2011-01-10

බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත

බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත.කදුමුදුනත දකුනු දෙසට වන්නට වැටී ඇති අතුරු මාවත්  මාවත ඔස්සේ බොහෝ දුරක් ඇවිද ගියෙමි. හෝරා දෙක තුනක පාගමනකින් අනතුරුව සමාන්තරව විහිදුනු  කදු බෑවුමක පැතිර ඇති විශාල තෘන යායක් මැදිව පිහිටි ගම්මානයක් දිස්වේ. මාවත අද්දර පිහිටි කුඩා ගල් කුලක වාඩිවී අර ගම්මානය දෙස  බලාසිටින්නට සිත්විය. මිනිසුන් ගැහැනින් දරුවන් කඩි‍රැලක් මෙන් එහේ මෙහේ දුවමින් දවස සමග පොර බදන අයුරු දිස්වේ.එක් නිවසක කිසියම් උත්සවයක් පවත්වනවා විය යුතුය. නෑහිතවතුන් එක්ව මධුවිතින් සප්පායන්ව උස් හඩින් යමක් ගායනා කරමින් සතු‍ටු වෙනු  පෙනේ.සමහර විටක එතැන මංගල්ලයක් පවත්වනවා විය හැක.ගිනිගෙන දැවෙන හිරු වටා පෘතුවිය ඊලග වටයද යන්නාක් මෙන්ම පෘතුවිතලය මත සංස්කෘතියේ ඊලග තවත් වටයකට සියල්ල සූදානම් වෙනවා විය යුතුය.

2011-01-08

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්…..

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් විශාල ගංගාවක් ගලා බසිනවා. තුරු මුදුන් අතරින් රිංගා ගිය තද හිරුකෙදි අර ගංගාවේ රළවල වැදිලා පරාවර්තනවන දර්ශනය හරිම අපූරුයි. සමහර විට ඔබ කියවලා ඇති ප්‍රසිද්ද මනෝවර්ධනය ගැන ලියපු ලේඛකයෙක් සටහන් කරලා තිබුනා ගුවන් තො‍ටුපලකදී අහබුලෙස තමන් දෙසට එල්ලවු රටාවක් සහිත ආලෝක දාරාවක් ඔහුගේ මනස ගැබුරු ලෙස නාභිගත කරපු හැටි ගැන. සමහර විට ඒ අත්දැන්කීම වඩාත් චමත්කාර ලෙස ඔබට මැතැනදී විදගන්නට හැකිවේවි කියලා මම හිතනවා. ටිකක් හුරුපුරුදු කල මනසකට පරිසරයේ මැවෙන සුන්දර අවස්තාවලින් විශාල සතුටක් වගේම ශක්තියක් උරාගන්නට පුලුවන් කියලා කිවයුතුමයි.සමහර විට ඔසුවක් වගේ ඔබේ සිත සුවපත් කරන්නටත් උදවුවේවි. අදුරත් සමගම ආපසු ආශ්‍රමයට ආවේ හරිම සතුටකින්.මේ සටහන කරනකොට මට හොදින්ම පසක් වුනු කාරනාවක් තමයි, වරක් අපේ විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි ප්‍රසිද්ධ ලේකඛයෙක් කරපු සදහනක්. “අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි

2011-01-07

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු  මනස පතුලටම ආමන්ත්‍රනය කරන්නාක්සේ දැනේ. බොහෝ විට ගබඩා භාරකරු හරහා ඔහු නිහඩකිරීමට ඉල්ලීමක් කල හැකිවනු ඇත. නමුත් තව අතකින් බලන විට මිහිරි හඩ නගන අපමනක්වූ සියතුන් ඔහුට නිහඩ කරන්නට නොහැකි වනු ඇත. කන්කලුව හඩ නගන සියතොන් හා වස්දඩු හඩ අතර පරතරය තේරුම් ගත නොහැකි තරම් නම් කලබල වන්නට තරම්  කාරනාවක් මට නම් නොපෙනේ.

