Samsung ආයතනය පවසා සිටින්නේ නම්‍ය තිරයක සහිත ස්මාර්ට් දුරකථනය එල බෙන ඔක්තෝබරයේ වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවයි. ආයතනයේ නවතම නිෂ්පාදන කිහිපයක නිල නිකුතුව වෙනුවෙන් පැවති හමුවකදී මේ බව ඔවුන් ප්‍රකාශකර සිටී. නිශ්චිත දිනයක හෝ මිල ගනනක් පිලිබදව සඳහනක් නොමැතිව කරනලද මෙම සඳහන තොරතුරු ලෝකය බොහෝ කලක් බලසිටි සිහිනයක යතාර්තයක් වීමක් බවටයි තොරතුරු තාක්ශන ලෝලයන් පවසන්නේ.ස්ක්‍රීනය ප්ලාස්ටික් ආකාරයට තනා ඇති මෙම දුරකතන ස්ක්‍රීනය සමග එය නවමින් දිග හරිමින් භාවිතාකිරීමේ හැකියාව ඇති බවට පෙන්වා දෙන ලදී.youm ලෙසට නම් කරසිටින මෙම තාක්ශනය සහිත උපාංගය සමග දත්ත උපාංග ලෝකයේ භාවිතාවට නව මානයක් එකතුවනු ඇති බවටයි විචාරකයින් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2013-09-26
Security Essentials ගෙනෙන්නේ මූලික මට්ටමේ ආරක්ශාවක් බව මයික්‍රසොෆ්ට් සමාගම පිලිගනී!!!
මයික්‍රසොෆ්ට් සමාගම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගය වන Security Essentials පසුගිය කාලයේ ආරක්ශක මෘදුකාංග ප්‍රමතීන් විමසන ලොව පිලිගත් අත්හදා බැලීම් කිහිපයකදීම අසාර්ථකවනු දක්නට ලැබින. මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම ආරක්ශක මෘදුකාංගය ඉහල මට්ටමේ හානිකර හඳුනා ගැනීමේදී දුර්වලව පවතින බවයි. 2009දී වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා මුලුන්ම හදුන්වා දුන් මෙම ආරක්ශක මෘදුකාංගය පිලිබදව එවකට පැවසුවේ වෛරස හා මැල්වෙයාර් සදහා සැහෙන මට්ටමේ ආරක්ශාවක් ගෙනෙන්නට තම මෘදුකාංගයට හැකි වෙනු ඇති බවයි.ඉන් පසුව වින්ඩෝස් 8 වලදී වින්ඩෝස් ඩිෆෙන්ඩර් සමග මුසුකර තම ආරක්ශක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතිය සමගම භවිතාකරන්නන් වෙත එවන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරන ලදී.මෑතකදී ආයතනය පවසා සිටියේ තම මෘදුකාංගය "baseline" මට්ටමේ එකක බැවින් වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ස්ථපනය කිරීම භාවිත්කාරන්නන් වඩාත් සියුම් හානිකට යන් ගෙන් වැලකීමේදී වැදගත් වනු ඇති බවකි.
අන්තර්ජාල භාවිතයේදී අනවශ්‍ය කරදර මග හරිමු!!!!!
වෙබ් අවකාශය මිනිසුන් වෙත ගෙනෙන්නේ මහත් පහසුවකි.භාවිතාකරන්නන්ගේ කාලය මෙන්ම වැය අවමකරමින් ඔවුන්ගේ දෛනික කටයුතු බොහොමයක් අදවන විට අන්තර්ජාලය ඔස්සේ ඉටුකරගැනීමේ හැකියාව ලැබි ඇත.එහෙත් සාමන්‍ය ලෝකයේදී මෙන්ම මෙහිදීද ඔවුන්ව මුලා කරන්නන් නැතිවාම නොවේ.බහුල බාවිතාවන් තුලදී හමුවන එවන් සුලබ වියහැකි අපහසුතාවයන් කිහිපයක් මෙසේ දැක්විය හැක.
