2013-08-22

yahoo යලි හිස ඔසවයි!!!!!!

   පලවන වාර්ථා පවසන්නේ යහූ වෙබ් අඩවිය කෙමෙන් නැවත තම පැරනි ස්ථාවරය වෙතට එමින් සිටින බවයි. ගූගල් මෙන්ම මයික්‍රසොෆ්ට් බලවතුන් වෙත නැවත තමන්ට අභියෝගයක් වීමට හැකියාව පවතින බව මෑතකදී නිකුත්වූ  ගනන සටහනකින් පෙන්වා දෙමින් සිටිනවා.එම සටහන පෙන්වා දෙන්නේ 2011 වසරින් පසුව යහූ වෙත ඇමරිකානු පැමිනෙන්නන්ගේ ප්‍රමානය ගූගල් හා මයික්‍රසොෆ්ට් ඉක්මවමින් සිටින බවයි.යාහු වෙත ආසන්නව මිලියන 196.5ක පැමිනීමක් වාර්ථා වෙද්දී ගූගල් වෙත පැමිනි ප්‍රමානයට වඩා මිලියන තුනකින් හා  මයික්‍රසොෆ්ට් වෙතට පැමිනි ගනනට වඩා මිලියන 10ක් ඉහලින් සිටින බවයි. යාහූ වල ප්‍රධානී අසුන වෙත Marissa Mayer සපැමිනීමත් සමග මෙම කැපී පෙනෙන වෙනස දක්නට හැකි බවටයි පැවසෙන්නේ.එසේම ඇය විසින් දස වසරක bin සමග වන එකගතාවය අවසන් කරන්නට කටයුතු කරමින් සිටින බවයි මින්පෙර වාර්ථා වූවේ. යලිත් වරක් තමන්ගේ සෙයුම් යාන්ත්‍රනයක් ඔස්සේ ඉදිරියට යමින් මැකී ගිය යාහු කීර්තිනාමය යලි ගොඩ නැගීම තම අරමුනව ඇති බවයි පලවූ ඇගේ අදහස් පවසමින් සිටින්නේ. ඇය තම තනතුරට පත්වීමෙන් පසුව යාහූ ආයතනයේ නව පිබිදීමක් වෙනු වෙන්  කටයුතු කරන්නට පටන් ගත් අතර ආයතනය වෙත නොපැමින  ත නිවසේ සිට සේවය කරමින් සිටි දහස්  ගනනක සේවක සේවිකාවන් වෙත අනිවාර්යෙන් ආයතනය වෙත වාර්ථාකිරීම කරනු ලැබුවා.

ඔබේ පැරනි පරිගණකයට "ලුබුන්‍ටු" ස්ථාපනය කරමු!!!!!

