2014-01-07

2018 වන විට පූර්න ස්වංපාලන වාහනය පැමිනේවි!!

  උදෑසන නිවසෙන් ඔබත් සමග මහ මගට එන ඔබගේ පෞද්ගලික රථය ඔබ වාචිකව ලබා දෙන ඉලක්කය ඔස්සේ ගමන් කරනු ඇත. ස්වංක්‍රීව ඉන්දන තත්වය හෝ වාහනයේ මූලික අවශ්‍යතා සොයා බලමින් ගමනාන්තය හා ඒ සදහා වැය කලහැකි කාලය විමසමින් ඉන්දන හල වෙතට පමනක් නොව අත්‍යවශය අමතර සේවා ලබා ගැනීම් සදහා කාලය වෙන් කර ගැනීම් මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ස්වංක්‍රීයව පෙර ගෙවුම් කරන්නට පවා අයිතිය ලැබෙන යුගය මහ ඈතක නොවන බවටයි අදහස් පලවෙමින් ඇත්තේ.එපමනක් නොව ඔබගේ ගමන් මගට අනූව බුද්ධිමත්  traffic lights  හැසිරවීම් ඔස්සේ පහසුවෙන් ගමනාන්තය ලබා ගැනීම ඇතුලු ස්වංක්‍රීයව සිදුවන සේවා ‍රැසකින් සමන්විතව එය ඔබට සහය දක්වනු ඇත.
                             ඔවුන් පවසන්නේ සම්පූර්නයෙන්ම ස්වංක්‍රීයවන වාහනය පමනක් නොව ඔබ හා සමාන්තරව ගමන් කරන වාහන සමගද සංනිවේදනය කර ගන්නා අතර ඔබගේ උදැසන ආහාරය සදහා වඩාත් සුදුසු අවහන් හල විමසමින් අදාල දෑ ඇනවුම් කරන්නට පවා එය සමත්වීම සුලබ කාරනයක් වීම මහත් කාලයක් බලා සිටින්න සිදුවන තාක්ශනික පැමිනීමක් නොවුනු ඇති බවයි.
           එලබෙන යුගය ඔබ විසින් හසුරවන දත්ත සබදතාවලට වඩා ඔබ වටා ඇති අන්තර්ජාල ගතව ඇති උපකරන ඔස්සේ ඔබගේ අවශයතාවයන් සදහා ස්වංක්‍රීයව කටයුතු කරන උපකරන වීම අනිවාර්ය බවටයි බලාපොරොත්තුව වන්නේ.ගූගල් ආයතනය මේ වන විටත් වාහන හා සම්බන්දිතව තොරතුරු පහසුව හැසිර වන ආකාරය පිලිබදව දැඩි අවධානයකින් තාක්ශනික දියුනු කිරීම් සිදු කෙමින් පවතින බවත් 2018 පමන වන විට ස්වංපාලනයක් සහිත වාහන භාවිතයට පැමිනීම අනිවාර්ය වනු ඇති බවටයි පවසමින් සිටින්නේ.

Windows 11 වෙතට පිවිසුම!!

Microsoft සමාගම තම Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගැනීමේ මෙහෙයුම වඩාත් තීව්‍රකරමින් සිටිනවා. බොහෝ භාවිතාකරන්නන් බලාපොරොත්තු ...