දහම විවිධ නාම ලකුනු යටතේ නෙක සංස්කෘතීන් තුල සංස්කරනයන් ලෙස අනන්‍යවන හැටි දකින විට පුදුම සිතේ. තම සංස්කෘතිය තුල නිර්මානයවන කතාන්දර නිර්මාන ඔස්සේ නැවත මිනිසුන දහම සොයන්නට සිදුවීම මොනතරම් අවාසනාවන්තදැයි මම සිතමි. මෙම ආශ්‍රමයට කොඩියක් නැතිනම් නාමයක් වැනි අනන්‍යතා හිමි කර ගන්නට උත්සාහ නොකරසිටීම ආයාසයකින් සිදුවූවක් නොවන බව ගබඩා භාරකරු මට පැහැදිලි කර දුන්නාය. මෙහි පවතින දහම සියලු සත්වයන්ට පොදු ආදරනීය දහමකි. මෙහි එන කිසිවෙකුගෙන් ඔබෙ ආගම ජාතිය කුමක්දැයි විමසීමක් ඇතුලු වීමේ කූපනය තුලදී නොවිමසයි.අනිත් අතින් මෙහි සිදුවන බොහෝ දැ වචනයෙන් විස්තර කරන්නට අතිශය අපහසුය. "වචන බොහෝ දැ සීමකරයි" අප සමග සිටින ටිබෙට් ජාතික මහතා විස්තර කලදේ නැවත නැවත නොකිය යුතුයැයි මම සිතමි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-04-14
2011-04-13
සමහර සැදැවල් ආශ්‍රම භූමියට ගෙන එන්නේ මහත්වූ ගුප්ත නිහඩ බවකි
සමහර සැදැවල් ආශ්‍රම භූමියට ගෙන එන්නේ මහත්වූ ගුප්ත නිහඩ බවකි.ආගන්තුකයෙකුට නම් දරා ගත නොහැකි තරම්ය.කොටින්ම කිසිදු ඉදුරෙකුට උත්තේජනයක් නොදැනෙන තරම්ය.ආගන්තුකයෙකු මෙම තත්වය ඉදිරියේ තම මතක ගබඩාවෙ අභ්‍යන්තරය වෙත මනසින් දිවයන්නේ සිහිමද වූවෙකු ලෙසය. ඉවෙන් මෙන් මෙම තත්වයන් වටහා ගන්නා ලොකු ස්වාමීන් වහන්සේ වහ වහා සැදැ පිරිත් දේශනයක් සූදානම් කරයි. දාන ශාලාව අසබඩ ඇති විසල් නා ගස යට දැවෙන් නිමවන ලද මදක් උසින් යුත් සරල අසුන් මත කවයක ආකාරයට බොහෝදෙනා අසුන් ගනී. පිරිත් දෙසුම ආරම්භවේ. ගම් වාසීන්ට පිරිත් හඬ ඇසෙත්ම වහ වහා ආශ්‍රමය වෙත පැමින පන්දම් ආදිය සකස් කරයි. නැතිනම් නිවෙස්වල සූදානක් කර ඇති පන්දම් ආදිය ගෙනෙවිත් දැල්වීම සදහා සූදානම් කරන්නේ කිසිවෙකුගේ මෙහෙයවීමක් නිසා නොවීම හරිම අපූරුය.ලමා ලපටීන් පවා පැමින සංවරයෙන් යුතුව තම දෙමා පියන්ට සහයවීම හෝ දේශනා කවයට ආසන්නයෙන් හිදගෙන පිරිත් හඩට සවන් දෙනයුරු දකින අප සිත් පුදුම වන සුලුය.
2011-04-04
"වචන ඔබ සිතනවාට වඩා බලහත්කාරයෙන් ඔබ තුලට කඩාවදී"
මා ජීවිතකාලයම පුරා බලාපොරොත්තුවෙන් සිටි අපූරු මිනිසෙක් ආශ්‍රමයට මීට දින දෙකකට පෙර සැපැමිනියාය. එතුමන් ටිබෙට් ජාතික සෙන් බුදුදහමට අනූව භාවනා යෝගීව කල්ගෙවනා මහත්මයෙකි. ජර්මේනියේ පැවති දහම් හමුවකට සහභාගීවී ආපසු යන අතරතුර එතුමා සේවය කල ඉන්දියානු විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන තිබූ නිවාඩු කාලය කාලය ඉතිරව ඇති බැවින් අප සමග කෙටි කාලයක් ගතකරන්නට තීර්නය කොට මෙහි පැමින තිබිනි.ඊයේ සැදැවේ දහවල අහර වෙලාවෙන් පසුව ආශ්‍රම කදුමුදුනත් අතරින් වැටී ඇති කුඩා අතුරු මාවත ඔස්සේ බටහිර බැවුමෙන් ගලා බසින විශාල ගංගාව සැදැවට තම හිරුකිරන සමග මවන අසිරිය නරබන්නට යන්නට ආරාධා කලෙමි.