     ඔබගේ පැරනි පරිගණකය වර්තමාන මෙහෙයුම් පද්ධතියක් ඉල්ලා සිටින  පහසුකම් හමුවේ අනිවාර්ය විශ්‍රාම යායුතු බවට සහර විටක ඔබගේ මතය විය හැක. වින්ඩෝස් වෙතින් එන පැරනි මෙහෙයුම් පද්ධතිවලට තවදුරටත් යාවත්කාලීනයන් නිකුත් නොවීම හා ඒවායේ සිත්නොගන්නා සුලු පෙනුම එම තීර්නය ස්තීර කරන්නට ඉදිරිපත්වනු ඇත. සැබෑ තත්වය එයම නොවේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වාගේම පරිගණකයට ස්ථාපනය කල හැකි තවත් මෙහෙයුම් පද්ධති ඇත. මේ වන විට ඒවා බොහොමයක් තම තරගකාරී වෙළඳ නිෂ්පාදන සමග එතරම්ම පසු පසින් සිටින ඒවාම නොවන මට්ටමක සිටී.
                  ලුබුන්‍ටු යනු තවත් ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධතියකි. එහි විශේෂත්වය වන්නේ 4.3 GB හාර්ඩ් ඩිස්ක් ඉඩක පවා සාර්ථකව ධාවනයට හැකි සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් වීමය. 32 බිට් මෙන්ම 64 බිට් සංස්කරන වලින් ලබා ගත හැකි මෙම මෙහෙයුම් පද්ධතිය මෙගා බයිට 128ක තාවකාලික (RAM) මතකයක් ඇති පරිගණකයක සිට ඉහලට ධාවනය කිරීමේ හැකියාව ඇත.එසේම ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධතියක තවත් සිත් ගන්නා සුලු ලක්ෂනයක් වන ස්ථාපනය නොකර පරිගණකය මත අත්හදා බැලීමේ හැකියාව මෙම සංස්කරන සමගද වේ.ස්ථාපනය නොකර භාවිතාකර බැලීමේ වේගය අතින් අඩු බවක් වූවද  තීර්නයක් ගැනීම සදහා පහසුවක් වනු ඇත. එසේම මෙම මෙහෙයුම් පද්ධතිය සමග සහය මෘදුකාංග කට්ටලයක්ද පැමිනේ. ක්‍රෝමියම් බ්‍රවුසරයක සිට ඔෆ්‍ෆිස් කටයුතු සදහා සහය වන මෘදුකාංග මෙන්ම මීඩියා ප්ලේයරයක් , සරල රූ සකසනයක් මෙන්ම සරල මට්ටමේ පරිගණක ක්‍රිඩා ගොනුවක්ද වේ. එසේම මෙම මෘදුකාංගය සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන පරිගණක වැඩ සටහන් රාශියක් අන්තර්ජාලය ඔස්සේ ‍තෝරා ගැනීමටද අවස්ථාව ඇත.
http://lubuntu.net/

2013-08-21

ෆේස්බුක් ප්‍රමුකව ලොව අන්තර්ජාල භාවිතය ප්‍රවර්ධන වැඩසටහනක්!!!!!

    සමාජජාලා අන්තර්ජාලය තුල බර පතලම භාවිතාවකි. අන්තර්ජාලය වෙත පිවිසෙන්නන් අතර සැලකිය යුතු ප්‍රථිශතයක් සමාජජාලා භාවිතාව සදහාම පැමිනෙනන් බව හදාරන්නන්ගේ මතයයි. තැනින් තැන සමාජ විශමාචාරද සමාජ ජාලා අශ්‍රිතව සමාජ ගතවෙමින් තිබුනද එය භාවිතාකරන්නන්ගේ අන්ත්ර්ජාල ජීවිතයෙන් ඉවත්කල නොහැකි කොටසක් වී තිබේ. ප්‍රධාන මට්ටමේ සමාජ ජාලා කිහිපයක්ම අන්තර්ජාලය මත පැවතියද ෆේස්බුක් යනු එයින් ඉහලින්ම සදහන් වන ස්ථානය හිමිකරගෙන ඇත.
                    මෑතකදී ෆේස්බුක් ප්‍රධානී  Mark Zuckerberg  ප්‍රධානව දියත්කල වැඩසටහනක් වූවේ තවමත් ලොව පුරා  වෙසෙන අන්තර්ජාලය ඇසුරු නොකරන  බහුතරයක්  පිරිස වෙත අන්තර්ජාලය ලගා කරවන්නට සහය වන  internet.org නම්  ව්‍යාපෘතියකි. තවත් ප්‍රබල ගනයේ ආයතන කිහිපයකද (Ericsson, MediaTek, Nokia, Opera, Qualcomm Samsung ) අනුග්‍රහය ඇතුව දියත්වූ මෙම වැඩ සටහනේ අරමුන වන්නේ  ලොව පුරා වෙසෙන බිලියන 5ක ජනතාව වෙත අන්තර්ජාලය ඇසුරු කිරිමේ හැකියාව ලගා කර දීමයි.අද වන විට ලොව පුරා අන්තර්ජාලය භාවිතාකරන්නන් බිලියන 2.7ක් වන අතර වසරක්  සැලකීමේදී 9%ක අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවටයි ෆේස්බුක් ආයතනය පවසන්නේ. ඔවුන් තම ඉලක්කය සදහා යොදා ගැනීමට බලාපොරොත්තුවන ක්‍රම උපායන් අතර  වඩාත් උසස් මට්ටමේ ස්මාර්ට් දුරකථන තාක්ශනය ප්‍රචලිත කිරීම , ජාලාවන් තුල දත්ත  හුවමාරුවේ ක්‍රමවේද දියුනු කිරීම තුල වෙබ් අඩවි නැති නම් ඇප් භාවිතාවට වැය වන දත්ත ගොනුවල ප්‍රමානය කුඩාකිරීමට උත්සාහ කිරීම මෙන්ම නව ආකාරයේ ව්‍යාපාරික ගොඩ නැගීම් සමග භාවිතකරන්නන් හට වැඩි පහසුවකින් අන්තර්ජාල ගතවීමේ හැකියාව ලබාදීම සදහන් වනවා.

