2012-12-06

මැකා‍ෆි නිර්මාතෘ අත්වඩංගුවට පත්වේ....



ලොවප්‍රකටතම මෘදුකාංග සමාගමක් වන මැකා‍ෆිහි නිර්මාතෘ සතිතුනක ලුහුබැදීමකින් අනතුරුව අත්වඩංගුවට පත්ව ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. ගෝතමාලාවේ ආරක්ශක අංශ විසින් මෙම අත්වඩංගුවට ගත්බව වාර්ථා කරන අතර ඔහුව සිය රටවෙත භාරදීමට කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.තම අසල්වැසි මිතුරෙකු හා හටගත් ආරවුලකට පසුව ඔහු වෙත වෙඩි තැබීයැයි මොහු වෙත චෝදනා එල්ලවී ඇති අතර තම 20 හැවරිදි පෙම් වතිය සමග ගෝතමාලාව වෙත පලාවිත් සිටියදී අත්වඩංගුවට පත්වූ බවටයි වාර්ථා පලවමින් ඇත්තේ.

ලගදීම ස්කයිප් ඔස්සේ වීඩියෝ පනිවිඬද යැවිය හැක.....



මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම ස්කයිප් සේවාව ඔස්සේ වීඩියෝ ආකාරයේ පනිවිඩ හුවමාරුකර ගැනීමේ හැකියාව ලබා දෙන්නට කටයුතු කරනු ඇති බවටයි සටහන් වන්නේ.මුදල්ගෙවා ලබා ගන්නා ස්කයිප් ගිනුමක් යටතේ අසීමිත ලෙස පනිවිඬ යොමු කිරීමේ හැකියාව මෙන්ම අවශ්‍යතරම් කාලයක් ඒවා තබා ගැනීමේ හැකියාව ලැබෙන බවට මෙන්ම  නොමිලේ ලබන සේවාව ඔස්සේ සීමිත පනිවිඬ ප්‍රමනයක් සීමිතකාලයකට පමනක් රදව තැබීමේ හැකියාව ලෙසට මෙම සේවාව ක්‍රියාත්මකවනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.බොහෝ විට මෙම සීමිත කාලය දින 90කට සීමා වනු ඇති බවටත් සදහන් වනවා. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ ස්කයිප් සේවාව 2013 වසරේදී තම ලයිව් සේවාවන් සමග එකා බද්දවනු ඇති බවටත් මෘදුකාංග මට්ටමේ මෙන්ම දෘඩාංග මට්ටමේ වැඩි දියුනු කිරීම්  කිහිපයක් පිලි බදව තම අවධානය යොමුවී ඇති බවත්ය.

2012-12-05

මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් සමාගමේ ගමන් මගට නැබුරුවක්....



මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකමහතෙකු තම සමාගමේ කොටස් කරුවන් වෙත යොනුකර තිබූ ලිපියක් උපුටාදක්වමින් පලවන වාර්ථවකින් පැවසෙන්නේ ඉදිරියේදී තම සමාගම ප්‍රධාන ලෙස මෘදුකාංග සමාගමක් ලෙස හා දෙවනුව ඉදහිටක දෘඩාංග නිපදවන ආයතනයක් වනවාට වඩා මෘදුකාංග හා දෘඩාංග එකසේ නිෂ්පාදනය කරමින් වෙලද පොලතුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නා ආයතනයක් ලෙසට ඉදිරි සැලසුම් නිමවීම බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු පවසා තිබුනේ ගෙවීයමින් තිබෙන වසර ආයතනය තම ඉලක්ක වෙත  ලගාවීමේ මද අඩුපාදු තත්වයක් තුල තම වාර්ශික පාරි‍තෝෂිතයන් පවා අවමවීම් වලට ලක්ව තිබූ බවයි. සර්ෆේස් ටැ උපකරනය වෙත හා එක්ස්බොක්ස් 360 ක්‍රිඩා ගැන වඩාත් බලාපොරොත්තු පලකරමින් සටහන්ව තිබූ ලිපියට අනූව ඇපල් ආයතනයේ ගමන් මගෙහි කුඩා සෙවනැල්ලක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථාව පවසා සිටින්නේ.1982 මවුසයක් නිපදවමින් දෘඩාංග වෙළද පොල වෙත වරින් වර  පැමිනි මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම මෘදුකාංග වල ඔනෑම පරිගණකයක ධවනය වීමේ හැකියාව ‍රැක ගනිමින් එම මෘදුකාංග සදහා වඩාත් සුදුසු දෘඩාංග නිර්මානය කිරීමේ කාර්ය කෙරෙහි දැනට වඩා දැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

