Windows 8.1 සදහා පැමිනෙන්නට නියමිත update 1 පිලිබදව මේ වන විට නොනිල මට්ටමින් බොහෝ තොරතුරු හෙලි වෙමින් පවතිනවා. එම තොරතුරු අතර වඩාත් අවධානය දිනාගත් තොරතුරු වන්නේ Microsoft ආයතනය වින්ඩෝස් 8 සමග මද අත්හැර දැමීමකට පත්කල KeyBoard හා Mouse භාවිතාව ප්‍රමුක පැරනි ඩෙස්ටොප් මුහුනත් පිලිබදව නැවත අවධානය යොමුකර ඇති බව ඇගවීමයි. Modern app ආරම්භකිරීමේ හැකියාව පැරනි ඩෙස්ටොප් ටාස්ක් බාරයේ සිටද හැකි කිරීම මෙන්ම Modern app ස්ක්‍රීනයන් වෙතට Mouse භාවිතය මිත්‍ර ටැබ් ගෙන ඒම ඒ අතර වනවා. කරුනු මෙසේ සටහන් වෙමින් ඇති අතර පලවන නවතම පුවතක් පවසන්නේ නව Update1 සමග ස්පර්ශක මිත්‍ර කවුලු භාවිතාවටද සහයක් රැගෙන විත් ඇති බවකි. එනම් පහසුවෙන් දෘඩතැටියේ අවකාශය දැන ගැනීමට සහය වන නව Modern කවුලුවක් ව්ක් කිරීම තුලිනි. එම කවුලුව සමග දැනට දෘඩ තැටියේ බාවිතාවී ඇති සම්පූර්න ඉඩ ප්‍රමනය පිලිබදව තොරතුරු මෙන්ම දැනට ස්ථානයවී ඇති app සදහා ලබා ගෙන ඇති අවකාශය පිලිබදව හා media හා files ඉඩ ප්‍රමානය මෙන්ම Recyle Bin වල වෙනව ඇති ඉඩකඩ ප්‍රමානය පිලිබදව තොරතුරුයි.එසේම මෙම කවුලුව ඔස්සේ ස්ථාපිතව ඇති ඇප් මෘදුකාංග අස්ථපනය වැනි හැකියාවන් සහිත කවුලුවකට පිවිසීමේ හැකියාවද වනවා. කෙසේමුත් මෙම නව කවුලුව සමග එම ලබා ගෙන ඇති අවකාශයන් හැසිර වීමේ හැකියාව දැනට නැතිමුත් අවසාන නිකුතුවේදී එම හැකියාවන්ගෙන්ද සමන්විතව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...