ෆයර්ෆොක්ස් 22 වඩාත් ස්ථාවර බ්‍රවුසරය බව!!!!!

  හොද බ්‍රවුසරයක් සාර්ථක වෙබ් සැරියකට වැදගත්ම සාධකයකි. හොඳ බ්‍රවුසරයක් වීමට එහි ක්‍රියාකාරීතයේදී ස්ථාවරබව හදාරන්නන්ගේ පලමු අවධානයකි.මෙම සතියේදී  Sauce Labs  වෙතින් වෙබ් බ්‍රවුසර පිලිබදව තම හැදෑරීමක වාර්ථාවක් නිකුත්කරනු ලැබුවා. එහිදී ඔවුන් පවසා සිටියේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි ස්ථාවර බව එහි දසවන සංස්කරනය වන විට කැපී පෙනෙන ලෙස වර්ධනයව ඇති බවයි. ඔවුන් පවසනේ තම වාර්තාව සදහා දත්ත මිලියන 55ක්  යොදාගත් අතර ඉන්ටර්නෙට් පෙර සංස්කරන සැලකීමේදී වැඩිම බිඳවැටීම් වාර්ථාවූවේ එයින් බවයි. ප්‍රතිශතයක්ලෙස සැලකීමේදී .25% ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතින් සටහන් වෙද්දී ඔපෙරා වෙතින් .15%ක් ද ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් වෙතින් පිලිවෙලින් .12% හා .10% වූ බවයි.
                     ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ල්රා  6 වන විට .30% ක පැවති බිඳ වැටීම් හැකියාව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වංස්කරනය වන විට .05% දක්වා පහත වැටී ඇති බවයි. ඔවුනගේ ගනනයට අනූව වර්ථමාන බ්‍රවුසර සංස්කරන සැලකීමේදී ඇපල්හි සෆාරි 6 බ්‍රවුසරය  .12% ක අස්ථාවරබවක් පෙන්වන අතර ඔපෙරා 12හි .08%ක අගයක් එය පෙන්වන බව දක්වා සිටිනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 වලදී  .05% ලෙසටද  ක්‍රෝම් 27 .02%කට පහල අගයක් හා ෆයර්ෆොක්ස් 22 වලදී එය නොසැලකිය හැකි මට්ටමක පවතින බවටයි පවසන්නේ.

වින්ඩෝස් 8 ජාලගත වීමකට වඩාත් සූදානම්ව පැමින ඇත...........