2011-01-04

බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් ....

මනස ආකෘතියකි. හොදයි, ඔබ සිරකරුවෙකු බවකීමට උවමනා නැතැයි මම  සිතමි. ලොව බොහෝ දහම් නැතිනම් පහදාදීම් ඇති මුත් බුදු දහම අනෙකුත් බොහෝ දහම් මෙන් තවත් ආකෘතියක් වෙත ආරාධනා නොකරයි(නමුත් සියලු ආගම් ගෞරවනීය බව කරුනා කර අමතක නොකරන්න). ආකෘතියේ සබදතා එකින් එක වියෝජනය කර දමන්නට අපට ආරාධනා කරයි. සමහර විටක කිසියම් තාක්ෂනයක් විසින් එකවරම ඉහතකී ක්‍රියාව ඔබේ මනසට කරන්නට සමත් උන හොත් දරාගත නොහැකි  ඔබේ මනස පුපුරා යනු ඇතැයි මම අනුමාන කරමි.සැත්කම් පිහියත් ඔබේම මනසේ කොටසක් කරගෙන ඉතිරි කොටස එයින් විශ්ලේෂනය කිරීම මොනතරම් අනතුරුදායක මෙන්ම තීරනාත්මක කාර්යක්දැයි මම පැහැදිලි කරන්නට උවමනා නැති බව මම සිතමි.ආශ්‍රම භූමියේ කදුමුදුනතටම මම පැමින ඇත්තෙමි.කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස  මත ඔබ නොබ ඇවිදිමින් "මම" දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ.

2010-12-25

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත. කරුනාකර මෙහි උත්සසවයක් ඇති බව පිලිගන්නයැයි බලකෙරෙන විසිතුරු කොඩිවැල් එල්ලා නොමැත.ඝන මීදුම් පටල විනිවිද යමින් ඈත කදුනිම් වලලු තෙක් ඇදෙන පිරිත් හඩනම් දිවා රාත්‍රි වෙනසක් නොමැතිව ආශ්‍රමයෙන් විහිදෙයි.  කදුපාමුල ගම්වැසියන්ට ප්‍රධාන කරගත් සියලු ජීවීන් වෙත නව වසරට ආසිරිපතමින් වසරකට වරක් නොකඩවා දින හතක් තිස්සේ  පවත්වන සරලමුත් අපූරු වාර්ශික  දහම් කටයුත්ත සුපුරුදු ලෙස මෙවරද ඇරබී ඇත. ගම් වැසියන් නව වසර වෙනුවෙන් ධාන්‍ය ආදී නෙක දේ පහල පිහිටි ආශ්‍රමයේ ගබඩාව වෙත ‍රැගෙන එයි. සියලු දොරවල් විවෘතකොට ඇති නිසා අඩු වැඩිය ගම් වාසීන්ටම තේරුම් ගත හැක. යම් හේතුවක් නිසා මේ වසරේ අසාර්තකවූ ගම් මහතෙකුට  මෙතැනින් තමන්ගේ පැවැත්ම සදහා ධන ධාණ්‍ය ‍රැගෙන යාමට තහනමක්ද නැත. ඔබට පිලිගත නොහැකියයි කීමට අවසි නැත.එය මම පිලිගනිමි. නමුත් මෙහි ඒ සියල්ල ඇත්තෙන්ම සිදුවෙයි. අතිනවීන තාක්ෂනය විසින් තම වටපිටාව සුරපුරක් කර ඇතැයි විස්වාසකැරන බොහෝ සමාජවල ඇත්තන්ට තව සියවස් දෙක තුනකදීවත් ලගා විය නොහැකි තරමේ අපූරු සජීවී යහපත් සමාජයක් මම සියසින්ම දැක ගනිමින් සිටිමි. මෝස්තරයක් හෝ කැපී පෙනීමේ ආභරනයක්ලෙස භාවිතා නොවන දහම කාලාන්තරයක් තිස්සේ ගම්මුන් හික්මවා ඇති අයුරු එලසය

2010-12-19

ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාවව නරබන්නට…….