වෙබ් අඩවියක් ඔස්සේ මිලදී ගැනීමක් හෝ වෙනයම් කටයුත්තක අතර මැදදී ‘Yes, please feel free to fill my inbox with marketing emails’ වැන්නකට එකගවීම කලබලකාරී වන ඔබ අතින් නොදැනීම සිදුවිය හැකි අතපසු වීමකි. ප්‍රථිපලය වන්නේ ඔබගේ ඊමේල ගිනුම වෙත අතොරක් නැතිව පැමිනෙන්නට ගන්නා අනවශ්‍ය ඊමේල් වීම විය හැක.තවත් විටකදී යම් මෘදුකාංගයක free versions ලබාගන්නට කටයුතු කරන අතර පොලබවාගැනීම ඔස්සේ සුලු ප්‍රමාදයකින් ඔබව මිලදී ගන්නා සංස්කරනයක් වෙතට පමුනවා ගන්නට ඔවුන් කටයුතු කල හැක. විමසිලිමත්ව කටයුතු නොකරන ඔබට වන්නේ එම මෘදුකාංගයේ මිලදී ගන්නා සංස්කරනයක කෙටි trial කාලයකට යටත්ව එම මෘදුකාංගය ලබා ගැනීම වේ.එසේම සමහර ප්‍රකට මෘදුකාංග වල පවා නොමිළේ ලබාදෙන සංස්කරනය වෙතට පිවිසීම අපහසුවෙන සේ නිර්මානය කර ඇති අතර කලබලකාරී භාවිතාකරන්නන් පෙර ආකාරයේ අත්හදාබැලීමේ කාලයකට යටත්ව මිලදී ගත යුතු සංස්කරනයක් ලබා ගේ කෙටිකලකින් අපහසුතාවයට පත්වනු දැකිය හැකිය. තවත් විටකදී එලෙස download පිටුවකට පිවිසීමේදී අදාල බටනයට අමතරව සමාන තවත් බටනයන් දක්වමින් ඔබට අනවශ්‍ය බාගතකිරීම් වලට නොදැනීම පොලබවා ගැනීම දැකිය හැකිය. එවැනි අවස්ථා වලදී හුරු පුරුදු අයෙකු පවා දෙවරක් නොව තෙවරක් විමසීමකින් තොරව ප්‍රතිචාර දැක්වුව හොත් අනවශ්‍ය බාගත කිරීමකට පෙලබිමක් සිදුවනු ඇත.
නොමිලේ ලැබෙන පමනක් නොව කලාතුරකින් මිලදී සංස්කරන සමග පවා එම මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය Toolbars ආදී කොටස් ඔබගේ පරිගණකය මත ස්ථාපනයට ඔබ පොලබවා ගන්නා ආකාරය සකස්වී පැමිනිය හැක. ස්ථපනයේදී ඔබ පසුකරන පියවරවල් පිලිබදව නොසැලකිලිමත්වීම එයට ප්‍රධාන හේතුවක් වේ. බොහෝ විට බ්‍රවුසරය ඉලක්ක කරගමින් පැමිනෙන මෙම මෘදු කොටස් ඔස්සේ පසුකාලීනව අපහසුතාවයට පත්වන භාවිතාකරන්නන් බහුලව දැකිය හැකිය.මෘදුකාංගයක් ස්ථාපනයේදී පසුකරන පියවරවල් තුලදී එම අමතර මෘදු කොටස් ස්ථාපනයට ඔබ එකග බව හගවන පෙර සැකසුම් සහිත අවස්ථා හඳුනාගෙන ඒඅවා මග හැරීම ඔබට ඉමහත් පහසුවක් වනු ඇත.
වින්ඩෝස් 8.1 සමග එන්නට නියමිත Photo Loop....