  වින්ඩෝස් 8 යනු මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්ව ඇති මෙහෙයුම් පද්ධති මෙහෙක් පැමිනි වඩාත්ම ජාල ගතවීමකට සූදානම් මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකේ.එය මුල් ස්වභාවයෙන්ම 4G තාක්ශනය දක්වා සූදානම්ව පැමින ඇත. වඩාත් සුරක්ශිත ජාලගත භාවිතයක් දක්වා පෙර සැකසුම් තුනක් අතරින් තොරා ගැනීමේ අවස්ථාව එහි ඇත. ඒවා නම්  Home, Work,හා  Public ලෙසට දැක්වේ.Home වලදී වඩාත් විවෘතව හා පහසුවෙන් තම Network එක හා ගනුදෙනු කරන්නට ඔබගේ පරිගණකයට හැකිවනු ඇත. එහෙත් මෙම අවස්ථාව තොරා ගැනීමේදී ඔබ පිවිසෙන Network එකෙහි සිටින අනෙකුත් පරිගණකයන් පිලිබදව හොඳ අවබෝදයක සිටීම වැදගත් වේ.ඒවා අතර වන ආසාධිත පරිගණකයකට පසසුවෙන් ඔබගේ පරිගණකය වෙත පිවිසීමේ අවස්ථාව ඇති බව මෙම තේරීම සමග ක්‍රියාත්මක සැකසුම් වලින් ලැබිය හැකි බව අමතක නොකල යුතුය.මෙම පෙර සැකසුම සහිත ඔබගේ පරිගණකය මිතුරෙකුගේ නිවහනකදී ඔවුනගේ Network එක වෙතට සම්බන්දවීමකදී වඩාත් අනාරක්ශිතවීමේ අනතුරක් තිබිය හැක.
                        Work ලෙසට දැක්වෙන පෙර සැකසුම Home වලට වඩා තම Network එකෙහි සිටින අනෙකුත් පරිගණක සමග කටයුතු  කිරීමේදී සිමාකාරීත්වයක් ගෙනෙනු ඇත.වෘතීය මට්ටමේ භාවිතාකරන්නන් සිටින Network එකක ලෙසට බලා පොරොත්තුවක් සමග මෙම පෙර සැකසුම සැකසී ඇති අතර වඩාත් විධිමත් මැල්වෙයාර්  මෘදුකාංගයකට හානියක් පැමිනවීමේ අවස්ථාව තිබෙන බව අමතක නොකල යුතුය.මෙවැනි  පෙර සැකසුම් Network පරිසරයකට බාහිර පරිගණකයක් සම්බන්දකර ගැනීමේදීද සැලකිලිමත්වීම වැදගත් බවයි පිලිගැනෙන්නේ.
                                 Public networks වලදී උපරිම ආරක්ශිත බවක් ගෙනෙන්නට එම පෙර සැකසුම කටයුතු කරනු ඇත. mobile dongle හෝ SIM card වැනි ක්‍රමවේදයක් හෝ Wi Fi වැනි පහසුවක් ඔස්සේ මෙම සබඳතාවය ඇති විය හැකි අතර, මෙම පෙර සැකසුම ඔබගේ පරිගණකය වෙත Network එක තුල සිටින අනෙකුත් පරිගණක වෙතින් දත්ත ගොනු පැමිනීම හෝ ලබාදීම උපරිමව වලකන්නට කටයුතු කරනු ඇත. ප්‍රසිද්ධ ස්ථානයක ජාලගත වීමකට වඩාත් ගැලපෙන ලෙසට මෙම පෙර සැකසුම නිර්මානය කර ඇති අතර පරිගණකය සදහා උපරිම ආරක්ශිත බවක් ගෙනෙන්නට එය සැකසී ඇත.
                                          වින්ඩෝස් 8 වලදී ඔබගේ ජාලගත වීමට අදාල සැකසුම් පරිගණක තිරයේ දකුනු දෙසින් අවධි කරව ගත හැකි " charms bar" එකෙහි Setting වලදී ලබා ගත හැකි වන අතර සාම්ප්‍රදායික හුරු පුරුදු ඩෙස්ටොප් පරිසරයේදී නම් Network and sharing center වලදී හැකි වනු ඇත.

2013-08-20

ඇන්ඩ්‍රොයිඩ් සදහා නව යු ටියුබ් ඇප් යවත්කාලීනයක්.........