ඔබගේ ඡායාරුව මතට අනන්‍යතාවයේ සටහනක් තබන්නට මෘදුකාංගයක්....


ඔබ අන්තර්ජාලය වෙතට මුදා හරින යම් ඡායාරුවක් මතට ඔබගේ අනන්‍යතාවය සටහන් කිරීමේ අවශ්‍යතාවය බොහෝ විට හමුවනවා වන්නට පුලුවන.පහත දැක්වෙන මෘදුකාංගය එවන් අවශ්‍යතාවයකදී ඔබගේ සහයට පැමිනෙන්නේ නොමිලේම වීම වඩාත් අකර්ශනීය කාරනාවක් වනු ඇත.මෙම මෘදුකාංගයේ නිමැවුම්කරුවන් පවසන්නේ ඔබ කැමති කාරයේ අකුරු මෝස්තරයක්, වර්නයක්  මෙන්ම විශාලත්වයකින් මෙම මෘදුකාංගය හරහා ඔබගේ ඡායාරූපයේ අවශ්‍යතැනකට ඔබගේ අනන්‍යතා සටහන  තබන්නට හැකිවීම මෙහි ඇති විශේෂත්වය වනු ඇති බවයි.පහත දැක්වෙන සබැදියාව ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.myportablesoftware.com/mywatermark.aspx

2012-12-04

බ්‍රවුසරයේ තැන්පත්ව ඇති කුකීස් පිලිබදව තොරතුරු ලබා දෙන මෘදුකාංගයක්......

 
 
 
වෙබ් බ්‍රවුසර භවිතාවේදී කුකීස් යනු මග හැරිය නොහැකි සාධකයක් වන අතරම නිතර කථා බහටද ලක්වන කාරනයකි. කාරනා කිහිපයක් ඉ‍ටුකර දෙමින් භාවිතාකරන්නාට සේවාවක් ලබා දෙනවා සේම තවත් කොටසකට අනවසරව භාවිතාකරන්නාගේ දත්ත ‍රැස්කර දෙමින් යම් හානිකර තත්වයක් නිර්මානය කර දෙන්නට ක්‍රියත්මක වන බව හදාරන්නන්ගේ මතයයි. බ්‍රවුසරයට වේගවත් බව නැවත නැවත අවසර පද ආදිය සටහන් කරන්නට සිදුනොවීම මෙන්ම සමහර විට ආරක්ශක බවක් වෙබ් සැරියට ගෙන ඒමට කටයුතු කරන  ඔබ පරිගණකයේ තන්පත්ව ඇති  කුකීස් පිලිබද  බොහෝතොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත ලැබෙනු ඇත.

http://www.cookiespy.com/WhatIsNew.aspx#.UL2B-oe6Zdg

විසිවසක් පිරුනු text messaging සේවාව.....



බ්‍රිතාන්‍ය මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකු විසින් 1992 දී පමන ප්‍රථම ටෙක්ස්ට් මැසේජය යවන ලද බවටයි සටහන් වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් "සුබ නත්තලක්" ලෙසට සටහන්ව යවනු ලැබූ එම පනිවිඩයෙන් ඇරබුනු එම තාක්ශනය ෆේජින් ඔස්සේ දියුනුවීම අරබන ලද බවටයි සටහන්ව ඇත්තේ. අදවන විට මිතුරෙකු වෙත යොමු කරන සරල විසුලු සහගත වචන පෙලක සිට අතිශය තීර්නාත්මක තොරතුරු දක්වා වන පරාසයක් තුල මෙම භාවිතය සිදුවෙමින් පවතින බවයි පිලිගැනෙන්නේ.
                                විද්‍යුත් මට්ටමේ සංනිවේදනයන් තුල තවමත් අතිශය වැදගත් මට්ටමේ භාවිතාවක් ඇති මෙම සොයාගැනීම සමාජ ජාලා වැනි වඩාත් සංකීර්න ලෙස සබදතා පවත්වාගෙන යාමට සහය වන සේවාවල් තුල පවා වැදගත් උප අංගයක් ලෙස භාවිතාවීමෙන් ඔප්පු වන බවටයි හදාරන්නන්ගේ අදහස වන්නේ.