එලබෙන ඔක්තෝබර 18 සාමන්‍යභාවිතයට නිකුත්වීමට නියමිත වින්ඩෝස්8.1 හි සංස්කරනය මේ වන විට සමහර මෙඋදුකාංග සංවර්ධකයන්ට මෙන්ම OEM වෙතට නිකුත්ව තිබෙනවා. හෙලිවන නවතම වාර්ථා පවසන්නේ නව සංස්කරනය නවාංග කිහිපයක්ද සමග පැමිනෙන්නට නියමිත බවයි. ඒවා අතර Photo Loop නම් අංගයක් ගැන කරුනු හෙලිවෙමින් පවතිනවා. එම කරුනු වලට අනූව පැවසෙන්නේ ටැබ්ලටයේ කැමරාවපෙර සංස්කිරීමකින් අනතුරුව ඡායාරූ පෙලක්ම ලබා ගන්නට කටයුතු කරන අතර භාවිතාකරන්නාහට පසුව එහි app එක වෙත ගොස් තමන්ට වඩාත් ගැලපෙන ඡායාරුව තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවයි. මෙම පහසුව සදහා විශේෂ කැමරා දෘඩාංග පහසුවක් අවශ්‍ය වන අතර දැනට හෙලි නොවී ඇති මයික්‍රසොසොෆ්ට් වින්ඩෝස් 8.1 නිෂ්පාදන සමගැය පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.මීට අමතරව Finance app සමග පහසුවෙන් තම stock trades කටයුතු කරගන්නට හැකිවීම ඇතුලු නවාංග කිහිපයක්(The Food and Drink app) වනු ඇති බවටත් පැවසෙනවා.
VLC ප්ලේයරයේ නව අවසාන සංස්කරනයක්...
ප්‍රකට භාවිතාවක් ඇති ප්ලේයරයක් ලෙසට සැලකෙන VLC ප්ලේයරයේ නව අවසාන සංස්කරනයක් මේ වන විට නිකුත්ව ඇති බවටයි වාර්ථාවන්නේ. බොහොමයක් audio හා video වල formats ප්‍රමානයකට සහය දක්වන මෙම ප්ලේයරය ඔස්සේ IPv4 හා IPv6 ඔස්සේ වන stream සදහාද සහය දක්වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. මෙම ප්ලේයරය භාවිතාකරන්නාගේ සිතැගි පරිදි වෙනස් කරගත හැකි ආකාරයේ toolbars හා Skins සමග පැමිනීම බොහෝ භවිතාකරන්නන්ගේ ප්‍රසාදයට පත්ව ඇති අතර හානිවූ දත්ත ගොනු ධාවනයට මෙන්ම zipp ආකාරයේ ගොනු ධාවනයට සහය දක්වනවා. නව සංස්කරනය හදුනා ගෙනතිබූ දුර්වලතා දහස් ගනනක් පිලිසකරකර ඇති ස්වෙච්ඡා සෙවය කරන්නන් 140කගේ සහභාගීත්වයෙන් නිකුත්ව ඇති බවටයි නිවේදය වන්නේ.
http://get.videolan.org/vlc/2.1.0/win32/vlc-2.1.0-win32.exe
http://get.videolan.org/vlc/2.1.0/win32/vlc-2.1.0-win32.7z (|Portable|)
http://get.videolan.org:81/vlc/2.1.0/vlc-2.1.0.tar.xz (|Mac|)
NOKIYA වෙතින් නව උපාංග 6ක්!! Dell යලිත් ARM tablet වෙළඳ පොලට!!