  මයික්‍රොසොෆ්ට් හා ගූගල් අතර විරසකයද අවසන් වන්නක්ද නොවේ. පසුගියදා වාර්ථා වූවේ වින්ඩෝස් ෆෝන් වෙත යුටියුබ් ඇප් ක්‍රියාකාරීත්වය අත් හිටවන්නට ගූගල් ආයතනය ක්‍රියාත්මක වූ බවකි.පලවන නවතම වාථාවක් පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් සදහා වූ YouTube app  වෙත නව යාවත්කාලීනයක් ගෙනෙන්නට ගූග්ල ආයතනය කටයුතුකර ඇති පසුගිය සදුදා  සිට ක්‍රියාත්මක මෙම මුදා හැරීම සමහර භාවිතාකරන්නන් වෙත Google Play  වෙතින් ලබා ගන්නට හැකි වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
           පලවන නවතම වාර්ථා පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් වෙත පැමින ඇති යු ටියුබ් යාවත්කාලීනයේ යුසර් ඉන්ටර්ෆේසය  Google Now  වලට සමානව සැකසී ඇති බවකි.එසේම නව යාවත්කාලීනයත් සමග භාවිතාකරන්නා හට අනෙකුත් වීඩියෝ පිලිබද browse කරන අතරතුරද තම වීඩියෝවන් නැරබිමේ හැකියාව වන බවටයි සටහන් වන්නේ.එසේම මෙම නව මුහුනත සමග වන යු ටියුබ් ඇප් යවත්කාලීන සංස්කරනයක්  iOS  වෙතටද ලගදීම නිකුත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