සමාවන්න......

ගතව ගිය දිනය තුල මද පමාවක් ඔස්සේ අන්සතුවූ මාගේ පරිගණකයක් යොදාගනිමින් සමාජ ජාලා හා අනෙකුත් සබදතා ඔස්සේ මාගේ සයිබර් සබදතා වෙත විවිධ ලෙස අපහසුතාවයන් ඇතිවන අයුරින් කටයුතු සිදුවීම  පිලිබදව මෙලෙස සමාව ඉල්ලා සිටිමි.

2012-12-03

ෆේස්බුක් ආරක්ශාවට බිට්ඩිෆෙන්ඩර් ඇප් එකක්....


බිට්ඩිෆෙන්ඩර් වෙතින් පලවන නිවේදනයකින් පැවසෙන්නේ ඔවුන් විසින් ක්‍රෝම් බ්‍රවුසරයේ ඇඩෝනයක් ලෙසට ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් ෆේස්බුක් භාවිතාකරන්නන්හට තම ෆේස්බුක් ගිනුම් පි‍ටුවේ වර්නය වෙනස් කිරීමට එකගකරවා ගෙන ඒ මගින් ලොගීන තොරතුරු ලබා ගන්නා අතර ඔබගේ ඊමේලය භාවිතාවෙමින් නිර්මානය වන බ්ලොග් අඩවියක් නිර්මානයකර එය ඔබගේ ෆේස්බුක් පි‍ටුවට සම්බන්දකරමින් අනවශ්‍ය බාදාවන් ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිලය වෙතට පැමිනවීමේ හානිකර ක්‍රියාවලියක් ඔවුන් හදුනාගෙන ඇති බවයි. නොමිලේ භාවිතාකලහැකි කුඩා මෘදුකාංගයක් භාවිතාකරමින් මෙම හා වෙනත් බොහෝ සමාජජාල වෙත තර්ජනයවන හානිකර මෘදුකාංග වැලැක්විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ.

https://www.facebook.com/bitdefender.safego

2012-12-02

බ්‍රවුසර තරගයේ නවතම තොරතුරු කිහිපයක්...



බ්‍රවුසරයන් අතර තරගය අන්තර්ජාලය තුල සදාතනිකව පවතින්නක වනු ඇති බව විචාරක මතයකි. ආයතනයන්ගේ පෞර්ෂත්වය  මෙන්ම ආදායම් උපයාදීම ප්‍රධාන කාරනා කිහිපයක් නිසා මෙම තරගය වඩ වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර භාවිතාකරන්නන් දෙසින් බලන විට වඩාත් වේගවත් හා ආරක්ශාකාරී වෙබ් සැරියකට වඩාත් සුදුසු වන්නේ තමන් වීම සදහා එම ආයතන නිරන්තරයෙන් වෙහෙසෙමින් සිටිනු දැකිය හැකිය.
                                 වින්ඩෝස්8 සදහාම නිමවූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය මුලින් පවසා සිටිලෙසට වින්8 සදහා පමනක් සීමා කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය ගෙන තිබූ තීර්නය වෙනස් කරමින් වින්7 සදහාද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර මේ වනවිට එහි අත්හදා බැලීමේ සංස්කරනයක් ලබාදී තිබෙනවා. හදාරන්නන් මැතකදී නිකුත්කල ගනනයන් වලට අනූව මේ වන විට එක්ස්ප්ලොරා 10 හි භාවිතාව සමස්තයෙන් සියයට0.51 ලෙසට පවතින බවටයි කියවෙන්නේ. එක්ස්ප්ලොරාහි 8 වන සංස්කරනය සියයට 24.49 හා එක්ස්ප්ලොරා 9 සංස්කරනය සියයට 20.8 ලෙසටත් ෆයර්ෆොක්ස් 16 සමග  මොසිල්ලා ආයතනය සියයට 12.93ක භාවිතාවක් ලබාගනිමින්  තෙවැනි   හා ක්‍රෝම් 23  භාවිතාවෙන් සියයට 12.93ක්  ලබා ගනිමින් සමස්ත බ්‍රවුසර භාවිතාව තුල හතරවන තැනට පත්ව ඇති බවටයි සටහන් වන්නේ.

