රටක ප්‍රධාන යාන්ත්‍රනය වන දේශපාලනික ගොඩ නැගීම සංක්‍රියකරවන්නන් අඩු ප්‍රමිති ගත වූවන් වන විට සමස්ථ රටටම දෙවි පිහිට ඇරෙන්නෙට වෙන සරනක් නැතිව යනු ඇත. මේ බව "ගැටලුවක්" යන වචනයට වඩා පැහැදිලිව ලංවන්නේ සමස්ථය කඩා වැටීමක් යන්නටය. මෙවිට එය වෙතට පැමින තිබෙන්නන් හට දේශපාලනය පිලිබදව ඇත්තේ අපූරු අර්තය. අයෙකුට එය වෙළඳ ව්‍යාපාරයකට වඩා යමක් නොවන විට තවකෙකුට එය සටකපට "ඇන්ඳවීමකි". තවකෙකුට "අයියා පාර්ට්" එකට පිවිසුමකි. ඔවුන් රට පිලිබදව තීන්දු තිර්න ගන්නා විට ප්‍රමුකතාවය ලබා දෙන්නේ "මට මොනවද ලැබෙන්නේ" වැනි අති ප්‍රාථමික ඉලක්ක වෙතටය. මේවන් තත්වයක් සමග කෙටිකලක්ම ගත වනවිට සාමාන්‍ය මිනිසුන් ගේ මනස තුලද මේවා සරල කාරන බවට පත්කරයි. "මම ඔතැනට ගියත් ඕකම තමයි කරන්නේ?" වැනි සරල අර්ථ දේශපාලනය පිලිබදව ස්ථාවර කරවයි. මෙවැනි වටපිටාවකදී තක්කඩි "වාචාලයන්" දක්ශ කථිකයන් ලෙසට නැවත අර්ථ දක්වා ගන්නට පටන් ගනී.ඹවුනගේ පිනට මුත් එම රටේ අවාසානාවට ඹවුන් වෙත ස්වාබායෙන් පිහිටන වචනයේ දක්ශ බව "පට්ට තක්කඩි"කම් ස්වර්ණමය අත්පත්කර ගැනීම් ලෙසට සමාජය දෙසට විසුරවා ලන්නට කටයුතු කරයි. එරටේ මිනිස් මනසවල් තුල ස්ථාවර කරවන්නට කටයුතු කරයි. මෙයද කණෙන් අබිං කෑම වැනි යමකට වඩා වැඩි දෙයක් නොවන බව ඔවුන්ගේම අබිං පිලිබදව ඇති අර්ථ එහෙමෙහේ කිරීමේදී පැහැදිලි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...