පෘතුවිය මතට පැමිනි අපූරුතම ඉලෙක්ට්‍රොනික සිත්තරා 'ස්ටීව් ජොබ්ස්"ය

  ස්ටීව් ජොබ්ස් 2011 ඔක්තෝබර 11 අපගෙන් සමුගෙන ගියේය. ඔහු ඒ වන විට වසර 56ක් පෘතුවි වැසියෙකු ලෙස ගතකර තිබිනි.ඔහුගේ මිනිස් සිරුර තුලවූ අක්‍රමික බවක් වරින් වර ඔහුව අපහසුතාවයට පත්කලා පමනක් නොව අවසානයේ අපගෙන් ‍රැගෙන යන්නටද කටයුතු කර තිබිනි. හර බර ලෙසට පෙනෙන දැක්වෙන සම්මත ජීවිතයේ ඔහු ඔ‍ටුනු පලන්  මිනිසෙකු නොවූවාය. එහෙත් සාමන්‍ය මිනිස් දිවියකදී මිනිසෙකු අත්නොවිදෙන තරමේ අවකාශයක් පුරා ඔහු සක්මන් කරතිබිනි. ඉන්දියාවේ අතුරු මාවත්වල ඇවිදිමින් ජීවිතයේ අරුත සොයන්නට කාලය තිබුනු ඔහු හට නිදහස දෑස තෙක්මානය වන හිපි සංස්කෘතිය සමගද ඇවිද ගොස් තිබිනි.එසේම ආදරනීය ස්වාමියෙකු හා පියෙකු වන්නටද තම ජීවිතකාලය තුල ඉඩ කඩ ලාබාගත්තෙකුද විය.අත්තෙන්ම ඔහු සාමාන්‍ය මිනිසෙකු ලෙස තම ජීවිත සංචාරය වඩාත් අපූරු හා පුලුල් එකෙක කරගන්නට සමතෙකු වූවාය.
                                වඩාත් අපූරු කථාන්දරයක්ද ඔහු තම ජීවිතය තුල සටහන් කරන්නට තරමේ වාසනාවන්තයෙකුද විය. ඔහු එය තොරතුරු අවකශය මත්තේ භෞතිකව සටහන් කලාය.ඔහුගේ නිර්මානශීලී ප්‍රතිභාව ‍තෝරතුරු යුගය වෙත පිවිසෙන මිනිසාට යෝධ සහයක් සකස් කර දුන්නාය. ඔහු මිනිසුන්ගේ දැතට වඩාත් හුරුබුහුටි පහසු දත්ත උපාංග ගෙනෙන්නට පුරෝගාමියා විය. වඩාත් අපූර්ව දෑ ගෙනෙන්ට ඔහුට හැමවිටම අවශ්‍යව තිබිනි. ඉදිරිපත් කිරීම් වලදී "one more thing" ලෙසින් පවසන්නට තවත් බොහෝ දෑ ඉතිරිව තිබෙන්නටද ඇත.එහෙත් හදිස්සියේම ආපසු යන්නට වන සටහනක් ඔහුගේ අපූව ජීව්තය සමග ‍රැගෙන විත් තිබිනි.වඩාත් සුසර ඔහුගේ මනසට ඒ වග නොදැනුනාම නොවේ විය යුතුය.ඔහු නිතරම පැවසූ "ජීවිතය සීමිතය. අනෙකුන්ගේ මාවත් ඔස්සේ ඇවිදයන්නට එහි කාලයක් නැතිය.ඔබ ඔබගේම මාවත ඔස්සේ ඇවිදයන්න" වැන්නක් සමග අපට ඒ වග උපකල්පනය කල හැක.
                            ඔහුගේ ජීවිත සංචාරය ත්‍රාසජනකද නොවුනාම නොවේය.වරක් ඔහුව තමන්ගේම ආයතනයෙන් එලියට විසික් කරන්නට කටයුතු යෙදිනි. ඔහු ඔහුග අපූරු බව නැවත වරක් ඔප්පු කලාය.ඩිජිටල් ලෝකයට තවත් අපූරු සජීවීකරන අත්දැකීමක් ‍රැගෙන එන ආයතනයක ගොඩ නගමින් තමන්ගේ ආදරනීය ඉලෙක්ට්‍රොනික සිතුවම් පෙල වඩාත් අපූරු අත්දැකීම් ගෙනෙන දැයීන් පුරවන්නට කටයුතු කලාය.අවසානයේ තමන්ගේ මුල් ආයතනය වෙත නැව එන්නටයැයි ආරාධනා ලබනට සිදුවිය. ඔහු වියාපාරිකයෙකුද වු බව නොකියන්නට අවශ්‍ය නැත. එහෙත් ප්‍රකට පෙලේ විශ්ව විද්‍යාලයක උපාධි උත්සවයක් අමතමින් "කාලයකට ඉහතදී රසවත් ආහාර වේලක් වෙනුවෙන් තමන් සැතපුම් ගනනක් ඇවිද ගිය බව" පවසන්නට ඔහුට අවශ්‍ය විය.
                                  අපූරුතම මිනිසානනි ඔබවෙත ඉමහත් ගෞරවයෙනි!!!!!!
                     

ඇමරිකානුවන්ගෙන් 20% අන්තර්ජාලය භාවිතා නොකරයි!!!