මයික්‍රසොෆ්ට් හා අත්වැල් බඳගත් NOKIYA ආයතනය එලබෙන ඔක්තෝබර 22දා තම Nokia World press event සමග නව උපකරන 6ක් පිලිබදව ප්‍රකාශයට පත්කරනු ඇති බවටයි වාර්ථාවන්නේ. එලබෙන 2014 ප්‍රතම කාර්තුවේ වෙළඳ පොලට නිකුත්වෙතැයි බලාපොරොත්තුවන මෙම ඉදිරිපත් කිරීම් වෙනුවෙන් එම ආයතන ය තම උපරිම ධාරිතාවයෙන් කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. දැනටමත් නිඅල් නොවන ලෙසට පලවී ඇති තොරතුරු වලට අනුව ඔවුනගේ 6-inch Lumia 1520 සමග උපාංග ලොකයේ එකි නෙකට වෙනස් පුලුල් අවකාශයක පැතිරුනු උපකරන පෙලකින් මෙම ඉදිරිපත්කිරීම සමන්විත වන්නට ඉඩ ඇති බවටයි පිලිගැනෙන්නේ.
මේ අතර Dell ආයතනය එලබෙන සතියේදී තම හමුවකදී ARM-based Windows table උපකරනයක් නිකුත්කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි අලුත්ම වාර්ථාවක් පවසන්නේ. ඊයේ වන විට මයික්‍රසොෆ්ට් ARM tablet වෙළඳ පොලතුල එකම නිෂ්පාදකයා වනු ඇති බවට වූ අනාවැකිය යලිත් වෙනස් වනු ඇති බවටයි විචාරනය වන්නේ.අඟල් 10.8 මට්ටමේ මෙම උපකරනය Qualcomm ප්‍රොසෙසරයකින් හා 2GB රැම් මතකයකින් සමන් විත වනු ඇති බවටත් හා 64 මෙගා බයිට ස්තීර මතකයකින් මෙන්ම 4G LTE ස්තීරව සවිවූ රිසීවරයකින්ද සම්න්විත වනු ඇති බවටයි හෙලිව ඇති තොරතුරු පවසන්නේ.
2013-09-25
Windows RT වෙළඳ පොලතුල මයික්‍රසොෆ්ට් පමනක් තනිවේ.......
මයික්‍රසොෆ්ට් සමගමේ වින්ඩෝස් 8 හි ARM-based සංස්කරනය වූ Windows RT මහත් අර්බුදකාරී තත්වයකට මුහුන දෙමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. එක් දෙසකින් පරිගණක භාවිතයේ අනාගත ගමන් මගේ අනාගතය ලෙසට ටැබ්ලට් උපාංගය පිලිගැනෙමින් ඇති අතර ඉදිරි වසරවලදී දෘඩාංග ආයතන බොහොමයක නිෂ්පාදන සැලසුම් PC මට්ටමමෙන් ඉවතට සැලසුම් වෙමින් පවතින අතරදී පවා මයික්‍රසොෆ්ට් වෙතින් එදෙසට තැබූ මෘදුකාංගමය පියවර Windows RT මෙන්ම Surface ලෙසට වන දෘඩාංග පියවර වෙළඳ පොලතුල අතාර්කික වීම හදාරන්නන්ගේ විමතියට කරුනක වී ඇත.කෙසේ වෙතත් මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම ARM දෙසට වන ගමන් මග මත නොසැලී සිටින බව සහතික කරමින් ඒවායේ දේවන සංස්කරනද වෙළඳ පොල වෙත නිකුත්කරන්නට කටයුතු කරන ලදී.
2012දී මයික්‍රසොෆ්ට් සමාගම තම Windows RT හඳුන්වාදෙන විට ඔවුන් සමග එම උපාංග වෙළඳ පොල වෙතට තවත් සමාගම් පහක් පමන පිවිසි අතර මේ වන විට ඉන් අවසාන සමාගම වන DELL සමාගමද එම වෙළ්ඳ පොලෙන් ඉවත්වන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනූව මේ වන විට එම වෙළඳ පොල තුල සිටින එකම සමාගම වන්නේ මයික්‍රසොෆ්ට් සමාගම පමනක් බවට පත්ව තිබෙනවා.පසුගිය කාලයේ Nokia ආයතනය සමග මයික්‍රසොෆ්ට් සමාගම එකගතාවයකට පිවිසි අතර ඉදිරියේදී මයික්‍රසොෆ්ට් දෘඩාංග නිෂ්පාදනයේ වැඩි වගකීමක් ඒ වෙත පැවරෙනු ඇති බවටයි විචාරකයින්ගේ මතය වෙමින් ඇත්තේ.