අප බොහෝ දුරක් ඇවිද ගියෙමු. වෙනදා මා මෙවන් සක්මනකදී රස විදින අපමනක් වූ සොබා දහමේ අසිරිමත් දෑ අද නොදැක්කේ ඇයිදැයි මතකයට නැගුනේ ගමන අවසාන කොට බොහෝ වෙලාවකට පසුවය.මා පවසන්නට යන දෙය සමහර විටක ඔබට නොවැටහීම හෝ වරදවා වැටහීම නොවන්නට හැකි උපරිම උත්සාහ දරන බවටත් ඉන් පසුවත් ඔබට නෝවැහටීම සිදුවන්නේ නම් ඒ ගැන කනගාටුව පලකරමින් මම හැකි උපරිම උත්සාහයෙන් එය වචන වලට පෙරලන්නට උත්සාහ කරමි. වචනයේ ශබ්දය හෝ සංකේත ගොන්නට ඉහලින් පවතින අර්ත එකගත්වය එසේත් නැතිනම් වචනයක ව්‍යුහයේ උපරිතලය හා ඉන් ඔබ්බට පැතිරෙන සමාජීය හා පෞද්ගලික අර්තයන් එකිනෙක හමුවෙන අවකාශය අපූරුවට ඔහු මට පැහැදිලි කර දුන්නාය. විසිතුරු බුදු දහමත් නිරුවත් බුදු දහමත් අතර වෙනස පලමු වර මට හැගෙන්නට පටන් ගත්තාය.සෙන් දහමේ හිහඩ බව තුල සැගව ඇති ඇති අපමන අර්තයන් මාහට වැටහෙන්නට පටන් ගත්තාය.
අප බොහෝ දුරක් ඇවිද ගියෙමු. වෙනදා මා මෙවන් සක්මනකදී රස විදින අපමනක් වූ සොබා දහමේ අසිරිමත් දෑ අද නොදැක්කේ ඇයිදැයි මතකයට නැගුනේ ගමන අවසාන කොට බොහෝ වෙලාවකට පසුවය.මා පවසන්නට යන දෙය සමහර විටක ඔබට නොවැටහීම හෝ වරදවා වැටහීම නොවන්නට හැකි උපරිම උත්සාහ දරන බවටත් ඉන් පසුවත් ඔබට නෝවැහටීම සිදුවන්නේ නම් ඒ ගැන කනගාටුව පලකරමින් මම හැකි උපරිම උත්සාහයෙන් එය වචන වලට පෙරලන්නට උත්සාහ කරමි. වචනයේ ශබ්දය හෝ සංකේත ගොන්නට ඉහලින් පවතින අර්ත එකගත්වය එසේත් නැතිනම් වචනයක ව්‍යුහයේ උපරිතලය හා ඉන් ඔබ්බට පැතිරෙන සමාජීය හා පෞද්ගලික අර්තයන් එකිනෙක හමුවෙන අවකාශය අපූරුවට ඔහු මට පැහැදිලි කර දුන්නාය. විසිතුරු බුදු දහමත් නිරුවත් බුදු දහමත් අතර වෙනස පලමු වර මට හැගෙන්නට පටන් ගත්තාය.සෙන් දහමේ හිහඩ බව තුල සැගව ඇති ඇති අපමන අර්තයන් මාහට වැටහෙන්නට පටන් ගත්තාය.
සෑම උදැසනකම අලුත්වන සයිබර් තොරතුරු බ්ලොගය...............
තොරතුරු අවකාශයේ මොහොතින් මොහොත මැවෙනවිසිතුරු පුවත් රැගෙන සෑම උදැසනකම අලුත්වන සයිබර් තොරතුරු බ්ලොගය...............
2011-03-26
ඒ දෙවියන් වහන්සේ විසින් අප්‍රසිද්ධියේ මෙසේද කියන ලදී...........
මෙහි කිසිවක් විකුනන්නේ නැතිය ඒ නිසාම මෙහි වටිනා කමක් නොදැනීම මගේ වරදක් නොවනවා ඇතිය.මක් නිසාදයත් හසුරවන්නා හැසිරවීමට ලක්වන්නාට තේරුම් ගන්නට බැරිවීම හසුරවන්නාගේ වගකීමක් නොවන නිසාය. {නොතේරුම් ගැනීම 1: 3:5 }
2011-03-25
සිල් ඇත්තන් සපැමිනීමත් සමග ආශ්‍රම භූමිය අපූරු ශාන්තිමත් ගතියකින්........