  අන්තර්ජාලය යනු හුදු ඉලෙක්ට්‍රොනික උපාංග හා ‍රැහැන් මෙන්ම ‍රැහැන් විරහිත සම්බන්දතා තාක්ශනයන් මත ඉදිවුනු විසල් අවකාශයකි. එය මිනිස් සබදතා ,ආර්ථික සබදතා  වැනි නෙක ආකාරයේ සේවයන් ගෙනෙමින් ඔබගේ ජීවිතය සුවපහසු කරන්නට කැමතිව සිටී.තවත් දෙසකින් විමසද්දී තවමත් දශක දෙක තුනක මිනිස් අත්දැකීමකි.මිනිස් වර්ගයාගේ ඉතිහාසය වැනි දිගු සටහන් විමසද්දී සැබවින්ම එය ළදරු අත්දැකීමකි.
      සැබවින්ම එය දාර්ශනික කාරනාවක් නොව ප්‍රායොගික තේරුමක් ඇති  බව පහදන දත්ත ‍රැස්කිරීමක වාර්ථාවක් පසුගියදා එලි දැක්වින.එයින් කියවුනේ තවමත් ඇමරිකානුවන් ගෙන් 20%ක් අන්තර්ජාලය භාවිතා නොකරන බවකි. හුදු ස්ථාවරව සිටින ඩෙස්ටොප් පරිගණකයේ සිට  අද වන විට අන්තර්ජාල භාවිතාකිරීමේ හැකියාව ස්මාර්ට් ෆෝන් , ටැබ්ලට් , රූපවාහිනී පමනක් නොව අවශ්‍යනම් ඔබගේ ශීතකරනය සමගද පැමිනෙමින් තිබෙන යුගයක මෙම තාක්ශනයන්ගේ බහුතරයක් උපන් දේශයේ පවා මෙතරම් විශාල ප්‍රතිශතයක් එයින් ඈත සිටීම සැලකිය යුතු කරුනකි. ඔවුන් පවසන්නේ සරලව සැලකීමේදී සමස්ථ ඇමරිකානුවන් ගෙන් 98%කට කිනම් ආකාරයකින් හෝ බ්‍රොඩ්බෑන්ඩ් සබදතාවයන් භාවිතාකිරීමේ හැකියාව තිබියෙදී පවා මෙසේ ගනය වෙමිත් පවතින බවටයි පවසන්නේ. හදාරන්නන් පවසන්නේ සමස්ත ඇමරිකාව සැලකීමේදී මිලියන 600ක ප්‍රමානයක් නිවසේදී හෝ ‍රැකයා ස්ථානයේදී පමනක් නොව අඩුම තරමින් තම ජංගම උපාංග ඔස්සේවත් අන්තර්ජාලයට නොපිවසීම සිදුවන බවයි.එයින් හෙලිවන තොරතුරු වැඩි දුරටත් පවසන්නේ වයස 65ට වැඩි ඇමරිකානුවන්ගෙන්  භාගයකට ආසන්නනව අන්තර්ජාලය භාවිතාකරන අතර වයස 65ට අඩු පිරිසගෙන් හතරෙන් තුනක් අන්තර්ජාලය භාවිතාකරනු දක්නට හැකි බවයි.එම හැදැරිමට සම්බදවූ එක් අයෙකු පවසා ඇත්තේ තමන්ට හෝ තම දරුවන්හට අන්තර්ජාල පහසුව සදහා අවශ්‍ය අධික ගාස්තු ප්‍රශ්නයක් බවයි.

Skype, Outlook.com වෙතට පැමිනීම ඇරබේ...

   මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන ඊමේල් සේවාව වන්නේ Outlook.com ගෙනෙන වෙබ් මූලික ඊමේල් සේවාව වේ. තම තරගකරුවා වන gmail සමග මහත් තරගයක යෙදී සිටින Outlook.com සේවාව වෙත gmail භාවිතයෙන් පැමිනෙන්නන් වෙත වඩාත් සුරක්ශිත සේවාවක් ලබා ගන්නට හැකිවනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ. පසුගිය ජූලි මාසයේ පලමුවෙන් කලැලි දු‍ටු මෙම සේවාව ගෙවුනු වසර තුලදී මහත් භාවිතාකරන්නන් පිරිසක් ‍රැස්කර ගන්නට සමත්ව ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
             මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන් පසුගිය කාලයේ ප්‍රකාශකර සිටි පරිදි Skype සේවාවද තම Outlook.com වෙතට ගෙන ඒම මේ වන විට ක්‍රමයෙන් ආරම්භව ඇති බවටයි පැවසෙන්නේ. තම සමාගමේ ප්‍රධානතම messaging platform  පහසුව මෙසේ තම ඊමේල් සේවාව තුලදීද භාවිතාකිරීමේ පහසුව මේ වන විට ඇමරිකානු භාවිතාකරන්නන් වෙතට මුද හැරෙමින් ඇති බවත් ඉදිරියේදී ලොවපුරා භාවිතාකරන්නන් වෙත මුදාහැරෙනු ඇති බවත් පවසා සිටිනවා.

Bitcoin භාවිතය ජර්මානු රජය නිල ලෙස පිලිගනියී.....