ව්‍යාජ වෙළඳ දැන්වීමක් ඔස්සේ iOS7 හිමියන් කිහිපදෙනුකු ආනතුරට.........
පැතිර යමින් පවතින ව්‍යාජ වෙළඳ දැන්වීමක් පවසන්නේ ඔබගේ ඔබගේ ඇපල් ස්මාර්ට් දුරකථනය වෙත iOS7 මෙහෙයුම් පද්ධතිය වෙත පැමිනෙන විට පැමිනෙන්නට නියමිත නවාංගයක ගැනය. එනම් යම් අවස්ථාවකදී ඔබගේ ඇපල් දුරකතනයට ජලය කාන්දුවීමෙන් වියහැකි හානිය එම නවාංගය විසින් වලකාලනු ඇති බවය. එනම් එහි තිරය හා ස්ටාර්ට් බටනය ඔස්සේ ඒබව හඳුනා ගනිමින් දුරකථනය තුල බල සැපයුම වහා අක්‍රියකරමින් ජලය කාන්දුව විසින් ගෙනෙන්නට හැකි හානිය වලකන නිසා වෙන් යනුවෙනි. පලවන වාර්ථා පවසන්නේ ලොවපුරා භාවිතාකරන්නන් කිහිපදෙනෙකු විසින් මෙම බව අත්හදා බලන්නට ගොස් තමන්ගේ ඇපල් ස්මාර්ට් දුරකථනය අවසාවන්ත ලෙස හානිකරගන්නට පොලබවමින් තිබූ බවකි.හදාරන්නන් පවසන්නේ මෙවැනි නව අංගයක් පිලිබදව මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු විස්වාසයට පෙලබෙනවා වෙනු වට භාවිතාකරන්නන් එම උපාංග නිෂ්පාදකයින්ගේ නිල වෙබ් අඩවි ආදිය විමසමින් කටයුතු කිරීම වඩාත් යහපත් වනු ඇති බවකි.
Google Earth නව සංස්කරනයක් පැමිනේ!!!!!
තොරතුරු ලෝකයේ විස්මිතබව රැගෙන එන තවත් අත්දැකීමක් ලෙසට Google Earth දැක්වේ. පෘතුවිතලය මත මත වන satellite imagery, maps, terrain, 3D buildings ආදීවූ නෙක විසිතුරු අත්දැකීම් පහසුවෙන් පහසුවෙන් තිරයමතට ගෙනෙන්නට එය සමත්ව තිබෙනවා. ගැබුරු මුහුදු පත්ලේ සිට විසල් විශ්වය දක්වා වන බොහෝ ඈත ඔබව කැදවාගෙන යන්නට සහයවන මෙම ගූගල් සේවවේ නවතම සංස්කරනයක් මේවන විට නිකුත්ව තිබෙනවා. ගූගල් පවසන්නේ මෙම නව සංස්කරනය සමග අතීතය කරා යන්නටද නව සංස්කරනය සමග හැකිවනු ඇති බවය. විසල් සයුර පිලිබදවද වඩාත් පුලුල් දැකීමක් සමග පැමින ඇති නව සංස්කරනය සමග ඔබගේම පෞද්ගලික සංචාරයක් සැලසුම් කරගන්නටත් එය හඬ මුසුවක සමග වඩාත් රසවත්කර ගන්නටත් මෙන්ම අනෙකුත් සගයන් සමග එය පහසුවෙන් බෙද හදාගන්නටත් මේ වන විට හැකිව ඇති බවටයි පැවසෙන්නේ.
http://dl.google.com/earth/client/advanced/current/GoogleEarthWin.exe
මයික්‍රසොෆ්ට් SkyDrive වලද මේ මොහොතේ ප්‍රමාදයක්!!!!!
