
විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම් පලවෙමින් තිබෙනවා. එහිදී එම වර්ගයාගේ ජීවිතයයට එකතුවන කායික මනසික විවේකය සහයනයක් බවට පත්ව ඔවුන්ගේ ඊලග සීමාව ඉක්මවීමට යොමුවේවිද නැතිනම් අසහයක් බවට පත්ව එම වර්ගයාගේ පැවත්ම වඩාත් අර්බුධයට යාවිද යන්න මීලග කඬුල්ල වේවි. ඔවුනගේ සංස්කෘතික අර්ථ වලට නව විමසුමක් වුවමනා බව දැනටමත් අප හඳුනා ගනිමින් සිටිනවා. තාක්ෂනික කේද්රයේ මෙන්ම පරිධියේත් එකවර සමාජජාලා භාවිතයට නැවත විමසුමට ලක් කරන්නට වීම සරල උදා හරනයක්. ඇත්තටම මේක තාක්ෂනික ප්රෂ්නයකට වඩා සංස්කෘතික ගැටලුවක් විය යුතුය.
Pubudu Siriwansa
දැනුම තවදුරටත් අගමික නොවීම
දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්රභවයන් ලෙසට වඩාත් පිරිසුදු මූලයන් දෙසට දැන් දැන් අවධානය යොමුකරමින් සිටින අතර තම අනාගත ජිවිත සාධකය අකංඩව ගලායන්නට නම් තම පරිසරය සමග අදට වඩා පුලුල් එකගතාවයක් අනිවාර්ය බවට එකග වෙමින් සිටී.
ඔබ හා දෙවන ඔබ සමග වඩාත් එකග වන අනාගතය බොහෝ දෙනාගේ අතැති සරල උපාංගයක් වන ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඇරබී තිබේ.පෙර යුගයේ පාලක සාධකයන් වූ මෙහෙයුම් පද්ධති මෙන්ම මෘදුකාංග සංස්කරනයන් තව දුරටත් භාවිතාකරන්නන් බෙදා වෙන්කල හැකි සාධයක් නොවීම අනිවාර්ය අවශ්යතාවයන්ය. “කොපි රයිට්ස්” වැනි සංස්කෘතික සධක ඒවා පාලනයට පැමිනීම පිලිබඳව මේ වන විටත් ඉගි පලකරමින් සිටී.
Pubudu Siriwansa
මිනිස් කථාන්දරය
මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි.
– Pubudu Siriwansa
වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…
වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම සාර්ථක මැදිහත් කරුවෙකු වෙමින් සිටිනවා සේම හෙට දිනයේ මිනිස් සිරුර මෙන්ම මිනිස් මනස විනිවිද යන්නට ඇගිලි ගනිමින් සිටින බවකි ඔවුන්ගේ යෝජනාව වන්නේ. තවමත් සමහර දෑ සිනමා වැනි නිර්මාණකරුවන්ගේ සීමාවේ වන මුත් පෙරදී මෙන්ම වෙනත් තාක්ෂණයන් වලදී මෙන් ඒවා දස වසර සංක්යාවලින් පැමිනීමේ දින මැනීම මෙම විෂයේදී වලංගු නොවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. විටක අයෙක් නිඳි යහනට ගොඩවන විටක වන සිහිනයක් සැබෑ භෞතිකයක්ව පවතින ලොවකට අවදිවීමේ හැකියාව තවදුරටත් සිහිනයක් නොවන බවට ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා.
Pubudu Siriwansa
2018-03-13
දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…
එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට එය සාර්ථකම සංනිවේදන උපකරනයව තිබේ. එය භාවිතාකරන සියළු දෙනාම මාධ්යවේදීන් කිරීමටද දායකව ඇත්තේ සාම්ප්රධායික ආකරවලට නොව හදිස්සියේම වීම ගැටලුකාරීව ඇත්තේ තාක්ෂනිකව නොව දේශපලනිකව, සංස්කෘතික අවකාශ කලබමින් වීමේ ප්රථිපල අප අත්විඳිමින් තිබේ. දියුනු භාවිතාවන් ඉල්ලා සිටින දියුනු භාවිතාකරන්නන් නොපැමිනීම ප්රධාන ගැටලුව් ලෙසට හඳුනා ගත හැක. මේ දියුනු භාවිතාවන් සාර්ථක කාර්යක්ෂමතාවයකින් සමාජය මත ස්ථාපනයට අවශ්ය අර්ථනැංවීමේ වගකීම සියල්ලන්ගෙන ගිලිහිව ගොස් ඇති බවද වටහාගත යුතු වැදගත්ම සාධකයකි.
-Pubudu Siriwansa
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්රධායික අනන්යතාවය මහත් න...