කොතරම් දහම පුරුදු පුහුනු කලද දහම නම් විසල් යොධයා හමුවේ අප  කොතරම් කුඩා අතදරුවන්දැයි පසක්කරවනවන මොහොතක් යලි පැමින ඇතුවා සේය. තවත් වසරක අවසානය එලබ ඇත. දිගුකාලයක් තිස්සේ අපසමග ගත කල මිතුරන් කිහිප දෙනෙකුම තම ආයතනවලින් ලබා ගත් විරාමයන් අවසන් කරමින් ආපසු තමන්ගේ සේවාස්ථානවලට වාර්තා කිරීමට  සූදානම් වෙමින් සිටියි.ජර්මන් ජාතික සංගීත ශිපියෙකු අප කාගෙත් සිත් ගත් අයෙකු වූවාය. දක්ශ බටනලා වාදකයෙකු වූ ඔහු හා ආශ්‍රමය අතර ඇති ගැලපීම කුමක්දැයි සිතනු ඇත. ඉන්දියාවේදී වසර ගනනාවක් ගැබුරු ශාස්ත්‍රීය වාදනය ගැන පුහුනුවක් ලද අයෙකු වූ ඔහු විවෙකය ලද විටකදී ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාවව නරබන්නට යන්නට පුරුද්දක් කරගෙන සිටියාය. එසේ ඇවිදයන විටකදී හමුවන එලිමහන් පෙදෙසකදී ඔහු වාදනය කල අපූරු ස්වර කාන්ඩ මට වචනයෙන් කිසිසේත්ම පැහැදිලි කල නොහැක. අපගේ ගැබුරු අධ්යාත්මය විනිවිද යන්නට ඒ ස්වර මිශ්‍රනයන්ට පුදුමාකාර හැකියාවක් තිබුනි. විටක කාලය ගතවීම ගැන කිසිදු අවබොදයකින් තොරව පැය ගනන් ගත වී තිබුනි. දැහැන බිදීම ගැන අවසන් කල බටනලා වදනය කෙරෙහි තරහ මුසු නොරිස්සනා  හැගීමක් ඇති නොවුනාම නොවේ.වැස්ස සුලග ගස් වැල් සියල්ල අපූරු ලෙස ඒ ස්වර කාන්ඩ තුල සැගව තිබුනු බවනම් මට දිවුරාම කිව හැකිය.

2010-12-06

සිත පැටලේ

සැබැ යහපත් ලාංකිකයෙකු වීමට ඉතා කැමැත්තෙමි. (ක්‍රියාවෙන් මමත් ඒ වගේම කෙනෙක් උනත්) අරගොල්ලන්ට කැපෙන නිසා උඩ පැන පැන නටන්නට සිතේ. එහෙත් ඊලග මොහොතේ චැනල් 4 මතක් වෙන කොට ගල් ගහන්නට හිතේ. සිත පැටලේ

