2014-01-13

තොරතුරු සොරා ගැනීමේ ගැටලුව සංකීර්නයකි!!!!

  ......අපි දන්නවා මේ වන විට තම භාවිතාකරන්නන්ගේ දත්ත අනවසරයෙන් ගබඩා කොට තබා ගැනීම පිලිබදව ආයතනවලට දැඩි ලෙස දෝශාරෝපනය එල්ලවන කාල වකවානුවක් අප පසු කරමින් සිටිනවා. බොහොමයක් එම ආයතන පවසන්නේ තමන් එම දත්තයන්ගේ පෞද්ගලික හිමිත්වය නොව හුදු දත්තය පමනක් ගබඩා කර ගන්නට ක්‍රියාකරන බවයි. සමහර තැන්වලදී මේ බව සත්‍ය වූවද සමහර අවස්ථාවලදී එයෙ එසේ සරල නොවන බව හදාරන්නන් පවසා සිටිනවා. විශේෂයෙන් ඉලක්ක ගත වෙළඳ දැන්වීම් සදහා වැනි අවස්ථාවලදී අනවශ්‍ය ප්‍රමානයට භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය දෙසට ආක්‍රමනය වීමක් සිදුවන බවටයි ඔවුනගේ චෝදනාව වන්නේ. මීට අමතරව පසුගිය කාලයේ හෙලිදරව් වූ රාජ්‍ය මට්ටමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් ‍රැස්කර ගැනීම පිලිබදව චෝදනා මේ වන විට උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ කථා බහට ලක්වෙමින් තිබෙනවා.
                                 පසුගිය කාලයේ ලෝකයේ සිද්දවුනු විශාල මට්ටමේ සමාජමය සිදුවීම් කිහිපයකදීම තොරතුරු භාවිතාව ඉමහත් ලෙස මැදිහත්වීම මෙම අනවශය ලෙස මැදිහත්වීමට රාජ්‍ය මට්ටම් කැදවන්නට හේතුවක් වු වා වෙන්නට පුලුවන්. තවත් විටක පහසුවෙන් ලොව හසුරවන්නට බලවතෙකුට මෙම භාවිතාව පහසුවක් වනවා වන්නට පුලුවන්. සයිබර් යුද්ධය, සයිබර් ත්‍රස්තවදය සදහා මෙම අවකාශය නව ප්‍රවනතාවක් ලෙසට පිලි ගැනෙමින් තිබෙනවා වන්නටත් පුලුවන්. කොහොම උනත් වඩාත් විනය වත් මිනිසාගේ අවශ්‍යතාවය මෙහි පවතින තාක්ශනික දුර්වලතාවය  ඉක්මවමින් පවතින බවනම් සගවන්නටම බැරිකාරනාවක් වනවා. ප්‍රකට කියමනක් වන "සාමාන්‍ය මිනිස් දුර්වලතා ඉවසමින් මිනිසා සමග සහයෝගයෙන් කටයුතු කරන්නට පුලුවත් තාක්ශනික භාවිතාවන් ‍රැගෙන එන්නට හැකි වුනද චේතනාන්විතව තාක්ශනයන් අවභාවිතාවේ යෙදෙන්නන් මග හරින්නට සමත් තාක්ශනයන් ‍රැගෙන ඒම අපහසුය" යන්න තවරක් ඔප්පු වෙමින් තිබෙනවා....

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...