බොට්නෙට් ජාලයන් ඉදිරි දෙවසර සදහා මයික්‍රසොෆ්ට් යටතට.....



ගෙවී ගිය මාර්තු මසයේදී මයික්‍රසොෆ්ට් ආයතනය එරට අධිකරනයෙන් ඉල්ලා සිටියේ  ආසාධිත පරිගණක රාශියකින් නිමවී තිබූ බොට්නෙට් ආකාරයේ ජාලයන් දෙකක් වටලා නීතිය යටතට ගන්නා ලෙසට වූවාය. ආසාධිත පරිගණක දහස් ගනනකින් සෑදී තිබූ මෙම ජාලයන් දෙක ප්‍රමුක සර්වරයන් දෙක ඩොමේනයන් 800ක් ඔස්සේ ඇමරිකාවේ නගර දෙකක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් කීලොගර් නොහොත් භාවිතාකරන්නන්ගේ යතුරුපුවරු හැසිරවීම් රහසිගතව ලබා ගැනීම් ඔස්සේ ඔවුනගේ යුසර්නේම් හා පාස්වර්ඩ් සොරාගැනීමේ යෙදී සිටින ලදී.
                      පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනය ඇමරිකානු අධිකරනයෙන් ඉල්ලා සිටිනු ලැබුයේ ඉහතකී සර්වරයන් දෙක වැටලීමෙන් අනතුරුව ආසාධිත පරිගණකයන්ට හානියක් නොවන ලෙසට පවත්වා ගෙන යමින් එම ආසාධයන් යතා තත්වයට පත්කිරීම සදහා ක්‍රියාත්මක වීමට ඉදිරි වසර දෙක සදහා අවසර ඉල්ලා සිටීම වන අතර එම අධිකරනය ඒ සදහා අවසර ලබාදුන් බවටයි සටහන් වන්නේ.

වින්8 සමස්ත භාවිතයතුල මද පසුබෑමක.....

 

හදාරන්නන්ගේ වාර්ථා පවසන්නේ මේ වන විට ලොව පුරා භාවිතාවන සමස්ථ PC යන්ත්‍රයන්ගෙන් සියයට 1.09 පමන වින්8 භාවිතාකරමින් සිටින බවකි. එහි දක්වන්නේ සමස්ත භාවිතාවෙන් සියයට 0.02 පමන ස්පර්ශක තිර මූලික වින්ඩෝස් RT වලට හිමිව ඇති බවයි. ඔක්තෝබරයේ  සියයට 44.69 ක භාවිතාවක් හිමිකර ගෙන සිටි වින්ඩෝස් 7  මෙහෙයුම් පද්ධතිය මේ වන විට සියයට 44.71 දක්වා වර්ධනය වී ඇති බවටයි සටහන් වන්නේ.එසේම ඔක්තෝබරයේ 40.66 ක ප්‍රථිශතයක් හිමිකරගෙන සිටි XP මෙහෙයුම් පද්ධතිය මේ වන විට 39.82 දක්වා පහතට පැමින ඇති මුත් තවමත් ලොව දෙවන මට්ටමේ භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය ලෙසට සටහන් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් 1.25ක ප්‍රථිශතයක් හිමිකරගනිමින් වින්8 වලට වඩා ඉදිරියෙන් සිටින අතර නුදුරේදීම වින්8 ලිනක්ස් භාවිතය පසුකරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...