2014-01-09

වින්ඩෝස් 8 නිර්මානශීබවේ මන්දපොෂණීය නිකුතුවකි!!!!

  "මේ වන විට අපි භාවිතාවෙන්ම දන්න කාරනාවක් තමයි වින්ඩෝස් 8 කියන්නේ මෙහෙයුම් පද්ධතිවල ඊයේ සහ හෙට දවස පිලිබදව දෝලනයක්. තවත් අර්ථයකදී වඩාත් විවෘත භාවයේ සිට සංවෘත භාවය කරා ගමන් කරවන්නක්. සමහර විටක ඒ චලනය ඒ තරම්ම ප්‍රසස්ත එකක් නොවුනා වෙන්නත් පුලුවන්. කෙටියෙන් කිව්වොත් වින්ඩෝස් 8 හැරවුම සදහා නිර්මානශීලීබව අඩුවෙන් මිශ්‍රවීමක් දැයි කියලත් සැක හිතෙන තරම්. අලුත් ආකෘතියකට යා යුතුව තියෙද්දී තිබිච්ච ආකෘතියක් එහෙන් මෙහෙන් හැඩ ගස්සවා ගැනීමක් වගේ අදහසකටත් එතැන ඉඩ නැතිවම නොවේ. ස්ටීව් ජොබ්ස් වගේ අපූර්ව මිනිසෙකුගේ දැක්මක් මයික්‍රසොෆ්ට් ආයතනයට අවශ්‍ය කර ඇති බවට විචාරකයින් පවසල තිබුනේ මේ නිසාම වෙන්නත් පුලුවන්. හිතන්න, වින්ඩෝස් 8.2 මීලග මෙගා යාවත්කාලීනය ගැන දැන පලවෙන තොරතුරු තවමත් කියමින් සිටින්නේ ස්ටාර්ට් බටනය , ඇප්ස් ස්ටොර්ව එකිනෙම යාවීම හා ඔවුන්ගේ ප්‍රධාන තාක්ශනයන් තුන ඒ කියන්නේ වින්ඩෝස් 8 වින්ඩෝස් ෆෝන් හා එක්ස් බොක්ස් එකි නෙක යාවීම ගැන පමනයි. හරියට නිර්මානශීලීත්වයේ හිග කම වසා ගන්නට හදන දුර්වල උත්සාහයක් දෝයි කියලා  හිතෙනවා. ස්ටීව් ජොබ්ස් සිදුවීම තොරතුරු ලෝකයට නැවත අවශ්‍ය වෙලා තිබෙනවා වගෙයි. නිර්මානශීලී බවයි දැනුමයි අවබෝධයයි කියන්නේ එකි නෙකින් ඈත්ව පිහිටි අපූර්ව ස්තරබව නැවත පසක් වෙලා තිබෙනවා."
--දේශනයකින් උපුටා ගැනීමකි--

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...