2014-01-14

භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ ක්‍රමවේදය සංකීර්න වෙමින් ඇත!!!!

  දත්ත වල සුරක්ශිත භාවය පිලිබදව ගැටලුව දිනෙන් දිනම සංකීර්න වෙමින් පවතින්නකි. ප්‍රාතමික මට්ටමේදී භාවිතාකරන්නෙකුට මතක තබා ගත හැකි ආකාරයේ අවසර පදයක් භාවිතයට ගැනීම පුරුද්දක්ව පැවතුන මුත් කාලයත් සමග ප්‍රති තාක්ශනයන් විසින් පහසුවෙන් ඒවා නිරාවරනය  කර ගැනීමේ හැකියාව සුලබ විය. වඩාත් සංකීර්න අවසර පද පිලිබදව භාවිතාකරන්නාව දැනුවත් කිරීම අවසානයේ සමහර අවකාශ වලට පිවිසීමේදී ප්‍රමානවත් සංකීර්න භාවයකින් තොර අවසර පද අත්‍ය අවශ්‍ය වීම දක්වා වර්ධනය විය.සමහර අඩවි හෝ සේවා සදහා අවසර පද නිර්මානයේදී අවම අකුරු හෝ සංකේත ප්‍රමානයක් අවම මට්ටමක සංයුතුව තිබීම අත්‍ය අවශ්‍යව තිබෙන තත්වය දක්වා අද භාවිතාව වර්ධනය වී ඇත. තත්වය එවැනි ස්වභාවයන් ඔස්සේ අවසන් නොවන බව හගවමින් තිබේ. හැම විටකම තාක්ශනිකව සිදුවන දෑ සදහා ප්‍රථිතාක්ශනය නිරන්තරයෙන් පැමිනෙන බැවින් වඩාත් විස්වාසය තැබිය හැකි අනන්‍යතාවය තහවුරු කරන ක්‍රම වේදයක් කෙරෙහි සියලුම පාහේ සේවා සපයන ආයතනයන්ගේ අවධානය දිනා ගනිමින් ඇත.
                              Biometric මට්ටමේ විසදුම් කෙමෙන් භාවිතයට පැමිනීම ආරම්භ විය. අතගිල්ලක තුඩක වන සියුම් රටාවන් ඔස්සේ කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම පලමුවෙන් බහුල භාවිතාවක් වූ අතර පසුව මිනිස් නෙතේ වන සියුම් අනන්‍යතවයන් ඔස්සේ වඩාත් සාර්ථක විසදුමක් යෝජනා වෙමින් තිබින.මෙමෙ විසදුම් වලට අතර මැදිව භවිතාකරන්නගේ typing ස්වභාවය එනම් එහි වේගය හා හසුරවන රටාව , ජංගම උපාංගයක් සමග වන විට භාවිතාකරන්නා ඇවිදින විලාසය , හෘද ස්පන්දන  රාටාව වැනි සංකීර්න දත්වයන් දක්වා ඒවා සංකීර්න ස්වභාවයක් ගනිමින් වර්ධනය වන්නට විය.
                                          හදාරන්නන් පවසන්නේ වඩාත් නවීනතම අනන්‍යතා තහවුරුවවන් සදහා එලෙස එක් සීමිත මිනිස් ස්වභාවයක් මත පිහිටීම පසුකරන්නට දැන් කාලය පැමින ඇති බවකි.ඔවුන් යෝජනා කරන්නේ පෙර කී ආකාරයේ භාවිතාකරන්නාගේ අනන්‍යතා කිහිපයක් ඔස්සේ ඔව්හුගේ අනන්‍යතාවය තහවුරුකරගන්නට උත්සාහ කිරීම වඩාත් ප්‍රායෝගික බවකි. එහිදී භාවිතාකරන්නාගේ මුහුනුවර සිට ඔහුගේ ගමන් විලා සය දක්වා විවිධ අනන්‍යතා එනම් ඇගිලි හැසිරවීම , නෙතේ ස්වභාවය මෙන්ම එහි හැසිර වීම , හෘද ස්පන්දනය වැනි තවත් බොහෝ භාවිතාකරන්නාගේ ජීව විද්‍යාත්මක සාධක යොදා ගැනීම ඔවුනගේ අවධානය ලබමින් සිටිනවා.හදාරන්නන් පවසන්නේ වේගයෙන් දත්ත උපාංග සමග එක් වෙමින් ඇති සෙන්සර් නැතිනම් සංවේදී උපාංග ඔස්සේ වැඩි වැඩියෙන් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වය දත්ත කර ගැනීම ඔස්සේ මෙම පහසුව වඩාත් සංකීර්නව යොදා ගනිමින් භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ආරක්ශාකරගන්නට සහය වන්නට දත්ත උපකරන වලට හැකි වෙමින් පවතින බවයි.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...