එකල අවිස්සවේල්ල නගරයට නැතිනම් සීතාවක පෙදෙසෙහි වෙසෙන්නන්ට තම ආගමික වතාවත් වල යෙදෙන්නට විහාරස්ථානයක් නොමැති යුගයක් විය. ප්‍රදේශයේ වූ ප්‍රභූවරුන්ගෙ මූලිකත්වයෙන් ශාන්ත මරියා පල්ලිය අසල ශ්‍රී නිවේසාරාමය නමින් දර්ශනීය කඳු ලැහැබක් පසුබිමව “වස් පොලක්” ලෙසට කුඩා විහාරස්ථානයක් ඇරබෙන ලදී. එම විහාරස්ථානය ඉදිරිපිට වන වෙල්යායේ කිවුල් රැසැති ශිය බුබුලක් වූ බැවින් මෙම විහාරස්ථනයට “කිවුල් පිල්ලේ පන්සල” නමින් ද ප්‍රදේශ වාසීහු හඳුන්වන්නට පටන් ගන්නා ලදී. මෙම් ගොඩ නැගීම අවස්ථා කිහිපයකදීම ජල රකුසාට ගොදුරුවූ බැවින් 1936 වන විට ශ්‍රී නිවේසාරාමය ලෙසට වූ නාමයටද යම් යම් ගැටලු ඇතිවෙන් තිබූ බැවින් ශ්‍රී සුධර්මාරාමය නමින් නව විහාරස්ථානයක් දායක සභාවේ පූර්න අනුමැතියෙන් කටයුතු යෙදිනි.
1965 සැප්තැම්බර් 13 දා මෙම විහාරස්ථානයේ දෙවන පිබිදීම ඇතිවිය. එනම් ස්වාමීන් වහන්සේලා තොලොස් නමකට අත් පොත් කියවීමෙන් මෙහි පරිවේණාස්ථානයක් ආරම්භ කරන්නට කටයුතු කෙරිනි. කනිෂ්ඨ පිරිවනක්ව පැවති එය ඉතා සුලු කාලය කින් මහා පිරිවනක්, විද්‍යාතන පිරිවෙනක් බවට පත් වෙමින් ප්‍රදේශයට මහත් කීර්තියක් මෙන්ම අගමික සමාජීය කේන්ද්‍රස්ථානයක් බවටද පත්විය.