2014-01-17

Diabetics සදහා ගූගල් වෙතින් ඇස් කාචයක්!!!

  ගූගල් ආයතනය තම Glass ව්‍යාපෘතියට අමතරව ස්මාර්ට් මට්ටමමේ contact lens භාවිතාවක් පිලිබදව අවධානය යොමුකරමින් සිටින බවටයි කරුනු හෙලි වෙමින් ඇත්තේ. අති කුඩා ප්‍රමනයේ chips සමග sensors සමග antennas සමග නිමවනු ඇති මෙම අංගය දිය වැඩියාව (diabetics) තත්වයෙන් පෙලෙන්නන් ඉලක්ක කර ගනිමින් නිපදවෙමින් පවතිනවා. ලොව ජන ගහනයෙන් 19න් 1ක් ප්‍රථිශතයක පවතින මෙම රෝගී තත්වය සදහා ලොව වගකිව යුතු ආයතනයක් ලෙසට මෙසේ අවධානය යොමු කරන්නට තීර්නය කර ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
                අනවශ්‍ය ලෙස ලේ වල සීනි බව හේතුකොට ගෙන මිනිස් ඇස් ,කිඩ්නි මෙන්ම හදවතට පවා හානි ගෙන දෙන මෙම රෝගී තත්වය පාලනය සදහා නිරතුරුව රෝගියාගේ ලේ වල සංයුතිය පිලිබදව අවදිව සිටිය යුතු වන අතර මේ වන විට ඒ සදහා භාවිතාවෙමින් ඇත්තේ වේදනාකාරී ක්‍රම වලට විසදුමක් ලෙස රෝගියාගේ කදුලුවල සංයුතිය විමසමින් කුඩා කාල පරතරයෙන් පරතරයට වාර්ථාවක් ලබා ගන්නට මෙම අත්හදා බැලීම සහය වනු ඇති බවටයි නිවේදනය වන්නේ. දැනට වන අත්හදා බැලීම් වලට අමතරව භාවිතාකරන්නෙකුගේ සංයුතිය අවධානම් මට්ටමක වන්නේනම් කුඩාLED බල්බ ආධරයෙන් අනතුරු ඇගවීමේ ක්‍රම වේදයක්ද  මෙම නව නිපැයුම සමග එක් කරන්නට අත්හදා බලමින් සිටින බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...