මයික්‍රසොෆ්හි SkyDrive භාවිතාකරන්නන් මේ මොහොත වන විටත් ප්‍රමාදයක් අත්විඳිමින් සිටින බවටයි වාර්ථාවන්නේ. SkyDrive වෙත ගොනු තැන්පත් කිරීමට උත්සාහකිරීමේදී මෙන්ම එහි වන ගුනු භාවිතයට උත්සාහ කිරීමේදීද මෙම අපහසුව අත්විඳුන්නට සිදුවෙමින් පවතින බවටයි එම වාර්ථා පවසන්නේ.දැනට පැය කිහිපයක සිට අත්විඳුවින් ඇති මෙම තත්වය ගැන තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය කිසිදු නිල නිවේදයක් කර නොමැත. පසුගිය අගෝස්තු මසයේදීද මයික්‍රසොෆ්ට් සේවාවන් වන SkyDrive, Outlook.com වල මෙවැනි ආකාරයේ දුර්වලතාවයක් අත්විඳුන්නට සිදු වන ලදී.එහිදී දින කිහිපයක් ගත වීමෙන් අනතුරුව එම දුර්වලතාවය පාලනය කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනයට ගතවන ලදී. Surface 2 භාවිතයට පැමිනෙන්නන් සදහා 200GB අවකාශයක් SkyDrive වෙතින් නොමිළේ ලැබීම මෙන්ම 200GB දක්වා Skydrive අවකාශයක් වසරක් සදහා ඩොලර් 100ක මුදලකට ලබා දීම වැනි නව හඳුන්වාදීම් කිහිපයක් මේ දින සිදුවෙමින් පැවතීම සමහර විටක මෙම අත්විඳීමට හේතුව වන්නට ඉඩ ඇති බවටයි උපකල්පනය වන්නේ.
සඳුදා සිදුවූ ප්‍රමාදය ගැන ගූගල් කනගාටුව පලකරයි!!!!!
ගෙවී ගිය සඳුදා දිනයේ ගීමේල් භාවිතාකරන සමහරුන් වෙත අත්විඳින්නට සිදුවූ ප්‍රමාදයන් ගැන ගූගල් ආයතනය තම කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. මෙදින ජීමේල් භාවිතාකරන්නන් වෙත තම ඊමේලයන් ලැබීමේදී සාමන්‍යය වේගයට වඩා ප්‍රමාදවීමත් සමහරවිටක එම ඊමේලයන් සමග තිබූ attachments නොපැමිනීමත් වැනි කාරනා සලකමින් ඔවුන් මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.පැය 11කට ආසන්න කාලයක් පැවති මෙම දුර්වලතාවය පිලිබදව හේතු දක්වමින් ඔවුන් පවසන්නේ කලාතුරකින් සිදුවිය හැකි ආකාරයේ එකිනෙකට අසම්බන්දිත network මට්ටමේ දුර්වලතා දෙකක් මෙයට හේතුවූ බවකි. තම භාවිතාකරන්නන් ගෙන් 1.5% දෙපැයකට වඩා ප්‍රමාදයක් අත්විදුන්නට සිදුවූ බවත් 29% වන ප්‍රමානයක භාවිතාකරන්නන් හට තප්පර 2.5ක ප්‍රමාදයක් අත්විශින්නට සිදුවූ බවත් ඔවුන් පවසා සිටිනවා.එසේම ආයතනය වැඩි දුරටත් පවසාසිටින්නේ ඉදිරියේදී මේවැනි දුර්වලතාවයක් ඇති නොවන්නට අවශ්‍ය පියවර තමන් මේ වන විටත් ගෙන ඇති බවකි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...