  අන්තර්ජාලය කෙමෙන් සාමාන්‍ය ජීවිතවල බොහෝ අවශ්‍යතාවයන්  හිමි කර ගනිද්දී සාමන්‍ය මූල්‍ය ස්වභාවයට වඩා ඩිජිටල් බවට වඩාත් හිතැති ක්‍රම වේදයක් සඩාත් පහසු වනු ඇත. Bitcoin  මේ සදහා ඇති හොදම විකල්පයකි. මෙම ක්‍රමය මුලින්ම 2008දී පමන "Satoshi Nakamoto" විසින් හදුන්වා දෙනු ලැබුවේ වඩාත් සාර්ථකව පරිගණකමය උපාංග අතට මුදල් හුවමාරුවට ගැලපෙන ක්‍රමවේදයක් වනු ඇති බව පවසමිනි. ජර්මන් රජය පසුගියදා පවසා සිටියේ තමන් මෙම  Bitcoin භාවිතය නෛතිකව පිලිගන්නා බවයි- virtual currency -. පුද්ගලයින් අතර සිදුවන හුවමාරු වලදී ටැක්ස් වලින් තොරවද ආර්ථිකව යොදා ගන්නා විටදී ටැක්ස් සහිතවද මේ අනූව Bitcoin භාවිතය සිදුවනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                විචාරක මතය වන්නේ මෙම පිලිගැනීම අනිකුත් රාජ්‍යයන් වෙතද මෙම භාවිතව පිලිගැනීමට සිතා බලන්නට හොද සාධකයක් වනු ඇති බවයි. ඔවුන් පවසන්නේ අනාගත ලෝකයේ භාවිතය සදහා අවශ්‍ය වන "neutral global currency." ක්‍රමවේදයක් සදහා මෙම පිවිසුම හොඳ ආරම්භයක් වනු ඇති බවයි.

පලමු "likes" 1000 30$ කි. අමතර 1000 කට 15$ කි.

  අන්තර්ජාලය ආශ්‍රිත්ව සිදුවන අනිසි මුදල් ඉපයීම් වල ප්‍රධානතම ක්‍රමවේදයක්ව තිබුනේ අන් පුද්ගලයන්ගේ නයවර පත්වල අංක සොරා ගනිමින් අයතු භාවිතයේ යෙදීම හෝ එවැනි කාරනා සදහා විකුනා දැමිමය. Zeus virus වැනි හානිකර මෘදුකාංග යොදා ගනිමින් ඔබ හාඅ බැංකුව අතර සිදුවන තොරතුරු සොරා ගැනීම බහුලවම සිදුවන්නක් වෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ මේ වන විට සමාජ ජාලා අශ්‍රිතව  කෘතීවම  "likes," නිර්මානය කරදීම සදහා කටයුතු කිරීම වඩාත් බහුලව සිදුවන ආර්ථික වාසියක් ඇති අන්තර්ජාලය ආශ්‍රිත අකටයුත්ත බවට පත්වෙමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ  $30 සඳහා Instagram  වල likes 1,000 ලබා ගැනීම මෙන අමතර likes 1000 සදහා  $15  අය කිරීම බහුලවම දක්නට ලැඑන කාරනයක් වෙමින් ඇති බවයි.සොරා ගන්නා නයවර පත් අංක සදහා  ලැබෙන මුදල බෙහෙවින් අඩුවී ඇති බවත් එම ආයතන ක්‍රියාත්මක කරවන වඩාත් ආරක්ශක ක්‍රම නිසා මෙම පහල වැටීම සිදුවන බවත් ඔවුන් පවසනවා. මෙලෙස ව්‍යාජව ලබා ගන්නා likes ඔස්සේ අනෙකුන් තුල තම සමාජ ජාලා ගිනුම හෝ පලකිරීම් කෙරෙහි වැඩි විස්වාසයක් ලබා ගැනීම වෙගයෙන් බහුල වෙමින් පවතින ක්‍රමවේදයක් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...