2010-11-29

නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව

නිරෝගිමත් ගත සිත සොයා යන ආදරනීය චාරිකාව www.nirogi.tk

2010-11-24

අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි

අන්තර්ජාලය යනු භාවිතා කරන්නන්ට අනූව විවිද තැනකි. අයෙකුට මිතුරන් මුනගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්නෙකි,තවත් අයෙකුට මෙය විශාල වෙලඳපොලකි. තවත් අයෙකුට තමන්ගේ අවිනීත සිතුම් පැතුම් සපුරා ගැනීමට ඇති තැනකි. ඇතුලුවෙන්නා මොන යම් සිතුම් පැතුමෙන් පැමිනියත් මෙහි ඇත්තේ සුවිසල් අවකාශයකි. සියල්ල මෙහි ඇත. කොටින්ම පවතින ලොකයේම  පිටපතකි.නමුත් පවතින ලොකයට අදාල ප්‍රධාන සාධක දෙක තුනක්  මෙතැනට වලංගු නොවෙයි. පලමු වැන්න  දුර පිලිබද සාධකයයි. ලාංකිකයෙකුට  ඇමෙරිකාව හා පරතරය තප්පරයක් හෝ දෙකකි.එහි සිටින්නෙකුගේ කටහඬ, රූපය, නැතිනම් ක්‍රියාවක් ඔබ ලගට ගෙන එන්නට සූදානව සිටී. අනෙක නම් දේශපාලනික ආගමික දේශසීමා අවලංගු වීමයි. යහපතට මෙන්ම අයහපතටද හේතුවිය හැකි බොහෝ දේ සීමා කරගන්නට නොහැකිව පාලකයින් විදින වදවේදනා දැකීමෙන් මෙය වඩාත් තහවුරුවේ. අනෙක් අතින් සමාජය තුල නිතැතිම මතුවන පාලනය භාවිතා කරන ඔබ අතටම පත් වීමයි. ඔබව පාලනය කරන්නට  දෙමාපියන්ගේ සිට ඉහලට ගොඩනැගෙන සාමාන්‍ය ලොකයේ හමුවන සීමා පවුරු නැති අතර ඔබ සියතින් ගෙල සිද ගන්නවාද යන තැන සිට මේ අපූරු සුව පහසුකම් වලින් ජීවිතය ලස්සන කර ගන්නවාද තැන දක්වා තීර්නයක් ගැනීමේ සම්පූර්න අයිතිය ඔබ අතට පත්ව ඇත.

2010-11-16

"ප්‍රබෝධමත් උදැසනක් කියන්නේ නැවත ඉපදීමක් වගෙ දෙයක්"

"ප්‍රබෝධමත් උදැසනක් කියන්නේ නැවත ඉපදීමක් වගෙ දෙයක්" ආශ්‍රමයේ  ප්‍රධාන ශාලාවේ තැනක සටන් කර තිබුනා . මේ ආශ්‍රමයතුල ගතකල වසර හය තුල ජීවිතයට ලංවූ හා ජීවිතයෙන් වෙන්වූ දේ බොහෝයි මටසිතේ.කුඩා කලසිට විටින් විට විවිධ අවස්තාවන් හා බැදී මතකය තුල පැල පදියන්ව තිබූ බොහෝ මතකයන් හා බැදී තිබූ හැගීම් නැතිනම් විදීම් බොහොමයක් නැවතත් සොයා ගත නොහැකි ලෙස විසිරී ගොස් ඇත. නොයකුත් වෛරයන් මෙන්ම ආදරනීය ස්මරනයන් තවදුරටත් මා හසුරවන ප්‍රධාන නියමුවා නොවන තත්වයට පත්ව ඇත.

2010-11-13

"සියල්ල හොදින් සිදුවන බව"

මහා වන වියන තුලින් ගලා එන හිරු කෙදි ආශ්‍රමයට දිව්‍යමය ස්වරූපයක් ගෙනෙතැයි මට සිතේ. අතුපතර  සරමින් හඩ නගන නෙක රටාවේ කුරුලු ‍රැන් හුදකලා බවට කිසිදු ඉඩක් තොතබන්නා වැනිය. අද දහවල කුටිය අසබඩ ඇති සක්මන් මලුවේ අසුන මත සමහර විට පැය දෙකක් හෝ තුනක් ගතවුවේ දැහන් ගත වීයයි මම සිතමි.ජීවිතය ගැන පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් දැනෙයි.වැදගත්මය දෙය ‍රැස්කිරීම නිසා වන සතුටක් නොව "සියල්ල හොදින් සිදුවන බව" හැගෙන නිසාම පමනක්ම ඇති වන සතුටක් නිසාය.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...