කාලයකට පසුව ආශ්‍රමය වෙත ඈත කදුකරයෙන් සිල් ඇත්තෙකු පැමින සිටියි. මෙවන් සිල් ඇත්තන් සපැමිනීමත් සමග ආශ්‍රම භූමිය අපූරු ශාන්තිමත් ගතියකින් ප්‍රානවත් වන අයුරු පැහැදිලි කිරීම මහත් අසීරු කටයුත්තකි. වෙනදාට තොරක් නොමැතිව හඩ නගන සමහර සියතුන් පවා ආශ්‍රම භූමියේ පැතිරෙන මෙම ශාන්තිමත් ස්වභාවයට ඉඩදී නිහඩව සිටිතැයි මට සිතේ. ප්‍රධාන ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාටම දන්වා සිටියේ සර්ව රාත්‍රී පිරිත් සංජ්ජායනයකට සැදැ අදුරත් සමහ ආශ්‍රම භූමියේ කදුමුදුනත වෙන්නට අලුතින් සකස් කල ධර්ම ශාලාවට රැස් වනලෙසටය. ගම් වැසියන් කිහිපදෙනෙකු පැමින රාත්‍රිය පහන් වන තුරු ආලෝකය සපයා ගන්නට අවැසි පන්දම් හා වනන්තරයෙන් සොයා ගන්නා තෙල් ගතියෙන් යුත් දැව දඩු රාශියක් රැස්කරන ලදී.තවත් පිරිසක් රාත්‍රියේ විටින් විට පැමිනෙන ගම් වාසීන්ට ගමන් මග ආලෝකමත් කරගන්නට තැන් තැන් වල විශාල පන්දම් රාශියක් සවිකරන ලදී. මා දුටු ආකාරයටනම් කිසිවෙකු කිසිවෙකුට කල යුත්ත කුමක් දැයි පැහැදිලි නොකලද සියලු කටයුතු වෙනුවෙන් ඔවුන් කරන කැපවීම මහත් සතුටක් බව ඔවුන්ගේ මුහුනු වරින් මනාව පලවෙන අයුරු දැකිය හැකියි.
2011-03-24
ශාන්තිමත් නිරෝගී මනස අපූරුතම අත්දැකීමකි
ශාන්තිමත් නිරෝගී මනස අපූරුතම අත්දැකීමකි. රෝගී බවේ මෙන්ම නිරෝගී බවේ "ස්ක්‍රිප්ට්" එක අප තුලම සගවා ගෙන අප පැමින සිටී. අප අවට පරිසරය වැනි සාධක වලින් එය පලනය වන නමුදු පෙර කී මුල් බීජය අපම දරාගෙන සිටින බවට වන සත්‍යයෙන් අපට ගැල විය නොහැකි වනු ඇත. දහම යනු අපේ මුල් පිරිසුදු මනස සොයා යන්නට කරන ආරාධනාවක "ආරාධනා පතයි".
2011-03-22
ඇයි නිවන් ඔච්චර ගනන්!!!!!!!!!!
නිවන් මග කෙල පැමිනි උත්තමයෙකු විසින් සකස් කර ඇති "නිවනට මග" සීඩී 18 කින් යුත් පාඩම් මාලාව දැන් ලබා ගත හැකියි. එක සීඩී තැටියක මිළ 1500/= වන අතර සීඩී 18ම එක වරම මිළදීගෙන හැදැරිය යුතු බවට අප තරයේ අවවාද කරනුයේ (1) එසේ කිරීමෙන් අපට හොද ලාබයක් ලැබෙන නිසාත්, (2)නිවන් මග අවසානය දක්වාම ගොස් ආපසු පැමින ඇත්තෙකු විසින් මෙම දහම් පාඩම් මාලාව සකස් කර ඇති නිසාය. මෙම සීඩී මාලාව හැදැරීමෙන් ඔබට නිවන් මග දොර හැරෙන බවට අපසහතික වන්නෙමු.(කෙසේ නමුත් ඔබට පින් මදවීමෙන් නිවන් මග දොරගුළු විවර නොවීමේ තත්වය මත්දී පමනක් එහි වගකීම ඔබම දැරිය යුතු බව පමනක් සටහන් කරනු කැමැත්තෙමු.)
2011-03-21
ඇත්ත, මනස යනු අපමන ශක්ති ගබඩාවක්
හොදයි අපි මෙහෙම හිතමු. ඇත්ත, මනස යනු අපමන ශක්ති ගබඩාවක්. අපට අහසින් යන්න පොලව තුලට යන්න වගෙ බොහෝ දේ කරන්නට අරකී ශක්ති ගබඩාවේ සැගවී ඇති ශක්තිය අවදිකිරීමෙන් හැකි වේවි. කොටින්ම කිව්වොත් අනිකුන් කට ඇරගෙන බලාසිටින්නට සිදුවන තරමේ පුදුම දේ කරන්නට ඔබේ කැපවීම අදිකනම් වැඩි කලක් නොයාවි. ඒත් බුදුදහම එවැනි දේ සලකන්නේ ඔබ දැනට සිටින සාමාන්‍ය ජීවිතයටත් වඩා පහලට වැටීමක් ලෙසයි.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...



